.


තරමක් කාර්ය බහුලව ගෙවුනු සතියක් . වගේම 2008/09 මාස් කන්නයේ අවසන් දින කීපය තමයි මේ ගෙවෙන්නේ.මේ දිනවල අපේ ගොවි මහත්වරු නම් ගොඩාක් කාර්යබහුලයි. මොකද දන්නවද,හාරමාසයක් තිස්සේ මහන්සි වෙලා රෑකබලා ගත්තු වි වගාවේ රන් අස්වනු නෙලිමේ කටයුතු මේ දවස්වල ලහි ලහියේ සිදු කෙරෙනවනේ.මගේ කොටසේ විතරක් හෙක්ටයාර් 600 විතර මාස් කන්නයේ වි වගාව කෙරුනා.හෙක්ටයාරයක් කියන්නේ ආසන්න වශයෙන් අක්කර 2.5 විතර හොදේ.සියයට සියයක්ම වගේ වගා කෙරුනේ, අපේ ගොවි මහත්වරු "නන්ඩ" කියන නමින් හදුන්වන AT362 වි ප්‍රබේදය.මෙවර සාමාන්ය අස්වෑන්න නම් ටිකක් අඩු උනා.අක්කරයකින් බුසල් 145 විතර තමයි ලෑබුනේ. ආ තව දෙයක් බුසලක් කියන්නේ කිලො නම් 20.5 මෙ කන්නයේ වි වගාවට කීඩෑවන්ගෙන් නම් ටිකක් කරදර උනා.ඒක නිසාම අස්වනු නෙලිමේ කටයුතුත් වේගවත්ව සිදු උනා.මගේ කොටසේ නම් 99% ම අද වෙනකොට අස්වෑන්න නෙලලා ඉවරයි.මේ වෙනකොටනම් රු28/30 මිලකට වී 1කි.ග්‍රෑ අලෙවි කිරිම කෙරෙනවා.මේ පාර 100% ම අස්වනු නෙලිම සිදු උනේ යන්ත්‍ර මගින්. මෙවයේ අස්වෑන්න කෑපිම,පෑගිම,හුලන්වීම යන ක්‍රියාවලි 3 ම එකවර සිදුකෙරෙනවා.බහුලවම භාවිතා කරන්නේ "ක්ලාස්" හා ජොන්ඩියර් කියන කම්බයින් හාවස්ටෙර් වර්ග දෙක.මේ දෙකේ වෙනස තමයි ක්ලාස් මෑශින් එකේ තියෙන්නේ රොද වෙනුවට රබර් චේන් එකක්.ඒ නිසා එරෙන කුබුරු වලට උනත් ගෑටලුවක් නෑතුව පාවිච්චි කරන්න පුලුවන්.ජොන් ඩියර් එකේ ටයර් තියෙන නිසා එරිම නම් වෑඩියි.ඒ වගේම මේකෙ බරත් ගොඩාක් වෑඩ්යි.සාමාන්යයෙන් ගොයම් අක්කරයක් කපලා අවසන් කරන්න යන්නේ විනාඩි 45 කටත් අඩු කාලයක් .මේ පාර ක්ලාස් වලනම් අක්කරයක් කපන්න අය කලේ රු.7000ක් ජොන්ඩියර් නම් රු.4500 ටත් කෑපුවා.විසාල වශයෙන් මේ මෑශින් තිබුනු නිසාම තරගකාරිත්වයත් උපරිම විම තුල ගොවි මහත්වරුන්ට නම් සිදු උනේ වාසියක්. මේ අතරේ තවත් හරි වෑඩක් තමයි මට සිදු උනේ.අපි වි වගාවේ අස්වෑන්න තක්සෙරු කරගන්න අස්වනු සමික්ශනයක් එක්ක පොඩි ක්ශෙත්‍ර දිනයක් කලා.මේකෙදි වි වගාවක පර්චෙස් එකක කොටුවක් අතින් කපලා එවේලේම පාගලා ඒ අස්වෑන්න අනුව අක්කරයක අස්වෑන්න තක්සෙරු කිරිම තමයි සිදු කෙරෙන්නේ.කොටුව ගහලා කපන්න බෑලින්නම් එතන හිටපු එක ගොවියෙක්ගෙ ගෙදරවත් දෑකෑත්තක් තිබුනේ නෑනෙ.හරිම අමාරුවෙන් තමයි එකක් පස්සෙදි හොයා ගත්තේ.බලන්නකො ඒකෙත් හෑටි.

2 comments:

සරත් ගුණතුංග said...

දයාබර නුවන් මහත්මයා, මේ පිලිබඳව තව විස්තර ඇතුව දිග සටහනක් ලියන්න. විඩියෝ එකේ තියෙන යන්ත්‍රය දිහා මම හොඳට බලාගෙන හිටියෙ ඉස්සර මගේ බාල කාලයෙ ඕව තිබුනෙ නැති නිසා. ජෝන්ඩියර් නම නම් අහල තියෙනව, මේ රටේ මහ විශාල යන්ත්‍ර ඒ නමින් භාවිතා වෙනව. ඇපල් කඩන්නෙත් ඒ යන්ත්‍ර වලින්.

NUWAN said...

මම මේ ගෑන තව සටහනක් ලියන්නම්, සරත් මහත්මයා.ඔබ කිව් විදියට ජොන්ඩියර් මෑශින් එක ක්ලාස් එකට වඩා විසාලයි .දෙගුනයක් විතර.මෙවා වට 3 ගියාම අක්කරයක් ඊවරයි.

Related Posts Plugin for WordPress, Blogger...