.


ශ්‍රි ලන්කා හමුදා කොටි ත්‍රස්තවාදින් ගේ අවසන් මර්මස්තානය ලක් මව් තුරුලට ගෑනිමට ආසන්න මේ මොහොතේ රාජ්ය නොවන නඩ, නිදහස් චින්තකයන්ට,යුද්දයේ බිහිසුනු බව පුන පුනා කියමින් සෝවාන් පලයට පත්වු දොන් ජුවන්ලාට නම් කනගාටුදායක බව අපි දනිමු.කොටි නායක යාගේ දක්ශතාවය ,මහ ඉහලින් වෑයුවාට කම් නෑත.නමුත් කනගාටුව ඒකට ඈරෙන ඔය කට රනවිරු ජයග්‍රහන හමුවේ නොඈරිමය. මරාගෙන මෑරෙන ත්‍රස්තවාදින් දෙදෙනෙකු අවසාන මොහොතෙත් ඊලාම් අබිමාන්ය රෑක ගෑනිමට උත්සහ කල මොහොතේ ජාතියෙ වාසනාවට රනවිරුවන්ගේ දක්ශ කම නිසා මහත් විපතක් වලක්වා ගත් මොහොතේ ඔබලා කදුලු සෑලු අයුරු ශොචනියය.හයක් හතරක් නොතෙරෙන,කිරි සප්පයින්ගේ සිරුරට බොම්බ ගෑට ගසා හමුදා ඉදිරියට යවා පුපුරවා මිනිසුන් ගාතනය කරන්නාවු විමුක්ති නායකයන් වෙනුවෙන් ,පන බේරා ගෑනිමට දිව එන අසරනයින්ට එලව එලවා වෙඩි තබන මිලෙච්චයන් වෙනුවෙන් ඔය නිවට කට ඈරෙන්නේ නෑති බව අපට සක් සුදක් සේ පෑහෑදිලිය. දොන් ජුවන් තුමනි ඔබලාගේ මතයට අනුව සාකච්චා කරන මොහොතේ ,සටන් විරාමයෙදි හමුදාපතිවරයා ගාතනය කරන්නට මරාගෙන මෑරෙන ගෑබිනියන් එව්වේ කොටිනම් නොවේ.ලක්ශ්මන් කදිරගාමර්ලා ගාතනය කලේ කොටි නොවේ ඔවුන් පුස් පෑටවුන්ය.ඔවුන් ඒ කාලයේ වන්නියේ සිට විව්ද තාක්ශනික අත් හදා බෑලිම් කලේ රටේ දියුනුව වෙනුවෙනි........ඔහු වෙනුවෙන් පෙනි සිටින මහත්වරුනි ඔබලා තව දුරටත් දෙමල ජනතාවගේ ජිවිතය අනාගතය වෑනසු දුශ්ටයෙක් වෙනුවෙන් කඩේ යනවාද?ඒ ජනතාවට නිදහසේ ජිවත් විය හෑකි හෙටක් නිර්මානය කරනවාද,නෑති නම් සිවිල් ජනතාව ගෑන කිබුල් කදුලු හෙලමින් සටන් විරාම ඉල්ලමින් මහ කොටියාගේ ජීවිතය බේරා ගෑනිමට නිවට උත්සාහයක යෙදෙනවාද?කරුනාකර හදවතට තට්ටු කර අසා බලන්න.ඔබ සුරකින්නේ අහින්සක දෙමල ජනතාවද? ඒසේ නෑති නම් දෙමල ජනතාව පමනක් නොව මුලු රටම වෑනසූ ප්‍රබාකරන්ද?

8 comments:

Bo said...

ම්ලේච්ජත්වය මිසක අන් කිසිවක් ත්‍රස්තවාදය තුලින් මම නොදකිමි. කඩේ යන අය එසේ කරන්නේ, ඔවුනට ලැබෙන ඩොලර් නිසාය, නැත්නම් ඔවුන්ගේ චින්තනයේ ඇති අඩුපාඩුවක් නිසාය. අවි ගත් ඔවුන් අවි නොදැරූ අහිංසකයින් මරණ විට මේ එන්. ජි. ඕ. කාක්කන් නිහඬය. අද ඊළාම් හීනය හැබෑවක් කරගත නොහී අවසන් හුස්ම හෙළන කොටිනට ඔක්සිජන් සැපයීමට ඇතැමුන් පෙළඹී ඇත.යුද්ධය කුරිරු බව අපද දන්නෙමු, එනමුත් අහිංසක මිනිසුන් පළිහක් ලෙස යොදාගෙන, දැයේ දුවා දරුවන්ට ඔවුන්ගේ ළමාවිය අහිමි කර අවි ආයුධ දී සටන් බිමට එවා මරණ ලද ඒ මිනීමරුවා ගැන ලියන්න ඇත්තේ වෛරී සහගතා දෑ මිස හොඳක්නම් නොවේ. එවන් යුගයක ඔබේ මේ ලියමන අගනේය. මන්ද කොන්ද කෙලින් තියාගෙන ත්‍රස්තවාදයට විරුද්ධවන ඒ ගැන ලියන මිනිසුන් දකින්න ලැබීම සතුටකි. ස්තූතියි.

නිලන්‍ත said...

ඇත්ත අමු අමුවේම ප්‍රකාශකිරීම වෙනුවෙන් ශිෂ්ඨසම්පන්න, අවිහින්සාවාදී බ්ලොග්කරුවන් විසින් ඔබට මේ නම්බුනාමය දෙනු ඇත.
"අශිෂ්ඨ,බුදු දහම නොදන්නා,යුධවාදී,මහින්දට කඩේයන සිංහල ජාතිවාදියා"

නදුන් උයන said...

සැබෑව ... සැබෑ සැටියෙන්ම දුටිමි.
මීට පෙර ජෝන් හෝම්ස් ලා , අකාෂි ලා ද කතා කළේ කොටි වෙනුවෙනි.එනිසාවෙන්ම බොහො‍් ඩොලර් මෙම එන් ජී ඕ කාරයින්ට පහසුවෙන් එකතුකරගන්නට හැකි වුණි.නමුත් ඔවුන්ගේ මතයද අද හෙමින් සීරුවේ වෙනස් වෙමින් පවතී.
කොටි වෙනුවෙන් සැම විටම කඩේ ගිය ජාතික සාම මණ්ඩලයේ ලොක්කෙක් අද පත්තරේට කර ඇති ප්‍රකාශයකින් තේරෙන්නේ දැන් නම් ඔවුන්ද කෙලින්ම කොටි වෙනුවෙන් හඬ නැගීමට ටිකක් බය බවයි.

මෙහෙම යද්දි ... මේ එන් ජී ඕ කාරයො ටික හමුදාවට ගුණ කියන්න පටන් ගනීවි. අනිවාර්යයයෙන්ම ... මොකද මීළඟට ආධාර ලැබෙන්නේ "නැවත පදිංචි කිරීම්", "මාර්ග සංවර්ධනය", "දරුවන්ගෙන් අවිහරණය" වගේ දේවල් වලට නිසා.

නිලන්‍ත said...

@වජිර
සත්තකින්ම විය හැක්කක්. කපන්න බැරි අත ඉඹල හරි මඩිය තරකර ගන්න බලාවී.

Anonymous said...

රාජ්‍යා නොවන සංවිධාන හමුවේ ඇති මේ පිළිකුල් සහගත අන්තවාදය සම්පූර්ණයෙන්ම අස්ථානික බව තහවුරු කොට ප්‍රකාශ කරමි.

Narada said...

යුද්ධයට මම විරුද්ධ වෙමි, ඊටත් වඩා ත්‍රස්තවාදයට විරුද්ධ වෙමි. නමුත් එයට යුද්ධයකින්ම විසදුම් දිමත් මම අනුමත නොකරමි. වෛරයෙන් වෛරයෙන් නොසිඳෙනු ඇත, අවියෙන් අවිය නැසිම තුළින් පිළිතුරක් නොමැත්තේය, ඇත්තේ තවකාලික විසදුමක් පමණි. සිතන්න අයියේ, හිතින් නොව හදවතින්.

I cannot teach you violence, as I do not myself believe in it. I can only teach you not to bow your heads before any one even at the cost of your life.

Charitha said...

@Binku,
So what is your solution? How do we get rid of terrorism? Don't just throw words away and tell b.s.. give us your solution and talk. I know you can't give a solution through comment in a blog post. At least tell the basic steps to eliminate terrorism in your way.

Regards
Charitha

Ian said...

Hi, I've just added Oman to your flag counter. Please come and add Sri Lsnka to mine. Thank you.

Related Posts Plugin for WordPress, Blogger...