.


මට අමතක නොවේ කිරින්ද...




ගිය සතියම වෑඩිපුර ඈවිදින්න සිදු වෙච්ච. සතියක්...එකම තෑනකට වෙලා ඉන්නවට වඩා නම් එහෙම රවුමක් දාන එක සතුටක්.ඔන්න ගිය සතියෙ අපේ සහෝදර නිලධාරියෙක්ගෙ ක්ශේත්‍ර දිනයක් පෑවෑත්වුනා බූන්දල කොටසෙදි.අපිටත් මේකට ආරාධනා ලෑබුනා.ඉතින් ඒකටත් ගියා.සවස් වෙනකන්ම ඒ වෑඩසටහන පෑවෑත්වුනා .බූන්දල ඉදන් වෑඩි දුරක් නෑ කිරින්දට ඉතින් අපි යෝජනා කලා කිරින්දේත් යන්න. විහාරමහාදේවිය ගොඩ බෑස්ස ස්තානය. වෑඩේ ස්තිර උන නිසා ඒ පාර කට්ටියම ගියා කිරින්දේ .සතියේ දවසක් නිසා සෙනගත් ගොඩාක් අඩුයි.හරිම නිස්කලංක ස්වබාවයක් තමයි දකින්න ලෑබුනේ.ඔන්න ගල්පඩි තරනය කරලා මුදුනටම ආවා.ඈතුලුවෙන තෑනම ලොකු නාම පුවරුවක් තියෙනවා.අපිත් කිට්ටු කරලා බෑලුවා මොකද්ද කියලා"මෙම ස්තානයේ මුහුද බිලි ගනි. එම නිසා වෑල්ලට බෑසිමෙන් වලකින්න කියලා තිබුනෙ. පහලින් නම් පනහක විතර ලිස්ට් එකක් තිබුනා.ඒ මේ ස්තානයෙදි මිය ගියපු අයගෙ නාමලේකනය.හෑබෑයි තව ඉඩ නම් ඉතුරු වෙලා තියෙනවා හොදේ ඒක නිසා පරිස්සමින්.මේ ස්තානයෙන් ඈතුලු වෙලා ටිකක් ඉස්සරහට යනකොට දකුනු අත පෑත්තෙ තියෙන විසාල පර්වතයේ සෙල් ලිපියක් දකින්න පුලුවන් .දෑන් නම් ඊට පහලින් ඒ සෙල්ලිපියේ තියෙන්නේ මොනවද කියලා පෑහෑදිලි කරලා බෝඩ් ලෑල්ලක් සවි කරලා තියෙනවා.මම චායාරූපයකුත් එකතු කරලා ඈති. ඒකට ඉදිරිපසින් වම් පෑත්තේ ඈති ගල් පර්වතය මුදුනේ විහාරමහාදේවියගේ ප්‍රතිමාවක් දකින්න පුලුවන්.මේ ස්තානයට ගොඩ උනාම නම් අවට පරිසරය හොදින් දෑක ගන්න පුලුවන්.ඒ වගේම මෙතනින් පල්ලෙහාට බෑසිම නම් අනතුරුදායක බව සදහන් කල යුතුයි.නිලාවෑලි වලට සමාන තද නිල් පෑහෑයකින් තමයි සාගරය දර්ශනය වෙන්නේ.හෑබෑයි ගෑබුර නම් අධිකයි. කොහොමහරි අන්තිමේදි එන්න ලෑස්ති වෙලා මේ ස්තානයේ තියෙන දේවාලෙටත් ගොඩ උනා.කපු මහත්තයා මතුරලා,මතුරලා අන්තිමේදි රු100 කොල පිරිච්ච වට්ටියක් ලං කලා නොවෑ. සවසුත් වෙලා නිසා පල්ලෙහා කඩේකින් බෙලි මල් වීදුරුවකුත් බීලා ඉක්මනටම එන්න පිටත් උනා...

8 comments:

Tilantha Gunatilaka said...

පරෙස්සමට වැඩ කටයුතු කලොත් වැඩ නොවරදී

budhajeewa said...

සිරාවට.. ඕක පට්ට පො‍ට් එක..

කොහොමද හුළඟත් එක්ක එතන තියන කූල් එක.. ඔය විහාරමහාදේවිගෙ ප්‍රතිමාවයි චෛත්‍යයයි තියන පර්වතේ උඩ වාඩි වෙලා පැය ගානක් මූද දිහා බලාගෙන හිටියැකි !

මූදට යන්න එපා කිවුවට, අපි සෙට් එකක් නං පන්සලෙං පහලට බැහැල දකුණු පැත්තට යන්න තියන පාරෙ මීටර් 100 ක් විතර ඉස්සරහට ගිහිං මූදුරළ පෑගුවා..

මාතර වෙරළවල් වගේ නෙවෙයි, එතන මුහුදෙ ගැඹුර වෙරලේ ආනතියෙන්ම හිතාගන්න පුළුවන්.. අංශක 30 කට විතර ආසන්නයි කියලයි මට හිතුනෙ.. ඒ උනාට කෝමද thrill එක නේ ?

malee_msg said...

කාලෙකින් ගියේ නෑ අප්පා කිරින්දට නම්.. කතරගම ගියත් කට්ටිය කිරින්දට යන්න අදිමදි කරනවා අව්ව වැඩියි කියලා

:(

NUWAN said...

@ටිලා- අනිවාර්යයෙන් හෑම දෙයක්ම ,,,
@ - පර්වතේ මුදුනෙ ඉදන් අපිත් වාඩිවෙලා සෑහෙන වෙලාවක් මුහුද දිහා බලාගෙන හිටියා පුදුම නිදහසක් දෑනෙන්නේ.වෙලාව යනවා දෑනෙනේ නෑ. හා, හා දකුනු පෑත්තෙ පාරෙත් ගියාද, අපිත් දවසක් ගියා.
@ මලී-හා, හා තේරුනා .ඔයා කලුවෙයි කියලා නේද.

NUWAN said...

@ටිලා- අනිවාර්යයෙන් හෑම දෙයක්ම ,,,
@ supun - පර්වතේ මුදුනෙ ඉදන් අපිත් වාඩිවෙලා සෑහෙන වෙලාවක් මුහුද දිහා බලාගෙන හිටියා පුදුම නිදහසක් දෑනෙන්නේ.වෙලාව යනවා දෑනෙනේ නෑ. හා, හා දකුනු පෑත්තෙ පාරෙත් ගියාද, අපිත් දවසක් ගියා.
@ මලී-හා, හා තේරුනා .ඔයා කලුවෙයි කියලා නේද.

Narada said...

කිරිකන්දට මම ගිහින් තියෙන්නේ දෙපාරයි, ඇත්තටම එක ආශ්වාදජනකයි තමා. ස්තුතියි ලිපියට.

නිලන්‍ත said...

මමත් ගියා ගිය දෙසැම්බර් 31. ටිකක් අව්ව සැරයි තමයි. ඒත් මරු place එක.

Mandy said...

ඔයාගෙ ලිපිය හ‍රිම අපූරැයි... මමත් පොඩි කාලෙ 2 පාරක් ගිහින් තියෙනව... ගොඩක් හිතට වදින තැනක් තමයි කිරින්ද... 93' යි 96' කත‍රගම යන අත‍රමගදි මම ගියෙ... හැබැයි නාන්න හොද නැති කතාව නං දන්නෙ මේක කියෙවුවහමයි... මම නං 93 ගියපාර හොදට නාලා ආවේ...

චාම‍්රගෙ සින්දුව මතක් උනා නෙද... :)

Related Posts Plugin for WordPress, Blogger...