.


පරවි දූව...



මාතර නගරයට යන එන අයට නම් හොදට හුරු පුරුදු ස්තානයක් විදියට පරවි දුවේ පිහිටුවා ඈති මේ ශ්‍රිමාමාලිකය හදුන්වන්න පුලුවන්.හරියටම ස්තානය විදියට ගත්තොත් මාතර නගරයේ ප්‍රධාන බස් නෑවතුමේ පසු පස කොටසේ සිට බෑලුවොත් වෙරල තීරයේ ඉදන් 100m විතර දුරින් පිහිටා තියෙන කුඩා දුපත තමයි මේ විදියට දර්ශනය වෙන්නේ.මිට වසර කිපයකට කලින්නම් මේ ස්තානයේ තිබුනේ කපුටන්ගේ වාසභවනක්.දෑනුත් ඒ පුරුද්දට වගේ මෙම ස්තානයෙ කපුටන්ගෙන් නම් අඩුවක් නෑ.කොහොම උනත් විවේක පාඩුවක් තියෙන වෙලාවට ගොඩ වෙලා යන්න පුලුවන් නිදහස් ස්තානයක් විදියට හදුන්වන්න පුලුවන්.විශේශයෙන්ම මේකෙ පසු පස කොටසේ තිරුව තුල ඉද ගෙන හමා එන සිහිල් මද නල විදගෙන බොහොම නිදහස්ව සාගරය දිහා බලාගෙන ඉන්න පුලුවන්.ඔයාලත් මාතර පෑත්තෙන් කතරගම එහෙම යනවානම් වෙලාවක් තිබුනොත් බලලා යන්න,

8 comments:

Narada said...

දවසක යන්න ඕනේ, මම අහලා තියෙනවා මේ තැන ගැන.

Unknown said...

මේක ස්ථානය දැකල තිබුනට මේ ලිපියෙන් තමයි විස්තර දැන ගත්තෙ.

බොහොම ස්තුතියි

ආපහු මාතර ගියපු වෙලාවක ගිහින් බලන්න ඌන

budhajeewa said...

මාතර.. ආයෙත් අහල.. පට්ට !!!

Tilantha Gunatilaka said...

තවත් සුන්දර ස්ථානයක්. මමත් කිහිප වතාවක් පරෙයි දූව බලන්න ගිහින් තියෙනවා. වඩාත්ම සුන්දර දසුන තමයි එතැන සිට මුහුද දෙස බලා සිටීම. 2004 වර්ෂයේ දෙසැම්බර් 25 වන දින අලුයම 3ට පමණ විතර යහලුවන් දෙදෙනෙකු සමග මම ඔය ස්ථානයට ගියේ පාසැලේ ආදී ශිෂ්ය සංගමයේ සුහද හමුවක් ඉවර වෙලා. නමුත් අලුයම 5 ට පමණ අපි එතනින් පිටත්ව ගියා. නමුත් අහෝ එදින කෙතරම් අවාසනාවන්ත වීද යත් ඒ බිහිසුණු සුනාමිය එහි තිබූ පැරණි පාලමත් මිනිස් ජීවිත දහස් ගනනින් විනාශ කලා. එම රැය පහන් වන විට සඳ එලිය වැටී අති චමත්කාර දර්ශනයක් මැවූ ඒ නිසල මුහුද එදින උදෑසන චන්ඩ වී කල විනාශය කවදාවත් අමතක නොවේ

budhajeewa said...

@ Tilantha :

ඔයාගෙ ඉස්කෝලෙ මොකක්ද ?

ishan abeywarna said...

නුවන් මමත් ඔය ස්ථානයට ගියා.එතන්ට ගියාම දැනෙන සැහැල්ලුව හරිම පුදුමා කාරයි .ඔය ස්ථානයට ගියාම දෙවිනුවර ප්‍රදීපා ගාරයත් පේනවා නේද?මුහුද මැද ඉන්නවා වගේ දැනෙන්නේ .පිංතූර මගීන් සියල්ලන්ම දැනුවත් කලාට ගොඩක් ස්තුතියි.

Tilantha Gunatilaka said...

@ Supun Budhajeewa
රාහුල විද්යාලය

Unknown said...

මාතර තියන ලස්සන ස්ථාන වලින් ඒකක් තමයි ෙම්.
ලස්සන දකින අැස් වලටත් , කාර්ය බහුල ජීවිතෙය් ගිමන් නිවා ගන්නත් සුදුසු ස්ථානයක් තමයි. ඒත් ඉතින් ඔතන කලින් තිබ්න විදිහට තිබිබනම් ෙගාඩක්ම් ෙහාදයි කියලාත් හිෙතනව.

Related Posts Plugin for WordPress, Blogger...