.


කව්ද මේ මොහොමඩ් කලිල් කියන්නේ, විදේශ රාජතාන්ත්‍රිකයෙක්ද,නෑත්නම් දේශපාලන මහත්මයෙක්ද??? ම්ම්. අනේ එහේම කෙනෙක් නම් නෙමෙයි.එහෙනම් මොන එහෙකටද ලංකාවට එන්නේ!!! ඈයි ඔය දෙගොල්ලන්ට විතරද අපේ රටට එන්න පුලුවන්??? මතකද ඒ අදුරු දිනය ශ්‍රිලංකාවට විතරක් නෙමෙයි මුලු ලෝකයටම, ක්‍රිඩා ක්ශේත්‍රයටම කලු පෑල්ලමක් එක් කල දිනය.පාකිස්තානයේ ගඩාෆි ක්‍රීඩාංගනය අපට නුහුරු නුපුරුදු තෑනක් නම් නොවෙයි.අපේ වීරයන් ලෝක ශුරයන් විදියට අභිශේක ලෑබු විජයග්‍රාහි බිම මේ විදියට මරු කපොල්ලක් වෙවි කියලා නිකමටවත් හිතුනාද,එදා ලේ පිපාසිත මිලේච්චයන් ශ්‍රිලංකා ක්‍රිකට් විරුවන්ට එලව එලවා වෙඩි තබද්දී අපේ ක්‍රීඩකයින් රෑගත් බස් රථය තම දිවි පරදුවට තබා වේගයෙන් නොනවත්වා ධාවනය කලේ මොහොමඩ් කලිල්...කලිල් මේ ඍජු තීරනය ඒ මොහොතේ නොගත්තානම් ඒ ක්ශනයකින් එල්ල වූ මෝටාර් ප්‍රහාරයෙන් මුලු බස් රථයම විනාශ වෙන්න ඉඩ තිබුනා..........ඔහු ශ්‍රිලාංකිකයින්ට වීරයෙක්. ලංකාවට පමනක් නොවෙයි මුලු ලෝකයටම වීරයෙක්.ඒ විතරක් නොවෙයි ක්‍රිකට් ක්‍රීඩාවටම ඔහු මහත්මා වීරයෙක්.කලිල් කල මේ විරක්‍රියාවට උපහාර දෑක්විමක් කරන්න ශ්‍රිලංකා ක්‍රිකට් ආයතනය තිරනය කරලා.ඒ අනුව අද දින උදෑසන ඔහු ශ්‍රිලංකාවට පෑමිනීමට නියමිතයි...සදාදරනිය කලිල්, ඔබට අපගේ ගෞරවනිය උත්තමාචාරය!!!

1 comments:

budhajeewa said...

ඔවු..

‍මෙය කළ යුතු වැඩක් !

Related Posts Plugin for WordPress, Blogger...