.


සුන්දර රත් පෑහෑති ලිය නමින් ඈය  (red lady)රෙඩ් ලේඩිය.


අද ටිකක් මෙයා ගෑන කතා කරන්න හිතුනා.මොකද මේ දවස්වල ජනප්‍රිය චරිතයක් වෙලානේ.හෑබෑයි ඔයාලා නම් අනිවාර්යෙන්ම දන්නවා මේ කව්ද කියලා.ඊටත් වඩා අපේ ගොවි මහත්වරු මෙයත් එක්ක හිතවත් වෙලානේ. බලන්නකො වෑඩේ හෑටි.මෙහෙම ඈහුවෝතින් ලංකාවේ මේ කාලයේ වෑඩිපුරම වගා කරපු ගස්ලබු ප්‍රභේදය මොකද්ද කියලා? ආයිත් හිතන්න දෙයක් නෑ "රෙඩ්ලේඩි " කියන්නේ ඉතාමත්ම වේගයෙන් ගොවි මහත්වරු අතර ජනප්‍රිය වෙච්ච ,වගා කරන දෙමුහුම් ගස්ලබු වර්ගයේ නම තමයි.මෙයාව නිෂ්පාදනය කරල තියෙන්නේ තායිවානයේ KNOWN-YOU සමාගම මගින්.හෑබෑයි නමටම ගෑලපෙනවා මදේ තද රතු පාටයි මේ වර්ගයේ.අනිත් දේ තමයි තද මදයක් හා ඝණකම් පිට පොත්තක් තියෙන නිසා ප්‍රවාහනයෙදි එහෙම තෑලීම් සිදුවෙන්නේ ගොඩක් අඩුවෙන්.ඔන්න අපේ යාලුවනේ මේ වර්ගය වියලි කලාපේ වගේම තෙත් කලාපයෙත් සාර්ථකව වගා කරන්න පුලුවන්.ඔයාලා වෙලදපොලෙන් ගස්ලබු එහෙම ගන්න ගියා නම් විසාල 2kg-3kg ගෙඩි තියෙන්නේ මෙන්න මේ වර්ගයේ තමයි.අපේ මාකට් එකේ නම් දෑනට 95% ම ගන්න තියෙන්නේ මේ රතු කාන්තා ප්‍රභේදය තමා.ක්ශේත්‍රයේ දි නම් අඩි 8*8 පරතරේට අඩි 2 වලක් තුල සිටුවීම සිදු කෙරෙනෙවා.සාමාන්‍යයෙන් අක්කරේක වගාවකට නම් පෑල 500 වත් අවශ්‍ය වෙනවා.හෑබෑයි මතක තියා ගන්න ඕන.බීජ කෙලින්ම ක්ශෙත්‍රයේ සිටුවීම නම් කරන්නේ නෑ.මුලින් පොලිතින් බෑග් එකක තවාන් කරලා ඊට පස්සේ තමයි ක්ශේත්‍රයට ගන්නේ.එහෙම සාර්ථකව කරපු රෙඩ් ලේඩි වගාවක නම් මාස 4 වෙනකොට ගෙඩි හෑදෙනවා.මාස 7-8 වෙනකොට අස්වනු නෙලීම ආරම්භ කරන්න පුලුවන්.හොදට නඩත්තු කලෝතින් වසර 2.5-3 අස්වනු ලබාගන්නත් පුලුවන් .හොදයි දෑන් හිතන්නේ බීජ වල මිල ගෑනනේ.නම වගේම මෙයා ටිකක් මිලෙනුත් වෑඩියි සාමාන්‍යයෙන් ග්‍රෑම් 10 බීජ පෑකට්ටුවක් රු7500-8000 මිලකට අලෙවි වෙනවා.මේ ප්‍රමාණයේ පෑකට් එකක බීජ 500-550 අතර ප්‍රමාණයක් තියෙනවා.ලේසි නෑ නේද වෑඩේ.හරි රතු කාන්තාව ගෑන අදට මේ ඈති එහෙනම් කාලම බලන්නකෝ...

9 comments:

Narada said...

ලබා ගත හැක්කේ කෘෂි අමාතාශයේ ද්‍රව්‍ය අලෙවි වික්‍රණන තැනකදීද?

NUWAN said...

@-බිன்ku- -ඔව් එහෙම තෑනකින් ගන්නත් පුලුවන්.ඊට අමතරව කෘශි අලෙවි වෙළද සෑල් වලත් තියෙනවා.මේ බීජ ලංකාවට ගෙන්නන්නේ නම් පෞද්ගලික ආයතනයක් මගින්.

said...

මාත් ගෙනත් හිටෝලා බැලුවා ඇට 10 රුපියල් 200ක් හැබැයි පැල උනේ නම් නැහැ. පැලවත් ගෙනත් හිටෝලා බලන්න ඕනේ

NUWAN said...

@ ම -මේ වෑඩේ නම් වෙනවා.කඩලා විකුනන ඈට නම් ගන්න එක ඒ තරම් ගුන නෑ.මොකද අපේ මුදලාලිලා ගොඩක් හොද අයනේ.අනිත් දේ තමා ඈට වෙනත් වර්ග වලින් වෙන් කරලා අදුනගන්නත් බෑ.හෑබෑයි බීජ පෑලවෙන්න පටන් ගන්නත් සති 02 විතර යනවා.

යූත්මැක්ස් said...

ගෙඩියෙ තියන ඇට පැළ කළාට හරියන්නෙ නැද්ද? මම ඇට ගොඩක් පැළ කළා. එක ඇටයක් විතරක් පැළ වුණා. නමුත් ටික දවසකින් ඒකත් මැරුණා.

NUWAN said...

@ යූත්මැක්ස් - රෙඩ් ලේඩි කියන්නේ දෙමුහුම් වර්ගයක් ඒක නිසා එවායේ දෙවෙනි පරම්පරාව වගා කටයුතු සදහා යොදා ගන්නේ නෑ.විශේශයෙන්ම මේ සමාගම් ඒවයෙ දෙවෙනි පරම්පරාවට යද්දි ගෑටලු සහගතවන විදියටත් නිපදනවා.මොකද ලොකු මිලක්නේ.නමුත් මේ වර්ගයේ බීජ පෑල කරාම ගෙඩි ඈති වෙනවා නමුත් ගෙඩි එකකට එකක් වෙනස්.සමහර ගස් වල ගෙඩි එන්නෙම නෑ සමහර ඒවයේ ගෙඩි හට ගන්න ගොඩක් කල් යනවා.ඒක නිසා ආර්ථිකව කරන වගාවක් සදහා නම් රෙඩ් ලේඩි ගෙඩි වලින් ලබා ගන්න බීජ පෑල කිරීම සුදුසු නෑ. මේක සෑම දෙමුහුම් බීජ වර්ගයක් සදහාම පොදු කරුනක්.

NUWAN said...

@ යූත්මැක්ස් - රෙඩ් ලේඩි කියන්නේ දෙමුහුම් වර්ගයක් ඒක නිසා එවායේ දෙවෙනි පරම්පරාව වගා කටයුතු සදහා යොදා ගන්නේ නෑ.විශේශයෙන්ම මේ සමාගම් ඒවයෙ දෙවෙනි පරම්පරාවට යද්දි ගෑටලු සහගතවන විදියටත් නිපදනවා.මොකද ලොකු මිලක්නේ.නමුත් මේ වර්ගයේ බීජ පෑල කරාම ගෙඩි ඈති වෙනවා නමුත් ගෙඩි එකකට එකක් වෙනස්.සමහර ගස් වල ගෙඩි එන්නෙම නෑ සමහර ඒවයේ ගෙඩි හට ගන්න ගොඩක් කල් යනවා.ඒක නිසා ආර්ථිකව කරන වගාවක් සදහා නම් රෙඩ් ලේඩි ගෙඩි වලින් ලබා ගන්න බීජ පෑල කිරීම සුදුසු නෑ. මේක සෑම දෙමුහුම් බීජ වර්ගයක් සදහාම පොදු කරුනක්.

malee_msg said...

ඒ කියන්නේ අපි හිටවන හැම ගස්ලබු පැලේකටම පිටරටට සල්ලි යනවා..! බැරිද අපේ රටේම නිපදවලා අඩු මිලට බීජ ගොවීන්ට ලබා දෙන්න?

නුවන්සි said...

එකනේ malee අපේම රටෙ හැදුව නම් ඉවරයි නේ,
මේ නුවන් නිකමට වගේ අහන්නේ,
# මෙවයේ ඡාන විකෘතිකල තත්වයක් එහෙම තියෙනවද?
# එ ගැන අපේ අය පරයේෂණ කරලද තියෙන්නේ?
# ගෙදරක එක ගහක් හිටව ගන්න විදිහක් ඇත්තේම නැද්ද?

Related Posts Plugin for WordPress, Blogger...