තවත් සති අන්තයක් ආවා.කාලය ගෙවිලා යනවා දෑනෙන්නේ නෑ.ඔන්න මෙහේ නම් සුපුරුදු විදියට උදේම වහින්න පටන් ගත්තා.ගෙදරනේ.ඉතින් පහුගිය සතිය නම් බොහෝම අපුරුයි.ඔයාලා දන්නවා ඈතිනේ "ආහාර සතිය " විදියට නම් කරලා තිබුනානේ.ඉතින් ඒකට සමගාමීව තමයි වෑඩසටහන් කීපයක්ම පවත්වන්න සිදු උනේ.සදුදා උදේම අපව දෑනුවත් කිරීමේ වෑඩ මුලුවක් පෑවෑත්වුනා ප්‍රධාන කාර්යාලයේදි.මේ දවස් වල වෑඩිපුර කතා වෙන ඩෙංගු රෝගය ,සුඛර උණ,හා පෝශණය සම්බන්දව තමයි පළවෙනි දේශනයෙදි සිදු උනේ.දෙවෙනි දේශනය කලේ ආයුර්වේද වෙදෑදුරු මහත්මයෙක්.ස්වභාවදර්මයට පටහෑනිව කටයුතු කරන මිහිමත සිටින එකම ජීවියා ගෑන එතුමා බොහෝම රසවත්ව විස්තර කරලා දුන්නේ අපිට තව දුරටත් සිතන්න යමක් ඉතුරු කරමින්.කොහොම උනත් හෑමදාම කතා කරන කෘෂිකර්ම කතා වලට වඩා නම් වෙනසක් තිබුනා අපිට මේ දිනයේ.
*****************************
අගහරුවාදා දවස නම් මම පෞද්ගලිකවත් සතුටු වෙච්ච දවසක් උනා.රණවිරු ගම්මානයක් තොරා ගෙන ඒ තුල තමයි විශේෂ සතියෙ වෑඩසටහන ක්‍රියාත්මක කලේ.මේකෙදි ආභාදිත වුනු අපේ සහෝදර සෙබළ සොයුරන්ගේ නිවෙස් වලට ගිහිල්ලා ශාඛ කප්පාදුව,කාබනික පොහොර සකස් කීරීම,වගා ගෑටලු පිලිබදව ප්‍රායෝගික පුහුණුවක් සිදු කලා.ඒ වගේම එම සොයුරන්ට බද්ධ අබ පෑල,දෙලුම් පෑල හා ගෙවතු වගාවට අවශ්‍ය බීජ ලබාදිම සිදු කලා.ඈත්තටම වෑඩසටහන අවසානයේ ඔවුන් බොහෝම සතුටින් කතා කලේ අපිත් එක්ක.ඒකෙදි හමු වෙච්ච විශේෂ බළකායේ එක මිත්‍රයෙක් කාලයක් සේවය කර තිබුනේ දිගු දුර විහිදුම් බලකායට අනුයුක්තව.ඉතින් මේ සොයුරාගේ අත්දෑකීම් අහද්දි රට වෙනුවෙන් අපි මොනවාද කලේ කියලා පසුතෑවිමකුත් ඈති උනා.ඔහුගෙත් එක් පාදයක් ඉවත් කරලා.ඔහු තෙවරක්ම පිස්තෝල කල්ලියේ ඉලක්කයටත් අසු වෙලා,
*******************************
ඔන්න අපි වෙනුවෙන් අපි පළදනාවක් මමත් ගත්තා .රණවිරුවන්ට උපහාරයක් විදියට.අපේ කාර්යාලයේ සහෝදර නිලධාරිනුත් මේ සත් කාර්යයට දායක උනේ හදවතින්ම සතුටු වෙමින්.
එළවලු මිලත් වෑඩි වෙලා.රූපවාහිනියෙත් මේ දවස් වල ඒ ගෑන නිතර කතා වෙනවනේ .ඈත්ත තොග පොලට ගිහින් බලපුවාම වෙනදා වර්ග වලින් භාගයක් විතරම අඩු වෙලා.ගස්ලබු කිලෝ ග්‍රෑමයක් මෙහෙන් පටවන්නෙත් රු35-40 වගේ මිලකට.ඉතින් ඔය පෑතිවලට එනකොට දෙගුනයක් වෙලානේ.ක්ශේත්‍රයේ ගත්තොත් මෑහිභෝග වර්ග එහෙම කරන ප්‍රමාණය වපසරිය අඩු වෙලා.විශේශයෙන්ම රෝග හා පලිභෝද ගෑටලුව නම් උග්‍ර වෙලා.කරවිල,පතවල දෑම්මොත් මෑස්සට ගන්න හරිම අමාරුයි.මිනිස්සුන්ගේ අසීමිත කෘශි රසායන භාවිතයේ අහිතකර ප්‍රථිපලත් දෑන් කරකෑවිලා වගාවන්ටම ගෑටලුවක් වෙලා.
සමහර රෝග හා පලිභෝදකයින් අනුවර්තනය වීම් සිදු කරගෙන කෘශි රසායන වලට ප්‍රතිරෝධි විදියට.තත්වේ නම් බරපතලයි.
*******************************
ඔන්න වී වගාවෙත් මයිටා හානිය ඈවිත් තියෙන්නේ.කන්න කීපයක ඉදන් යලේදි මේ තත්වය එනවා.මෙයා වී වගාවේ ප්‍රධාන පලිභෝදකයෙක් විදියට කලින් සදහන් නොකලාට දෑන් නම් ඒ තත්වයටත් පත් වෙලා.ගොයම් කොලේ මත් ඉදන් ඒකෙන් සූරා යුශ උරා බීම තමයි මෙයා කරන්නේ.හානි වුනාම වගාවේ ඒ කුට්ටිය රතු පෑහෑයට තමයි පේන්නේ.වී කරලත් එක්ක තියෙන ධජ පත්‍රයට හානි කලොත් නම් කිරට නමන්නේ නෑති බොල් ඈට සහිත කරලක් තමයි ලෑබෙන්නේ.ගොවි මේකට කියන්නේ උඩ බලන් ඉන්න කරල්,එහෙම නෑත්නම් ආයුබෝවන් කරල් එනවා කියලා.මේ ගෑනත් තව විස්තර ඉස්සරහට කියන්නම් ඔයාලට වෑදගත් නම්.
ගොඩාක් කිව්වා එහෙනම් ගිහින් එන්නම්.සුභ සති අන්තයක් ඔබට
11 comments:
හොද ලිපියක් . .
වගා කටයුතු ගැන දිගටම ඔවැනි හරවත් ලිපි ලියන්න . . .
බොහොම ප්‍රයොජනවත් . . .
මේ තත්වය දකුණු පලාතෙත් ඩන් ටිකක් දකින ලෑබුනා.
මඉටාවන්ට බෙහෙත් තියෙනවද
දුකා-ඔබටත් ස්තුතියි.ඉදිරියටත් මෙවෑනි ලිපි ලියන්නම්.
@ nalaka -ඔව් හෑබෑයි වියලි කලාපේ විතර නම් නෑ.සාමාන්‍යයෙන් සල්ෆර් අඩංගු කෘමි නාශකයක් යෙදිම සුදුසුයි.
මගේ හීනයක් තිබෙනවා කවදා හෝ ගොවිපලක් පටන් ගැනීමට . . .අනාගතයේදී (මගේ අනාගතය හොද උනොත්) ඔබෙන් උදව් අරගන්න හැකිවේවි කියා සිතනවා . . .
@දුක්ගන්නාරාල-හොද අදහසක්නේ.බොහෝම සතුටින් උදව් කරන්නම්
අනේ නුවන් අයියේ මම දැනට දවස් 10-13 කට විතර කලින් මාළු මිරිස් ඇට වගයක් පැල වෙන්න දැම්මා තාම පැල වෙලා නැහැ නේ.. ඇයි දන්නේ නැහැ නේද? :((
@ malee
බලන්න කූබි වත් අරන් ගිහින් ද කියලා
@ නුවන්
මෙ පොඩි අදහසක්,
චුට්ටක් ඡෙද වෙන් කරලා ලියන්න පුළුවනිද,
මොකද දන්නවද වැඩ කරන ගමන් බල බල ඉන්නේ
හිටපු ගමන් මොකක් හරි වැඩක් වැටුනම හොයා ගන්න අමාරුයි කියවමින් හිටිය තැන.
කමක් නැනේ....
නුවන්සි- නෑ නෑ.. කූඹි ගෙනිහිල්ලා නෑ..!
@මලි - නංගී මම දෑක්කා ඔයාගේ බ්ලොග් එකෙත් ලියලා තියෙනවා මේ ගෑන.සාමාන්‍යයෙන් අපි දන්නවානෙ ඈටයක් පෑල වෙන්න අවශ්‍ය ප්රරෝහන තත්ව සම්පුර්න කරන්න ඕනනේ.තෙතමනය,වාතය,උශ්නත්වය වගේ.ඉතින් මෙවා නම් ගටලුවක් නෑනේ,කියන විදියට නම් මට හිතෙන්නේ බීජ වල ගෑටලුවක් වෙන්න ඕන.මොකද අපේ දෙශිය මාලුමිරිස් ඈට නම් දවස් 8-12 යනකොට පෑලවෙන්න ඕන.දෙමුහුන් වර්ග නම් දවස් 14 විතර යනවා.ඈට ගත්තේ කොහෙන්ද ඔයා .නෑත්නම් අඩුම ගානෙ එකක් හරි පෑල වෙන්න ඕන නේ,තව දවස් 2,3 බලන්නකො කෝකටත්
@නුවන් සී -කිව්වත් වගෙ කූබි ගෙනිහින්ද දන්නෙ නෑ.
පරාජයේ මූනත් වටිනාකමට වැඩි ජයක් අපි ලබා ගත්තා කියලයි මට හිතුනේ . .
sorry sorry wena ekaka comment ekak sahooo . .
Post a Comment