.


ඔන්න අපේ කට්ටියට මතකද දන්නේ නෑ මම ගිය සතියෙ කිව්වා මගේ ජීවිතයෙ මම බලන්න යන්න බොහොම ආසාවෙන් හිටපු පෑත්තක් බලන්න යන්න අවස්ථාව උදා උනා කියලා.ගොඩාක් ලොකු බලාපොරොත්තු මගේ ජීවිතේ නොතිබුනාට එක හීනයක් තිබුනා කවදා හරි යාපනය ,අපේ රටේ උතුරු බිම ඈස් දෙකෙන් බලා ගන්න.ඒත් කවදාවත්ම හිතුනේ නෑහෑ රටේ තිබුණු තත්වයන් එක්ක ඒ හෙම අවස්ථාවක් අපේ ජීවිත කාලය තුල උදා වේවි කියලා.මට විතරක්ම නෙමේ අපේ රටේ බාල,මහලු .තරුණ සියලු දෙනාටම ඒ පිලිබදව තිබුණේ අවිනිශ්චිත බලාපොරොත්තුවක්.....හීනයක්...... ඉතින් නොසිතූ විරූ විදියට කාලයත් එක්කම සියල්ල වෙනස් උනා...ප්‍රභාකරන් නම්වූ කාලකණ්නි යාගේ ක්‍රියාකාරකම් අතීතයට එක් වෙලා...ඉතින් ශ්‍රිලංකාද්වීපය තුල මාන්කුලන්, කිලිනොච්චි,පරන්තන් ,අලිමංකඩ මුහමලේ නම්වූ ප්‍රධාන නගර පසුකරලා යාපනය නගරය දක්වා යාමේ අවස්තාව මටත් ලෑබුනා.හෑබෑයි ඒ හමුදා අවසන් මුරපොළ වෙච්චි ඕමන්තෙයි පහු කරලා කොටි මුරකපොලු වලට කප්පන් ගෙවලා ,ඊලාම් උසාවි ,බෑංකු, කොටි පොලිස් ස්තාන වල පරික්ශාවට එහෙම ලක් වෙලා ඊලාම් දේශය හරහා නම් නෙමෙයි.......එකම රටක නිදහස් පුරවෑසියෙක් විදියට. මෙවා කියද්දී ටිකක් රිදෙන අය ඉන්නවානේ...ඉතින් ඒ අය නම් නොකියෙව්වාට කමක් නෑ.මහා ලොකුවට ප්‍රජාතන්ත්‍රවාදේ පතුරු ගහන ,හිට්ලර්වාදය නාසිවාදය ගෑන පාරම් බාන.ඈත්ත දරා ගන්න බෑරි,,,,කුහකයො කීප පොලක්..... ඉතින් උතුරු වසන්තය වෑඩසටහන වෙනුවෙන් අපේ ද්‍රවිඩ සහෝදරවරු උතුරු කොනේ අලුතෙන් අස්වද්දන සරුසාරවු කුබුරු යායන් වලට අවශ්‍ය බිත්තර වී අපේ ප්‍රදේශ වලින් ලබාදීමේ සත් කාර්යය සදහා තමයි මමත් සහභාගී උනේ....... ඒ වී ගොවි මහත්වරුන්ට නොමිලයේ ලබා දෙන්නේ. වසර ගණනාවක් තුල ඈවිලිනු ගිනි ජාලාවත් එක්කම වී වගාවත් නතර වෙලා.කුබූරු පුරන් වෙලා....ඒත් අපි එහේ යනකොට එක යායට සී සෑම කරපු තමන්ගේ දෙවෙනි ගමන යන්න වගේ වෑස්ස එනකන් මග බලාගෙන ඉන්න පේන තෙක් මානයේ විහිදුනු කුබුරු යායවල් තමයි දකින්න ලෑබුනේ.... ඉතින් අපේ ගමන් මාර්ගය උනේ අනුරාධපුරයේ ඉදන් රබෑව,මෑදවච්චිය පහුකරලා වවුනියාව නගරයට පිව්සිලා එතන ඉදන් ඕමන්තේ දක්වා ගමන් කොට එහි සිට යාපනය දක්වා ගමන් කිරීම. අනුරාධපුරයෙන් අපි උදේ පාන්දරින්ම පිටත් උනා.රබෑව නගරය පහු කරලා යද්දී ඊලගට හමුවෙන නගරය තමයි මෑදවච්චිය.කිලිනොච්චි යනවා කියලා මෑදවච්චි නම් ගියේ නෑ හොදේ...වවුනියාව පෑත්තට යන වාහන පූර්න පරික්ශාවකට ලක් වෙන්නේ මෑදවච්චි මාර්ගබාදකයේදි.සියලුම ලොරි ,භාන්ඩ ප්‍රවාහන වාහන වල ඈති දේවල් එකින් එක පරික්ශා කිරීම සිදු වෙනවා.ඒ සදහා සෑලකිය යුතු කාලයකුත් ගත වෙනවා.ඒ වගේම වවුනියාව දෙසට යන සියලුම පෞද්ගලික වාහන සදහා අනිවාර්යයෙන්ම එම්.ඕ.ඩී එක අනිවාර්යයි.ඒක නෑත්නම් මෑදවච්චියෙන් එහාට යන්න බෑ.ආරක්ශක අමාත්‍යංශයෙන් අනුමෑතිය ඈතුව ලෑබෙන සහතිකයට තමයි එම්.ඕ.ඩී එක කියලා කියන්නේ... එතනින් පිටත් උනායින් පස්සේ හමුවෙන ප්‍රධානම නගරය තමයි වවුනියාව.ඈත්තටම ගොඩාක් ලොකු නගරයක්.ඒ වගේම කඩසාප්පු බොහොමයක් තියෙන අතිශයින් ජනාකීර්න නගරයක්.අපි වවුනියාව නගරයේ ටික වෙලාවක් හිටියා.මම නම් එහේ කඩවල් කිහිපයකටත් ගියා.සම්පූණයෙන්ම දෙමළ භාශාව තමයි භාවිතා වෙන්නේ. වවුනියාව නගරයේ ඉදන් කි.මී 12 විතර ක්‍රමක්‍රමයෙන් උතුරු දෙසට ගමන් කරන කොට ඔන්න අපේ ශ්‍රිලංකා රජයේ පාලනය යටතේ තියෙන අවසන් මුර පොල ,,,,,,,අනේ ඒ ඉස්සර දෑන් ඉතින් මේ රට ශ්‍රීලාංකික අපි සියලුම දෙනාගෙනේ.ඕමන්තෙයි හමු වෙනවා.එතනදි නෑවතත් සියලුම වාහන පූර්න පරික්ශාවකට භාජනය වෙනවා.මෙතෙන්දි ආයෙත් එම්.ඕ.ඩි එක අවශ්‍ය වෙනවා.ආ තව දෙයක් ඕමන්තේ පෑත්තට එන කොට පාරේ වම් පෑත්තේ ලහි ලහියේ ඉදිවන උතුරු දුම් රිය මාරගයේ වෑඩ කටයුතුත් දකින්න පුලුවන්. ඕමන්තේ ඉදන් යාපනය දක්වා ගමන් කරන වාහන ඕමන්තේ ඉදන් පිටත් කරන්නේ කංඩායමක් විදියට.මේකට කියන්නේ කොන්වො එක කියලා.මේ කොන්වො එකේ වෙලාවල් වෙනස් වෙනවා .දවසකට යාපනය දක්වා මේ විදියට කොන්වො කීපයක් තියෙනවා. අපි ගිය දවසේ උදේම තිබුනේ ෆූඩ් කොන්වො එක.බර වාහන බොහොමයක් තියෙන නිසා උදේ 9.30 කොන්වො එක තමයි අපිට දීලා තිබුනේ.මොකද ගොඩාක් වෙගෙන් යන්න පුලුවන් වාහන එක්ක අඩු වෙගෙන් ගමන් කරන වාහන දෑම්මොත් ගෑටලුවක්නේ.ඉතින් පරික්ශා කරන වාහන එතනින් අනුමෑතිය ලෑබුනාට පස්සෙ පිළිවෙලට එකක් පසුපස එකක් විදියට නවත්වනවා . මේ චායාරූපයේ තියෙන්නේ යාපනය දෙසට මුහුන දාලා තියෙන අපේ කොන්වො එක. ඉස්සර මෙතනින් එහාට මීටර් කිහිපයක් යද්දි කොටින්ගේ පාලනය යටතේ තිබුන බල ප්‍රදේශය,නිල නොලත් ඊලාමය, ඒ වගේම උන්ගේ මුර පොලවල් බදුගන්න, පරික්ශා කිරීම් කරන ස්තානය තමයි තිබිලා තියෙන්නේ.ඒත් රටේ වාසනාවට දෑන් එහෙම නෑහෑ.ඉතින් ඔන්න අපිත් හා හා පුරා කියලා උදේ 9.30 වෙද්දි ඕමන්තේ ඉදන් යාපනය බලා පිටත් උනා......................

12 comments:

Indranama said...

ඇයි මේ වාහන කණ්ඩායම් විදියට පිටත් කරන්නේ? ආමි ගාඩ් එක ඇතුවද වාහන අරං යන්නේ?

මේවා දැක්කාම නං මටත් යන්න හිතෙනවා. :)

NUWAN said...

ඉන්දරේ-ඔව්.වාහන පෙල ඉදිරිපසින් හා පසු පසින් ආරක්ශක රථ දෙකක් යනවා.විශේෂයෙන් තාම පාර දෙපසේ සමහර කොටස් පරික්ශා කටයුතු තවම කෙරෙනවා බිම්බෝම්බ හා බට්ටො සදහා.ඒ නිසා තාම දෙපසේ පුවරු සවි කරලා තියෙනවා පරික්ශා කර නොමෑත කියලා.ඉතින් කට්ටිය ගිහින් මග නවත්වලා ඔවායේ ගෑටලු ඈතිවෙන්න පුලුවන් නිසා තමයි ඒ විදියට යවන්නේ..වෙන කිසිම ගෑටලුවක් නෑ.

nalaka said...

very good post

NUWAN said...

nalaka-ts.machan

ishan abeywarna said...

mage subapatium to nuwanl

Unknown said...

ඔය හැම බිම් අඟලක්ම නිදහස් කරගන්න අපේ රණවිරුවෝ කී දෙනෙක් ජීවිත පූජා කරලා ඇත්ද අතපය අහිමි කරගෙන ඇත්ද මේ වෙලාවෙ ඔවුන් වත් මතක් කරමු නේද?

ඔව් ඔහොම ගියා කිව්වහම අර ප්‍රජාතන්ත්‍රවාදය පට්ට අරින රාමුවෙන් පිට wතුන ලංකාවෙ අයට එහෙම බඩෙ අමාරුව වගේ හැදෙනව ඇති.

NUWAN said...

අනිවාර්යයෙන්ම මල්ලී.දහස් ගනනක් සෙබළ සොයුරන් දිවිදී රෑක ගත් බිමක්.ඒ වගේම ත්වත් දහස් ගානකගේ අත් පය දන්දීල රෑක ගත්තු බිමක් මේක.ඒවා මේ අයට මතක නෑ.හිතන් ඉන්නේ ඔය බයිලා ගහනකොට මිනිස්සු හරක් කියලා.තවම ඒ පෑත්තේ ගොඩාක් බිම්ප්‍රදේශ පරික්ශා කටයුතු කෙරෙනවා.මොකද අක්කර 10,15 නෙමෙයිනෙ.තවමත් හමුදා සෙබලු දිවා රෑ නොබලා වෑඩ කරන හෑටි ,ආරශක ඈදුම් ඈදගෙන බෝම්බ ඉවත් කරන හෑටි ගියානම්තේරෙවි.ඉතින් ඒව අවසන් උනාට පස්සේ එපාය අවතෑන් අය පදින්චි කොරන්න.ඉති මේක තේරුම් ගන්න බෑරි........තේරුනාට නොතේරෙන ගානට ඉන්න,පිරිසක් කියන දේවල් ගනන් ගන්න ඕන නෑ කියන එකයි මගේ මතය.අනිත් අයට කියන්න කලින් තමන් හරි දේ දෑක්කොත් තමයි වෑදගත්.

NUWAN said...

ස්තුතියි ඉශාන්

දුකා said...

බොහොම ස්තූතියි නුවන් . . උඹ විස්තර කරන් විදිහට අපිත් යනවා වගේ දනෙනවා . . . ඉක්මනට යන්න ඕන කියන උත්තේජනයකුත් එනවා වගේ හැඟෙනවා

NUWAN said...

aniwaryen duko ilaga para mehe awama e paththe gihin enna.

malee_msg said...

මමත් යන්න හරිම ආසාවෙන් ඉන්නේ.. ඒත් කවදා යන්න වෙයිද මංදා..

NUWAN said...

තව ටික දවසකින් යන්න පුලුවන් නංගී.බෑදලා මහත්තයත් එක්කම යන්නකෝ

Related Posts Plugin for WordPress, Blogger...