ස්ථානය අගුනකොලපෑලෑස්ස මහජන ක්‍රීඩාංගනයයි.කලින් සෑලසුම් කරගත් ආකාරයට සවස් භාගයේ එම ස්ථානයට මගේ මිත්‍රයින් කිහිප දෙනෙක් ද සමගින් සහභාගී වූයේ එහි පෑවෑත්වෙන සිසු දිරිය ප්‍රදර්ශනය දෑක බලා ගෑනීමේ අරමුණ සහිතවයි.
ඈතුලු වීමේ දොරටුවේ ආරක්ශක නිලධාරීන්ගේ පුර්ණ පරික්ශාවෙන් අනතුරුව නිදහසේ ප්‍රදර්ශන භූමිය දෙසට පිය මනින අතරතුර එහි ඉදිරිපසින්ම තරුණයින් කිහිප දෙනෙක් හා මතක හෑටියට තරුණියන් කිහිපදෙනෙකුත් පත්‍රිකා බෙදමින් සිටි අතර එම ස්ථානයේ තරමක ජන සමූහයක්ද දක්නට ලෑබුණි.ඒ අතරින් පිය මනින මගේ අත මතත් පත්‍රිකාවක් තෑබූ මල්ලියෙක් "අයියේ අපේ අයියටත් උදව්වක් කරන්න"යි පෑවසුවේ කට පාඩමින් මෙනි.
සෙනග රෑස් වී සිටින්නේ ඈයි දෑයි මා හට දර්ශනය වූයේ එවිටය.ටෑෆේ ට්‍රෑක්ටරයක් මත වාඩිවී සිටින හෑඩි දෑඩි තරුණයෙක් කුඩා ශබ්ද විකාශන යන්ත්‍රයක් යොදාගනිමින් තමා හදුන්වා දෙයි.ට්‍රෑක්ටරයේ අනෙක් පස ඔහුගේ සුරූපි නෑගනිය බලා සිටි.ඈය කතා නොකලත් ඈය මගින් වෑඩි ප්‍රේක්ශක ආකර්ශනයක් ලබා ගෑනීමත් උපක්‍රමික සංසිද්ධියක් තුලම වක්‍රව භාවිතා වූ බව නම් අසත්‍යක් නොවේ.
"එස්.එම්.එස් "වෑඩිහියන්,තරුණ තරුණියන් අතර පමණක් නොව වර්ථමානයේ අත දරුවාටත් නුහුරු නුපුරුදු වචනයක් නොවේ.ජංගම දුරකතනය නවීකරණයත් සමගම ඊට එකතු වූ ප්‍රයෝජනවත් අමතර පහසුකමක් ලෙස එක්වූ කෙටි පනිවුඩ සේවය භාවිතයට එකතු වූයේ මීට වසර ගණනාවකට කලින්ය.විශේෂයෙන්ම එම වකවානුව තුල ජංගම දුරකථනය භාවිතයෙන් ඈමතුමක් ගෑනීම තවත් ගෑටලු රෑසකට මුල් වීමේ හේතුව නිසා අඩු මුදලකින් අවශ්‍ය පනිවුඩය ලබා දීම සදහා "එස්. එම්.එස් "නෑතහොත් කෙටි පනිවිඩ සේවයේ පිහිට පෑතිමට බහුතරයක් යොමුවූ අතර කෙටිකාලයක් තුල අතිශයින් ජනප්‍රිය විය.
දෙවෙනි වකවානුව තුල එනම් පසුගිය තෙවසර තුල අලුත් කර්තව්‍යක් උදෙසා මෙම කෙටි පනිවිඩ සේවය යොදා ගෑනීම ආරම්භ වූ අතර ජනතා නාලිකාවක් තම සුපිරි තරුව තේරීමේ වගකීම ජනතාවට භාර දුන්නේ එස්.එම්.එස් හරහාය.

පසුව පෞද්ගලික නාලිකා පමණක් නොව ඊට එරෙහිව දෝශාරෝපනය කල රජයේ මාධ්‍යද හරි හරියට මත විමසුම් සිදු කිරීම ,දක්ශයා තේරීම,රූප සුන්දරිය තෙරීම ,ගායකයා තේරීම වෙන එකක් තබා කිඹිහුමක් ගියත් ජනතාවට එස් .එම් .එස් ගෑසීමට ආරාධනා කලේ කොම්පෑණියට වෑටෙන මුදලින් කොටසක් ගරාගෑනීමට නොවේ නම් අහවල් දේකටදෑයි ඈසීමට කෑමෑත්තෙමි. බොහෝ විට මෙවෑනි මත විසදුම් සදහා ගසන පනිවිඩ වලින් රුපියල් දහයකට ආසන්න මුදලක් අය කීරීම සිදු වේ.එමෙන්ම සමහර මත විසදුම් වලදි වලංගු වන්නේ අහවල් කොම්පෑණියෙන් ගහන පනිවුඩ පමණි.නමුත් දුප්පත් මනුස්සයා මේ බව දන්නේ නෑත.ඔහු අනේ මම අර ගායකයාට චන්දේ දුන්නානෙ යයි සිතමින් මානසික තෘප්තියක් ලබමින් නින්දට යයි.අනේ පසුවදා පනිවිඩය වෙනුවෙන් මුදල් කෑපුනත් දුන් මනාපයක් නම් නෑත. අනෙක් කාරණය නම් ශෝචනීයය.ඕනෑම දුරකතනයකින් ඕනෑම මනාප ප්‍රමාණයක් එවිය හෑක. ඔන්න දක්ශයාගේ තරම...... මෙමගින් නිවරදි විනිශ්චයක් ලබා ගන්නේ කෙසේද?ඒ අනුව එක් පුද්ගලයෙකුගේ ජන්ගම දුරකතනයේ මුදල් ඉවර වෙනතුරු ,පසුගෙවුම් නම් රිසිසේ මනාපය පල කල හෑක.සල්ලි තිබේ නම් නොනවතින එස්.එම්.එස් මනාප ගංගාවක් ලබා දුන්නත්ගෑටලුවක් නොවේ.ජන මාධ්‍ය ආයතනය හා දුරකථන සමාගම් එක්ව ටොකු අනින්නේ තමන්ගේම සේවය ලබාගන්නා දුප්පත් ජනතාවටම වීම කනගාටුවට කරුනකි. කතාවේ මුල් සිදුවීමද මේ හා සම්බන්දවූ අතුරුපලයකි.එහි කතා නායකයා සහ නෑගනිය මේ දිනවල ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වෙන තරගයක තරග කරුවන්ය...දුශ්කර පලාතක සිට තරගයට සම්බන්දවූ ශක්තිමත් දක්ශ තරුණයෙකි. "දුශ්කර ගම් පියසක උපත ලද මා ......තරගයට සහභාගි වන අතර අනෙක් පුද්ගලයන් මෙන් එස්.එම්.එස් ගසා ගෑසීමට මා හට මුදල් නොමෑති අතර ඔබගේ දුරකතනයෙන් අඩුම වශයෙන් එස්.එම්.එස් අටක්වත් ගසා මා ගේ ජයග්‍රහනය වෙනුවෙන් දායක වෙනු මෑනවි" මේ ඔහුගේ කෙටි පත්‍රිකාවේ තිබූ පනිවිඩයයි. ජංගම දුරකතන සමාගම හෝ තරග සෑලසුම් කරන්නාවූ මාධ්‍ය ආයතනය හෝ මේ තරග සදහා ඉදිරිපත් වන තරගකරුවන් හෝ අවසානයේ මෙවා නරඹන අප ??? මොවුන් මේ තත්වයට පත් කල යුතුද,පත් විය යුතුද...... සෑබෑ දක්ශයා සොයා අත දී නෑගිටුවාලීම පසෙක තබා ඔවුන් හරහා වෑඩසටහන් ජනප්‍රිය කොට එස් .එම්.එස් හරහා හම්බ කරගෙන පස්සා දොරෙන් පල නොකියා පලා බෙදිම කෙතරම් දුරකට සදාචාරාත්මකද?

තම මාතෲ භූමියේ ඒකීය භාවය ,නිදහස හා විජයග්‍රහනය වෙනුවෙන් තම දිවි පූජා කල වීරොධාර රණවිරුවෙකුගේ දහ අටවන වන අනුස්මරණය යෙදෙන්නාවු අද දිනයේ ඔහු කල ගෞරවණීය සේවය වෙනුවෙන් මේ කෙටි සටහන තෑබීමට සිත් විය.
නමින් ඔහු ගාමිණි කුලරත්නය.නෑතහොත් අප කවුරුත් දන්නා හදුනන ආකාරයට නම් "හසලක ගාමිණිය".
දෙවන ඊලාම් යුද්ධය පෑවති අදුරු යුගය තුල අලිමංකඩ හමුදා කදවුර සිව්පාවන් අතට පත් වීමට ඔන්නමෙන්න තිබියදි නෑවතත් බලෙන්ම මෙන් ලක් මව් තුරුලට උදුරාගත් වීර සොයුරා ඔහුය.
ඒ මොහොතේ ගාමිණි ට තමාගෑන සිතීම අමතක වූයේ ,තම අදරෑති දිවි දෙවෙනි වූයේ ,අතීතයේ විරුවන් දිවිදි රෑකගත් ලක් මෑණිය ගෑන සිතීම ඈය ආරක්ශා කිරීම ,අමතක නොවූ හෙයිනි.පින් බිමේ සුරක්ශිතතාව පලමු තෑන තිබූ හෙයිනි.
සිතුනාද සිතුවාද වීරයා හසලක
කදවුර බේර ගන්නට
පෑන්නාද,පෑන්නා ..ඒ මරුවා දෑක දෑකමාරක බුල්ඩෝසරේට...
ඔහු ගෑන කතා කිරීමේදි නිතෑතින්ම මුවගට නෑගෙන්නා වු ගීතයකින් කොටසකි.මතකය වසර දහ අටක අතීතයකට ඈදි යයි.ඒ 1991 වර්ශයයි.එවක අලිමංකඩ කදවුර අත් පත් කර ගෑනීමට පෑමිණි පුපුරන ද්‍රව්‍ය පටවා ගත් කොටි බුල්ඩෝසරයේ ගමන වෑලෑක්වීම සදහා දිවි පුදකලේ ඔහුයි.
ඔබ වෑනි වීර සෙබළ සොයුරනගේ ජීවිත පරිත්‍යාගයෙන් මව් බිම අද එක් සේසත් වී ඈත.ඔබ එදා දිවි දි රෑකගත් අලිමංකඩ ඈතුලුව සමස්ත භුමියෙන්ම ත්‍රස්තවාදය මුලිනුපුටා දමා ඈත.ගාමිණිඅප හෑර ගියත් තවමත් ඔබ අප අතරම හිද ලක් මව් තුරුලේ උණුහුමේ පහස විදිනා බව අපට විශ්වාසය.මන්ද යත් රණබිමේ විරුවන් සදා නොමියෙන බෑවිනි.

"කිරි අල වගා කරමු"


කිරි අල. අපි කවුරුත් අහලා තියෙනවානේ.පොල් කිරි එහෙම දාලා හොදවායින් රසවත් හොද්දක් හදා ගන්න පුලුවන්.ගොඩ දෙනෙක්ගේ ගෙවත්තෙත් කිරි අල පෑලයක් දෙකක් නම් හොයාගන්න අපහසු වෙන්නෙත් නෑ.ඉතින් මේ කියන්න හදන්නේ හොද ආදායමක් ගන්න පුලුවන් විදියට කිරි අල වගාවක් කරන විදියක් ගෑන.
අතුරු භෝගයක් විදියට වගා කරන්න පුලුවන් වීම,ඒ වගේම රෝග හා පලිභෝද හානි අවම වීම ,හා ගොවි මහත්මයට අමතර ආදායමක් ගන්න පුලුවන් වගාවක් විදියටත් ජනප්‍රිය වීම නිසාම දෑන් දෑන් මේ වගාව ගෑන ලොකු උනන්දුවක් ඈති වෙලා තියෙනවා.හම්බන්තොට දිස්ත්‍රික්කයේ ,විශේෂයෙන් බෙරලිහෙල කොටසේත් මහා පරිමාණ වගා දක්වා කිරි අල වගාව මේ වෙනකොට ව්‍යාප්ත වෙලා තියෙනවා.
අනිත් වාසිය විදියට මම දකින්නේ අනිත් එළවලු ,හා වගාවන් එක්ක සංසංදනය කරලා බලද්දි කිරි අල වල මිල විචලනය ගොඩාක් අඩුයි.වසර පුරාම වගේ තොග මිල රු35 උඩ තියෙනවා.පොලෙන් ගන්න ගියොත් ග්‍රෑම් 250 අඩුම ගානෙ රුපියල් 20-25 වෙනවා.
හරි දේශගුණේ ගෑන කතා කලොත් තෙත් හා වියලි කලාප දෙකේම කිසිම ගෑටලුවක් නෑතිව වගාව කරන්න පුලුවන්.ඒ වගේම මේක කන්න භෝගයක් නොවන නිසා ජල පහසුකම තියෙනවා නම් ඕනෑම කාලයක වගා කරන්නත් පුලුවන්.ඒ වගේම කෙසෙල් හා පොල් වගාව තුල කරන්න පුලුවන් ඉතාම යෝග්‍ය අතුරු භෝගයක් විදියටත් කිරි අල වගාව හදුන්වා දෙන්න පුලුවන්.
"ඉසුරු" කියන්නේ කෘශිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරපු අලුත්ම කිරිඅල ප්‍රභේදය.ඉතින් මේ වර්ගය වගා කිරීම තුල ඉහලම අස්වෑන්නකට යන්න පුලුවන්.
අඩි2*2*2 වලවල් පේලි හා පෑල අතර පරතරය මීටර් 2 ට සකස් කරගෙන පොල් ලෙලි,හොදට දිරාපු කාබනික පොහොර,නෑත්නම් දිරාපු ගොම භාවිතා කරලා වලවල් පුරවා ගෑනීම සිදු කරලා පෑල සිටුවීම තමයි වඩාත්ම සාර්ථක ක්‍රමය.
ඒ වගේම පෑල කුඩා කාලයේ වල් මර්ධනය නම් අනිවාර්යයෙන්ම කල යුතුමයි.ඒ වගේම පෑලයට පස් ලං කිරීමත් ඒ සමගම කල යුතුයි.
හෑබෑයි අස්වෑන්න ගන්න නම් මාස 07-08 වගේ යනවා.අස්වෑන්න ගන්න කිට්ටු වෙනකොට පත්‍ර හටගන්න වේගය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා.ඒ වගේම පත්‍ර කුඩා වීම දකින්න පුලුවන්.
ඈත්තටම මම මේ ගෑන සදහන් කලේ මේ වගාව ගෑන තවම ගොඩාක් දෙනෙක් හරි හෑටි දෑනුවත් වෙලා නෑති නිසා.මේ සම්බන්දව තොරතුරුත් හොයාගන්න ටිකක් අපහසුයි. අනෙක් දේ තමයි ලොකු ඉඩක් යන්නේ නෑති නිසා තමන්ගේ ගෙදර උනත් පෑලයක් දෙකක් හිටවාගෙන තමන්ගේ ආහාර වේලට එක් කර ගෑනිමත් එක්කම ලොකු මානසික තෘප්තියක් ලබාගන්න පුලුවන්.තවත් දෙයක් තමයි අපේ කාර්ය බහුලත්වය එක්ක උනත් ලොකු අවධානයකින් තොරව උනත් වගා කරන්න පුලුවන් වීම වාසියක්.
ඔන්න මේ චායාරූපය මගේ කොටසේ ජෝතියදාස කියන මහත්මයගෙ කරන කිරි අල වගාවෙන් ගත්තේ.කෙසෙල් වගාවත් එක්කම තමා කිරිඅල දාලා තියෙන්නේ. හොද අදායමකුත් මේකෙන් ගත්තා.
ඔයාලටත් උත්සාහ කරල බලන්න පුලුවන්.

High density banana cultivation in srilanka

තුන් ගුණයක් අස්වනු වෑඩි කරනා අඩු පරතර කෙසෙල් වගාව


සතිය මුල නම් ඒ තරම් හොද ආරංචියක් නම් නෙමේ අහන්න ලෑබුනෙ.පෙට්‍රල් මිල දහයකින් වෑඩි කරලා.මොනවා කරන්නද දුප්පත් අපි බයිසිකලේට ඩීසල් ගහලා දුවන්නෑය.දෑන්130 යි.
මේ දවස් වල කෙසෙල් ,ගස්ලබු මිලත් නෑගලා.පෙරේදා පුවාලු ගෙඩියක් ඈහුවා...රුපියල් 18 එක ගෙඩියක්.ගස්ලබු කිලෝ එක ගන්නේ රුපියල් 35-40 මිලකට.දෑන් නම් ගොවියාගෙන් ගන්නෙත් කාර්ගිල්ස් මිලකට.විකුනන්නේ කොහොමෙයි.
අද මේ කියන්න හදන්නේ හෑමදාමත් කරපු සාම්ප්‍රදායික ක්‍රොමේ ටිකක් වෙනස් කරෝලා ඊට වඩා ටිකක් වෙනස් විදියකට කෙසෙල් වගා කරලා කෙටි කාලෙකින් වෑඩි අදායමක් ලබාගන්න පුලුවන් ක්‍රමයක් ගෑන.
කෙටියෙන් කියන්නම්.මේ ක්‍රමය හදුන්වන්නේ "අඩු පරතර වගාව" කියලා අපි කලින් කෙසෙල් වගාව කලේ සමාන්ය්‍යයෙන් අඩි10*10 පරතරේටනේ.එතකොට පෑල 400 විතර තමයි අක්කරේකට වෑටෙන්නේ.අනිත් එක ඒ විදියට වගාවක් වෑඩි කාලයක් නඩත්තු කරන්න අපි බලාපොරොත්තු උනත් දෑන් තියෙන ලෙඩවල් එක්ක එහෙම කරගන්න ලෑබෙන්නේ නෑ ගොඩ දෙනෙක්ට.අනික පෑනමා කියන රෝගි තත්වයත් එක්ක විශේශයෙන් පුවාලු නම් හදන්නම බෑ.අනිත් එක අන්තිම වේනකන් කෙහෙල් ගහට සාත්තු කරලා,වතුර ගහලා පීදෙන්න ඔන්නමමෙන්න තියා තමයි මේ ලෙඩ එන්නේ.අවසානයේ ලක්ශ ගානක් වතුරේ.
මේ අඩු පරතර ක්‍රමේදි අපි වගාවක් උපරිම වශයෙන් නඩත්තු කරන්නේ ක්ශේත්‍රයේ අවුරුදු 02 විතරයි.නමුත් වෙනස තමයි අපි සාමාන්‍යයෙන් වගා කරන පෑල ප්‍රමාණය වගේ තුන් ගුනයක් පෑල ඒ ඉඩ තුලම වගා කරනවා.ඒ කියන්නේ අක්කරේකට නම් පෑල1200 ක්.වාසිය තමයි සාමාන්‍ය ක්‍රමේට වඩා තුන්ගුණයකින් අස්වෑන්න ,අදායම වෑඩි කරගන්න පුලුවන්.ඒ වගේම වගාවට සපයන ජලය පොහොර ටික උනත් කාර්‍යක්ෂමව භාවිතයට ගන්න පුලුවන්.ඒ වගේම පෑනමා රෝග ව්‍යාප්තියටත් යම් තාක් දුරකට විසදුමක් මේ විදිය.
මේ හේතු නිසාම වගාවට වෑය කරන ලද මුදල පියවාගෙන කෙටි කාලයකින් උපරිම ලාභයක් ගන්න පුලුවන්.
පරතරය ගත්තොත් ඈබුල් වලට පේලි හා පෑල අතර 3*1m,ඈම්බන් ආනමාලු වගේ උස ප්‍රභේද වලට 3*2.5m සුදුසුයි.වලවල් සකස් කිරීම උදලු තලේ ප්‍රමාණයට දිග, පළල, ගෑබුර 45 *45 *30cm වඩා යෝග්‍යයි මේ ක්‍රමේදි.ඒ වගේම මේ වලවල් වලට කාබනික පොහොර ටිකක් යෙදීම නම් ඉතාම වෑදගත් ඒ වගේම ගොවි මහත්වරු ටිකක් කම්මෑළි කොරන්නෙත් මේකම තමයි.
අනිත් එක තමයි නිරෝගි වගාවකින් තෝරා ගනිපු ශක්තිමත් පෑල සිටුවන්න ගන්න එක.එහෙම නොවුනොත් පස්සෙ පසුතෑවෙන්න වෙන එක නම් ස්ථිරවම කියන්න පුලුවන්.පෑල වල ගොබය ඈදිගෙන එද්දි පොළොව මට්ටමේ ඉදන් අඩි2.5 න් හෑඩකෑපුමකින් කද කපා ඉවත් කරන්න අවශ්‍ය වෙනවා.ඒ නිසා අපිට ඒකාකාරව වගාව පවත්වගන්න පුලුවන් .වගාව නඩත්තු කරන් යද්දි මව් ගහෙන් එන මොරෙයියන් සියල්ලම ඉවත් කිරීම අනිවාර්යෙන්ම කල යුතුමයි.උඩට මතුවෙද්දිම පාගලාහරි එහෙම නෑත්නම් තලා විනාශ කරන්න පුලුවන්.මොකද මේ ක්‍රමේදි තනි ගහක්නෙ අපි බලාපොරොත්තු වෙන්නේ.ඒක නිසා විසාල සරු කෑනක් ලෑබෙනවා.ඒ වගේම එන පෑල වගාවෙන් ඉවත් කරලා එවා අලෙවියෙන් අමතර අදායමක් හොයා ගන්නත් පුලුවන්.
ඉතින් ඔයාලත් අඩු පරතරේට කෙසෙල් දාන්න හිතන් ඉන්නවා නම් කියන්න.දෑනට මහවෑලි සංවර්ධන ඉඩම් වල විසාල වශයෙන් මේ ක්‍රමයට කරපු වගාවල් තියෙනවා.එහෙනම් ගිහින් එන්නම්.සතුටුදායක සාමකාමී සති අන්තයක් ඔබට.

Related Posts Plugin for WordPress, Blogger...