අපි මිදි වගා කරමු...

ඔන්න අපේ යාලුවො කීප දෙනෙක්ම අහලා තිබුනු ඒ වගේම කාලීන වෑදගත්කමකුත් තියෙන මාතෘකාවක් ගෑන අද කතා කරන්න හිතුනා.වෙන මොකුත් නෙමේ මිදි වගාව ගෑන. මෙහෙම කියන්නම් .වගාවක් කිව්වාට අපේ යාලුවන්ට ගෙදර මිදි වෑලක් දෙකක් උනත් හදාගෙන රස බලන්න පුලුවන්.ප්‍රදේශය ගෑන හිතන්න එපා.ඕනෑම පෑත්තක හදන්න පුලුවන්. ඒත් ආර්ථික වගාවක් කරන්න නම් සුදුසුම වියළි කලාපය තමා.මේ පෑත්තේ නම් ඒ වගේ මිදි මෑහි තියෙනවා.මෑහි කිව්වම මතක් උනේ....මිදි ගස් නෙමේ වෑල් විදියට යි හෑදෙන්නේ.සාමාන්‍යයෙන් මිදි වෑලකින් අවුරුදු 35-40 විතර කාලයක් අස්වෑන්න ගන්න පුලුවන්.හෑබෑයි අත ඈර දාලා නෙමේ හරි විදියට නඩත්තු කරලා හොදේ. ලංකාවෙ වගා කරන්න පුලුවන් හොද ප්‍රභේද දෙකක් තියෙනවා.එකක් කාඩිනල්.අනෙක ඊශ්‍රායෙල් බ්ලු.චායාරූප තියෙනවානේ.

ඒකෙනුත් මෙහේ වෑඩිපුර කරන්නේ ටිකක් තද පාට වෑඩි ඊශ්‍රායෙල් බ්ලු කියන මිදි ප්‍රභේදය තමයි. තෙත් කලාපෙත් මෙයා හදන්න පුලුවන්. පහලින්තියෙන්නේ ඒ වර්ගය.උඩ තියෙන්නේ කාඩිනල් කියන ප්‍රභේදය...
හිටවන්න තෑනක් තෝර ගන්න කොට හොදින්ම හිරු එළිය වෑටෙන තෑනක් ගන්න ඕන.විශේෂ දෙයක් නිතරම වතුර රෑදෙන තෙතමනය තියෙන තෑනක් නම් තෝරගන්න එපා.එහෙම උනොත් නම් ගෙඩි කන්න නම් වෙන්නෙ නෑ.වෑල විතරයි ඉතුරු වෙන්නේ කොලදාවත් එක්ක.... හරි අඩි3x3x3 වලක් සකස ගන්න ඕන.පොඩි වලවල් ගහලා නම් බෑ හොදේ.ටිකක් මහන්සි වෙන්න වෙනවා .දෑන් මේකට කොම්පෝස්ට් පොහොර කි.ග්‍රෑ 50 විතර පසුත් එක්ක කලවම් කොරලා පුරවාගන්න ඕන.හොදින් දිරාපු ගොම උනත් ගන්න පුලුවන්. හරිනේ දෑන් මිදි පෑලය ගනිමු.මාස 3/4 විතර වයසෙ පෑලයක් තමයි හිටවන්න වඩාත් ම සුදුසු වෙන්නෙ.අලුත් රිකිල්ලේ පුරුක් තුනක්වත් අඩුම ගානේ දුබුරු පාට වෙලා තියෙන්න ඕන.මේ විදියට......... පෑලයේ පොලිතින් බෑග් එක ඉවත් කරලා ගන්න ඕන.මුල් ටිකක් දිග වෑඩි නම් ඒවා හොද මුවහත් පිහියකින් ටිකක් කොට කරගන්න එක හොදයි.එතකොට වර්ධනයත් ඉක්මන් වෙනවා.දෑන් ඉතින් අපි කලින් සකස් කර ගනිපු වලේ මෑද්දට වෙන්න පෑලේ හිටවාගත්තොත් හොදා......
අප්පේ අමතක උනා.ඊට කලින් කරන්න ඕන වෑඩක් තියෙනවා....වලට මූලික පොහොර මිශ්‍රණය කලවම් කර ගන්න ඕන.හොදට මතක තියා ගන්න මූලික පොහොර යොදලා දින තුනකටවත් පස්සෙ තමයි වලේ පෑලය හිටවාගන්න ඕන. ඔන්න මූලික පොහොර යොදන්න ඕන ප්‍රමාණවල් හා ඊට පස්සෙ පොහොර දමන්නේ කොහොමද කියලා මේ වගුවේ තියෙනවා.
හරි වෑල් පුහුණු කිරීම මිදි වගාවේ කල යුතුම කාර්යයක්.මේ ක ක්‍රම කීපයකට කරනවා.ලොකු වගාවලට නම් වෑඩිපුරම භාවිතා කරන්නේ පන්දලම් ක්‍රමය. කොන්ක්‍රිට් කනු හා යකඩ බට යොදාගෙන තමයි මේ පන්දලම හදාගන්නේ.අවුරුදු ගානක්ම අස්වෑන්න ගන්න පුලුවන් වගාවක් නිසා කල් පවතින විදියට ශක්තිමත්ව හදා ගන්න ඕනා.මිදි වගාවේ ලොකු වියදමකුත් යන්නේ මේ වෑඩේට තමයි.
ඒත් ගෙදරක වෑලක් දෙකක් හදාගන්නවා නම් "වෑට ක්‍රමය" හරි "පදුරු ක්‍රමය" ට හරි වෑල් පුහුණු කර ගෑනීම කරගන්න පුලුවන්......
. මිදි වෑලකින් අස්වෑන්න ගන්න නම් මිදි කප්පාදුව අනිවාර්යයෙන්ම කල යුතුමයි.ගොඩ දෙනෙක්ට තියෙන ගෑටලුවක් තමයි හොදට වෑල නම් හෑදිලා තියෙනවා.ඒත් ගෙඩි නම් නෑනේ කියලා.ඉතින් හේතුව කප්පාදුව නොකිරීම .ඒක විශේෂ විදියකට සෙකටියරයක් යොදාගෙන කරන්න ඕන.මිදි කප්පාදුව අවුරුද්දකට දෙසෑරයයි කරන්නේ.කප්පාදුවෙන් පස්සේ තමයි ගෙඩි හෑදෙන්නේ.අවුරුද්දකට අස්වනු වාර දෙකක් ගන්න පුලුවන් ඒ විදියට..... මිදි කප්පාදුව ගෑන වෙනම ලිපියක් ලියන්නම් ඉදිරියේදි අපේ යාලුවන්ට දෑන ගන්න.මේ විස්තර ටිකත් පුලුවන් තරම් කෙටි කරලා තමයි මේ කිව්වේ.වගාවක් නොකලත් පොඩි හරි අදහසක් ගන්න.මොකද දවසක් මගේ යාලුවෙක් ඈහුවා ලංකාවෙ මිදි වවන්න පුලුවන්ද කියලාත්.ඉතින් මේ විදියට නඩත්තු කරලා ආදායම් ගන්න මිදි වගා කරන ගොවි මහත්වරු මේ පෑත්තේ ඉන්නවා.මිදි පෑලයක් රුපියල් 80-100 වගේ මුදලකට ගන්න පුලුවන් පෑල අලෙවි කරන තෑනකින්. ඉතින් මොනවා හරි ගෑටලුවක් තියෙනවා නම් අහන්න යාලුවනේ.........

2006 ජූලි 06 වෑනිදා ප්‍රභාකරන් මාවිල් ආරු සොරොව්ව වසා දමා මාරාන්තික අත්වෑරෑද්දක් කර ගත්තේය.ශ්‍රී ලංකා හමුදාව 2006 ජුලි 27 වනදා ඈරඹි කොටි වෑනසීමේ මෙහෙයුම අවසන් වූයේ 2009 මෑයි 19 වෑනිදා නන්දිකඩාල් කලපුවේ වෑලි තීරයක් මත ප්‍රභාකරන්ගේ පණ සුන් දේහය හමුවීමත් සමගය. ............................................ එදා මාවිල් ආරු සොරොව්ව වෑසීමට අණ දෙද්දී මේ සටනින් තමාගේ ඉරණමද විසදෙනු ඈතෑයි කොටි නායකයා සිහිනෙන්වත් නොසිතන්නට ඈත. එහෙත් දෙමළ නාසිවාදයේ පරාජය සමග මව්බිමට ජයග්‍රහනය හිමි විය.එනිසාම සමස්ත ශ්‍රීලාංකිකයෝ එම ජය ඉතසිතින් සෑමරූහ.අපට සෑබෑ නිදහස හිමිවූයේ 1948 දී නොව 2009 මෑයි මාසයේදී බව සදහන් කල යුතුයි.......................................... දෙවෑනි නිදහස් අරගලය ජයග්‍රාහීව අවසන් විය.මාවිල් ආරුවේ සිට පුදුමාතලන් දක්වා වූ තීරණාත්මක හතරවෑනි ඊලාම් යුද්ධයට අදාළව දිවයින ඉරිදා සංග්‍රහයේ පළවූ චතුර පමුණුව විසි රචිත ලිපි ගණනාවක් "මව්බිමට ජය" කෘතියෙහි අන්තර්ගත වේ.......................................... (කොටි කුලී ලියන්නන් මුදලට ලොබ බෑද මාතෘ භූමිය පාවා දෙමින් පෑවති යුගයක , දේශයේ අභිමානය ,නිදහස හා විජයග්‍රහනය වෙනුවෙන් පෑන මෙහෙයවූ සහෘදයකු විසින් විරචිත "මව්බිමට ජය" කෘතිය පිලිබදව තෑබූ සටහනකි )

කියවා බෑලීම සදහාම පමණක් නොව බලා සෑකසීම උදෙසාමය.


ඔන්න අද කියන්න හදන්නේ අපේ ගෙවතු වගාවට,ගෙවත්තේ වගා කරන මල් වගාවලට ලේසියෙන්ම යොදන්න පුලුවන් ඒ වගේම ඉතාම ප්‍රයෝජනවත් කොම්පෝස්ට් පොහොරක් හදාගන්න විදියක් ගෑන. මේ ක්‍රමය අපි හදුන්වන්නේ ගොඩ ක්‍රමය විදියට.ඒක පොඩ්ඩක් වෙනස් කරලා එප්පාවල රොක් පොස්පේට් කියන ඛ්නිජයත් මේ සදහා යොදාගෙන තවත් ගුනාත්මක විදියටත් මේ වෑඩේ කරන්න පුලුවන් .එතකොට පොස්පොකොම්පෝස්ට් කියලා තමයි හදුන්වන්නේ. හොදයි ඕන වෙන ජාති කියන්නම්.අමු ගොම(250කි.ග්) ,මකුලත(ග්ලිරිසීඩියා),සූරිය,වගේ පහසුවෙන් දිරා යන කොල වර්ග(500කි.ග්), ඒ වගේම පිදුරු,ඉතාම ලේසියෙන් දිරාපත් වන ජබර වගේ ගන්න පුලුවන් නම් ගොඩාක් හොදයි.පෙතිගහපු කෙහෙල් කද කෑබලි වගේ දේවල් උනත් ගන්න පුලුවන්.(ඊ.ආර්.පී)එප්පාවල රොක් පොස්පේට්25කි.ග්, යුරියා පොහොර ටිකක්.ආ කලු පොලිතින් එකක් කොම්පෝස්ට් එක වහන්න. හරි වෑඩේට බහිමු.මුලින්ම මේ රූපයේ තියෙන විදියට මීටර් 1*3 ප්‍රමාණයට ලනු ඈදලා භූමියේ සීමාව ලකුණු කර ගන්න ඕන.එම ඉඩේ තමයි කොම්පෝස්ට් එක හදන්නේ.

ඊට පස්සේ පරන කොම්පෝස්ට් ගොඩකින් ගනිපු පොහොර ටිකක් තුනිවට අර වෙන් කොරාපු කොටසේ අතුරන්න ඕන.එහෙම නෑතිනම් අමු ගොම ටිකක් වතුරේ දිය කරලා පොල්කටුවකින් තුනියට ඉහින්න ඕන(අපි කරේ ඒ විදියට )
දෑන් ඒ තට්ටුව උඩ මකුලත කොල,සූරිය කොල(අපි ගත්තු පහසුවෙන් දිරා යන ඕනෑම වර්ගයක )අඩි භාගයක වත් උසකට අතුරන්න ඕන.
ඒ තට්ටුව උඩ මේ චායාරූපයේ තියෙන විදියට පෙති ගසා ගත්තු කෙහෙල් කද කෑබලි තට්ටුවකුත් නෑවත ඒ මත එකතු කර ගත් ජබර තට්ටුවකුත් අතුරන්න ඕන.
ඉහල පිංතූරෙන් පේනවා නේද කෙසෙල් කෑලි කරගන්න විදිය.මෙයා ඒ වෑඩේ කරන්නේ උදෑල්ලෙන්.පහලින් පේන්නේ කට්ටිය බොහෝම සාමුහිකව ජබර තෑන්පත් කරන විදිය.ආ කියන්න බෑරි උනා.මේ මගේ කොටසේ ගොවි මහත්වරු සම්බන්ද කරගෙන කරපු වෑඩසටහනක්.මීට සති දෙකකට කලින්.
ඕන්න එක තට්ටුවක් ගෑහුවා.දෑන් ඔන්න පොඩි වෑඩක් තියෙනවා.අමු ගොම කිලෝ20 විතර තරමක් විශාල බෑරලයකට (තාර බෑරල් භාගයක් නම් ගොඩාක් හොදයි )ජලය දාලා දිය කර ගන්න ඕන.අප්පිරියා වගේද? නෑ මේ ගොමනේ. ඊටම ඊ.ආර්.පි කිලෝ 5 විතර දිය කරන්න ඕන.ඒකටම යූරියා ග්‍රෑම් 500 විතර දා ගත්තොත් හොදා.දෑන් රතු පාටට හුරු උකු ද්‍රාවණයක් තමයි ලෑබෙන්නේ. මෙන්න මේකෙන් අර ගහපු තට්ටුව උඩ ස්තරයක් විදියට තෙත් කල යුතුයි.ටින් එකකට පුර්වාගෙන තට්ටුව උඩ වත් කරාම වෑඩේ ලේසියි.
වෑඩේ තාම ඉවර නෑ. මේ තට්ටුව උඩ ආයෙත් අර කලින් යොදා ගත්තු අමුද්‍රව්‍ය ඒ පිලිවෙලටම අතුරන්න ඕන. නෑවත දිය කරගත්තු ගොම ඊ.ආර්.පී මිශ්‍රණය ඒ මත යෙදිය යුතුයි. ඔන්න ඔය පිලිවෙලට තට්ටු හයක් විතර ගහ ගත්තාම වෑඩේ අහවරයි.එතකොට පාන් ගෙඩියෙ හෑඩේට ගොඩ පේනවා.දෑන් අපි අර ඉස්සර කාලෙ ගෙවල් වල ගොම පිරියම් කොරාපු විදියට මේක වටේට ගොම පිරියම් කොරලා ඉන්න ඕන. කලු පොලිතින් එක තියෙනවා නේද.ඔන්න ඒක ගන්න වෙලාව හරි.මේ ගොඩ වෑහෙන්න පොලිතින් එකෙන් ආවරණය කිරීම තමයි අවසානයට ඉතුරු වෙලා තියෙන්නේ.මේක සීල් කරන්න ඕන නම් නෑ හොදද.හතර පෑත්තෙන් ලනු හතරක් ඈදලා පොලොවට ගහපු ඉනි වලට ඈද්දා නම් වෑඩේ ගොඩ. දෑන් ඉතින් නා කියා ගත්තාට කමක් නෑ................................. හරියටම දවස් 14 මේක පෙරලන්න ඕන(එකම පෑත්තට ).ඊලග පෙරලීම දවස් 28 කල යුතුයි................

දින 45 යනකොට ඉතාම ගුනදායක වගාවට,පරිසරයට මනුස්සයින්ට විස දේවල් අඩංගු නොවෙච්ච උසස් තත්වයේ කොම්පෝස්ට් පෝර නිශ්පාදනයක් කර ගන්න පුලුවන්.අර රුපියල් සීයක් දිලා අපේ නෝනලා බොහෝම උජාරුවට අරන් එන පාට පාට පිංතූර දාපු පෑකට්ටුවේ එන පෝර වලට වඩානම් සියක් ගුණයක් වටිනවා මේ හදාගත්තූ පෝර. ඔයාලටත් ඔන්න අවස්ථාව තියෙනවා මේ ක්‍රමේ අත් හදා බලන්න.මේ ප්‍රමාණයට වඩා කුඩාවට උනත් කරන්න පුලුවන් අමුද්‍රව්‍ය හොයා ගන්න අපහසු නම්.
ගෑටලුවක් එහෙම තියෙනවානම් අහන්නකෝ.
ගොඩක් කිව්වා.එහෙනම් ගිහින් එන්නම්.......

Related Posts Plugin for WordPress, Blogger...