මා ලොකුවෙලා කවුරු වෙන්න කෑමතිදෑයි අපේ අම්මලා අහන වෙලාවලදිත් මං එක පාරටම කියන්නේ කවදාහරි මම ලොකු පොලිස් කාරයෙක් වෙනවා කියලාය.මෙහෙම කියනකොට අම්මා නම් මොකුත් නොකීවත් අපේ තාත්තාට නම් මල පනී.ඒ ඈයිද කියා නම් මට තේරෙන්නේ නෑත.අපේ අල්ලපු ගෙදර ත් ඉන්නේ පොලිස් මාමා කෙනෙකි.ඕකා ජරා පප්පා යයි අපේ තාත්තා කොයි වෙලේ කිවුවත් මට එහෙම දෑනෙන්නේ නෑත.ඒ මාමාගේ ගෙදර තරම් ලොකු ගෙයක් අපේ අහල ගමක වත් නෑත.ගෙදර කොයි වෙලෙත් සෙනග පිරිලාය.ගේ හදන්න ගල් වෑලි ඔක්කෝම ගෙනත් බෑවේ යාලු මාමලාය.අපේ තාත්තාට කොයින්ද ඒ වගේ යාලු ගොල්ලො.මට හිතෙන්නේ නම් ඒ මාමා ට්‍රෑෆික් එකේ ඉන්න නිසා අපේ තාත්තාට ඉරිසියා හිතිලා විය යුතුය.
තාත්තා මේ ලගකදී කියපු කතාවකින් මගේ සිතද තරමක් කම්පා උනාය.ඒ පොලිස් මාමලාගේ පඩිය අඩු කොරලානේ පුතේ ඔයාගිහින් වෑඩක් නෑ.කියු නිසාය.එසේ කලේ ඈයි දෑයි මට කුතුහලයක් ඈතිවූ නිසා මේ ගෑන ඈසූ විට තාත්තා නම් කියුවේ දෑන් හයිස්පිඩ් ලියන්නේ නෑනේ කොල්ලෝ කියාය.ඉතින් ඒක හා මේ මාමලාගේ පඩිය අතර සම්බන්දයක් තියේය.අපේ තාත්තාට නම් පිස්සු හෑදී ගෙන එනවාද කියා මට සිතුනි.
අනික මේ මාමලාට කොයි තරම් සලකනවාද මිනිස්සු.බස් එකේ දි ටිකට් වත් ගන්න ඕන නෑය,අපේ බාගේ ටිකටය ගත්තේ නෑත්නම් කොන්දොස්තර මාමලාගෙන් බලු බෑනුම්ය.මා එසේ බෑනූ අපේ ගමෙ බස් එකේ කොන්දොස්තරට පොලිස් කාරයෙක් වී හොද පාඩමක් උගන්වන්නේය.හංදියෙ හෝටලයෙන් නොමිලේ කන්නට අවස්තාවද මට ලෑබෙන්නේය.
ඉතින් මාගේ අනාගත බලාපොරොත්තුව නම් පොලිස් මාමෙක් වීමය. (ටීච මට හොදයි එකක් දෙන්න )
16 comments:
හොඳයි දෙන්න බැහැ ළමයෝ. ව්‍යාකරණ අන්තිමයි. ඔය ළමය මගේ ටියුෂන් පන්තියට ආවනම් මෙහෙම වෙන්නෙ නැහැ නෙ. තාත්තට කියල ලබන සතියෙ ඉඳලවත් එන්න බලන්න.ටියුෂන් ගාස්තු ඉස්සෙල්ලම සිතයෙ ගෙවන්න ඕන. හරියට ව්‍යාකරණ බැරිනම් ඔය ළමයට පොලිසිය අතුගාන්නවත් බැරි වෙයි හරිද?
තාම පොඩි එකානේ ටීචර් ,මට නම් හිතෙන්නේ මේකා ගෑලපෙන්නේම පොලීසියටම තමයි.එහේ ඉන්නෙත් ගොඩක් මේ වගේ අයනෙ
(හරියට ව්‍යාකරණ බැරිනම් ඔය ළමයට පොලිසිය අතුගාන්නවත් බැරි වෙයි හරිද)
.ටීච පොලිසියෙ කට්ටිය කතා කරන වියාකරන ඈහුවා නම් ඔහොම කියන්නේ නෑ....
මරැ කතාව!එල කිරි!
ස්තුතියි මල්ලී
NUWAN"s lane
හැබීව හැබෑව.. පොලිස් මහත්තරු කියන හරුපනම් මටත් තේරෙන්නෙ නැහැ.
niyamai aiya
මරු මරු.
ඒ දවස් වල පත්තරේ ගිය "පොඩි එකාගෙ ලියුම" මතක් උනා.
Raven-
ස්තුතියි .මමත් ඒක ආසාවෙන් කියවපු තීරු ලිපියක්.ඒකෙන්ම තමා මේ අදහස ලියන්න හේතු උනෙත්.
ෂා නියම නිර්මාණයක්. ජයවේවා ! ඔහොම යං... ඔහොම යං.......
සජීව විජේවීර -
ස්තුතියි .ඒ වගේම ඔබ ආයෙත් බ්ලොග් එක ලියන්න පෑමිනීම ගෑන සංතෝශ වෙනවා.
ෂං..නියමයි. ඔබට ජය !
හෙළයා-
එසේම වේවා. තුති ඔබට
හැමෝම පොලිසියට අකැමති වුණොත් අන්තිමට වෙන්නේ පොලිසියට කට්ටිය නැති වෙන එකනේ. ඒක නිසා පොලිසිය කැමති අයත් ඉන්න ඕනේ. :) :) :)
අනිවා මචන්.ඒත් හොද අය බහුතරයක් උනොත් කොයි තරම් හොදද
පට්ට! :)
හොද පොඩි ළමයා...
ලස්සනට ලියලා තියෙනවා...
Post a Comment