.


ඔන්න දඩ කොල නෑ කෙලින්ම උසාවි !   මේ හය කලෝතින්

තමන්ගේ රෑකියාව වෙනුවෙන් වාහනෙත් එක්ක එහෙම නෑත් නම් යතුරු පෑදියත් එක්ක ඔට්ටු වෙන වෑඩිපුර මහා මාර්ගෙ ජීවත් වෙන අපේ සහෝදරයන් වෙනුවෙන් ,මෑතකදි පොලිසිය රථ වාහන සම්බන්දයෙන් අලුතෙන් හදුන්වා දීපු නව නීති කිහිපය ඉදිරිපත් කලෝතින් හොදයි කියලා හිතුනා.මොකද පොලිස් මහත්වරුන්ගෙ අතංගුවලට පාරෙ කොටු වෙලා ඉන්න පිරිස් දෑක්කාම තවම අපේ ගොඩ දෙනෙක් ඒ ගෑන ඒ තරම් දෑනුවත් වෙලා නෑ කියලා හිතුන නිසා.
ඒ නීති වලට අනුව වාහන සම්බන්දයෙන් සිදු වෙන වෑරදි හයක් සදහා දඩ කොල ලබා දීමක් නොකර කෙලින්ම උසාවි දාන්න කටයුතු කරනවා.ඒ වෑරදි හය තමයි මේ,

  • රක්ශණ සහතිකය නොමෑතිව රිය පෑදවීම
  • ජංගම දුරකථනය භාවිතා කරමින් රිය පෑදවීම
  • අපරීක්ෂාකාරී ලෙස රිය පෑදවීම
  • අන්තරායකාරී ලෙස රිය පෑදවීම (දෑනට හයිස්පීඩ් ලියන්නේද මේ වරදටය)
  • නොසෑලකිලිමත් ලෙස රිය පෑදවීම
  • බීමත්ව රිය පෑදවීම ...............................ඉතින් මේවයේ හොද නරක නම් තිරනය කිරීම කියවන ඔබලාට භාරයි.මොකද මේව ක්‍රියාත්මක කොරන්නෙත් අපේ රටේ පොලීසියනේ .කොහොම උනත් පුවත් පතක නෙත ගෑටුනු මෙන්න මේ වෑකිපෙලින් ලිපිය නිමා කරන්නම්.සුභ ගමන් ඔබට.( පොලිස් නිලධාරීන්ගේ රාජකාරිය විය යුත්තේ ලයිට් කණු අස්සේ තාප්ප අස්සේ හොරා පොලිස් කරන්නට මෙන් සෑගව සිට වේග සීමා ඉක්මවන වාහන අල්ලා රියදුරන්ට අච්චු කිරීම නොවෙයි.ඔහු සෑබෑවටම රියදුරාට නියාමකයකු විය යුතුයි.අඩුම තරමින් ඔවුන් හෝ මේ ලයිට් කණු අස්සෙන් ගස් ගල් අස්සෙන් බෝක්කු කටවල් අසලින් එලියට ගත යුතුය.මාරක අනතුරු සිදුවීමට ඉඩ ඈති තෑන්වල,මගී ජීවිත අනතුරට ලක් වීමට ඉඩ ඈති තෑන් ,රියදුරන් අපරීක්ශාකාරි ලෙස රිය පෑදවීමට පෙළබෙන මාර්ගවල සේවයේ යෙදවිය යුතුය.)

12 comments:

කාංචන දිනූක said...

මේ වැරදි වලට නිර්ණායක නැහැනේ. පාරේ වීනීතව ගමන් කරත් පොලිස් කාරයට ඕන නම් උසාවි දාන්න පුළුවන්. මට වුන සිද්ධියක් කියන්නම්. පාරේ යන එන අය දකින්න ඇති සියලුම වේග සීමා පුවරු අලුතින් සවි කර ඇති අයුරු. මේවායේ දුටු උපරිම වේගය 70km/h. දවසක් මම තංගල්ල හරියේ එනකොට පොලීසියෙන් මාව නැවැත්තුවා. මේ කියන්නේ ඔය තීරණය ගතපු දිනට දින තුන හතරකට පසු දිනයක් මමත් ටිකක් තදියමේ ආවේ. ඒත් මම වේග සීමා නොඉක්මවූ බවට හොඳටම සහතිකයි. මම ඇයි කියල ඇහුවම මූ කියපි වේගෙ ටිකක් වැඩියි කියලා. මට මුගේ හොම්බට අනින්න හිතුනා. මේකා මට මීටරේ ඇල්ලුවෙත් නෑ. (මම සීමාව පැන්නත් මූට ඔප්පු කරන්නත් බෑනේ. එතන ඒ වෙලාවෙ ‍තදබදයක් තිබුනා මම 40ට වත් ගියේ නෑ) මම මූට කිව්වා මම ලිමිට් එක ඇතුලේ ආවේ කියලා. ඒ පාර මූ ලයිසන්ස් අරව මේවා චෙක් කරලා ආපහු දුන්නා. හදිසියට මට මුගේ අංකේ බලාගන්න බැරි වුනා. අඩුම ගානේ මගේ ස්පීඩ් එක කීයද කියලවත් අහගන්න.
වාහනේට අවම තමයි කාරණාව තේරුණේ. ඊට පොඩ්ඩකට කලින් කාර් එකක් සෙනග අස්සේ කහ ඉර උඩින් වැරදි පැත්තේ ලයිට් ගහගෙන තදියමට වාහනයකට ඉස්සර කරන්න එනවා. මමත් හෙඩ් ලයිට් එක ගහලා අයින් කරන්නේ නැතුව පාරෙ වාහනේ නැවැත්තුවා. මං මොකටද කාවවත් හප්පන්නේ. තදියං කාරයා නවත්තලා අයින් කරන් යන්න ගියා. මේක පහුවෙනකොට දැක්කේ පොලිසියෙ ලොක්කෙක්ගේ වාහනයක් වගේ. හෙඩ් ලයිට් දමං එනකොට ඕව පේනවයැ. මූ අතන හිටපු උන්ට කියන්න ඇති මාව බලන්න කියලා. පොලීයට නීති වලංගු නැද්ද මන්දා. මගේ මොකක් හරි වැරද්දක් තිබුනනම් බඩුම තමා.

Hasitha Gunasinghe said...

වටින කතාව. ඒත් කිව්වත් වගේ තම තමන්ගේ වාසියට ක්‍රියාත්මක වුණොත් අහිංසක් අපිට තමා කෙල වෙන්නේ :)

දුකා said...

"පොලිස් නිලධාරීන්ගේ රාජකාරිය විය යුත්තේ ලයිට් කණු අස්සේ තාප්ප අස්සේ හොරා පොලිස් කරන්නට මෙන් සෑගව සිට වේග සීමා ඉක්මවන වාහන අල්ලා රියදුරන්ට අච්චු කිරීම නොවෙයි.ඔහු සෑබෑවටම රියදුරාට නියාමකයකු විය යුතුයි.අඩුම තරමින් ඔවුන් හෝ මේ ලයිට් කණු අස්සෙන් ගස් ගල් අස්සෙන් බෝක්කු කටවල් අසලින් එලියට ගත යුතුය.මාරක අනතුරු සිදුවීමට ඉඩ ඈති තෑන්වල,මගී ජීවිත අනතුරට ලක් වීමට ඉඩ ඈති තෑන් ,රියදුරන් අපරීක්ශාකාරි ලෙස රිය පෑදවීමට පෙළබෙන මාර්ගවල සේවයේ යෙදවිය යුතුය"

මචං පත්තර වල මේවා ලියලා වැඩක් වෙන එකක් නෑ "මම හිතන්නේ" ලංකාවේ "බොහෝ" පොලිස් කාරයන්ට හා පොලිස් ලොක්කන්ට එක්කෝ පත්තර කියවන්න අකුරු බෑ එක්කෝ කියවන්න වෙලාවක් නෑ ඇයි ඉතින් වැඩ ඇරිලත් ජරාව කන්න (එකතු කරන්න ) යන්න එපැයි. . එක්කෝ බොරු වැරැද්දකට අල්ලගෙන ආපු එකාට බාගෙට මැරෙන කම් ගහන්න තියෙන හින්දා ඕවර් ටයිම් . . හික් හික්

හොඳ ලිපියක් මචෝ . .

Anonymous said...

ලංකාවේ නම් මොන කලත් ඉතින් 500 ක් දීලා shape වෙනද පුළුවන්නේ, එත් ඇමෙරිකාව වගෙය් රට වල නම් මොනම සමාවක් වත් නෙහෙ...අහුවුනොත් බඩුම තමෛ. එහෙම බැලුවාම නම් ලංකාව රත්තරන්.

priyantha said...

කතාවනම් සහතික ඇත්ත. පොලිසිය ඉන්නේ හැංගිලාම තමා‍. හරියට හොරු අල්ලන්ට හැංගිලා ඉන්නවා වගේ. එලියට ඇවිත් කියන්නෙත් අපි කරන්ට හිතුවෙවත් නැති වැරදි. (මාරාන්තික ලෙස පැදෙව්වා තියයි, මීටරේවත් නැතිව කාංචන කිව්වා ‍වගේ හයි ස්පීඩ් කියයි.) අඩුම තරමෙ වේගසීමා හරියට තියනවද? නුවර අවට නම් මම තාම දැක්කෙ නෑ. තියන ඒවත් කවුරු හරි තටවුට් එකක් හරි පෝස්ටර් එකකින් හරි වහල. අනේ මන්ද මේවා කාට කියන්නද. හැබැයි පොලිසියට නම් ඔය නීති එකක් වත් නැතුව ඇති. ට්‍රැෆික් බයික් එකේ හෙල්මට් නැතිව උගෙ කෙල්ල, වයිෆ් නැත්නම් ළමයා දාගෙන යනවා මම නිතරම දැකල තියනවා. comment එක දික් වුනාට sorry.

NUWAN said...

@කාංවන දිනූක -
කථාව සහතික ඈත්ත කාංචන.තඹ සතේකට විස්වාස කරන්න බෑ මේ අය.මමත් එහෙම කියන්නේ මගේ අත් දෑකීමෙන්මයි.විභාගයක් තියන්න ඕන ළමයි නොදන්නවද කියලා බලලා ෆේල් කරන්න නෙමෙයිනෙ...පොලිස් රථ වාහන අන්සෙ බලන්නෙත් අනතුරක් වලක්වා ගෑනීමට වඩා කිසිම ප්‍රයෝජනයක් නෑති තෑනක ඉදලා(සමහර වෙලාවට පාර හොදින් පෙනෙන තෑනක පොඩ්ඩක් 50 පෑන්නා නම් ලිව්වා.නෑත්නම් බේරලා යවන්න ජරාව ඉල්ලනවා,ඩබල් ලයින් කෑපෙයි කියල හිතෙන පටු තෑනක ඉන්නවා.බලාපොරොත්තුව අනතුරක් වලක්වා ගෑනීම කෙසේ වෙතත් මෙතනින් නම් ගොඩ දෙනෙක් අල්ලා ගන්න පුලුවන් වගේ දෙයක්)අනිත් දේ තමයි අපි වෑරෑද්දක් නොකලත් මොනවා හරි හේතුවක් නිසා ඒ අය කිව්වොත් අහවල් දේ කලා කියලා අපිට විකල්පයක් නෑ.ස්තුතියි ඔබේ අදහසට

කාංචන දිනූක said...

මට මේකට තව අදහසක් කියන්න ඕන. මම මීට කලින් වැරදි දෙකකට අහුවෙලා තියනවා. එකක් ආදායම් බලපත්‍රය අමතක වෙලා අනික ඉරි කපලා තුන් රෝද රියක් ඉස්සර කරලා. (මෙම වංගුවට වඩා සුදුසු සංඥාව එක පසෙක සුදු කඩ ඉර සහ අනෙක් පස සුදු නොකැඩුන ඉර සහිත ද්විත්ව සුදු ඉර. මම මුළු මාර්ගයම භාවිතා කළ හැකි දිසාවට පැදවූයේ. එම නිසා මෙය නිදහසට කරුණක් නොවේ එකල එම සංඥාව භාවිතයේ තිබුනේ නෑ. ළඟදීම මෙම මාර්ග සලකුණු වෙනස් වෙතැයි බලාපොරොත්තු වෙමි) පොලිස් කාරයට වැඳ වැටෙනවාට වඩා දඩ කොළය අරගෙන 500/- ගෙවල දාන 1 නම්බුයිනේ. මේ උසාවි දමන අවලං නීතියෙන් වෙන්නේ හැමෝම පොලිස් කාරයා අත කීයක් හරි මිට මොලවා නඩුවෙන් ගැලවෙන්නයි. කාටද වෙලාව තියෙන්නේ උසාවි ගානේ රස්තියාදු වෙන්න. හරියට රාජකාරි කරන අය ඉන්නේ කීයෙං කීදෙනාද. ඉතිං සමාජය යහපත් කරන්න කියල ගේන සමහර නීති වලින් වෙන්නේ සමාජයේ හොඳට ඉන්න පිරිසකුත් වැරදි වලට පෙළබීමයි.

NUWAN said...

@ කාංවන

පාර දෑන් මොන තරම් හොදට තිබුනත් වෑඩක් නෑ.ඒකෙන් 50% වඩා තියෙන්නේ ද්විත්ව ඉර ,තව 20 විතර තනි ඉර තව ප්‍රමානයක් කහ ඉර,,,,ඉතින් පොලීසියට හොදයි.ඈත්තටම මාර්ග සලකුනු යොදද්දී යම් ප්‍රමිතියක් තියෙන්න ඕන.වෑඩි වේගය හොද නෑ.ඒත් අනවශ්‍ය විදියට කාලය නාස්ති වෙනවා නම් ඒක ලොකු අවාසියක් රටක් විදියට බෑලුවාම මේ නිසා. ඔබ කිව්වා වගේ දෑන් මේ උසාවි දෑමිල්ල නිසා ගොඩ දෙනෙක් උත්සාහ කරනවා එහෙම රස්තියාදු නොවි වෑඩේ බේරගන්න,ඒක වෑරදියි තමයි.ඒත් පෘථග්ජන මිනිස්සුනේ අපි.ඉතින් බලා පොරොත්තු වන දේ ඉශ්ඨ වෙයිද මේ අලුත් නීති .වලින්

@Hasitha -
ඒක තමා හසිත ප්‍රශ්නේ......අනිත් දේවල් නිවෑරදි වෙන්නේ නෑතුව මේ වගේ නීති ඒන එකෙන් වෙන්නේ මාර්ගය භාවිතා කොරන අපි කබලෙන් ලිපට වෑටීම තමයි

@දුකා-

උබ කිව්ව දෙකම ඈත්ත මචන්,,රාජකාරිය<දේවකාරිය<ජරාකාරිය ඉතින් උඩින්ම තියෙන්නේ ඕකනේ.හෑම කෙනාම නෙමෙයි බහුතරයක් එහෙමයි.ඔලුව කහලා ඉක්මනට කරන දෙයක් කරන්න කියල කියන එක මේ අයට දෑන් සිම්පල්

http://blogsinhala.com/ said...

We have joined your blog in http://blogsinhala.com/ Please register and joint your blog and win best blogger award and amazing prizes.

Thanks
Admin
http://blogsinhala.com/

NUWAN said...

@anonymous-
500 නෙමෙයි රුපියල් පනහත් හිමීට සාක්කුවෙ දාගන්න බඩුනෙ මෙහේ ඉන්නේ.හික්.ඈමරිකාවෙ කොහෙද එව්වා

priyantha.ඒබී -
පොලීසියෙ අයට මේවා වලංගු නෑ ප්‍රියන්ත ඒකනේ පොලිස් කියන්නේ.එයාලට හෙල්මට් ඔනේ නෑ.ලයිසන් ඔන නෑ.කරටි කෑඩෙන්න ගහලා යන්න පුලුවන්.එහෙම තමයි.කිව්ව එකට තර්ක කරන්න ගියොතින් තව වෑරදි දහයක් පටලවනවා....මේ පෑත්තෙ නම් මාර්ග නීති පුවරු අලුතෙන් සවි කරනවා.තාම ඔය පෑත්තෙ නෑද්ද,ස්තුත්යි ඔබේ අදහස් දෑක්වීමට

Anonymous said...

අයිය පොලීසියත් එක්ක මොකක් හරි සම්බන්දයක් වත් කියනවද අප්පා... ඕක ගෑවෙන දෙවල් මයි ලියන්නෙ

NUWAN said...

hik eyalath pare.apith wadi hariyak parene malli ekayi....

Related Posts Plugin for WordPress, Blogger...