.


ජීවිතය හරි පුදුමාකාර දෙයක් සතුට වෙලාවකට දුක උරුම වෙන හෑටි.අපේ පාසල් විය මතකය හරිම සුන්දරයි.ඒ කාලේ අපේ ජීවිතයම උනේ අපේ පාසල ඈය රාහුල මාතාව ,මාතර ඉතින් පහේ පන්තියෙ ඉදන් සාමාන්‍ය පෙල දක්වා කාලය පාසල් දිවියේත් හොදම කාලය.අපි බලන් ඉන්නේ ඕෆ් පීරියඩ් එකක් එනකන්.පන්තිය ඈතුලේ මෙස ටික එකතු කරලා පුන්චි ප්ලාස්ටික් බෝලෙන් ගහන ක්‍රිකට් ඒ කාලේ හරි ජනප්‍රියයි,
ඉතින් මන් මේ කියන අපේ දයාබර මිත්‍රයා එකොලහේදි අපි පන්ති නායකයා කලා ඔහු සෑම දේකටම දක්ශ හොද යාලුවෙක් මට තාම මතකයි උඹ ඔෆ් පිරියඩ් වල අපි කෑ ගහන කොට ටොකු අනින්න ආව හෑටි ,අපි උබට කොල ගුලි වලින් ගහනවා අහක බලද්දී අනේ මේවා මේ තරහට නෙමේ ඒ කාලේ ජොලියට කල දෙවල් ඔහු නමින් චාමින්ද ද සිල්වා මාතර ඉසදීන් නගරයේ පදිංචිය ,උසස් පෙල 2000 කන්ඩායමේ
ඉතින් මේ ශෝක ජනක ආරංචිය දෑනගන්න ලෑබුනේ පෙරේදා උදේ ඔහු අපිව හෑර ගිහින් ආයෙ නො එන්නම;මුලු ලොවෙන්ම,ඉතින් මේ ආරංචිය ඈහුවාම උබලා අපි ඒ ගතකරපු සුන්දර අතිතය,උබේ කොයි වෙලෙත් තියෙන ඔය සුන්දර හිනාව මෑවිලා පෙනුනා .
දුකයි ඒත් මොනවා කරන්නද හමුවීම වෙන්වීම අපිට පොදු දෙයක්.අද සවස ඔබ අවසන් ගමන් යනවා ඉතින් දයාබර යහලුවේ වෙන් වෙමු අපි කදුලු සමගින්,ඔබට නිවන් සුව.

10 comments:

Anonymous said...

ඔහුට නිවන් සුව!!

මොකක් වෙලාද බං?????

ඉලංදාරියා said...

ඔහුට නිවන්සුව.....අත්වෙවා...

වන්නි said...

ඔහුට නිවන් සුව අත්වේවා...
හැබෑට මොකක් වෙලාද බං?

හා පැටික්කි (MS) said...

මාත් දැක්ක පෝස්ටර් වගයක්.....

ඔහුට නිවන් සුව ප්‍රාර්තනා කරනව!!!

Anonymous said...

නැවත බවයකදි මේ වගේ අකල් විපතක් නොවන්න ඒ අයියට නිවන් සුවයම ප්‍රාර්තනා කරනවා!!

Hasitha Gunasinghe said...

"පියේහි විප්පයෝගෝ දුක්ඛෝ" - ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි.

ඔබේ මිතුරාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..........

priyantha said...

නැවත මෙවන් අකල් මරණයකට පත් නොවේවා.

ශාකුන්තල | Shaakunthala said...

වයධම්‍මා සංඛාරා! Nothing lasts forever...

NUWAN said...

මාත් එක්ක දුක බෙදා ගත්තු මගේ මිත්‍රයාට නිවන් සුව පෑතු ඔබ සියලුම දෙනාට තුති.ඔහු මියගියේ අභ්‍යන්තර හදිසි රුධිර වහනයක් වෙලා.ඔහුට හර්නියා රෝගී තත්වයත් තිබිලා තියෙනවා.

Anonymous said...

"Advantageously, the post is really the biggest on this precious topic. I fit in together with your conclusions and will thirstily appear ahead for your incoming updates."

--------------------------------------------
my website is
http://chineseastrology.us

Also welcome you!

Related Posts Plugin for WordPress, Blogger...