.


සිටුවීමට වඩාත්ම සුදුසු කෙසෙල් පෑලේ තෝරාගන්නේ මෙහෙමයි...


ඔන්න යාලුවනේ අද මේ කියන්න යන්නේ කෙසෙල් ගෑන කතාවක්.අපි කාටත්ම වගේ වෑදගත් දෙයක් වේවි කියලා හිතුන නිසා මේ ගෑන කට්ටිය දෑනුවත් කරන්න ඕන කියලා හිතුනා.ලග පාතක කෙසෙල් පදුරක් එහෙම තියෙනවා නම් ඉස්සෙල්ලාම ගිහින් හොදට ඒක නිරීක්ශනය කරලා බලන්නකෝ....හරි මොකද හිතෙන්නේ.ලොකු කෙසෙල් ගස් එක්ක කුඩා පෑලත් අනිවාර්යෙන්ම ඒකෙ ඈති.හරි අපිට වෑදගත් වෙන්නේ සිටුවන්න ගන්න පෑල නේ.ඉතින් ලොකු පිරුන පත්‍ර තියෙන පෑල ඈති,එතකොට කුඩා උලක් හෑඩයට පත්‍ර පිහිටලා තියෙන පෑල ඈති.හොදයි මේ පෑල අතරින් හිටුවන්න හොද පෑලේ තෝරන්න කිව්වෝතින් මොකද්ද ඔබ තෝර ගන්නේ.?ගෑටලුවක්.මම පොඩි කාලෙදි නම් තෝරා ගත්තේ අර ලොකු පිරුන කොල තියෙන පෑලයක් තමයි.හරි කල්පනා කරන්න ඕන නෑ.මේ පහලින් තියෙන පෑලේ එහෙම නෑත්නම් මොරෙයියා දිහා හොදට බලන්නකෝ.

මෙයාව අපි හදුන්වන්නේ "කඩුපත් මොරෙයියා" කියලා හදුන ගන්න හරි ලේසියි.පත්‍රය කඩුවක් වගේ සිහින්ව උල්ව තමයි පිහිටලා තියෙන්නේ.කද දිහා බලන්නකෝ උඩ කොටස හීන් වෙලා පහලට යද්දී කද මහත් වෙලා හරියට කේතු ආකාරයේ ස්වභාවයක් තමයි දකින්න ලෑබෙන්නේ.මේ කඩුපත් මොරෙයියාගේ රයිසෝමය එහෙම නෑත්නම් දන්න විදියට අලේ ප්‍රමාණය විශාලවයි පිහිටලා තියෙන්නේ.පෑලේ ප්‍රමාණය නම් සාපේක්ශව කුඩායි.දෑන් කට්ටියට කඩුපත් මොරෙයියා වෙන් කරලා හදුනගන්න අපහසු වෙන එකක් නෑ.ඔන්න යාලුවනේ කෙසෙල් පෑලයක් හිටුවන්න ගන්නවා නම් ඔන්න ඉස්තරම්ම මොරෙයියා තමයි මේ සදහන් කරපු කඩුපත් මොරෙයියා .ඒකට හේතුව තමයි මෙයාගේ වර්ධන වේගය ඉතාම ඉහලයි.සාමාන්‍යයෙන් සිටුවලා මාස 10 -12 වගේ යද්දි අපිට හොද ප්‍රමාණයේ කෙසෙල් කෑනක් මෙයාගෙන් ගන්න පුලුවන්.
දෑන් මේ පහලින් තියෙන පෑලේ නෑත්නම් මොරෙයියා දිහා බලන්නකෝ.ඔයගොල්ලො අනිවාර්යෙන් දෑකලා ඈති.

මෙයාව අපි හදුන්වන්නේ "ජල මොරෙයියා" නෑත්නම් දියපත් මොරෙයියා කියලා.පත්‍ර හෑඩය ගත්තොත් පලල් මෝරපු ගහක කොලේක හෑඩයට සමානයි.හෑබෑයි ඊට වඩා ප්‍රමාණයෙන් කුඩායි.කදේ ස්වභාවය සිලින්ඩරාකාරයි.උඩයි යටයි විශ්කම්බයේ ලොකුවෙනසක් දකින්න නෑ.රයිසෝමය,අලේ ඉතාම කුඩායි කොටින්ම නෑ වගේ.හෑබෑයි මෙයා කඩුපත් මොරෙයියාට සාපේක්ශව ලොකුවට ඉන්න නිසා ගොඩ දෙනෙක් රෑවටිලා ඉක්මනට කෑනක් ගන්න කියලා හිතාගෙන මෙයාව හිටවගන්නවා.
බලාපොරොත්තුව ඉශ්ට වෙයිද?
අනේ නෑ .ලොකුවට හිටියාට මෙයාගේ වර්ධන සීඝ්‍රතාවය ඉතාම අඩුයි.කෑනක් එන්න සෑහෙන්න කාලයක් යනවා දළ වශයෙන් ගත්තෝතින් මාස 15 විතර ....ලේසි නෑ නේද?ඔන්න ඒක නිසා මේ දියපත් මොරෙයියන් සාමාන්‍යයෙන් සිටුවීමට ගන්න නිර්දේශ කරන්නේ නෑ
මේ මොරෙයියන් දෙවර්ගය ඈරුනාම කෙසෙල් පදුරක තවත් මොරෙයියන් කාංඩයක් ඉන්නවා.එයා මන් මේ කලින් සදන් කරපු වර්ග දෙකේ අතරමෑදි ලක්ශන තමයි පෙන්නුම් කොරන්නේ.එයාව නම් කරලා තියෙන්නේ" කන්‍යා මොරෙයියා" කියලා .එහෙම නම් කලේ මොකද කියලා නම් මාත් දන්නේ නම් නෑ.ඒත් මෙයා කඩුපත් මොරෙයියා තරම්ම හොදත් නෑ.ඒ වගේම දියපත් මොරෙයියා තරම්ම නරකත් නෑ.කෑනක් ගන්න කඩුපත් වලට වඩා වෑඩි දියපත් වලට වඩා අඩු කාලයක් ගතවෙන නිසාත් පෑල විසාල ප්‍රමානයක් හිටවන්න ඕන වෙන නිසාත් මෙයාවත් සිටුවන්න සුදුසු ලයිස්තුවට දාලා තියෙනවා
ඔන්න යාලුවනේ මීට පස්සෙ නම් හරි පෑලේ තෝරගන්න හෑටි ඔයාලට අමතක වෙන එකක් නෑ.ඉතින් සුභම සුභ සති අන්තයක් ඔබට,ගිහින් එන්නම්

18 comments:

Hasitha Gunasinghe said...

අපේ කෘෂිකර්ම මහත්තයා හොඳ උපදෙසක් තමා දීලා තියෙන්නේ. වටිනා වැඩක් ඕන් කිව්වා :)

NUWAN said...

ස්තුතියි හසිත මල්ලී ඔබේ ඉක්මන් ප්‍රතිචාරයට

Anonymous said...

නියමයි අයියෙ මාත් කාලයක් කෙහෙල් පැලයක් හිටෝල බලන් හිටිය පස්සෙ අම්ම කිව්ව ඒකෙ ගෙඩි එන එකක් නෙමේලු....මොකක්ද බයිලයක් කිව්වා......දැන් නම් ඉතින් යමක් කමක් දන්නවා...ආයි හිටවන්න ඕන මගෙම කියල කෙහෙල් ගෙඩියක් කන්න :ඪ්

නියමයි අයියෙ පෝස්ට් එක

Unknown said...

මේ වැඩේ නං වටිනවා සහෝදරයා.. හොඳ වැඩක් කියල කට පුරෝල කියතෑකි..

Shadow/හේමලයා said...

very nice article.....& a great job....:)

හුටපටයා said...

කෙහෙල් පැල් හිටවලා තිබුනට අදයි මේ ගැන නම් දැන ගත්තේ

priyantha said...

මාත් දවස් තුනකට විතර කලින් කෙහෙල් පැලයක් හිටෙව්වා. නොදැන හරි මිටවලා තියෙන්නේ කඩුපත් මොරෙයියෙක් තමා. එත් කමක් නෑ. ඉදිඑියට දැන දැනම හොඳ පැලය තොරාගෙන් හිටවන්න පුවවන්නේ. මෙහෙම ගියොත් අපිත් හොඳ ගොවියොවෙයි වගේ. මූණු පොතේ නැතුව ඇත්තටම වගා කරන. උපදෙස් වලට ආයෙත් ස්තුතියි.

වන්නි said...

හ්ම්. වටින කියන කතාවක්. ඇත්තටම දැනගෙන හිටියේ නෑ මම.

NUWAN said...

Hasitha ජයසූරිය-
එහෙනම් ඔයා හිටුවන්න ඈත්තේ දියපත් මොරෙයියෙක් වෙන්න ඈති මලයො.කමක් නෑ දෑන් දන්නවනේ.

වැම්පයර් -

ස්තුතියි සහෝ


Shadow/හේමලයා-

උඹලාගේ අදහස් ලොකු ශක්තියක්

NUWAN said...

හුටපටයා -

එහෙමද,මම හිතුවෙ කට්ටිය මේක දන්නවා ඈති කියලා.


priyantha-

ස්තුතියි ප්‍රියන්ත හෑමදාමත් වගේ.අපිට කෙසෙල් පෑලයක් ගස්ලබු ගහක් ලේසියෙන්ම ගෙදර හදාගන්න පුලුවන්නේ.ඈයි නිකන් කඩේට අතරමෑදියන්ට මුදල් නාස්ති කරන්නේ


කුෂාන් ඇස්. වන්නිආරච්චි-
ස්තුතියි මචන්

තීර්ථ යාත්‍රිකයා said...

තැන්කූ වේවා අයියා. මමත් මේ ළඟදී කෙසෙල් පැල වගයක් හිටෙව්වා , හැබැයි කොල කපලා හිටෙව්වේ...දැන් ගොබේ කලු වෙලා,මොකද දන්නෑ හේතුව

NUWAN said...

ස්තුතියි මල්ලී අදහසට.ඔයාගෙ ගෑටලුවට නම් හරියටම බලන්නෙ නෑතුව උත්තරයක් දෙන්න අමාරුයි.ගොඩාක් වෙලාවට දිලීර ප්‍රශ්නයක් වෙන්නත් පුලුවන්.එහෙම නෑතිනම් වෑඩි ජලය වගේ අහිතකර පරිසර තත්වයක් නිසත් ඔහොම වෙනවා.

පිස්සා පලාමල්ල said...

වටිනා ලිපියගලවල හිටවනවා. ඔහොම දැනන් නෙමෙයි තාත්ත හොඳයි කියන ඒව. කෙසෙල් කැන් කීපයක්ම විකුනවත් එක්ක... සල්ලි මට නේ හි හික්. බොහොමත්ම ස්තුතියි. ඉස්සර මමත් ගෙදර කෙසෙල් පැල

NUWAN said...

ස්තුතියි පිස්සාගේ පලාමල්ල අදහස ට

Free Adds Org said...

බ්ලොග් එකට නොමිලේ ප්‍රචාරයක් ඕනෙ නම් මෙන්න මේක බලන්ඩ : http://freeaddsorg.blogspot.com/

සසර කතර said...

බොහොම ස්තුතීයී. ඒත් මම දෑන් කෙසෙල් ඉන්දන්නෙ නෑ .මොකද මගේ කෙසෙල් දෑන් විකුන ගන්න බෑ . හෑම තෑනම කෙසෙල් තියනව කඩවල් වල .ඒකනිසා මේ ටිකේම වෑටුනු කෑන් කන්න තමයී උනේ.
ඒත් දෑන් අලුත් ක්‍රම තියනවා නේද පෑල ගන්න මම දවසක් දෑක්කා ප්‍රදර්ශනේක කෑන වෑටුනම අලේ පලලා ඔන්න මොකක්ද එකක් කරලා තිබුනා

Unknown said...

වටිනා කියන ලිපියක්. හැබැයි මට නම් සෑහෙන කාලෙකට අත්හදා බලන්න වෙන්නෙ නෑ :(

Anonymous said...

Hi. I study a couple of of one's other content and needed to understand if you would be interested in exchanging blogroll hyperlinks?

--------------------------------------------
my website is
http://kidsyoga.us

Also welcome you!

Related Posts Plugin for WordPress, Blogger...