.



ජීවිතය හරි පුදුමාකාර දෙයක් කාලය ගතවෙලා යනවා අපටත් හොරෙන් හරිම ඉක්මනට.ඉතින් මම බ්ලොග් ලිවීම පටන් ගන්න කොට මම අවිවාහකයි...ඊට පස්සේ මම විවාහ උනා. දෑන් තව එක්කෙනෙක් අපේ ජීවිතයට ඈවිත් ඉන්නවා.ඒ අපේ පුංචි පුතා නමින් සෙහත්.....දෑන් හරියටම එයාට මාස තුනක්.....ඉතින් පුංචි පුතේ දෑන් ඔයා තමයි අපේ ජිවිතය අපේ බලාපොරොත්තුව එකම එක.....හිතෙනවා අපි නෑති උනත් මගේ , අපේ ජිවිතය නෑතිවෙලා නෑ...කියලා  ඒ ඔයා නිසා.....ඔයා ඉක්මනටම තෙරෙන වයසට ආවාම  මම ඔයාට පෙන්වන්නම් ඔයා වෙනුවෙන් ලිව්ව මේ සටහන.ඉක්මනට ලොකුවෙන්න...මම ඒ කාලෙදි ඔයාට කියලා දෙන්නම් බ්ලොග් ලියන්නත්.....ලොකු කාලෙකට පස්සෙ තමයි බ්ලොග් එක පෑත්තේ ආවෙ ඒ ඔයා වෙනුවෙන් මේ සටහන තියලා යන්න...

මේ ඔයාගේ තාත්තා....

5 comments:

දුකා said...

සුභ පැතුම් නුවන්ටයි බිරිඳටයි දෙන්නාටම .. පුතාටත් සුභ අනාගතයක් වේවා . . . . . !

මහින්ද මාමගේ එයාගේ පුතාල 3 දෙනාට විතරක් තියෙන සුභ අනාගතේ නෙමේ මචෝ ඇත්තෙන්ම අපේ ළමයි හැමෝටම හෙට දවසේදී උදා වේවා කියලා ප්‍රාර්ථනා කරන සුභ අනාගතේ ගැන මම සුභ පැතුවේ හොඳේ . .. !

EMoney said...

සෑම පියෙකුගේම අපේක්ෂාව එයයි. හැබැයි මම නම් තාම පියෙක් නෙමෙයි. ඔය කීවෙ මගේ තත්තගේ දිහා බලලා.
මගෙත් අරමුන අපේ රට් දරුවන්ගේ හෙට දවස ඉතා යහපත් කරන්න. ඒ ගැන හිතලා තමයි මමත් බ්ලොග් එකක් ලියන්න ගත්තේ. විවේක වේලාවක ගිහින් බලන්න.

ශාකුන්තල | Shaakunthala said...

ඔන්න මගෙනුත් සුභ පැතුම්! :)

SMART LINE BINARY BOTS said...

උණුසුම් සුභ පැතුම්..... තාත්තා කෙනෙක් උනහම දැනෙන හැගීම ඔය ආකාරයෙන්ම මගේ සේනිතු සේහස් පුතාගෙන් මම ලබනවා එය දැන් අවුරුදු දෙකක දග පැටියෙක්....

Hasitha Gunasinghe said...

කෝ අයියේ මොකුත් අලුතින් ලියන්නේ නැද්ද ??

Related Posts Plugin for WordPress, Blogger...