.


පසුගිය අවුරුද්දෙ නුවර ට්‍රේනින් එකක් සෙට් උනා .ගියෙ තනමල්විලට ගිහින් උඩවලව හරහා නුවරට. එහෙම යද්දි දෑක්ක සිදුවිමක් තමයි මම මගෙ මොබයිල් එකෙන් කෑප්චර් කර ගත්තෙ.මෙතනදි මෙ පොඩි සාදුල දෙන්නා අලියට කෑම විසි කරල දුවන දර්ශනයක් .අලියට මේ පෑත්තට එන්න බෑ.ඒකට හේතුව තමයි විදුලි වෑටක් අතරෙ තියෙනවා. ඔයාලටත් හොදට බෑලුවොත් පෙනෙවි.තනමල්විල උඩවලව මාර්ගයේ යන අයට මේක සුලබ දර්ශනයක්. සවස් කාලයට අලි පාර අයිනට ඈවිත් මෙහෙම බලාගෙන ඉන්නෙ කෑමට මොනව හරි ලෑබෙනකන්.මෙහෙම අලි ඉන්න හෑම තෑනකම වගෙ පොඩි කඩයකුත් තියෙනව.පොඩි උක් දඩු කෑල්ලක් රු.40 වෙනවා.ඉතින් මේ පාරෙ යන ගොඩ දෙනෙක් තමන්ගෙ වාහනෙ නවත්වලා කෑම ටිකක් දෙන්න අමතකකරන්නෙ නෑ.සතුන්ට කෑම දෙන්න එපා කියල මෙ හරියෙ බොර්ඩ් නම් හයි කරල තිබුනා.එත් ඉතින් මොනව කරන්නද,ලොකෙ බුද්ඩිමත්ම සතා කියන මනුස්සයොත් මෙහෙම හෑසිරෙනකොට.

3 comments:

ච.ගු said...

අපේ මිනිස්සුන්ගෙ මේ වැඩේ දැක්කාම කියවෙන්නෙ එක දෙයයි: "අපි වගේ ගොන් හැත්තක්" කියලා. අලියෙක් මේ විදුලි වැට අසලදි කාව හරි ඇදල අරගෙන මරල දැම්මාම අලියට හම්බවෙන්නෙ "හක්ක පටාස්" කියන වට්ටක්ක ගෙඩිය තුලට දමපු බෝම්බයක්.
අනික "ජුරාසික් පාක් 1 "හි විදුලි වැටේ කරන්ට් එක කපාදැම්මාම වෙච්ච දේ දැක්කනෙ .

malee_msg said...

මේ වගේ තව ලිපියක් මම දැක්කා.. ඔව්වා ඉතිං අපේම වැරදි .. අපිත් ලගින්න තැන් හොයන්නේ සත්තු අස්සෙමනේ..සත්තු ඉතිං කොහේ කියලා යන්නද?

Unknown said...

නුවන් මල්ලී

අහිංසක සතෙකුට කන්න දෙයක් දෙන එක වරදක් නෙමෙයි.
වැරුද්ද තියෙන්නේ සතුන්ගේ වාසස්ථානවලට මිනිසුන් අයිතිවාසිකම් කියලා.සතුන්ව කොටු කරපු එකයි.

Related Posts Plugin for WordPress, Blogger...