ලබන්නා වූ 2010 නව වසර ඔබගේ බලාපොරොත්තු ඉටු වන්නා වූද ,අභියෝග දුක් කම්කටොලු භාදක අභිබවා ඉලක්කය සපුරා ගන්නා වුද, යස ඉසුරෙන් සපිරෙන්නා වුද සුභම සුභ නව වසරක් වේවායි හදවතින්ම ප්‍රාර්ථනා එක් කරමි.(නුවන් 2009/12/31 ප.ව 11.05 ට )

" සීතල නුවර එලිය සහ මම "
මගෙන් කවුරු හරි ඈහුවොත් යන්න කෑමති ආසම ප්‍රදේශය මොකද්ද කියලා ආයෙ දෙපාරක් හිතන්නේ නෑතුවම මම දෙන උත්තරේ තමයි නුවර එලිය කියලා.ඒ තරම් ම ආස කරන නගරයක් ප්‍රදේශයක් දේශගුනයක් එහේ තියෙනවා කියලයි මට හිතෙන්නේ.මොකද මේ එක පාරටම නුවර එලිය මතක් උනේ.නෑ වෙනහේතුවක් නිසා නෙමෙයි මේ දෙසෑම්බර් මාසේනෙ.මට නම් හිතෙන්නේ නුවර එලියෙ යන්න ඕන හොදම කාලය තමයි දෙසෑම්බර්.කට්ටියට කිව්වාම ගත් කටටම කියන්නේ ආපෝ සීතලයිනෙ දෙසෑම්බර් එහේ....ඒත් ඉතින් සීතල ඒ දේශගුනය නෑත්නම් වෑඩකුත් නෑ කියලයි මට හිතෙන්නේ.මෙහේ වගේ දාඩිය දානවනම් ඒ සිසිලස දෑන්නෙන්නේ නෑත්නම් වෙනසක් නෑනේ. මේ වෙනකන් ගියපු ට්‍රිප් ගත්තොත් 99%ම ගිහින් තියෙන්නේ නුවර එලියට.පොඩි කාලෙ දෙමව්පියන් එක්ක තමයි මුලින්ම ගියේ.ක්‍රමක්‍රමයෙන් මේ පිස්සුව උග්‍ර උනා.කොහොම හරි ඕලෙවල් ලිව්වා විතරයි යාලුවො තුන් දෙනෙක් සෙට් කරගෙන හෝර්ටන් තෑන්න බලන්න ගියා.ඔහිය කියන ස්ටේශමේ පට්ට හීතලේ රෑය පහන් කොරලා පහුවෙනිදා උදේම පයින්ම ඈද්දා නේ.මොකෝ වාහන ගන්න සල්ලි තියෙන එකක්ය.හවස් වෙනකොට ආයෙත් ඔහියට එන්න ඕන නේ අන්තිමට දුවගෙන ආවේ.මොකද ප්‍රමාද උනානම් කෑලේ නෙ නවතින්න වෙන්නේ.එහෙම උනානම් ආයෙත් ඉතින් ඒමක් නෑ.යන්න එන්න කිලෝමිටර් 25 විතර මට මතක හෑටියට නම්.
Labels: agriculture
"කලමෑටියේ පරව් අහු වෙලයි කියන්නේ"
අද මේ කියන්න හදන්නේ ටිකක් වෙනස් විදියෙ කථාවක්.අපිට පොඩි ආරංචියක් දුන්නා අපේ මිත්‍රයෙක් ඊයෙ,"මචන් අන්න අද කලමෑටියේ පරා අහුවෙලාලු.ගිහින් බලපන්කො" කියලා.ඉතින් ඔක්කෝම වෑඩ පෑත්තකින් තියලා ගියා නෙ ඒ පාර කළමෑටියෙ. කලමෑටිය ඔයාලට නුපුරුදු තෑනක් නෙවෙයි නේ.අපේ රටේ දකුණු කොටසේ පිහිටලා තියෙන කුරුලු අභයභූමියක් විදියට තමයි මේ ස්ථානය ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ.ඊට අමතරව දෑනට සුරක්ශිතව පවතින හොද කඩොලාන පරිසර පද්ධතියක් මේ භුමියේ දකින්න පුලුවන්.හරියටම තෑන කිව්වොතින් කොළඹ කතරගම පාරේ හුංගම නගරය පහු කරලා කිලෝමීටර් දෙකක් විතර ඉදිරියට යනකොට දකුණු පෑත්තට තියෙන පාරෙ පොඩි දුරක් යද්දි කලමෑටිය අභයභූමිය හමු වෙනවා.
ඉතින් මේ අභයභුමිය එක් පසකින් මායිම් වන්නේ මහා සාගරයට.ඒ කෙළවරේ තමයි කලමෑටිය ධිවර වරාය පිහිටලා තියෙන්නේ.ඉතින් අපේ ගමනාන්තය උනේ අභය භූමිය හරහා ගොහින් මේ ධිවර වරාය දක්වා ගමන් කිරීම.මොකද පරව් ගන්න හෝ බලන්න නේ මේ ආවෙ,තකහනියේ.
අභය භුමිය අවසන් සීමාවට එද්දි නටබුන් වෙච්චි ගෙවල් තෑනින් තෑන දකින්න තියෙනව .සමහරක අත්තිවාරම විතරයි ඉතුරු වෙලා තියෙන්නේ ,මොකද දන්නවද මේ ප්‍රදේශයට සුනාමියෙන් ලොකු හානියක් වෙලා තියෙනවා ඒ වෙලාවෙදි.
The Srilankan greatest singer , loving heart person ,music director Mr Amaradewa ,wish you happy birth day!

Labels: අමරදේව ශූරීන්, චරිත, වෙනත්