.


රස කතා , ගුන කතා , කට කතා
අපේ රටේ රූපවාහිනී නාලිකා හත අටක්ම තියෙනවා නේ.ආ මං කිව්වේ මේ හතර වටේටම පේන සිංහල චෑනල්ස්.ඉතින් මේ හෑම එකක්ම ප්‍රවෘර්ති කියන්න පුදුම තරගයක් නේ දෙන්නේ.නිව්ස් වලින් ෆස්ට් අය,සත්‍යයේ සටහන් බුද්ධියේ විමසුමට ලක් කොරන අය,අංක එකේ විස්වාසනීයම ප්‍රවෘර්ති සපයන්නෝ, ඒතකොට ආන්ඩුවට කඩේ යන අය තව මෙකී නොකී විවිධාකාරයේ තේමාවන් යොදාගෙන රූප පෙට්ටියෙන් කියවනවානෙ.ඉතින් මේ කොයි කවුරුත් මොනවා කොහොම කිව්වත් මේ අය මේවා ඉදිරිපත් කොරන්නේ යටි අරමුනකුත් දිව අස්සේ හංගගෙන කියලා පොඩ්ඩක් එහාට හිතුවොතින් තේරෙනවා
මෙන්න බලන්නකෝ මේ ප්‍රචාරක දෑන්වීම ,මේක දෙරන
නාලිකාව විසින් නිර්මානය කරපු එකක්.එකම පුවතක් ඒ ඒ නාලිකා ඒ ඒ අයට ආවේනික විදියට ඉදිරිපත් කරන ආකාරය මේකෙන් කියාපානවා.මේ කියන විදියට මේ නාලිකා නම් හදුනාගන්න අපහසු නෑ.බලන්නකෝ කට්ටිය.හෑබෑයි දෙරනටත් මේක පොදුයි.අඩු වෑඩි වසයෙන්.......


(වීඩියෝව ලබාගත්තේ gossip9 අනුග්‍රහයෙන්)

Related Posts Plugin for WordPress, Blogger...