අපි නොදන්න තුඹ වගාව ( රහට උයලා කෑවට හෑදෙන හෑටිත් පොඩ්ඩක් බලමුද?)
ඔව් ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා.තුඹ වෑල් වල ගෙඩි හටගන්නේ අවුරුද්දකටම එක පාරයි.අනෙක් හේතුව තමයි තුඹ කියන භෝගෙ වියලි කලාපයෙ කෑලේ තමයි හෑදෙන්නේ.ඒ කියන්නේ මහේ වෑහි යනකොට පසේ තියෙන තුඹ අල වලින් වෑල් ලිය දානවා .එවයෙ හට ගන්න මල් පරාගනය වෙලා තමයි තුඹ ගෙඩි හෑදෙන්නේ
මාස් කන්නේ අවසන් වෙනවත් එක්කම මේවයෙ අස්වෑන්නත් ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යනවා.ඊට පස්සෙ වෑලත් මෑරෙනවා.හෑබෑයි මේවායෙ අලේ මෑරෙන්නෙ නෑ.මේවා පසේ තිබිලා හරියටම ආයෙ ඊලග මහේ ආයෙත් පෑල වෙනවා.ඔන්න ඕක තමයි තුඹ වල ජීවන චක්කරේ.
ආ තව දෙයක් මේ තුඹ ටිකක් වෙනස් .මෙයාලගේ වෑල් වර්ග දෙකක් හෑදෙනවා.එකක් තමයි ගෑහෑනු වෑල් ,අනෙක පිරිමි වෑල් .ගෑහෑනු වෑල් වල තමයි ගෙඩි හට ගන්නේ.ඉතින් පිරිමි වෑල් මක්කටෙයි? නෑ එයාලගෙන් පරාගනය වෙන්නම ඕන මේ ගෑහෑනු වෑල් වල හට ගන්න මල්.නෑත්නම් ඉතින් තුඹ කාල හමාරයි.
ඉතින් මේ කියන්නේ අපේ දෙපාර්තමේන්තුවෙන් වරනය කොරාලා ගත්තු විසල් හා කේසර කියාලා නම් තබාපු තුඹ ප්‍රභේද දෙකක් අලුතෙන් ගොවි මහත්වරුන්ට හදුන්වලා දීලා තියෙනවා.මේවා තුඹ අතු මගින් තමයි පෑල හදලා තියෙන්නේ.අනෙක මෙව්වා ගොවින්ට දෙද්දි ගෑහෑනු පෑල හා පිරිමි පෑල වෙන වෙනම තමයි දෙන්නේ.ගෑහෑනු දහයකට පිරිමි එකක් ඈති හොදේ.මීටර් 2 පරතරේට අඩි එකහාමාරෙ වල ගහලා මෑස්සකට වෑල් පුහුනු කරන්න ඕන.
දවස් 50-60 යද්දි පලවෙනි අස්වෑන්න ගන්න පුලුවන්.ඉතින් මාස් කන්නේ ඈරුනාම අනෙක් කාලෙදි කිසිම අමාරුවක් නෑතුව රුපියල් 250 උඩ කිලො එකක් දෙන්න පුලුවන්.අනික වෙලෙන්දො පොර කනවා මේ තුඹ ටික ගන්න
එහෙම කියන්නේ මම නෙමෙයි.ඔය පොටෝ එකේ ඉන්නේ අන්න එයා .මෙයා මගේ කොටසේ ගොවි මහත්තයෙක්.මෙයත් අලුතෙන් තුඹ ආදර්ශනයක් කොලා.ඔය පස්සෙන් පේන්නෙ ඒ මෑස්ස.දෑන් මාස 5 විතර තවමත් අස්වනු නෙලනවා මේකෙන්.
ඉතින් ඔන්න අපේ යාලුවන්ට තුඹ ගෑන විස්තරේ කෙටියෙන්ම කිව්වා එහෙනම් ගිහින් එන්නම් සුභම සුභ සති අන්තයක් ඔබට
16 comments:
එළම ලිපිය මචෝ..
ආ නැහැ තුඹම ලිපිය..රයිටෝ..
ඉඳලා හිටලා හරි මකුළු දැල් කඩනවා නේද..?
තෑන්කු වේවා මාරයෝ .ඔව් ඔව් ඉදලා හිටලා ගොඩ වෙලා මකුනු දෑල් පාරක් එහෙම කඩන්න එපෑයෑ.
බලාගෙන යද්දි පෙරේතකමේ කාලදැම්මට හැදිල්ල ඒ තරම් ලේසි නෑ. හොඳ දේවල් පහසුවෙන් ගන්න බෑ කියනවනේ... ඉඳල හිටල හරි ඇව්ත් කියවන්න යමක් දාල යන එකට ස්තූතියි!
එතකොට ඔය ගැහැණු පැල එක්කමද පිරිමි පැලේ හිටවන්නේ...? නැත්තං ඒක වෙනමමද? පරාගණය කෘතිමව සිද්ධ කරනවද නැත්තං ස්වභාවිකව වෙනවද?
මල්ලි ඔය මාමාගේ නමත් දැම්මනම් මරු. ඒක එයාටත් සතුටක්. තුඹ නම් හොඳ කෑමක් තමයි. ගුණත් ඒ වගේමයි. මම අහලා තියෙන විධියට ඔය දුම් බොන අයට හොඳයිලු. සුභ පැතුම්
දවසක් දෙකක් කාලා තියෙනවා. රස මතක නෑ.
නුවන් කියන විදිහට රස කෑමක් වගේ.
මුලින්ම කාලා බලලා රසයි නම් තාත්තට මේ ලිපියේ පිටපත්ක් යවලා කියන්නම් වගාවට මෙකත් එකතු කර ගන්න කියලා.
ස්තූතියි ඈ . .
ෂා...! තුඹ කරවිල මං මාරම ආසම කෑමක්! හොයා ගන්න නැති එකයි.. ගානයි තමයි අවුල ටිකක්!
කාලෙකට පස්සෙ නුවන් මහත්තය හොඳ ලිපියක් ලියල වගෙයි.
මහත්මයා...
අපේ ගම් පලාත්වල නම් තුඹ කියන්නෙ මුකුණුවැන්න වගේ පොඩි පලහැටියක් හැටියට වැවෙන පලාවර්ගයකට... ඔබතුමා විස්තර කරන වරගයට අපි කියන්නෙ තුඹ කරවිල කියලයි...
මගේ මාමන්ඩිගේ ප්‍රියතම කෑමක්. කාලෙකින් නේද ලිව්වේ.
''තුන් තුඹ මල් තුඹ මල් ....සින්දුව මතක් වුනා.'' ඩ්‍රැගන් ෆ්රුට් ගැන ලිව්ව ලිපිය මම බැලුව. වියට්නාම වල ඩ්‍රැගන් ෆ්රුට් වතු හරි විශාලයි .
කෝ බන් නුවන් මම දාපු කොමෙන්ටුව?
නුවන් ඉඳහිට ආවත් ගේන්නේ වැදගත් පොස්ට්. තුඹ කාල තියෙන්නේ නම් කීප වතාවයි. අපේ ගෙදර නම් උයලම නෑ. යාළුවන් උයා ගෙනත් දුන් ඒවා තමයි කාල තියෙන්නේ. කියල වැඩක් නෑ මම හිතුවේ මේවා ගස්වල හැදෙනවා කියල. බැලුවම වැල්නේ. අනික් කරුණ වගා කරන දෙයක් කියා. ඒත් දැන්නේ මේවා වගා කරන්නේ. මෙපමණ කලක් කැලේට හැදුන භොගයක්නේ. ආයෙම මේ වගේ වගාවක් අරන් එන්න...
නුවන් මහත්තයා ටික කාලෙකින් නේද? ලඟදි ගමේ යන්නේ නැද්ද?
අම්මෝ සුමානෙකින් ඉන්ටෙර්නෙට් ආවෙ.අද මේ ගෙදර ආව ගමන් යාලුවන්ගෙ කමෙන්ට්ස් ඔන්න පබ්ලිශ් කලා.සිදුවූ ප්‍රමාදය පිලිබදව මාගෙ කනගාටුව
මම නං ජිවිතේට තුඹ කලා නැහැ. මේ කිව්වේ මට මතක හැටියට හොදේ, පොඩි කලේ අම්මා බලෙන් වගේ ගිලෙව්වද දන්නේ නැහැනේ.
නොදන්නා දේවල් ගොඩාක් දැනගත්ත, ස්තුතියි නුවන්!
තුඹ වගාකිරීම සදහා රෝපණ ද්‍රව්‍ය ලබාගන්නේ කොහොමද?
Post a Comment