.


ඈත දුරක දෑස පාවෙලා


ඈත දුරක දෑස පාවෙලා//
ගොලුවීලා ඔහේ තනිවෙමු
පාලු ලොවක
ඈත දුරක දෑස පාවෙලා
පාසෑල් යාමේ බෑදීලා
මා නෙතු දෑලේ වෙලීලා
පෑ මදහාසේ
ජීවිත කාලේ
මා සිත යාවේ සදා
ඈත දුරක//
ඒ සිහිනේදි උදාවී
මා කවදා හෝ ලගාවී
මේ භවයේදි මේ දිවියේදි යාවුනි දෑතේ ඔබේ......
ඈත දුරක දෑස පාවෙලා//
ගොලුවීලා ඔහේ තනිවෙමු
පාලු ලොවක
ඈත දුරක දෑස පාවෙලා



ගායනය ග්‍රේෂන් ආනන්ද සමග නීලා 

වික්‍රමසිංහ


සිනහා කදුලූ එනවා යනවා......තාවකාලික නවාතෑන් පොලෙන් සමුගත් සොදුරු මිනිසා ග්‍රේෂන් ආනන්ද නම් වු කලාකරුවානනේ ඔබට නිවන් සුව ....

ගීතය මෙතනින් අහන්න

Memories of the Gangodawila Soma Thero

අති පූජනිය වූ සෝම හිමියනි, ඔබ දෑයෙන් සමුගෙන හෙටට හරියටම වසර හතක්


වසර හතක් කියන්නේ මොන තරම් දිග කාලයක්ද.ඒත් තරම් කාලයක් අපි ඔබේ මිහිරි හඩ, වචන ස්වරය අහන්නේ නෑතිව හිටියේ කොහොමද, නෑ ඔබ නෑති උනේ නෑ.තවමත් මේ මාතෘ භූමියේ අපිව තනි නොකර අපිට යහ මග පෙන්වමින් සෙවනෑල්ලක් වගේ ඉන්නවා.මට මතකයි දවස තවමත්ම.අපේ ඉස්කෝලේ ධර්ම දේශනයක් සදහා වෑඩිය දිනය.මම හිතන්නේ එදා එක ළමයෙක්වත් නෑවිත් හිටියේ නෑ. තරම් උනන්දුවක් ආසාවක් තිබුනේ.මම එතකොට මතක විදියට හතේ පන්තියේ වගේ හිටියේ
ඉස්කෝලේ ප්‍රධාන ගේට්ටුවෙන් වඩින කොට අපිට දෑනුන හෑගීම වචනයට නගාගන්න අමාරු උනා මෙච්චර කල් රූපවාහිනියෙන් දෑක්කාට බන ශ්‍රවණය කලාට හෑබෑහින් දෑක්කේ එදා තමයි.කොහොම හරි එදා මේන් හෝල් එක අතුරු සිදුරු නෑතිව පිරිලා.වෙනදා වගේ ගාලගෝට්ටියක් එදා තිබුනේ නෑ.පුදුම නිශ්ශබ්දතාවයක් තිබුනේ...බොහෝම අමාරුවෙන් තමයි දොරටුවකින් ඔලුව විතරක් ඔබා ගෙන ඔබේ අසිරිය වින්දේ.ඈතුලේ ඉඩ නෑති නිසා මමත් ඈතුලුව බහුතරයක් ළමයි සුමදුරු දෙසුම ශ්‍රවණය කලේ එලියෙ ඉදන්
යකඩ කටින් ඉස්කෝලේ ඔක්කොම ළමයි ඔබේ දෙසුම ඈහුවා. දවස්වල බාල තරුන මහලු වයස් භේදයක් නෑතුව ධර්මය ශ්‍රවණය කලා පුදුම පිබිදීමක් තිබුනේ.වෙනදා ටෙලි නාට්ටි වෙලාවට විතරක් සාලෙට සෙට් වෙන පවුලේ උදවිය ,බනක් යන වෙලාවට ඊටත් වඩා උනන්දුවෙන් ඒවා ඈහුවා බෑලුවා.ධර්මයේ හෑසිරුනා.
මුසල දවස මුලු ශ්‍රීලාංකික බෞද්ධයන්ම හඩවපු දිනයක් උනා.කෙටි කාලයක් තුල විස්මයක් කල ඔබ මාතෘ භූමියටත් හොරෙන්ම,ලක් මෑණියන් හඩවමින්ම කෙටි කලකින් අප තනි කර ගියා.
අති පූජනිය වූ ,සෝම හිමියනි ඔබ දෑයෙන් සමුගෙන හෙටට හරියටම වසර හතක් .ඒත් ඔබේ හඩ,සුමිහිරි ධර්මය තවමත් අපේ හිත් වල පිලිරෑව් දෙමින් ඈසෙනවා,පෙනෙනවා.අපි ඔබට අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරන්නෙමු.

Related Posts Plugin for WordPress, Blogger...