විසි එක්වන සියවසේ සුපිරි පලතුර ශ්‍රි ලංකාවේ වගා කරමු.


මේ දවස් වල ගොඩ දෙනෙක් කතා කරන පලතුරක් විදියට මකර පලතුර හෙවත් ...dragon fruit හදුන්වලා දෙන්න පුලුවන්.හෑබෑයි වර්තමානයේ මේ පලතුර කරලියට ආවට මේක ලංකාවට හදුන්වලා දීලා නම් වසර කීපයක්ම වෙනවා.මේක අපේ රටේ පලතුරක් නම් නොවෙයි.සම්බවය උනු රට විදියට සලකන්නේ දකුනු ඈමරිකාව.අපේ රටේ ආර්තික බෝගයක් විදියට වගා නොකලාට තායිලන්තය,මෑලේශියාව, ඊශ්‍රායලය වගේ රටවල මේ පලතුර ආර්තික බෝගයක් විදියට වගා කරනවා.හෑබෑයි දෑන් ලංකාවෙත් මේ පලතුර ක්‍රමයෙන් ව්යාප්ත වේ ගෙන යනවා.පහත රට තෙත් කලාපය, අතරමෑදි කලාපය වගේම ජල සම්පාදනය යටතේ වියලි කලාපයේත් මේ පලතුර වගා කරන්න පුලුවන්.කොටින්ම ගත්තොත් මේක පතොක් කුලයේ ශාකයක්.පෙනුමත් පතොක් වගේම තමයි.මේකෙත් ප්‍රබේද කීපයක් තියෙනවා.ගෙඩියේ පොත්ත රතු පාට හා මදය සුදු පාට වර්ගය,පොත්ත කහ පාට හා මදය සුදු පාට වර්ගය,ඒ වගේම පොත්ත හා මදය රතු පාට වර්ගය විදියට .හෑබෑයි මේවයිනුත් වෑඩි ඉල්ලුමක් තියෙන්නේ රතු පොත්ත හා සුදු පාට මදය තියෙන වර්ගයට.ලංකාවේ නම් මේ පලතුර 1kg රු300-350 වගේ මිලකට අලෙවි කිරිමේ හෑකියාව තියෙනවා.මේ පලතුර ගොඩාක්ම වෑදගත් වෙන්නේ හොද ඔසුවක් විදියට.විශේශයෙන්ම දියවෑඩියාවට,අධි රුධිර පීඩනයට,කොලස්ට්‍රෝල් වලට ගොඩක්ම ගුන දායක බව සදහන් වෙනවා.අපෙත් සෙවාසංස්කරන ආයතනේ මේ පලතුර තියෙනවා.හෑබෑයි මට නම් මේ පලතුර රසවත්ම නම් නෑ.මේවා සිටුවිය යුත්තේ 2m*2m පරතරයට අඩි 2*2*2* ප්‍රමානයේ වලක් සකස් කරලා.වලට කාබනික පොහොර එකතු කරන්න පුලුවන්නම් ගොඩාක්ම හොදයි.පතොක් කුලයෙ ගහක් නිසා අනිවාර්යෙන්ම මේකට ස්තිර අඩාරකයක් ඕන වෙනවා.මේ සදහා වඩාත්ම ගෑලපෙන්නේ 2 mකොන්ක්‍රිට් කනුවක්.පලු වගේ ශක්තිමත් අරටුවක් තියෙන කදක් උනත් යොදා ගන්න පුලුවන් ආධාරකය විදියට.සාර්තකව වගාව පවත්වා ගත්තොත් මෑයි- නොවෑ කාලවල මල් පිපීම සිදු වෙලා අස්වනු ලබා ගන්න පුලුවන්.මල් පිපිලා දින 30-35 වත් යනවා ගෙඩි මෝරන්න.ඉතින් මටත් හිතුනා මේ වගවෙන් ආදර්ශන කීපයක් මගේ කොටසෙත් කරන්න.ඒ අනුව අලුත් දෙවල් වලට උනන්දුව තියෙන ගොවි මහත්වරු 10 දෙනෙක් තෝර ගෙන පෑල 20 ගානෙ වගා කලා,පුහුනු පංති එහෙම තියලා.ඉතින් මේ පොටෝ වල තියෙන්නේ ඒ එක ගොවි මහත්මයෙක්ගෙ වගාව.ඉතින් ඔයාලටත් අසාවක් තියෙනවානම් ගෙවතු මට්ටමෙන් උනත් එක පෑලයක් දෙකක් හදා ගන්න පුලුවන්.

දිවයින සුංගිරාල [03/29]

එන්නත රුබෙල්ලා වෑරදි උන හදිය
සංවේගයකි බිලි වුවා දෑරියක්ද
කාගෙද වරද ඒ මේ අත ඈගිලි යති
මට නං පේන්නේ මෙහෙමයි කාරණය
ජාතියේ සවුක්කිය රෑකුමට නිරන්තරේ
කොච්චර වෙහෙස වෙනවද ලොකු මහත්වරු
දඩුවම් දෙන්නටත් නෑහෑ නොවෑ සාක්කි
ඔක්කොම නිදොස් ගස් යවමුද රුබෙල්ලා

සිරස සිල් අරන්...

අද උදේ නෑගිටලා කම්මෑලි කමට වගේ ඉන්න කොට රූපවාහිනිය පොඩ්ඩක් බලන්න ඕන කියලා හිතුනා.එක දිගට එක නාලිකාවක් බෑලිමේ පුරුද්ද ටිකක් අඩු නිසා එකෙන් එකට මාරු වෙන අතරේ මෙන්න එකක සජිවි ආගමික වෑඩසටහනක් විකාශනය වෙනවා අනුරාධපුරයේ ජයශ්‍රිමා භෝදිය අබියස ඉදගෙන.මොකද්ද මේ නාලිකාව වෙන මොකුත් නෙමේ මේ අපේ සිරසනේ .ඈයි මේ..., මම ආයෙත් කෑලෑන්ඩරේ දිහා බෑලුවා අද පෝයවත්ද කියලා, නෑ එහෙමත් නෙමෙයි.පුංචි කුතුහලයක් වගේ දෑනුනු නිසා ටිකක් බලාගෙන හිටියා.ඔන්න කිංස්ලි මහත්තයා අරමුන පෑහෑදිලි කලා.මේ සිරස ප්‍රතිඤා පුජාවක්ලු මේ විදියට පවත්වන්නේ.සිරස සෑම විටම රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉස්ට කල බවත් මින් ඉදිරියටත් සියලු වෑරදි අඩුපාඩු නිවෑරදි කර ගනිමින් රටට යහපතක් සිදු කිරිමට පොරොන්දු වෙන බවට තමයි මේ ප්‍රතිඤා දෙන්නේ.මොන තරම් යහපත් අරමුනක්ද, ඒක නෙමෙයි කාරනේ,ඉතින් අනුශාශනාව කරන්න තිබුනේ පල්ලේගම හේමරත්න හාමුදුරුවො කියා සිටියෙ මේ වෙලාවට ගෑලපෙන විදියට අනුශාශනාව සිදු කරන බවත් තමන්ගේ අතින් වරදක් සිදු උනොත් නිවෑරදි කරගන්න සුදුසුම ස්තානය මෙය බවත් රටේ සංස්කෘතියට හානි කරන දෙවල් මුලින්ම සිරස ගෙනා බවත් අනෙක් නාලිකා ඒවා කොපි කරමින් කඩේ ගිය බවත් ප්‍රකාශ කරද්දි එතන හිටිය සිරසේ ලොකු මහත්වරුන්ගේ මුහුනු නම් ඈටිකෙහෙල් කාපු උගුඩුවන්ටත් එහා...... මොනවා කරන්නද අනේ මෙහෙම දෙයක් බලාපොරොත්තු උනෑයෑ.වදින්න ගිය දේවාලේ ඉහේ කඩා වෑටුනාවගෙනේ.කොහොම උනත් කඩිමුඩියේ මේ වගේ ප්‍රතිඤා දෙන්න හිතුනේ මොකද කියලා සිරස පාවිච්චි කරන අයට නම් තේරෙනවා ඈති.නොතේරෙන දහ පාලොස් දෙනෙකුත් ඉන්නවානේ, ඒ අයත් ඔහේ හිටපුවාවේ.එත් ඉතින් කතාවක් තියෙනවානේ කලබල උනාම කොරොස් කටෙත් අත දාගන්න බෑ කියලා...

අද තමයි ගෙදර ආවෙ.ඈත්තටම SRIshanu මල්ලිගේ මේ පෝස්ට් එක දෑක්කත් මොකුත් කියන්න උනෙ නෑත්තේ ගිය සතියෙම අධිකවම කාර්ය බහුල තත්වයක හිටියේ. දෑන් තමයි ඉඩක් ලෑබුනේ.මේ තත්වය ගෑන අපිත් දෑනුවත් කලා පසුගිය බදාදා අපේ ගොවි නියාමක මහත්වරුන්ව.මේ හානිය දෑනට බස්නාහිර පලාතේ තමයි වේගයෙන් පෑතිරිලා යන්නේ.එහෙන් අනිත් ප්‍රදේශ වලට පෑතිරිම වලක්වා ගන්නත් දෑන් ක්‍රියාමාර්ග කිහිපයක්ම අරගෙන තියෙනවා.මේ තත්වය ඈත්තටම ඈති කරන්නේ පලිභෝදකයෙක් මගින්.ඌව හදුන්වන්නේ පිටිමකුනා කියලා.ඔයාලා දෑකලා ඈති පේර,අනෝනා, වද, වගේ ගස්වල සුදු පාටට මේ විදියේ ස්තරයක් තියෙනවා.ඒ හානිය ඈති කරන්නේ මේ පලිභෝදකයා තමයි.මෙයාගෙ ඈගෙන් ස්‍රාවය කරන ඉටි තට්ටුවක් තමයි සුදු පාටට අපිට පෙනෙන්නේ.මේක අලුත්ම රෝගයක් නොවෙයි නමුත් මේ කාලය තුල උන්ගේ ගහනය වෑඩිවිම තුල තමයි වසංගතයක් විදියට පෑතිර යන්නේ.මේ සත්තුන්ගේ පිරිමි සත්තු හානියක් කරන්නේ නෑ.මෙයාලගෙ ජීවන චක්‍රය ගත්තොත් අවස්තා තුනක් තමයි දකින්න ලෑබෙන්නේ ඒ කියන්නේ අසම්පුර්න රුපාන්තරනයක්. බිත්තර, ශිශු,සුහුබුල් වශයෙන්.ගෑහෑනු සතා තමයි ශාකයට හානියක් සිදු කරන්නේ.තව දුරටත් කිව්වොත් විදලා යුශ උරා බීම සිදු කරන්නේ.ඊට අමතරව වයිරස් රෝග ගසකින් තව ගසකට බෝ කිරිමත් මෙයාලගෙන් සිදු වෙනවා. මෙයාලා ඉන්න ගස් වල බහුලවම දිමියො වගේ කෘමි සත්තු දකින්න පුලුවන් .මෙයාලගෙ යාලුවෙක් දිමියා . පිටිමකුනා එක තෑනකින් තවත් තෑනකට ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ මේ ගොල්ලො .පිටි මකුනා උගේ ඈගෙන් පෑනි රස යුශයක් ස්‍රාවය කරලා තමයි දිමියන්ව අල්ල ගන්නේ.මේ ගොල්ලො නිසා ඈති වෙන සුදු පාට ඉටි තට්ටුව මත වගේම කලු පාටට පේන බහිස්ස්‍රාවි කොටස් මත දෙවනුවට හානියක් විදියට දිලීර ඈති වෙනවා.මේ පලිභෝද තත්වය දෑන් ගස්ලබු වගාව පෑත්තටත් වියාප්ත වේලා යනවා. අපිත් විමසිල්ලෙන් ඉන්නේ .පාලනය ගෑන සදහන් කලොත් අරවින්ද සදහන් කරපු විසදුම් ගොඩක් දුරට හරි .නමුත් විසාල වශයෙන් ආර්තික හානියක් සිදු වෙනවා නම් අපිට රසායනික පාලනයකට යන්න වෙනවා. මෙහිදි නිර්දේශ කරන්නේ ඉම්ඩක්ලොරොපිඩ් තියෙන රසායනිකයක් පාවිච්චි කරන්න කියලා ඒ යටතේ අපිට ඈඩ්මයර් වගේ දෙයක් පාවිච්චි කරන්න පුලුවන්.එහෙම නෑත්නම් ඩයිමෙතො ඒට් වගේ දෙයක් පාවිච්චි කරන්න පුලුවන්.හෑබෑයි මෙවා විස අධික කෘමිනාශක බවත් කියන්නම ඕන.

මට අමතක නොවේ කිරින්ද...




ගිය සතියම වෑඩිපුර ඈවිදින්න සිදු වෙච්ච. සතියක්...එකම තෑනකට වෙලා ඉන්නවට වඩා නම් එහෙම රවුමක් දාන එක සතුටක්.ඔන්න ගිය සතියෙ අපේ සහෝදර නිලධාරියෙක්ගෙ ක්ශේත්‍ර දිනයක් පෑවෑත්වුනා බූන්දල කොටසෙදි.අපිටත් මේකට ආරාධනා ලෑබුනා.ඉතින් ඒකටත් ගියා.සවස් වෙනකන්ම ඒ වෑඩසටහන පෑවෑත්වුනා .බූන්දල ඉදන් වෑඩි දුරක් නෑ කිරින්දට ඉතින් අපි යෝජනා කලා කිරින්දේත් යන්න. විහාරමහාදේවිය ගොඩ බෑස්ස ස්තානය. වෑඩේ ස්තිර උන නිසා ඒ පාර කට්ටියම ගියා කිරින්දේ .සතියේ දවසක් නිසා සෙනගත් ගොඩාක් අඩුයි.හරිම නිස්කලංක ස්වබාවයක් තමයි දකින්න ලෑබුනේ.ඔන්න ගල්පඩි තරනය කරලා මුදුනටම ආවා.ඈතුලුවෙන තෑනම ලොකු නාම පුවරුවක් තියෙනවා.අපිත් කිට්ටු කරලා බෑලුවා මොකද්ද කියලා"මෙම ස්තානයේ මුහුද බිලි ගනි. එම නිසා වෑල්ලට බෑසිමෙන් වලකින්න කියලා තිබුනෙ. පහලින් නම් පනහක විතර ලිස්ට් එකක් තිබුනා.ඒ මේ ස්තානයෙදි මිය ගියපු අයගෙ නාමලේකනය.හෑබෑයි තව ඉඩ නම් ඉතුරු වෙලා තියෙනවා හොදේ ඒක නිසා පරිස්සමින්.මේ ස්තානයෙන් ඈතුලු වෙලා ටිකක් ඉස්සරහට යනකොට දකුනු අත පෑත්තෙ තියෙන විසාල පර්වතයේ සෙල් ලිපියක් දකින්න පුලුවන් .දෑන් නම් ඊට පහලින් ඒ සෙල්ලිපියේ තියෙන්නේ මොනවද කියලා පෑහෑදිලි කරලා බෝඩ් ලෑල්ලක් සවි කරලා තියෙනවා.මම චායාරූපයකුත් එකතු කරලා ඈති. ඒකට ඉදිරිපසින් වම් පෑත්තේ ඈති ගල් පර්වතය මුදුනේ විහාරමහාදේවියගේ ප්‍රතිමාවක් දකින්න පුලුවන්.මේ ස්තානයට ගොඩ උනාම නම් අවට පරිසරය හොදින් දෑක ගන්න පුලුවන්.ඒ වගේම මෙතනින් පල්ලෙහාට බෑසිම නම් අනතුරුදායක බව සදහන් කල යුතුයි.නිලාවෑලි වලට සමාන තද නිල් පෑහෑයකින් තමයි සාගරය දර්ශනය වෙන්නේ.හෑබෑයි ගෑබුර නම් අධිකයි. කොහොමහරි අන්තිමේදි එන්න ලෑස්ති වෙලා මේ ස්තානයේ තියෙන දේවාලෙටත් ගොඩ උනා.කපු මහත්තයා මතුරලා,මතුරලා අන්තිමේදි රු100 කොල පිරිච්ච වට්ටියක් ලං කලා නොවෑ. සවසුත් වෙලා නිසා පල්ලෙහා කඩේකින් බෙලි මල් වීදුරුවකුත් බීලා ඉක්මනටම එන්න පිටත් උනා...

මටත් හිතුනා අන්තර්ජාල සම්බන්දතාවයේ ස්පීඩ් එක ටෙස්ට් කර ගත්තොත් හොදයි කියලා.මම ඉන්න තෑනට ලෑබෙන සංඥා තත්වය නම් ගොඩාක්ම දුර්වලයි.ගොඩාක් වේලාවට wcdma සිග්නල් තමයි පෙන්වන්නේ හෑබෑයි සම්බන්ද උනාට පස්සේ hspa වලට මාරු වෙනවා.එත් එක කනුවක්වත් නෑ. ආ මම පාවිච්චි කරන ආම්පන්න ගෑන කියන්න බෑරි උනානෙ ,මොඩම් එක e220 ක් නෙට්වර්ක් එක නම් මොබිටෙල්.මේ තියෙන්නේ මට ටෙස්ට් කරද්දි ලෑබුන වේග කීපයක්.මම මිට කලින් පාවිච්චි කල සෝනි එරික්සන් k800 වඩා නම් වෑඩි වේගයක් ලෑබෙනවා.එත් මට හිතෙනවා මේ වේගයත් මදි කියලා.තවත් කාරුනික ඉල්ලිමකුත් තියෙනවා මේ සම්බන්දව මගේ අත්දෑකිම් නම් ගොඩක්ම අඩුයි.ඒක නිසා මේ වේගයන් ප්‍රමානවත්ද එහෙම නෑත්නම් දුර්වලද කියලා දෑනුවත් කලොත් නම් ගොඩාක්ම වටිනවා.ස්තුතියි මම නුවන්

මාතර අකුරෑස්ස ,ගොඩපිටිය ප්‍රදෙශයේ මිට සුලු මොහොතකට කලින් පිපිරිමක් සිදුවි තිබේනවා..දකුනු පලාතේ ප්‍රතම වරට එල්ලවු කොටි ත්‍රස්තයන්ගේ මරාගෙන මෑරෙන ප්‍රහාරයක් මීට සුලු මොහොතකට කලින් අකුරෑස්ස ගොඩපිට්ය මුස්ලිම් පල්ලි බුමියට එල්ල කොට තිබෙනවා.රජයේ අමත්යවරු කිහිප දෙනෙක් මේ අවස්තාවේ එම ස්තානයේ සිට තිබෙනවා

ඊයෙ දිනයේ සවස් කාලයේ නාවික හා සාගරික ව්ද්‍යා පීටයේ 45 වන කංඩායම විසිර යාමේ උත්සවය අභිමානවත් අයුරින් පෑවෑත්වුනා.එයට සහභාගි වු ජනාධිපතිතුමා ප්‍රකාශ කලේ තම පලමු ,දෙවන හා තෙවන වගකිම වන්නේ තමන් ගේ මව්බිම ආරක්ශා කිරීම බවයි.මෙහිදි තවත් සුවිශෙශි සිදුවිමක් සිදු උනා.ජනපති තුමන්ගේ බාල පුතනුවන් වු යොශිත රාජපක්ශ දක්ශතම මධ්‍ය නිලධාරියා ලෙස උපහාර ලෑබුවා.මේ චායාරූප කිහිපයත් මම අන්තර්ජාලයෙන් සොයාගත්තේ.බලන්නකෝ..

රක්වාන බුලුතොට දුර්ගය හරහා දෙනියායට ගියෙමි.

පසුගිය සතියෙ යාලුවෙක්ගෙ පොඩි අවශ්‍යතාවයකට රත්නපුරේට යන්න උනා.ගියේ ඈබිලිපිටිය හරහා.කොහොමහරි රත්නපුරෙන් එන්න පිටත් වෙනකොට හවස හතරත් පහු වෙලා..මට එන්න ඔන මාතරටනේ.ප්‍රධාන මාර්ගයේ එනවනම් ඈබිලිපිටිය, නොනාගම තන්ගල්ල හරහා තමයි මාතරට එන්න ඕන..කිලොමීටර් නම්175 විතර තියෙනවා.කොහොම උනත් මාදම්පේ කිට්ටු වෙනකොට මගේ අදහස පොඩ්ඩක් වෙනස් උනා.මාද්ම්පේ ඉදලා පාරක් තියෙනවා දෙනියායට,ඒ පාර වෑටිලා තියෙන්නේ රක්වාන හා සූරියකන්ද හරහා දෙනියාය දක්වා.ඉතින් දෙනියායට ඈවිත් අකුරෑස්ස හරහා මාතර එන්න හිතාගෙන මම රක්වාන පෑත්තට හෑරෙව්වා..ඈත්තටම මාර්ගය නම් ටිකක් ලේසි නම් නෑ.ඒ උනාට ස්වබාවසුන්දරත්වය අතින්නම් කිසිම අඩුවක් නෑති බිම්කඩක් තමයි පහු කරගෙන යන්න තියෙන්නේ .පාසලේ සමාජ අද්‍යන විශය මතක නම් රක්වාන හා බුලුතොට හෙල් කියලා උගත් කොටස සියසින්ම දෑක බලා ගන්න පුලුවන් .මොකද රක්වාන බුලුතොට දුර්ගය හරහා තමයි මේ පාර වෑටිල තියෙන්නේ. වංගු දහය පහු කරලා එද්දි පෑහෑදිලි කාලගුනයක් තිබුනොත් නම් හොද පෑතිකඩක් දකින්න පුලුවන්..මම එද්දි මුලු මාර්ගයම මීදුමෙන් වෑහිල තිබුනේ.නුවර එලිය වගේ..සුන්දර වගෙම ඉතාම පාලු මාර්ගයක් තමයි මේක. මාර්ගයේ සියයට පනහකටත් වඩා වෑටිලා තියෙන්නේ රක්ශිත වනයක් මෑදින්..මමත් පින් දිදි තමයි ආවේ.මොකද පෑච් එකක්වත් ගියානම් රෑය පහන් කරන්න වෙන්නෙත් කෑලේම තමයි .සුරියකන්දට එද්දි රාත්‍රි 7 විතර උනා කොහොමහරි දෙනියායට එද්දි රෑ 9ත් පහුවෙලා.දෙනියායෙන් රෑට කෑමත් කාලා ගෙදරට එද්දි රෑ 11යි................නරකමත් නෑ..

බත් කෑම =පුබ්බරුවන් රෑකෙනවා

කෙසෙල් ගෙඩි =කහට ගෙඩි

ආප්ප = කිරිකබලු

කනවා = සීරු කරනවා

ආහාර බෙදිම = ඈබුල්පේ කරනවා

ගොයම් කොල ගොඩ ගසන තෑන =කමත, පාවර

පෑගිමට ගොඩ ගෑසු ගොයම් කන්ද =ගොයම්කොලය

මී හරකුන් කමතට ඈතුලත් කල පසු = අම්බරුවන්

ගොම =ගොම්පස්

පිදුරු = මෑඩුවන්

වී = බෑත

තේ = රතු ගගුල

කුරුම්බා =කහ පෑන් ගෙඩි

හකුරු = රසබෝයි

කමත සුද්ද කිරිම =බෝමුර ඈදිම

කමතට ගෙන ආ වංගෙඩිය = උහන් ගෙඩිය

කමතේ වී මෑනිම = යාල්ලීම

උදෑල්ල = කොටන්නාව

එපා කීම = ඉස්සරයි

බෑ කීම = අසීරු

පුවක් = කහටවා

උදේ ආහාරය = වෑදම

රාත්‍රි ආහාරය = මුත්තෙට්ටුව

ශ්‍රි ලන්කා හමුදා කොටි ත්‍රස්තවාදින් ගේ අවසන් මර්මස්තානය ලක් මව් තුරුලට ගෑනිමට ආසන්න මේ මොහොතේ රාජ්ය නොවන නඩ, නිදහස් චින්තකයන්ට,යුද්දයේ බිහිසුනු බව පුන පුනා කියමින් සෝවාන් පලයට පත්වු දොන් ජුවන්ලාට නම් කනගාටුදායක බව අපි දනිමු.කොටි නායක යාගේ දක්ශතාවය ,මහ ඉහලින් වෑයුවාට කම් නෑත.නමුත් කනගාටුව ඒකට ඈරෙන ඔය කට රනවිරු ජයග්‍රහන හමුවේ නොඈරිමය. මරාගෙන මෑරෙන ත්‍රස්තවාදින් දෙදෙනෙකු අවසාන මොහොතෙත් ඊලාම් අබිමාන්ය රෑක ගෑනිමට උත්සහ කල මොහොතේ ජාතියෙ වාසනාවට රනවිරුවන්ගේ දක්ශ කම නිසා මහත් විපතක් වලක්වා ගත් මොහොතේ ඔබලා කදුලු සෑලු අයුරු ශොචනියය.හයක් හතරක් නොතෙරෙන,කිරි සප්පයින්ගේ සිරුරට බොම්බ ගෑට ගසා හමුදා ඉදිරියට යවා පුපුරවා මිනිසුන් ගාතනය කරන්නාවු විමුක්ති නායකයන් වෙනුවෙන් ,පන බේරා ගෑනිමට දිව එන අසරනයින්ට එලව එලවා වෙඩි තබන මිලෙච්චයන් වෙනුවෙන් ඔය නිවට කට ඈරෙන්නේ නෑති බව අපට සක් සුදක් සේ පෑහෑදිලිය. දොන් ජුවන් තුමනි ඔබලාගේ මතයට අනුව සාකච්චා කරන මොහොතේ ,සටන් විරාමයෙදි හමුදාපතිවරයා ගාතනය කරන්නට මරාගෙන මෑරෙන ගෑබිනියන් එව්වේ කොටිනම් නොවේ.ලක්ශ්මන් කදිරගාමර්ලා ගාතනය කලේ කොටි නොවේ ඔවුන් පුස් පෑටවුන්ය.ඔවුන් ඒ කාලයේ වන්නියේ සිට විව්ද තාක්ශනික අත් හදා බෑලිම් කලේ රටේ දියුනුව වෙනුවෙනි........ඔහු වෙනුවෙන් පෙනි සිටින මහත්වරුනි ඔබලා තව දුරටත් දෙමල ජනතාවගේ ජිවිතය අනාගතය වෑනසු දුශ්ටයෙක් වෙනුවෙන් කඩේ යනවාද?ඒ ජනතාවට නිදහසේ ජිවත් විය හෑකි හෙටක් නිර්මානය කරනවාද,නෑති නම් සිවිල් ජනතාව ගෑන කිබුල් කදුලු හෙලමින් සටන් විරාම ඉල්ලමින් මහ කොටියාගේ ජීවිතය බේරා ගෑනිමට නිවට උත්සාහයක යෙදෙනවාද?කරුනාකර හදවතට තට්ටු කර අසා බලන්න.ඔබ සුරකින්නේ අහින්සක දෙමල ජනතාවද? ඒසේ නෑති නම් දෙමල ජනතාව පමනක් නොව මුලු රටම වෑනසූ ප්‍රබාකරන්ද?

Related Posts Plugin for WordPress, Blogger...