.


බත් කෑම =පුබ්බරුවන් රෑකෙනවා

කෙසෙල් ගෙඩි =කහට ගෙඩි

ආප්ප = කිරිකබලු

කනවා = සීරු කරනවා

ආහාර බෙදිම = ඈබුල්පේ කරනවා

ගොයම් කොල ගොඩ ගසන තෑන =කමත, පාවර

පෑගිමට ගොඩ ගෑසු ගොයම් කන්ද =ගොයම්කොලය

මී හරකුන් කමතට ඈතුලත් කල පසු = අම්බරුවන්

ගොම =ගොම්පස්

පිදුරු = මෑඩුවන්

වී = බෑත

තේ = රතු ගගුල

කුරුම්බා =කහ පෑන් ගෙඩි

හකුරු = රසබෝයි

කමත සුද්ද කිරිම =බෝමුර ඈදිම

කමතට ගෙන ආ වංගෙඩිය = උහන් ගෙඩිය

කමතේ වී මෑනිම = යාල්ලීම

උදෑල්ල = කොටන්නාව

එපා කීම = ඉස්සරයි

බෑ කීම = අසීරු

පුවක් = කහටවා

උදේ ආහාරය = වෑදම

රාත්‍රි ආහාරය = මුත්තෙට්ටුව

7 comments:

Ian said...

There you go Nuwan!

Narada said...

වටිනා ලිපියක් අයියා, ඔහොම තවත් යං ! මෙවැනි ලිපි බලාපොරොත්තු වෙනවා අපි තවත්!

වටිනා ලිපියක් අයියා, ඔහොම තවත් යං ! මෙවැනි ලිපි බලාපොරොත්තු වෙනවා අපි තවත්!

පුළුවන්ද සිංහළ කෙම් ක්‍රම ගැනත් දාන්න?

budhajeewa said...

කමතේදී වෙනම වචන එකතුවක් භාවිතා කිරීමට හේතුව වෙන්න පුළුවන් මොකක්ද ?

NUWAN said...

@ ian thankyou my friend..
@binku ස්තුතියි .මල්ලි...මමත් මේ දවස් වල අපේ කෙම් ක්‍රම ගෑන තොරතුරු එකතු කරනව...මේ කන්නෙත් කීඩෑ උවදුරින් ආරක්ශා විම සදහා අපේ ගොවි මහත්වරු මේ කෙම් ක්‍රම යොදා ගත්තා..ඒවා විස්වාසය මත තමයි යොදා ගන්නේ.ඉදිරියෙදි ඒ තොරතුරු ඉදිරිපත් කරන්නම්..
@supun ඈත්තටම ඒකට හේතු කිහිපයක්ම තියෙන්න පුලුවන් ..පලවෙනි එක විදියට මම නම් දකින්නේ සරල බව.අනෙක් එක තමයි එකිනෙකට වෙනස් පාර්ශවයන් කිහිපයක්ම මේ කාර්යයෙදි සාමුහිකව එකතු වෙනවා.ඒ සියලුම දෙනාට පහසුවක් මේ වචන මාලාව.

Wiz Kun said...

වෙනම වචන මාලාවක් භාවිතා කිරීමෙන් එයට පූජනීයත්වයක් ආරූඩ වනවා. එය උත්කර්ශවත් සහ චාරිත්‍රානුගාත භාවයට ඇතුලත් වන්න පහසුවක්.

ශාකුන්තල | Shaakunthala said...

@බුධාජීව,
කමතෙදි විතරක් නෙවෙයි. ගොඩක් තැන් වලදි ඒ ඒ තැනට අදාළ වෙනම වචන ‍සෙට් එකක් තියෙනවා. ඒකෙන් තමන්ට සුවිශේෂත්වයක් ආරූඪ කර ගන්න පුළුවන්. මම හොඳටම දන්න කැම්පස් වචන සෙට් එක... ඊළඟට ත්‍රිරෝද රථගාලේ වචන සෙට් එක... තවත් කියනවනම් හිඟන්නන් ඔවුනොවුන් අතර අදහස් හුවමාරු කරගන්න භාෂාව... ඔහොම දේවල් ගොඩක් තියෙනවා.

Unknown said...

දැනගන්නේ කොහොමද

Related Posts Plugin for WordPress, Blogger...