මේ කතාව පටන් ගන්නෙ හරියටම ඔන්න මීට අවුරුද්දකට විතර කලින්. මගේ ක්ශේත්‍රයෙ අපිත් එක්ක බොහොම කිට්ටුවෙන් එකතුවෙන් වෑඩ කරන ගොවි මහත්මයෙක් ඉන්නවා.එයාගෙ නම අනුරදේව.අපේ ආදර්ශන එහෙමත් මෙයා බොහොම උනන්දුවෙන් කරන කෙනෙක්.ආ මේ ඉන්නෙ අනුරදේව මහත්තයා.මේ පින්තූරෙ ගත්තෙ එයා අපිත් එක්ක එකතු වෙලා සෝයා බෝංචි වගාව කරපු කාලෙදි.
ඉතින් ඔන්න ඔහොම කාලය ගත වෙලා යද්දි දවසක් මට කෝල් එකක් එනවා"ආ නුවන් මහත්තයද.ඉඩක් තියෙනවනම් අපේ ගෙවල් පෑත්තෙ ඈවිත් යන්න පුලුවන්ද,සර්ට දෙන්න පොඩි තෑග්ගක් තියෙනවා"මාත් ඉතින් විස්තරේ අහලා බෑලුවා.මොකද්ද දන්නවද මේ තෑග්ග!
මන් කිව්වනේ අපේ මේ යාලුවා වගාවට ගොඩක් උනන්දුයි කියලා.මෙයාට නේත්‍රංපලම් කෙසෙල් පෑලයක් ලෑබිලා.පස්සෙ ඒක ලොකු වෙලා පලවෙනි අස්වෑන්න ලබා දීලා.ඉතින් මේ නේත්‍රං පලම් අස්වෑන්නෙන් කොටසක් මටත් දෙන්නයි මේ එන්න කියන්නෙ තකහනියෙ.
ඉතින් කොහොමහරි මම එනව කිව්වත් මට යෙදුනු වෑඩත් එක්ක මට අනුරදේව මහත්තයගෙ ගෙදරට යන්න බෑරි උනා.පස්සෙ දවසක හමු වුන වෙලාවෙ බොහොම දුකෙන් වගේ කිව්වා අපි සර් එනකන් දවස් ගානක් තියන් ඉදලා අයින් කලා කියලා.මටත් ඉතින් වෑඩේ අවුල් වගේ එත් මොනවා කරන්නද...........
ඔන්න ඊලග සතියෙ උදේම මම නෑවතිලා ඉන්න තෑනට අනුරදේව මහත්තයා එනවා.නිකන් නෙමේ තෑග්ගකුත් අරගෙන මොකද්ද දන්නවද,නේත්‍රංපලම් කුඩා පෑලයක් තමයි ගෙනත් දුන්නෙ.මේක ගෙදර යනකොට අරගෙන ගිහින් හිටවන්න සර්.අර ගෙදර පදුරෙන් තමයි ගලවං ඈවිත් තියෙන්නෙ.
ඉතින් මමත් ගෙදර එද්දි මේක බයිසිකලේ එක පෑත්තක ගෑට ගහගෙන බොහොම අමාරුවෙන් කි.මී75 විතර දුර ගෙවාගෙන ගෙදර ආවා.අපේගෙතර ලොකු ඉඩක් නෑ.ගේත් එක්ක මුලු ඉඩමම පර්චස්10 .ඉතින් මිදුලෙ කෙලවරක මගේ අතින්ම රෝපනය කලා.හෑබෑයි අවාසනාවට මට මේකට කාබනික පොහොරවත් රසායනික පොහොරවත් මොකුත් දාන්න උනේ නෑ.කොටින්ම සාත්තුවක් කරන්න උනේ නෑ......වඩුවගෙ කතාව වගේ තමයි හොදේ.
ඉතින් මම මේ ලිපිය ලිව්ව හේතුව දෑන් කියන්නෙ.මේ බලන්න මෙ එදා සිටෙව්ව නෙත්රංපලම් කෙසෙල් පෑලේ.බලන්න අද ලොකු ගහක් වෙලා.අස්වෑන්නකුත් දෙන්නයි සූදානම් වෙලා තියෙන්නෙ.මේ පිංතූර ටික මං දෑන් ගත්තේ.ඊට පස්සෙ මට හිතුනා මේ තොරතුර අපේ යාලුවන්ටත් කිව්වොත් හොදයි කියලා.
ඉතින් නෙත්රංපලම් කෙසෙල් දෑකලා නෑති අය ඉන්නවානම් ඔන්න බලාගන්න.කඩේ සාමාන්‍යයෙන් රුපියල්100-150 වගෙ මුදලකට මේ ගෙඩියක් අලෙවි වෙනවා.මේ පෑලේ මට දුන්නු අනුරදේව මහත්මයා ඔබටත් බොහොමත්ම ස්තුතියි.තවම මේ ආරන්චිය මට එයාට කියන්න බෑරි උනා.මම දෑන් එහේ නෑති නිසා.එහෙනම් යාලුවනේ මේ පෑත්තෙ ආවට ඔයාලටත් ගොඩාක් ස්තුතියි.
9 comments:
ශා.........!
නියමයි...
මගේ ආසම කෑමක් නේත්‍රප්පලම්. මම සමහරදවස් වලට ඔය කෙසෙල් එක ගන්න කොළඹ ඉඳන් වෙන්නප්පුව කිට්ටුවටම යනවා.
ඕක වගා කරන්න අමාරුයි කියලා බොහෝ අය කියනවා.
නුවන් මහත්තයාගේ වගා සටහන් එක්ක ආපහු එනවා නම් අපි කැමතියි.
අදමයි මේ පැත්තෙ ආවෙ..
නේත්‍රපලම් මම හැබැහින් නම් දැකලා නෑ.. ටීවී එකේ මිසක් ගෙඩියක් 100-150 වෙන්නේ දුර්ලභ නිසාද?
පැල කොහෙන්ද ගන්න තියෙන්නෙ..?
ප.ලි. : කමෙන්ට් ටික පෝස්ට් එකට යටින් දැම්මොත් පහසුයි කියලයි මට නම් හිතෙන්නෙ..
ඔබගේ බ්ලොග් අඩවිය අද තමා දැක්කේ. පලකරලා තියෙන ලිපි ටිකත් බොහොම වටිනවා. ඒවගේම කෘෂිකර්මයේ දියුණුව වෙනුවෙන් කරලා තියෙන සේවයත් ඉතා වටිනවා.
නුවන් මහත්තය කාලෙකට පස්සෙ ආයෙ කෘෂි ලිපියක් ලියල.
නුවන් මහත්තයා දැන් කොහෙද ඉන්නේ...බයික් එකේ ලයිසොමත් මාරු කරා ය?
කාලෙකින් උනත් නුවන් පෝස්ට් එකක් ලීව එක ගැන සතුටු වෙනවා. මේවායේ පැල ලබාගන්න හරිම අමාරුයි කියන්නේ ඇත්තක්ද?
ෂාහ් නියමයිනේ අයියා. මේක කන්නත් වෙනම මහන්සියක් වෙන්න එපැයි :D
Il mondo di una povera pazza -
අපෝයි! ඒ තරම් දුර යනවද.එහෙම කට්ටිය කියනවා.ඒ ත් ඒ තරම් අමාරුවක් නෑ මිත්‍රයා.ට්‍රයි එකක් දෙන්න.
හරී-
ස්තුතියි ඔබට.ඔව් දුර්ලබ බව තමයි ප්‍රධාන විදියට මිලට බල පාලා තියෙන්නෙ.පෑල නම් ඉතින් විකුනන කියලා තෑන් දන්න විදියටනම් නෑ යාලුවා.හොද පදුරකින් පෑලයක් ගත්තොත්(නිරෝගි ) වෑඩේ ගොඩ
Anonymous-your welcome bro
Tilantha-
අනේ ඔව් මචන් කාලෙකින් ලිව්වෙ.උබත් දෑන් මං වගේ වෙලානෙ.
෴සොඳුරු සිත෴ -
ඒ බයික් එක දුන්නා.අලුත් එකකට මාරු උනා DDD
priyantha-
කොහොමද මචන් ඉතින් ජීවිතේ.පෑල ගන්න අමාරු නම් නෑ බන්.අම්බානෙකට පෑල එනවා.මේ පදුරෙත් කඩුපත් මොරෙයියොම 10 විතර ඈවිත්.ගලවන්න කම්මෑලි කමට ඉන්නවා
Hasitha-
කොහොමද මල්ලී කාලෙකින්නේ.මොන කන්න නම් අමාරු නෑ.
Oninam dennam
Post a Comment