.


තවත් සති අන්තයක් ආවා.කාලය ගෙවිලා යනවා දෑනෙන්නේ නෑ.ඔන්න මෙහේ නම් සුපුරුදු විදියට උදේම වහින්න පටන් ගත්තා.ගෙදරනේ.ඉතින් පහුගිය සතිය නම් බොහෝම අපුරුයි.ඔයාලා දන්නවා ඈතිනේ "ආහාර සතිය " විදියට නම් කරලා තිබුනානේ.ඉතින් ඒකට සමගාමීව තමයි වෑඩසටහන් කීපයක්ම පවත්වන්න සිදු උනේ.සදුදා උදේම අපව දෑනුවත් කිරීමේ වෑඩ මුලුවක් පෑවෑත්වුනා ප්‍රධාන කාර්යාලයේදි.මේ දවස් වල වෑඩිපුර කතා වෙන ඩෙංගු රෝගය ,සුඛර උණ,හා පෝශණය සම්බන්දව තමයි පළවෙනි දේශනයෙදි සිදු උනේ.දෙවෙනි දේශනය කලේ ආයුර්වේද වෙදෑදුරු මහත්මයෙක්.ස්වභාවදර්මයට පටහෑනිව කටයුතු කරන මිහිමත සිටින එකම ජීවියා ගෑන එතුමා බොහෝම රසවත්ව විස්තර කරලා දුන්නේ අපිට තව දුරටත් සිතන්න යමක් ඉතුරු කරමින්.කොහොම උනත් හෑමදාම කතා කරන කෘෂිකර්ම කතා වලට වඩා නම් වෙනසක් තිබුනා අපිට මේ දිනයේ.
***************************** අගහරුවාදා දවස නම් මම පෞද්ගලිකවත් සතුටු වෙච්ච දවසක් උනා.රණවිරු ගම්මානයක් තොරා ගෙන ඒ තුල තමයි විශේෂ සතියෙ වෑඩසටහන ක්‍රියාත්මක කලේ.මේකෙදි ආභාදිත වුනු අපේ සහෝදර සෙබළ සොයුරන්ගේ නිවෙස් වලට ගිහිල්ලා ශාඛ කප්පාදුව,කාබනික පොහොර සකස් කීරීම,වගා ගෑටලු පිලිබදව ප්‍රායෝගික පුහුණුවක් සිදු කලා.ඒ වගේම එම සොයුරන්ට බද්ධ අබ පෑල,දෙලුම් පෑල හා ගෙවතු වගාවට අවශ්‍ය බීජ ලබාදිම සිදු කලා.ඈත්තටම වෑඩසටහන අවසානයේ ඔවුන් බොහෝම සතුටින් කතා කලේ අපිත් එක්ක.ඒකෙදි හමු වෙච්ච විශේෂ බළකායේ එක මිත්‍රයෙක් කාලයක් සේවය කර තිබුනේ දිගු දුර විහිදුම් බලකායට අනුයුක්තව.ඉතින් මේ සොයුරාගේ අත්දෑකීම් අහද්දි රට වෙනුවෙන් අපි මොනවාද කලේ කියලා පසුතෑවිමකුත් ඈති උනා.ඔහුගෙත් එක් පාදයක් ඉවත් කරලා.ඔහු තෙවරක්ම පිස්තෝල කල්ලියේ ඉලක්කයටත් අසු වෙලා,
******************************* ඔන්න අපි වෙනුවෙන් අපි පළදනාවක් මමත් ගත්තා .රණවිරුවන්ට උපහාරයක් විදියට.අපේ කාර්යාලයේ සහෝදර නිලධාරිනුත් මේ සත් කාර්යයට දායක උනේ හදවතින්ම සතුටු වෙමින්. එළවලු මිලත් වෑඩි වෙලා.රූපවාහිනියෙත් මේ දවස් වල ඒ ගෑන නිතර කතා වෙනවනේ .ඈත්ත තොග පොලට ගිහින් බලපුවාම වෙනදා වර්ග වලින් භාගයක් විතරම අඩු වෙලා.ගස්ලබු කිලෝ ග්‍රෑමයක් මෙහෙන් පටවන්නෙත් රු35-40 වගේ මිලකට.ඉතින් ඔය පෑතිවලට එනකොට දෙගුනයක් වෙලානේ.ක්ශේත්‍රයේ ගත්තොත් මෑහිභෝග වර්ග එහෙම කරන ප්‍රමාණය වපසරිය අඩු වෙලා.විශේශයෙන්ම රෝග හා පලිභෝද ගෑටලුව නම් උග්‍ර වෙලා.කරවිල,පතවල දෑම්මොත් මෑස්සට ගන්න හරිම අමාරුයි.මිනිස්සුන්ගේ අසීමිත කෘශි රසායන භාවිතයේ අහිතකර ප්‍රථිපලත් දෑන් කරකෑවිලා වගාවන්ටම ගෑටලුවක් වෙලා. සමහර රෝග හා පලිභෝදකයින් අනුවර්තනය වීම් සිදු කරගෙන කෘශි රසායන වලට ප්‍රතිරෝධි විදියට.තත්වේ නම් බරපතලයි.
******************************* ඔන්න වී වගාවෙත් මයිටා හානිය ඈවිත් තියෙන්නේ.කන්න කීපයක ඉදන් යලේදි මේ තත්වය එනවා.මෙයා වී වගාවේ ප්‍රධාන පලිභෝදකයෙක් විදියට කලින් සදහන් නොකලාට දෑන් නම් ඒ තත්වයටත් පත් වෙලා.ගොයම් කොලේ මත් ඉදන් ඒකෙන් සූරා යුශ උරා බීම තමයි මෙයා කරන්නේ.හානි වුනාම වගාවේ ඒ කුට්ටිය රතු පෑහෑයට තමයි පේන්නේ.වී කරලත් එක්ක තියෙන ධජ පත්‍රයට හානි කලොත් නම් කිරට නමන්නේ නෑති බොල් ඈට සහිත කරලක් තමයි ලෑබෙන්නේ.ගොවි මේකට කියන්නේ උඩ බලන් ඉන්න කරල්,එහෙම නෑත්නම් ආයුබෝවන් කරල් එනවා කියලා.මේ ගෑනත් තව විස්තර ඉස්සරහට කියන්නම් ඔයාලට වෑදගත් නම්.
ගොඩාක් කිව්වා එහෙනම් ගිහින් එන්නම්.සුභ සති අන්තයක් ඔබට

සුපුරුදු විදියට සදුදා උදේ සේවයට යන්න සූදානම් වෙද්දී දුරකතන ඈමතුමක් ආවා .මගේ නෑගණිය කතා කලේ "අයියේ අර.......... සතුටුදායක ආරංචියක් ...ඉතින් වෑඩ ඉවර වෙලා සවස කිට්ටුව තිබෙන කඩේට ගියා එළවලු කලමනා ටික ගන්න.මෙන්න කඩේ ලෑල්ල උඩ තිබුනු පත්තරේ ඔහු ඉන්නවා සුපුරුදු හිනාවෙන් මුව සරසගෙන.ඒ පාර ඒ වෑඩේ පොඩ්ඩක් නවත්වලා පත්තරේ අතට අරගෙන ඒ ලිපිය ඉක්මනට කියෙව්වා.ගිය සතියේ තරුණි පුවත් පත.උදේ නංගි කිව්වෙත් මේ ගෑන.වෙන කවුරුවත් නෙමෙයි ඔහු නමින් කෝප්‍රල් රන්ජිත් වීරවර්ධන.එහෙමත් නෑත්නම් අද රටේ හෑම තෑනම ,මං සන්ධි වල රණවිරු උපහාර පුවරුවල,බස් රථ වල,වෙනදා නිලියන්ගේ පිංතූර වලින් හෑඩ වෙච්ච ත්‍රිරෝධ රථවල කලු පෑහෑති රෙදි කඩක් හිසේ බෑදගෙන සිනාමුසුව සිටිනා සුන්දර සෙබළා මතකද,ඒ වගේම ත්‍රස්තවාදින්ගේ ප්‍රහාරයකින් මිය ගියා කියලා ලොකු කට කතාවක් ගියෙත් රන්ජිත් ගෑන තමයි.අපේ සිංහල බ්ලොග් පිටුවකත් මේ ගෑන ලියවිලා තිබුනා.හෑබෑයි මම එහිත් අදහසක් එක් කලා ඈයි ඔහුගේ නම සදහන් නොකලේ කියලා.මොකද මේ කතාව ගෑන සෑක හිතුනු නිසා.ඒ කතා කියන්න ඕන නෑ නමුත් පින් බිමේ මහිමයෙන් මේ රණවිරුවා තවමත් රණ බිමේ ඉන්නවා.මිලේච්ච කොටියාට එරෙහිව සටන් කොට සතුරා මර්ධනය කරලා බොහෝම නිරෝගීව ජීවත් වෙනවා."ඈත්තටම හරි සතුටුයි .රටේ හෑමතෑනම මගේ චායාරූප සහිත බෑනර් තියෙනවා කියලා ආරංචියි.නිවාඩු යනකොට මමත් දෑක්කා මේ බෑනර් ,කටවුට්,පෝස්ටර් පාරේ තියෙනවා මේ චායාරූප ගත්තේ මාවිල් ආරු විජයග්‍රහණයෙන් පස්සේ.ජනාධිපතිතුමාත් මාවිල් ආරුවට ආවා ඒ වෙලාවේදි.මම කවදාවත්ම හිතුවේ නෑ එදා ගත්තු චායාරූප මේ රටේ මේ තරම් ජනප්‍රිය වේවි කියලා"ඔහු කට හඩ අවදි කරයි.රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන රංජිත් ගේ උපන් ගම වේ.යුධ හමුදාවට එක්වී ඈත්තේ 1992 වසරේදිය.මූලික පුහුණුවීම් වලින් පසුව ගෙවී ගිය වසර 17 කාලයම ඔහු ගත කල ඈත්තේ උතුරු නෑගෙනහිර ‍යුධ මෙහෙයුම් කලාපයේය.(ඈතෑම් කොටි පඹයන් නම් මේ විරුවන් නලුවන් ලෙස හදුන්වා තිබුනි )යුධ මෙහෙයුම් වලින් පසුව දෑනට වන්නි කෑලයේ සෝදිසි මෙහෙයුම් වල යෙදෙමින් ඔහු තවමත් සිය මාතෘ භුමිය රෑක ගෑනිමේ කාර්යයට එකතුව සිටී."මුලින්ම ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව ඉදලා පසුව පළමු වෑනි විශේෂ බලකායට එකතු උනා එදා ඉදන් අවුරුදු 17 ම මම සේවය කලේ ක්‍රියාන්විත ප්‍රදේශ වල.මාවිල් ආරුවෙන් පටන් ගත් මෙහෙයුමේ සිට වන්නිය මුදා ගෑනීමේ අවසන් සටන දක්වාම මම ඊට දායක උනා" රංජිත් පුන්චි පවුලක හිමිකරුවෙකි.දයාබර බිරිය දුමීකා නිරෝශිනීය.කුඩා දියණිය තරුශි කාව්‍යාය.ඩබ්ලිව්.කේ සුමනසේකර මහතා හා පුන්චිමෑණිකේ මාතාව රංජිත් ගේ දෙමව්පියන්ය.මේ සියලු දෙනා ජීවත් වූයේ සිතේ ගින්දර සමගිනි.අද ඒ සියල්ල අවසන් වී ගොසින්ය.යුධ ගිනි නිවී ගොසිනි."යුද්ධය මේ විදියට නිම වීම ගෑන හරිම සතුටුයි.අපේ දු දරුවන්ට දෑන් නිදහසේ දිවි ගෙවන්න පුලුවන් .අපේ ජීවිත යුධ බිමට ම කෑප කරලා ඉදිරි පරපුරට නිදහස් රටක් ඉතිරි කර දෙන්න හෑකි උනා.සතුටුයි ආඩම්බරයි.ඔය අතරේ රණබිමේදි මා මිය ගිය කතාවකුත් තියෙනවා .අවසන් යුධ ජයග්‍රහණය උදෙසාම මට ජීවත් වෙන්න ලෑබීම සතුටක්"අවසන් වශයෙන් රංජිත් පවසයි.ඉතින් ඔහුගේ දුරකතන අංකයත් තියෙනවා.(දුරකතන අංකය අවශ්‍ය නම් nuwanslane@gmail.com ඉල්ලන්න) මමත් ඔහුට කතා කරලා රට වෙනුවෙන් කල සේවයට ස්තුති කරලා සුභ පෑතුවා.ඔබටත් පුලුවන් ඔහුට කතා කරන්න.අවසන් වශයෙන් ඔබේ ඒ සුන්දර සිනහව අප අතරම තිබීම ගෑන ලොකු සතුටක් හිතේ රදවා ගෙන මින් ඉදිරියටත් රට වෙනුවෙන් සේවය කිරීමට ශක්තිය ලෑබේවායි ප්‍රාර්තනා කරමින් මේ ලිපිය අවසන් කරනවා.(ස්තුතිය තරුණී පුවත් පතට )

ඇතා  මළ  ඇල්ල ...


සාමාන්‍යයෙන් දකුණු පලාත දිය ඈලි වලට නම් ඒ තරම් ප්‍රසිද්ධ නෑහෑනේ.එත් ටිකක් ඈවිදලා බෑලුවොත් නම් හිතෙනවා එහෙමත්ම නෑනෙ කියලා.ඉතින් අද මේ කියන්න හදන්නේ ඒ තරම්ම ප්‍රසිද්ධ නොවෙච්ච තාමත් හුග දෙනෙක්ගේ නෙත් නොගෑටිච්ච මනස්කාන්ත දිය ඈල්ලක් ගෑන තමයි.හෑබෑයි ඒ නිසාම වගේ තවමත් මේ ස්තානයේ ස්වභාවික පරිසරයට මිනිසාගෙනුත් ලොකු බලපෑමක් සිදු වෙලා නෑ.ඈතා මළ ඈල්ල කියන නමින් තමයි මේ සුන්දර දිය ඈල්ල හදුන්වන්නේ.අකුරෑස්ස දෙනියාය මාරගයේ දෙනියාය පෑත්තට ගමන් කරලා පිටබෑද්දර නගරය පහු කරලා 4km විතර ඉදිරියට ගියාම හමුවෙන නිල් ඈල්ල වතු යාය ගාවින් දකුණට හෑරිලා පටු අතුරු පාර දිගේ 3 kmවිතර ගියාම මේ ස්තානයට යන්න පුලුවන්.ඒ ආසන්නයටම වාහනයකින් ගමන් කිරීමේ හෑකියාවත් තියෙනවා.මේ ස්තානය සම්බන්දව මගේ නම් බොහොම සුන්දර මතකයක් තියෙන්නේ.මම නම් මුලින්ම මේ ස්තානය බලන්න ගියේ පාසල් යන කාලයේ මගේ යාලුවෝ ටිකක් එක්ක ඒ මීට අවුරුදු 8 විතර කලින්.කොහොම හරි හිතට අල්ලලා ගියපු නිසා ඊට පස්සේ කීප අවස්තාවක්ම බලන්න ගියා.ඉස්සර මේ දිය ඈල්ල ආශ්‍රිතව කුඩා විදුලි බලාගාරයකුත් දකින්න පුලුවන් උනා.ඒ අවට ප්‍රදේශයට විදුලිය සෑපයුනෙත් මේ මගින්මයි.කොහොම උනත් 2004 අවුරුද්දේ ඈති වෙච්ච මහා ගං වතුරෙන් පසුව නම් මේ බලාගාරය තිබුන ස්තානයවත් හොයාගන්න ලෑබුනේ නෑ.ගම් වාසින් නම් කිව්වේ ඒ අවස්තාවේ ඈතා මළ ඈල්ලේ ජල මට්ටම සම උනා කියලා.ඒ අවස්තාවෙදි නම් ජීවිත කිපයකුත් ජල රකුසා පෑහෑරගෙන ගිහින් තියෙනවා.ආ නම හෑදුන විදිය කියන්න බෑරි උනා නේ .ප්‍රදේශ වාසින් කියන විදියට ඉස්සර මේ ඈල්ලට ඉහලින් පිහිටලා තියෙන්නේ විශාල වනාන්තරයක්ලු.මෙකේ හිටපු හස්ති රාජයෙක් මේ ඈල්ලේ ඉහල කොටසෙන් ලිස්සලා පහලට වෑටිලා එම ස්තානයේදිම මිය ගිහින් තියෙනවා .අන්න ඒ නිසා තමයි ඈතා මළ ඈල්ල කියන නම වෑටිලා තියෙන්නේ.කියන්නම ඕන දෙයක් තියෙනවා ලස්සන උනාට දිය නෑමට නම් සුදුසු තෑනක් නොවෙයි මෙතන.ඒක නිසා බලන්න ගියාට පරිස්සමින්.කොහොම හරි මම ඈතා මළ ඈල්ල බලන්න අන්තිමටම ගියේ පසුගිය අප්‍රේල් මාසේ 12 වෙනිදා හරියටම අවුරුද්දට දවසක් කලින්.ඒ වෙලාවේ ගත්ත චායාරූප කිහිපයකුත් දෑම්මා.හෑබෑයි කලින් දවසේ වෑහෑපු නිසා වතුර නම් ටිකක් බොර වෙලා තියෙන්නේ.එහෙනම් වෙලාවක් ලෑබුනොත් බලන්න යන්න අමතක කරන්න එපා.

මේ දවස් කීපය නම් ගෙවිලා ගියා දෑනුනේ වත් නෑ.ටිකක් කාර්ය බහුලවයි කිව්වත් වෑරදි නෑ. ආ අපේ සහෝදර නිලධාරි මහත්වරු (මගේ මිත්‍රයින්) කීප දෙනෙක්ගෙම විවාහ උත්සව වලටත් සහභාගි වෙන්න උනා.ආයෙත් හෙට දිහාට රත්නපුරේ පෑත්තෙත් එන්න හිතාන් ඉන්නේ මොකද අනිද්දා ආයෙත් මගේ හොදම යාලුවෙක්ගෙ විවාහෝත්සවය තියෙන්නේ ඒ පෑත්තේ.මේ මාසේ නම් මගුල් නෑකත් ටිකක් වෑඩියි වගේ කියලත් හිතෙනවා.ක්ශේත්‍ර කටයුතු වලත් ලොකු වෙනසක් නම් නෑ.කාලෙකින් පුහුනුවක් වත් තිබුනෙත් නෑනෙ.මේ ක්‍රියාත්මක වෙන්නේ 2009 යල කන්නය කියලා ඔයාල දන්නවත් ඈතිනේ.ඉතින් වි වගාවෙත් අස්වනු නෙලන්න තව ටික කාලයයි තියෙන්නේ.දෑන් දින 60/65 වගේ වයසේ වගාවක් තමයි තියෙන්නේ.අපි මෙහේ වගා කරලා තියෙන්නේAT 362 කියන වී ප්‍රභේදයනේ.ඒක මාස තුනහමාරේ රතු වී වර්ගයක්.මෙහේ නම් ප්‍රසිද්ධ නණ්ඩු වී කියලා. කාලගුනේ නම් ටිකක් වෑහිබර වෙලා.පසුගිය කාලයේ තිබුනු අධික පෑවිල්ලට නම් නෑවතීමේ තිත තියන්න වෙලා.ඔයාලා දන්නවනේ මෙහේ පොලොවේ හෑටි.අපේ තෙත් කලාපේ වගේ නෙමෙයිනේ.පොඩි පොදක් ගියත් පොලොව නිකන් පාන් ගෙඩිය වගේනේ.අඩියක් ගහන්න බෑ එරෙනවා.බයිසිකලේ ගමන ඊට අමාරුයි.ලිස්සන නිසා හරහට යන්නේ ගොඩාක් පාරවල් වල.ඒත් ඉතින් යන්නත් ඒපාය.ආ කලින් රෙඩ් ලේඩි කතාවේ අන්තිම ප්‍රතිචාර ටික අදයි දෑක්කේ.ඉතින් මලි නංගි ඔයා කියපු දේ ඈත්ත.ගස්ලබු විතරක් නෙමේ දෑනට මෙහේ වගා කරන දෙමුහුන් බීජ වර්ග බොහොමයක් ගෙන්වන්නේ පිට රටින් .මේ සදහා අති විශාල මුදලක් වෑය වෙනවා.ගස්ලබු ගත්තත් අඩු මිලට කෘ.දෙ මගින් සාදන රත්න ගස්ලබු ප්‍රභේදය ගන්න පුලුවන් නමුත් මෙවා දෙමුහුන් වර්ග නෙමේ. මේ විදියේ දෙමුහුන් ප්‍රභේද නිශ්. අවශ්‍ය මහා පරිමාන අනෙකුත් සාධක නොමෑති වීම තමා ගෑටලුව.නුවන් සි ඈත්තටම ඒ ගෑන මම දන්නේ නෑ.නමුත් සමහරවිට වෙන්නත් පුලුවන්.ආ ගස්ලබු වගාවක්ම කරන්න් ඕන නෑ ගහක් දෙකක් ගෙදරම හදා ගන්න පුලුවන්.මේකට කඩෙන් බීජ ගන්නම අවශ්‍ය නෑ.රසවත් ගෙඩි තියෙන ගහකින් ඉදුනු ගෙඩියක් අරන් බීජ ගන්න පුලුවන්.හෑබෑයි පෑල කිපයක්ම සිටුවන්න.මොකද මල් පෑපොල් උනොත් ඒ ගස් ඉවත් කරන්නත් ඕනනේ.තව පොඩ්ඩෙන් අමතක වෙනවා ඊයෙ පොඩි වෑඩසටහනක් තිබුනා මගේ කොටසේ.මේකෙදි බලාපොරොත්තු උනේ දේශිය ආහාර වර්ග වලට අපේ ජනතාව ටිකක් නෑබුරු කරගන්නත් එක්ක.ඉතින් අපේ කට්ටියත් එක්ක කෑම වර්ග කීපයක්ම හෑදුවා.වඩේ හෑබෑයි පරිප්පු වලින් නෙමේ.කවුපි වලින් රසයි.බයිට් වර්ග මෙවා පාන් පිටි නෙමේ සහල් පිටි වලින්.දොදොලක් හෑදුවා හෑබෑයි කුරක්කන් වලින් වෑඩි වෙලාවක් ගියෙත් නෑ.ඔන්න ඒකෙදි හදපු කෑම වර්ග කීපයක චායාරූපත් තියෙනවා.අන්තිමේ ටිකක් මහන්සියි.හදපුවා කාලා.එහෙනම් ගිහින් එන්නම්.

Related Posts Plugin for WordPress, Blogger...