.


සිරස සිල් අරන්...

අද උදේ නෑගිටලා කම්මෑලි කමට වගේ ඉන්න කොට රූපවාහිනිය පොඩ්ඩක් බලන්න ඕන කියලා හිතුනා.එක දිගට එක නාලිකාවක් බෑලිමේ පුරුද්ද ටිකක් අඩු නිසා එකෙන් එකට මාරු වෙන අතරේ මෙන්න එකක සජිවි ආගමික වෑඩසටහනක් විකාශනය වෙනවා අනුරාධපුරයේ ජයශ්‍රිමා භෝදිය අබියස ඉදගෙන.මොකද්ද මේ නාලිකාව වෙන මොකුත් නෙමේ මේ අපේ සිරසනේ .ඈයි මේ..., මම ආයෙත් කෑලෑන්ඩරේ දිහා බෑලුවා අද පෝයවත්ද කියලා, නෑ එහෙමත් නෙමෙයි.පුංචි කුතුහලයක් වගේ දෑනුනු නිසා ටිකක් බලාගෙන හිටියා.ඔන්න කිංස්ලි මහත්තයා අරමුන පෑහෑදිලි කලා.මේ සිරස ප්‍රතිඤා පුජාවක්ලු මේ විදියට පවත්වන්නේ.සිරස සෑම විටම රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉස්ට කල බවත් මින් ඉදිරියටත් සියලු වෑරදි අඩුපාඩු නිවෑරදි කර ගනිමින් රටට යහපතක් සිදු කිරිමට පොරොන්දු වෙන බවට තමයි මේ ප්‍රතිඤා දෙන්නේ.මොන තරම් යහපත් අරමුනක්ද, ඒක නෙමෙයි කාරනේ,ඉතින් අනුශාශනාව කරන්න තිබුනේ පල්ලේගම හේමරත්න හාමුදුරුවො කියා සිටියෙ මේ වෙලාවට ගෑලපෙන විදියට අනුශාශනාව සිදු කරන බවත් තමන්ගේ අතින් වරදක් සිදු උනොත් නිවෑරදි කරගන්න සුදුසුම ස්තානය මෙය බවත් රටේ සංස්කෘතියට හානි කරන දෙවල් මුලින්ම සිරස ගෙනා බවත් අනෙක් නාලිකා ඒවා කොපි කරමින් කඩේ ගිය බවත් ප්‍රකාශ කරද්දි එතන හිටිය සිරසේ ලොකු මහත්වරුන්ගේ මුහුනු නම් ඈටිකෙහෙල් කාපු උගුඩුවන්ටත් එහා...... මොනවා කරන්නද අනේ මෙහෙම දෙයක් බලාපොරොත්තු උනෑයෑ.වදින්න ගිය දේවාලේ ඉහේ කඩා වෑටුනාවගෙනේ.කොහොම උනත් කඩිමුඩියේ මේ වගේ ප්‍රතිඤා දෙන්න හිතුනේ මොකද කියලා සිරස පාවිච්චි කරන අයට නම් තේරෙනවා ඈති.නොතේරෙන දහ පාලොස් දෙනෙකුත් ඉන්නවානේ, ඒ අයත් ඔහේ හිටපුවාවේ.එත් ඉතින් කතාවක් තියෙනවානේ කලබල උනාම කොරොස් කටෙත් අත දාගන්න බෑ කියලා...

21 comments:

පිස්සු පූසා said...

පවු නේද? හැබැයි මට නං හිතෙන්නෙ නෑ ඕකුං හැදෙයි කියලා. පුල්ලි මාරු කරත් කොටියා කොටියම තමයි.

කෝ මේ බාසුන්නැහේ සහ එයාගේ ගෝලයෝ ටික? දැන් පුලුවන් "කෘෂිකර්ම උපදේශක නුවන්" ට තව මඩ ටිකක් ගහන්න, සිරස පතුරු ගහනවා කියලා.

Anonymous said...

මේ බ්ලොග් සටහනේ ඡායාරූප පල කර තිබෙන පදනම සිරසට එතරම්ම අදාල නැහැ නේද?
මින් සිරසට අදාල පලමුවැන්න පමනයි
දෙවැන්න දෙරණ රූපවාහිනියටත් තෙවැන්න එක්තරා නිරූපන ශිල්පිනියකගේ පුද්ගලික චායාරූපයකුත් පමනයි.ඒවා සිරසට ආරෝපණය කිරීම කෙතරම් සදාචාරාත්මකද?

NUWAN said...

@ anony 2-සිරස කුමරිය
3- මෙයා චුලා එයා තමයි ඩාන්සින් ස්ටාර් එකේ බොහොම අගය කල යුතු නර්තනයක් ඉදිරිපත් කලේ.

Sasika Salinda Nanayakkara said...

මෙක පුද්ගලික මාධ්‍ය වලට තියෙන ප්‍රශ්නයක්,ෙමාකද මෙ අයට මාධ්‍ය නිදහස උපරිමම ඔනේ නැත්නම් උද්ගෝෂණ.හැබැයි මෙ අයට මාධ්‍ය සදාචාරයක් තියෙන බවනම් මතකවත් නැහැ.හැබැයි ඉතින් වැරදි හදාගන්නව නම් ෙහාදයි,නැත්නම් ෙම් පුජාවත් තව අැඩ්ඒකක්ද දන්නැහැ.

Narada said...

සිරසේ වැඩසටහනුත් එහි කරන ඇතැම් ක්‍රියාවලි නිසාත් මම ඒකට අකැමැති වුණත් කරන්න දෙයක් නැහැ, අපේ ගොඩාක් දෙනෙක් පිටරටින් එන ඒවාට පේරේතයි වගේම මේවටත් එහෙමනේ. සුද්දා කල හද්දියම සිරසත් කරන්නේ. මේ වැඩසටහන ගැන කියන්න මම දන්නේ නැහැ මොකද මම බැලුවේ නැති නිසාත් නොබලන නිසාත්. කොහොම වුණත් මේ අනිත් චැනලවලත් මේ සිරසත් පිටපත් කරමින් අටවන නමවන වැනි තවත් ගෑණුත් නිර්මාණ කර තිබෙනවා නේද?

මහෝ, ඔයාට සිරස කුමරියත් චුලාත් පෙන්වන්න වෙන පින්තුර ඔනේ තරම් අත්තර්ජාලයේ හොයන්න තිබ්බත් මේවාම දාලා නිකං අවුලක් වගේ නෙමේද? අනික මේ සිරස කුමරිය වෙන්න බැහැ මචෝ.

NUWAN said...

@ binku =ඈයි ලෑජ්ජයි වගෙද මචන්,,,අපේ ඩාන්සින් ස්ටාර් බෑලුවනම් උබ ඔහොම කියන්නේ නෑ එහෙනම් ඈඩෙනවා.

Ramachandra said...

මටත් අදහසක් දක්වන්න ඉඩ දෙනවා නම්-මේ සිරස කුමරිය නෙමෙයි.දෙරණ රූපවාහිනියේ විකාශය වුන miss sri lanka වැඩසටහනට අදාල රූප රාමු.
සාවද්‍ය අර්ථ දැක්වීමක්.
චූලා සිරස එකේ නර්තනයක් දැක්වූ පමණින් ඇය වෙනත් නිරූපන කටයුත්තකට අදාලව කරන ලද නිරූපනයක් සිරසට අදාල කරල දාන එක නිවැරදි නැහැ.නොදන්න කෙනෙක්ට හිතෙන්නෙ අදාල නිරූපණය චූලා විසින් සිරස රූපවාහනියේ කලා කියල.
වැරදි වටහා ගැනීමකට ඉඩ තිබෙන නිසා එම ඡායාරූප දෙක ඉවත් කරන මෙන් යෝජනා කරනවා.

Narada said...

@Nuwan Aiya,
මම සිරසට ඇකැමති නිසාත් මට අවශ්‍යතාවයක් නැති නිසාත් මට බලන්න අවශ්‍ය නැහැ මචෝ. කොහොම වුණත් අදාල නැති පින්තුර දැම්මාම අගේ අඩු වෙනවා ප්‍රවෘත්තියේ.

NUWAN said...

සිරස පාවිච්චි කරන අයට නම් තේරෙනවා ඈති.නොතේරෙන දහ පාලොස් දෙනෙකුත් ඉන්නවානේ, ඒ අයත් ඔහේ හිටපුවාවේ

NUWAN said...

රාමචන්ද්‍ර සහොදරයා අපේ මිනිස්සු එහෙම වරදවා තෙරුම් ගන්න තරම් මෝඩම නෑ,,සිරස ගෑන, චුලා ගෑන, එතකොට කුමරිය ගෑන හොදට දන්නවා කාන්තා කාර්යංසෙනුත් තාම පරික්ශන කරනවා නොවෑ ඔය කුමරිය ගෑන.ඔයත් දන්නවා ඈති නේ.

කිසංක said...

"වදින්න ගිය දේවාලේ ඉහේ කඩා වෑටුනාවගෙනේ" ඒ කතාවනම් නියමෙට ගැලපෙනවා.
සිරසේ වැරද්දක් පෙන්වද්දි සමහරක් අය ඉන්නවා නේද ඒක දරාගන්න බැරි. මට හිතාගන්න බෑ ඒ ඇයි කියලා...

නිලන්‍ත said...

කොටි සංවිධානය වගේම සිරස කිව්වහමත් හරිම සංවේදී මාතෘකා. කවුරුහරි විරුද්ධව හරි විවේචනයක් හරි දැම්මොත් කොච්චර කට්ටියක් එනවද අරගොල්ලන්ගෙ හිමිකම් වෙනුවෙන් කතාකරන්න. පිලිනොගෙන ඉන්න බැරිම දෙයක් නං "ඔහොමම කියන එක හරි නැහැනෙ. ඕකෙ සැර මෙන්න මේ වගේ බාලවෙන්න ඕනි" ආදී වශයෙන් කොහොම හරි සුදුහුණු පාරක් ගාන්නමයි හදන්නෙ.

කොහොම හරි, පවු කියන දේ ගෙවන්නෙ නැතුව සමාකරන්න පුලුවන්නම් සිරසෙ අනාගතේට හොඳයි.

Ramachandra said...

සිරස ‍හෝ වෙන කවුරු හරි හෝ වරදක් කරනවා නම් එම වරදට "අදාල"සාක්ෂි සමග එය විවේචනය කිරීමෙහි කිසිදු වරදක් නැහැ.නමුත් විවේචනය කරන අදාල පාර්ශවයට කිසිසේත් අදාල‍ නොවන සාක්ෂි-සාවද්‍ය කරුනු/ඡායාරූප-දක්වමින් එය විවේචනය කරනවා නම් පදනම් රහිත එවැනි විවේචන පිලිගන්න බැහැ.
මේ ඡායාරූප දෙක සිරසට කොහෙත්ම අදාල නැහැ.මේක කියන්නේ සිරසට ඇති අමුතු ආදරයක් නිසා නෙමෙයි.සිරසට නෙමෙයි ජාතික රූපවාහිනියට හරි CNN එකට හරි වේවා අදාල නොවන දේවල් දක්වමින් ඒවාටත් එම ආයතනය වගකිව යුතුයි කියන අදහස මතු කිරීම සදාචාරාත්මක නැහැ.මේ ඡායාරූප දකින නොදන්නා කෙනෙක් හිතන්නේ ඒවා සිරසේ වැඩ කියල.නමුත් ඇත්තටම ඒවා සිරසෙ වැඩ නෙමෙයි නම් ඒක එහෙමයි කියල බොරුවක් දක්වන එක කොතරම් නිවැරදිද?
මේක දිහා බලන වෙනත් මධ්‍යස්ත ඕනෑම කෙනෙක් මා සමග එකග වෙනු ඇතැයි මා සිතනවා.නුවන් ඔබත් හෘද සාක්ෂියට අනුව හිතල බැලුවොත් මේ අදාල නොවන ඡායාරූප ඉවත් කල යුතු බව ඔබටම වැ‍ටහේවි.
හැරත් මම කලේ වරදක් කියල මට හැගුන දෙයක් point out කිරීම විතරයි.ඒ ගැන කතා නොකර හැම දේටම කොටි ගැන කතාවක් ඇදල ගැනීමේ තේරුම මොකක්ද කියල නම් මට තේරෙන්නෙ නැහැ.

නිලන්‍ත said...

ඇත්තම තමයි නුවන් "සිරස පාවිච්චි කරන අයට නම් තේරෙනවා" උදාහරණයක් කියන්නෙ මොකක්ද කියල.

NUWAN said...

රාමචන්ඩ්‍ර සහොදරයා පටලවාගෙන වගේ.මම කිව්ව කාරනා ඔප්පු කරන්න සාක්ශි විදියට නෙමෙයි ඔය පොටො දාලා තියෙන්නේ.මම සිරස විවෙචනයක් කරන්න අදහසක් නෑ ,,මිට කලින් සිරසට වදනක් කියලා සිරස ගෑන මගෙ අදහස් ප්‍රකාශ කරලා ඈති..මේ පොස්ට් එක හොදට කියවලා බලන්න.

malee_msg said...

අද උදේ තේක බොද්දි මාත් ඕක දැක්කා.. දොලොස් මහේ පහණක් එහෙම පුජ කරනවා දැක්කා එතනින් එහා බලන්න බැරි උනා. මට බය මොකුත් නෙවෙයි මෙච්චර වයස බෝධියට මොකවත් වෙයිද කියලයි..

ගොඩයා said...

අනේ මෙ සිරසෙ කියන්නේ මොකද්ද මාත්තියෝ? ලස්සන ගෑනු ටිකකුයි අපේ කෙලී පැටික්කී නානකොට අදින රෙදි කෑලි දන්නේ මොකෙට‍යැයි මාත්තියෝ? මාත්තියාත් යනවද නානතොටට?

ශාකුන්තල | Shaakunthala said...

හ්ම්... දෙවෙනි පින්තූරෙ කිසිම අදාළත්වයක් නැහැ. තුන්වෙනි එකත් එතරම් අදාළ නැහැ.

NUWAN said...
This comment has been removed by the author.
ශාකුන්තල | Shaakunthala said...

තව එකක්... පින්තූර නොගැලපෙන බව පමණයි මම කියන්නේ... ඒවා ඉවත් කළ යුතු යැයි කියන්නේ නෑ. පින්තූර මෙහි තිබීම හෝ නොතිබීම ඔබේ තීරණයක්.

Ramachandra said...

මාත් කරන්නේ "‍යෝජනාවක්" පමනයි

Related Posts Plugin for WordPress, Blogger...