.


My new friend - Acer aspire 4736z laptop

මගේ අලුත් යාලුවා...


ඔන්න යාලුවනේ හරියටම මාසයකට ආසන්න කාලයකට පස්සේ තමයි අද මේ සටහන තබන්නේ...වෙන හේතුවක් නිසා නම් නෙවෙයි මෙන්න මේ පල්ලෙහායින් ඉන්න ලොක්කා තමයි ඒකට වග කියන්න ඕනේ .පසුගිය මාසේ අවසන් සටහන දක්වාම මාත් එක්ක අන්තර්ජංජාල ගතවෙන්න වගේම අනෙකුත් පොඩි පොඩි වෑඩ කටයුතු වලදිත් සහයෝගය දෑක්වු හිතවතා තමයි මෙයා.

මම මුලිනුත් කිව්වානේ මම මෙයාව මිලදි ගත්තේ හරියටම මීට අවුරුදු හතරකට විතර කලින්.ඒ වෙනකන් මට පරිඝනකයක් තිබුනේ නෑ.ඉතින් මාතර නගරයේ පිහිටලා තියෙන පිට රට පාවිච්චි කොරාපු පරිඝනක ගෙන්වන අලෙවි සෑලකින් මම මෙයාව ගෙදර අරන් ආවා.
මෙයාගේ පුද්ගලික තොරතුරු ඈහුවොතින් ඔයාලටත් පුදුම හිතේවි. ඒතරම් බලගතුයි.එයාට 10 gbප්‍රමාණයේ මතකයක් තිබුනා අවසානය දක්වාම,වේගය 1.3mhz සෙලරොන් ප්‍රොසෙසරයක් තමයි මෙයාව මෙහෙයවූයේ.අනේ අපරාදේ කියන්න බෑ අවසාන කාලය වෙනකන්ම මෙයා කිසිම කරදරයක් නොදී සේවය වෙනුවෙන්ම ඈප කෑප වී සිටියා .ඒත් අවාසනාවකට මාස දෙක තුනක ඉදන් ලොක්කා අසනීප උනා.මුලින් හිටපු ගමන් නිල් පාට පෙන්වලා ක්‍රියා විරහිත වෙන්න පටන් ගත්තා.පහුවෙනකොට ඒකත් පුරුද්දට ගියා. මොන මොන පිලියම් යෙදුවත් ගොඩ ගන්න බෑරි උනා.අවසානයේ ලොක්කා තවත් මුරන්ඩු උනා.usbසම්බන්දතා සියල්ලම බ්ලොක් උනා.ඒකත් එක්කම මං අන්තර්ජංජාල ගතවෙන්න භාවිතා කරපු මොඩම් එකත් ලොක්ක ප්‍රතික්ශේප කලා.
ඉතින් අවසානයේ මම තිරනයක් ගත්තා මගේ යාලුවාට සමු දෙන්න නෑත්නම් විශ්‍රාම යවන්න.
ඉතින් ඊට පස්සේ මට බ්ලොග් ලියන්න වත් ජන්ජාලේ පෑත්තේ ඈවිත් යන්නවත් ක්‍රමයක් තිබුනේ නෑ.
ඉතින් මට ඕන උනා අලුත් යන්ත්‍රයක් ගන්න .ඈත්තටම මේකෙදි මගේ ආදරණීය බිරිද ලබා දුන්නු ශක්තියත් අමතක කරන්න බෑ,මොකද ඈය දන්නවා මම ලොක්කත් එක්ක මොන තරම් සමීපව කටයුතු කලාද කියලා,ඒක අක්‍රිය උනා කිව්වාම මටත් වඩා දුක් උනේ එයා.
ඉතින් අවසානේ තිරනය කරලා අලුත් ලොක්කෙක් අපි පෙරේදා ගෙදරට කෑන්දාගෙන ආවා. පහලින් තියෙන්නේ ඒ යාලුවා තමයි.
මෙට්‍රොපොලිටන් එකෙන් ගත්තේ.මෙයා acer .මෙතනින් මෙයා ගෑන විස්තරේ තියෙනවා.ආ වින්ඩෝස් 7 වලටත් මාරු උනා.ඉතින් දෑන් ආයෙමත් ජන්ජාලගතවෙන්න පුලුවන්.

18 comments:

malee_msg said...

මට‍ත් ඔය වගේ අවලක් ඇවිත් තමයි පහුගිය ටිකේ ‍එන්න බැරි උනෙ.. දැන් ඉතිං අලුත් හාදයෙක් ඉන්න නිසා පටන් ගමු නේ?

Sachin said...

අනේ කෝ පරන ලොක්කා

Anonymous said...

අලුත් එක්කෙනා නම් මරේ මරු... දැක්කම ආසාවෙ බෑ...එහෙනම් ඉතින් දෙන්නටම ජය මන්ගලම් :D

ප/ලි
මෙක දැකල අයියගෙ අක්කා මට පලු යන්න බනීද දන්නෑ :D:D

වන්නි said...

පරණ එකා නම් හොඳ පාටයි. සෑහෙන්න බර ඇදහැකි එකෙක් වගේ.
අළුත් එකා පෙඩ්ඩෙක්නේ. ඇයි එයාට ලොක්කා කියන්නේ. දාපංකෝ ලස්සන නමක්. අර බ්ලොගීගේ ලැපී, පැංචිගේ සූටියා ව‍ගේ හුරතල් එකක් දාපංකෝ...

NUWAN said...

malee-ඒක තමා මං හිතුවේ මලී බ්ලොග් ලිවිල්ලෙන් සමු අරගෙන කියලා
sachin-ඉන්නවා ඉන්නවා එහෙම අයින් කරන්න බෑනේ ඒකව.සංස්ථාපනය කරපු ස්ථානය විතරයි වෙනස් කලේu
Hasitha ජයසූරිය -thankyou මල්ලී ආ එයා එහෙම තරහා වෙන්නේ නෑ.කලින් ගෙනාවේ ලොක්කවනේ

කුෂාන් -ඈත්තටම මචන් පරන එකා මරු.උගේ හෑටියට ඌ කල වෑඩ ඉහටත් උඩින්.ම්ම් කියහන්කො හොද නමක් උබේ බයික් එකට දෑම්මා වගේ

නිලන්‍ත said...

සංතෝසයි ! ජය වේවා !!!

තීර්ථ යාත්‍රිකයා said...

මේක නෙට් බුක් එකක් නේද? මං ගාවත් එකක් තියනවා.හරි ආතල් භාණ්ඩෙ.ඒත් ඈටම් ප්‍රොසෙසරේ නිසා මල්ටි මීඩියා එක්ක වෙලාවකට චුට්ට චුට්ට බුල කෙලිනවා

Unknown said...

අලුත් යාලුවට නමක් එහෙම තියලා ගත්තනම් ;)

චතුරංග රූපසිංහ said...

.ඈත්තටම මේකෙදි මගේ ආදරණීය බිරිද ලබා දුන්නු ශක්තියත් අමතක කරන්න බෑ,

චතුරංග රූපසිංහ said...

.ඈත්තටම මේකෙදි මගේ ආදරණීය බිරිද ලබා දුන්නු ශක්තියත් අමතක කරන්න බෑ,

haa haa ehenam meekay horeeee
dennatama suba pethum magen

NUWAN said...

නිලන්‍ත-
ස්තුතියි නිලෝ
තීර්ථ යාත්‍රිකයා-
නෑ මචන් මෙක නෙට් බුක් එකක් නෙමෙයි.මෙන්න විස්තරෙ.

Processor
Intel® Pentium® Dual Core processor
Mobile Intel® T4400 (2.2GHz, 800MHz FSB, 1MB L2 cache, 35 W)
supporting Intel® 64 architecture
Chipset
Mobile Intel® 4 Series Express Chipset
Communication
WLAN : Acer Nplify 802.11 b/g/n Wi-Fi Certified network connection
WPAN : Bluetooth 2.1 +EDR
LAN : Gigabit Ethernet
System Memory
2GB DDR2 RAM upgradeable to 4 GB
(64-bit operating system required to utilize the full performance of 4GB RAM)
Storage Subsystem
250GB S-ATA Hard Disk Drive
Display
14” HD Acer CineCrystal 16:9 LED LCD
1366 x 768 pixel resolution
Video Memory
Integrated 3D graphics, featuring Intel® GMA 4500M
Audio
Dolby Home Theater virtual surround sound
S/PDIF ( Sony/Philips Digital Interface) support for digital speakers
Media Device
DVD-Super Multi Double Layer Drive
Dimensions & Weight
342 (W) x 239 (D) x 23/38.6 (H) mm (13.4 x 9.4 x 0.9/1.5 inches)
2.3 kg
Battery Life
3-hour battery life
48.8W 6-cell Li-ion battery pack
I/O Interface
3 x USB 2.0
1 x External display (VGA) port
1 x Headphones/speaker Line-out jack
1 x Microphone-in jack
1 x Modem (RJ-11) port
1 x Gigabit Ethernet (RJ-45) port
CMOS camera
Integrated Acer Crystal Eye webcam optimized for low light video chatting
Card reader
5-in-1 card reader
Warranty
One Year International Traveler’s (Carry-in) Warranty (ITW) 3 Years Tech & Labour

NUWAN said...

änthräX -ඒකනේ හොද නමක් කල්පනා වෙන්නේ නෑනෙ

චතුරංග -හික් .මොකද ඒක දෙපාරක්ම කියවුනේ????ස්තුතියි මල්ලි

priyantha said...

සතුටුයි ආයෙ දකින්ට ලැබීම. අළුත් යාළුවත් එක්ක එහෙනම් වැඩ පටාන් ගමු. නුවන් මාතරද? අපිත් හෙට (27) ඒපැත්තේ එනවා.

තීර්ථ යාත්‍රිකයා said...

එල එල ජය වේවා කිව්වා එහෙනං

Teena said...

අ..හා. මරේ මරු..
බ්රේක් ගගහා බ්ලොග් ලියන්නන්ට හොඳම විසඳුම තමා තමන්ටම කියලා ලැපක් ගන්න එක. එහෙනම් අලුත් යාළුවා එක්ක නන්ස්ටොප් බ්ලොග් ලිවිල්ලකට සුභගැතුම්!!

NUWAN said...

priyantha.ඒබී -
අනේ මචන් අදතමයි ගෙදර ආවෙ.ඔව් ගෙවල් මාතර.ස්තුතියි අදහසට

ෆා-
ඔව් ඔව් ඔයත් ලෑපියක් ගත්තා කියලා ආරංචි උනා.....
ලියමු ලියමු ආ මෑන්ගෝ වලින් පස්සේ මොකද බ්‍රේක් පාරක් ගහලා .අපි බලන් ඉන්නවා.....

ඉංදික said...

අලුත් ලැපා සමග ඉදිරියට යැමට ශක්තිය දිරිය ලැබෙවා...!

මට මුලින්ම තිබුනෙ IBM XT 286 1ක්
RAM 256KB
HDD 40MB
FDD Drive 360KB 51/4"
ඉටපස්සෙ 386
486
දැන් 1නම් අලුත්
දෙල් කැල්ලක්..
මමත් තාම පරන්න පරිගනක වලට ආසයි..
මටත් මම ඉස්සර දුක්විදපු හැටි මතක් උනා...
දැන්නම් තියනව....
නැති කලෙ.... අපෙ ලොකු අයිය ගෙ පරන එව තිබුන නිසා මම නම් ගොඩ ගියා...
මට තාම මතකයි ඩොස් වලින් ගෙම් ගහපු හැටි...
486 1කෙ අගල් 4න් චිත්‍රපටි බලපු හැටි...
හැබැයි ගමටම ඇහෙන්න සද්දෙනම් තිබුන මමම හදාගත්ත ඇප් 1ක නිසා...

සුබපැතුම්...

NUWAN said...

ස්තුතියි ඉන්දික

Related Posts Plugin for WordPress, Blogger...