කියවා බෑලීම සදහාම පමණක් නොව බලා සෑකසීම උදෙසාමය.
ඔන්න අද කියන්න හදන්නේ අපේ ගෙවතු වගාවට,ගෙවත්තේ වගා කරන මල් වගාවලට ලේසියෙන්ම යොදන්න පුලුවන් ඒ වගේම ඉතාම ප්‍රයෝජනවත් කොම්පෝස්ට් පොහොරක් හදාගන්න විදියක් ගෑන. මේ ක්‍රමය අපි හදුන්වන්නේ ගොඩ ක්‍රමය විදියට.ඒක පොඩ්ඩක් වෙනස් කරලා එප්පාවල රොක් පොස්පේට් කියන ඛ්නිජයත් මේ සදහා යොදාගෙන තවත් ගුනාත්මක විදියටත් මේ වෑඩේ කරන්න පුලුවන් .එතකොට පොස්පොකොම්පෝස්ට් කියලා තමයි හදුන්වන්නේ. හොදයි ඕන වෙන ජාති කියන්නම්.අමු ගොම(250කි.ග්) ,මකුලත(ග්ලිරිසීඩියා),සූරිය,වගේ පහසුවෙන් දිරා යන කොල වර්ග(500කි.ග්), ඒ වගේම පිදුරු,ඉතාම ලේසියෙන් දිරාපත් වන ජබර වගේ ගන්න පුලුවන් නම් ගොඩාක් හොදයි.පෙතිගහපු කෙහෙල් කද කෑබලි වගේ දේවල් උනත් ගන්න පුලුවන්.(ඊ.ආර්.පී)එප්පාවල රොක් පොස්පේට්25කි.ග්, යුරියා පොහොර ටිකක්.ආ කලු පොලිතින් එකක් කොම්පෝස්ට් එක වහන්න. හරි වෑඩේට බහිමු.මුලින්ම මේ රූපයේ තියෙන විදියට මීටර් 1*3 ප්‍රමාණයට ලනු ඈදලා භූමියේ සීමාව ලකුණු කර ගන්න ඕන.එම ඉඩේ තමයි කොම්පෝස්ට් එක හදන්නේ.
ඊට පස්සේ පරන කොම්පෝස්ට් ගොඩකින් ගනිපු පොහොර ටිකක් තුනිවට අර වෙන් කොරාපු කොටසේ අතුරන්න ඕන.එහෙම නෑතිනම් අමු ගොම ටිකක් වතුරේ දිය කරලා පොල්කටුවකින් තුනියට ඉහින්න ඕන(අපි කරේ ඒ විදියට )
දෑන් ඒ තට්ටුව උඩ මකුලත කොල,සූරිය කොල(අපි ගත්තු පහසුවෙන් දිරා යන ඕනෑම වර්ගයක )අඩි භාගයක වත් උසකට අතුරන්න ඕන.
ඒ තට්ටුව උඩ මේ චායාරූපයේ තියෙන විදියට පෙති ගසා ගත්තු කෙහෙල් කද කෑබලි තට්ටුවකුත් නෑවත ඒ මත එකතු කර ගත් ජබර තට්ටුවකුත් අතුරන්න ඕන.
ඉහල පිංතූරෙන් පේනවා නේද කෙසෙල් කෑලි කරගන්න විදිය.මෙයා ඒ වෑඩේ කරන්නේ උදෑල්ලෙන්.පහලින් පේන්නේ කට්ටිය බොහෝම සාමුහිකව ජබර තෑන්පත් කරන විදිය.ආ කියන්න බෑරි උනා.මේ මගේ කොටසේ ගොවි මහත්වරු සම්බන්ද කරගෙන කරපු වෑඩසටහනක්.මීට සති දෙකකට කලින්.
ඕන්න එක තට්ටුවක් ගෑහුවා.දෑන් ඔන්න පොඩි වෑඩක් තියෙනවා.අමු ගොම කිලෝ20 විතර තරමක් විශාල බෑරලයකට (තාර බෑරල් භාගයක් නම් ගොඩාක් හොදයි )ජලය දාලා දිය කර ගන්න ඕන.අප්පිරියා වගේද? නෑ මේ ගොමනේ. ඊටම ඊ.ආර්.පි කිලෝ 5 විතර දිය කරන්න ඕන.ඒකටම යූරියා ග්‍රෑම් 500 විතර දා ගත්තොත් හොදා.දෑන් රතු පාටට හුරු උකු ද්‍රාවණයක් තමයි ලෑබෙන්නේ. මෙන්න මේකෙන් අර ගහපු තට්ටුව උඩ ස්තරයක් විදියට තෙත් කල යුතුයි.ටින් එකකට පුර්වාගෙන තට්ටුව උඩ වත් කරාම වෑඩේ ලේසියි.
වෑඩේ තාම ඉවර නෑ. මේ තට්ටුව උඩ ආයෙත් අර කලින් යොදා ගත්තු අමුද්‍රව්‍ය ඒ පිලිවෙලටම අතුරන්න ඕන. නෑවත දිය කරගත්තු ගොම ඊ.ආර්.පී මිශ්‍රණය ඒ මත යෙදිය යුතුයි. ඔන්න ඔය පිලිවෙලට තට්ටු හයක් විතර ගහ ගත්තාම වෑඩේ අහවරයි.එතකොට පාන් ගෙඩියෙ හෑඩේට ගොඩ පේනවා.දෑන් අපි අර ඉස්සර කාලෙ ගෙවල් වල ගොම පිරියම් කොරාපු විදියට මේක වටේට ගොම පිරියම් කොරලා ඉන්න ඕන. කලු පොලිතින් එක තියෙනවා නේද.ඔන්න ඒක ගන්න වෙලාව හරි.මේ ගොඩ වෑහෙන්න පොලිතින් එකෙන් ආවරණය කිරීම තමයි අවසානයට ඉතුරු වෙලා තියෙන්නේ.මේක සීල් කරන්න ඕන නම් නෑ හොදද.හතර පෑත්තෙන් ලනු හතරක් ඈදලා පොලොවට ගහපු ඉනි වලට ඈද්දා නම් වෑඩේ ගොඩ. දෑන් ඉතින් නා කියා ගත්තාට කමක් නෑ................................. හරියටම දවස් 14 මේක පෙරලන්න ඕන(එකම පෑත්තට ).ඊලග පෙරලීම දවස් 28 කල යුතුයි................
දින 45 යනකොට ඉතාම ගුනදායක වගාවට,පරිසරයට මනුස්සයින්ට විස දේවල් අඩංගු නොවෙච්ච උසස් තත්වයේ කොම්පෝස්ට් පෝර නිශ්පාදනයක් කර ගන්න පුලුවන්.අර රුපියල් සීයක් දිලා අපේ නෝනලා බොහෝම උජාරුවට අරන් එන පාට පාට පිංතූර දාපු පෑකට්ටුවේ එන පෝර වලට වඩානම් සියක් ගුණයක් වටිනවා මේ හදාගත්තූ පෝර. ඔයාලටත් ඔන්න අවස්ථාව තියෙනවා මේ ක්‍රමේ අත් හදා බලන්න.මේ ප්‍රමාණයට වඩා කුඩාවට උනත් කරන්න පුලුවන් අමුද්‍රව්‍ය හොයා ගන්න අපහසු නම්.
ගෑටලුවක් එහෙම තියෙනවානම් අහන්නකෝ.
ගොඩක් කිව්වා.එහෙනම් ගිහින් එන්නම්.......