උඩරට එලවලු පහත රටට අකෑපද ? එහෙනම් වවලාම බලමුකෝ...
උඩරට එලවලු කිව්වාම එක පාරටම මතක් වෙන කීප පොලක් ඉන්නවානේ.කෑරට්,බීට්,ගෝවා,මල්ගෝවා නෝකෝල් එතකොට සලාද..ම්ම් තව තියෙනවා.ඉතින් එක පාරටම මේ ගෑන මතක් උනේ මොකද.නෑ විශේෂයක්ම නෙවෙයි.ඒත් පොඩ්ඩක් මේ ගොල්ලො ගෑන දෑනුවත් කරන්න හිතුනා.
ඈත්ත මේ වගේ ගෑටලු ඔයාලටත් ඈති වෙන්න ඈති.අපි ගෙවතු වෑඩසටහනත් එක්ක මේ උඩරට එලවලු වගා කරන්න අපේ ගොවි මහත්තුරු දෑනුවත් කරන කොටත් ඔය වගේ ගෑටලු ආවා.මොකද අපේ අයට පුරුදු වම්බටු,තක්කාලි මිරිස් මාලුමිරිස් එතකොට ඔය මෑහි භෝග වර්ග එහෙම වවලානේ.ඉතින් සමහර ගොවි පිලිගත්තේම නෑ.ඒත් අපි කුඩා කංඩායමක් හදාගෙන ගෙවතු වගාවත් එක්කම වෑඩේට බෑස්සා. ඉතින් අවසානයේ ඉතාමත්ම සාර්ථක විදියට ඔය කිව්ව උඩරට එව්වා පහත රටෙත් වෑව්වා.ඉතිං දෑන් අපේ කට්ටිය දන්නවා ඕවා මෙහේ හොදට වෑවෙනවානේ කියලා.
උඩරට වර්ගවලින් කෑරට් එහෙම ටිකක් මේ පෑති වල වවද්දි අලේ ටිකක් පොඩි වෙනවා කියලා අදහසක් අපෙත් තිබුනා.ඒත් දන්නවද වෑඩේ.මං ගිය සතියෙ ගියා ගෙවත්තකට ,ඒකේ බහෑපු කෑරට් නුවර එලියෙ බඩු පරාදයි.ඔන්න වෑඩේ හෑටි.
හරි එහෙනම් කොහොමද වෑඩේ පටන් ගන්නේ.ඔයාල වගා කරන වර්ග ටික තෝරා ගන්න.ගෝවා,මල්ගෝවා,බීට් නෝකෝල් ම්ම් කෑමති නම් කෑරටුත් ගන්න.මේවායේ බීජ වෙළද පොලේ දෑන් බොහෝම පහසුවෙන් ගන්න පුලුවන්.අත්හදා බලන්නනේ මුලින් පොඩ්ඩ පොඩ්ඩ ගන්න.
හරි.මෙහෙමයි ඔතනින් කෑරට් ඈරෙන්න අනිත් වර්ග ඔක්කෝම තවාන් කරලා හිටුවන වර්ග.කෑරට් තවාන් කරලා හිටවන්නේ නෑ.ඒකට හේතුව ගලවල ආයෙත් හිටුවන කොට ඈතිවෙන හානි නිසා විකුර්ති අල ඈතිවෙන්නේ.තවාන් කොරන්න බිම් තවානක් ගොඩාක් හොදයි.ඒත් ගෙවතු මට්ටමේදි නම් පරන කිරි හට්ටි,ඔය පෑලිච්ච බේසම් එහෙම උනත් පාවිච්චි කරන්න පුලුවන්.
තවාන් මිශ්රණයට හොද කොම්පෝස්ට් ටිකක් ගත්තා නම් ගොඩේ ගොඩ.තව පාංශු දිලීර නාශකයක් එහෙම මේ තවාන් පස් ටිකට දාලා ගන්න එක ණුවනට හුරුයි.
තවාන් කරලා දවස් 6-10 යද්දි මේවා පෑල වෙන්න පටන් ගන්නවා.අපි තවානේ තියාගන්නේ උපරිම දවස් 21 විතරයි .ඊට කලින් ක්ශේත්රයට ගන්න ඕන. ඕන නම් කෙලින්ම බිම හිටවන්නත් පුලුවන්.එහෙම නෑත්නම් පොලිතීන් බෑග් එකේ හදන්නත් පුලුවන්.හෑබෑයි මතක තියාගන්න මේවා තවාන් කාලේ හෙවනට ආස උනාට ඊට පස්සේ තද අව්ව ප්රිය කරන භෝග.ඒ නිසා ඒ ගෑනත්සෑලකිලිමත් වෙන්න ඕන.බෑග් එක ගොඩාක් පොඩියට ගන්න එක හොද නෑ.අඩි1.5x2.5 වගේ නම් හොදයි වෑඩේට.කොම්පෝස්ට් පෝර වලින්ම ඒක පුරවා ගන්න ඕන.
ඔය බීට් වගේ වර්ග බහුකලලතාවය පෙන්වන වර්ග ඒ කියන්නේ එක ඈටේකින් පෑල දෙක තුනක් හෑදෙන්න පුලුවන්.ඉතින් තවානෙන් ගලවලා හිටුවද්දි මේවා වෙන් කරලා සිටුවන්න ඕන.
රසායනික පොහොර වලට වඩා කාබනික පොහොර යොදලාම වගාව කරන එක වඩා හොදයි.කෘමිනාශක ගෑනත් කියන්න තියෙන්නේ ඒ ටිකමයි,මොකද ගෙවතු මට්ටමින් අපි කන්න හදාගන්න ඒවනේ.වස විස ඕනම නෑ.අපි වෙලද පොලෙන් ගන්න ගියාම වෑඩිපුර කෑවෙන්නේ වසනේ ඉතින්.
අනිත් එක අපිට මානසිකව උනත් ලොකු සතුටක් දෑනෙනවා අපිම වවාගත්තුවා නේ කියලා.
තව කියන්න නම් දේවල් තියෙනවා.ඒත් ලිපිය ගොඩාක් දිග උනෝතින් කියවන්න උනත් එපා වෙනවනේ.ඉතිං බොහෝම කෙටියෙන් උඩරට එළවලු වගාව ගෑන ඔයාලව දෑනුවත් කරන්නයි ඕන උනේ.මේ චායාරූප ටික මගේ ක්ශේත්‍රයෙ ගනිපුවා එහෙනම් ගෑටලුවක් තියෙනවා නම් අහන්න.පොඩි හරි උත්සාහයක් ගන්න වෑඩේ කරන්න.ගිහින් එන්නම්.