.


බිම්මල්[හතු] වගාව ඔබ දන්නවාද?




බිම්මල් එහෙම නෑත්නම් කවුරුත් දන්න විදියට හතු අපිට නුපුරුදු දෙයක් නම් නෙවෙයිනේ.කොටින්ම කියනවා නම් කන්න ගන්න පුස් විශේශයක්.දිලිර තම වර්ගයා බෝ කිරීමට යොදා ගන්නා විශේශිත වු උපක්‍රමයේ ප්‍රතිපල තමයි අපි ආහාරයට ගන්නේ හතු කියලා.පෝශණ ගුනය වගේම ඖශදීය ගුනයෙනුත් බිම්මල් පරිපුර්ණ අහාරයක් විදියටයි සෑලකෙන්නේ.විශේශයෙන්ම රක්තහීනතාවයට හා ලියුකේමියා රෝගය පාලනය කිරීමෙත් සුවිශෙශි ගුනයක් මේ හතුවල තියෙනවා කියලා සදහන් වෙනවා.ඒ නිසාම තමයි අපි කවුරුත් දන්න ස්වභාවික හතු වර්ග[මාවෑලි හතු,උරුපහ]වලට අමතරව ස්වයං රෑකියාවක් විදියටත් බිම්මල් වගාව ජනප්‍රිය වෙලා තියෙන්නේ.වගාවක් කිව්වාට මේක ගෙවත්තේ කරන වගාවක් එහෙම නම් නොවෙයි.මොකද සමහර අය ඒක පටලවා ගන්නවා.බිම්මල් වගාවක් කරමුද කියලා මම අහපු ගොවි මහත්වරු කීප දෙනෙක්ම මට දිපු උත්තරේ තමයි මහත්තයා වත්තේ ඉඩ නම් නෑ .වතුර ගහන්නත් ටිකක් අමාරුයි.කියලා.එත් ඉතින් එක අතකට එහේම කියපු එක පුදුමයකුත් නෙවෙයි.හොදට මතක තියාගන්න මේ වගාව අපි කරන්නේ පරිසර තත්ව පාලනය කරපු බිම්මල් ගෘහයක් තුල.එහෙම නෑත්නම් නිවසේම කාමරයක් අපිට මේ සදහා යොදා ගන්න පුලුවන්.පරිසර තත්ව පාලනය කරපු ගෘහයක් කියලා මම කිව්වේ මේ හතු වගා කරන්න පරිසරයේ තෙතමනය ඒ කිව්වේ ආර්ද්‍රතාවය ටිකක් වෑඩි වෙන්න ඕන.ඒකට අපි උපක්‍රම කීපයක් පාවිච්චි කරනවා.බිමට යොදාගන්නේ තෙත් කරපු වෑලි තට්ටුවක්. ඒ වගේම ගෘහය තුල මීදුමක් වගේ ජලය ස්ප්‍රේ කිරීම කරනවා. වගේම බිම්මල් දිලීර ජාලය වර්දනය වන අවස්තාවෙදි ගෘහය තුල අදුරු පරිසරයකුත් අස්වනු නෙලීම සිදු කරන කාලයේ අලෝකයත් තියෙන්න ඕන.මේකෙදි වෑදගත්ම දේ තමයි දිලීර එහෙම නෑත්නම් හතු වෑවිමට සුදුසු මාද්ය සාදා ගන්න එක.ප්‍රධාන වශයෙන් ම ගන්නේ ලී කුඩු.එවත් ශක්තිමත් අරටුවක් නෑති ගස්[ඈල්බීසියා,අබ] වලින් ගත්තු ලී කුඩු වීම ඉතාම වෑදගත්.ඊට අමතරව සහල් නිවුඩු,මුං පිටි ,හා රසායනික වශයෙන් මෑග්නීසියම් සල්ෆේට් .තමයි මේ මිශ්‍රණය සෑදිමට අවශය වන්නේ.



පදමට හදාගත්තු මිශ්‍රනය පොලි ප්‍රොපීලින් [තාපයට ඔරොත්තු දෙන පොලිතීන්] බෑග් වල පුරවා ඉන්පසු ජීවානුහරනය කර ගෑනිමක් සිදු කරන්න ඕන.මොකද වෙන දිලීර වර්ග මේකේ තියෙන්න පුලුවන්නේ.එහෙම උනොත් අපේ දිලීර වර්ගය වගා කරන්න වෙන්නේ නෑ.මේ කට විශේශිත බෑරලයක් තුල හුමාලයෙන් තම්බා ගෑනිම සිදු කරනවා.ඊට පසුව තමයි මේ බෑග් වලට ආරක්ශිත තත්ව යටතේ බිම්මල් බීජ යොදන්නේ.[බිම්මල් බීජ කිව්වට වී හෝ කුරක්කන් බීජවල වර්දනය කරපු දිලීරය තමයි]ඔන්න ඊට පස්සේ තමයි මං කිව්ව බිම්මල් ගෘහය වෑදගත් වෙන්නේ.බීජ ආමුකුලනය කරලා මාසෙකින් විතර අස්වනු එහේම නෑත්නම් හතු නෙලා ගන්න පුලුවන්.සාමාන්යයෙන් වෙලද පොලේ බිම්මල් කිලෝ එකක් රු150/200 වගේ මිලකට අලෙවි කිරීම සිදු කරනවා. මම මේ ඈතුලත් කරපු චායාරූප කීපය මගේ කොටසේ ගොවි කාන්තා සාමාජිකාවකගේ නිවසේ බිම්මල් සකස් කිරීමේ ප්‍රායෝගික වෑඩසටහනකදි ගත්ත ඒව ටිකක්.ඒ වගේම කියන්න ඕන මම මෙතන සදහන් කරලා තියෙන්නේ බිම්මල් හදා ගන්න ක්‍රමය ඉතාම සරලව,මොකද වෙලද පොලේ පෑකට් එක තිබුනාට මේවා හදන විදිය හෑමෝම වගේ දන්නේ නෑති නිසා.බිම්මල් වගාව ප්‍රායෝගිකව ආරම්බ කරන්න නම් මෙවයේ අනුපාත ආමුකූලනය රාක්ක සෑකසිම වගේ තවත් තොරතුරු වෑදගත් වෙනවා,මම ඒවා මෙතන සදහන් කරලා නෑ.ලිපිය දිග උනොත් බලන්න කම්මෑලි වෙන නිසා.ඒ වගේම මේ බිම්මල් වලින් බිම්මල් සුප්,බිම්මල් සෑන්ඩ්විච් ,වගේ විවිදාකාර ආහාර වර්ගත් සකස් කර ගන්නත් පුලුවන්.එවත් ඉතින් අපි නම් ක්ශෙත්‍රයේදි හදනවා විශෙශයෙන්ම කාන්තා කෘශි කර්ම වෑඩසටහන් වලදි.බිම්මල් පෑකට් එකක් කඩෙන් හරි අරන් රස බලන්න ඔයාලටත් දෑන් ඉතින් පුලුවන් .


බිම්මල් වගාව/MUSHROOM  PDF එක මෙතනින් භාගත කර ගන්න


බිම්මල් ගෘහයක බාහිර පෙනුම 

බිම්මල් ගෘහයක අභ්‍යන්තර සෑකසුම

බිම්මල් පෑකට් රාක්ක වල ඈසුරුම් කර ඈති ආකාරය

වගා කිරීමට සුදුසු බිම්මල් බීජ

වගා කිරීමට නුසුදුසු බිම්මල් බීජ


updated


බිම්මල් වගාව පිලිබදව පලවූ මෙම ලිපිය ඔබට අතිශයින් වෑදගත් වූ නිසාත් ඒ සම්බන්දව ඈති වන්නා වූ ගෑටලු පිලිබදව විද්‍යුත් තෑපෑල මාර්ගයෙන් ඔබ විසින් දිගින් දිගටම විමසන නිසාත් බිම්මල් වගාව සරලව ,සම්පූර්නයෙන් විස්තර කෙරෙන්නා වු මෙම වීඩියෝව සටහනට අලුතින් එකතු කලෙමි.තනි තනි වශයෙන් පිලිතුරු සෑපයීමට නොහෑකි වුවත්,මෙම වීඩියෝව හරහා ඔබගේ බොහෝ ගෑටලු නිරාකරනය වනු ඈතෑයි  අපේක්ශා කරමි.(2012/03/15 @ NUWAN)









දිවයින සුංගිරාල 04/19

කිලිනොච්චියට ගිය වග අපේ ජනපති
දෑකලා පුවත මා හිනෑහී ඉන්න කොට
පුදුමාතලන් බිං ගෙයකට වී ඉන්න
ලෑබුනා ෆෑක්ස් එකක් මහ කොටියගෙන් මට
දිනාගත්තා කොහොමින් හරි උන් යුද්දේ
බලා ඉන්න බෑ කිලිනොච්චියෙ සද්දේ
නොකා සයනයිඩ් හිටියත් මේ බෑද්දේ
ප්‍රභාකරන් අද තනියම වෙල මෑද්දේ

දශක තුනකටත් වඩා කාලයක් ජනතා සේවය වෙනුවෙන්ම කෑප වෙච්ච දේසමාන්න ,දේසසක්ති වෙලුපිල්ලේ මහත්තයා දෑන් ඒ කටයුතු වලින්ම හෙම්බාත් වෙලා තමන්ගේ ජීවිතේ සෑදෑ සමය සාමාන්ය තමන්ගෙ සහෝදර ජනතාවත් එක්කම ගත කොරන්න තිරනය කොරලා.ඒ නිසාම උන්නෑහේ තමන් මෙච්චර කාලයක් තිස්සේ කල් ගෙවාපු රජ මාලිගා එහෙම අතෑරෝලා යුද මුක්ත කලාපෙට රින්ගගෙන බොහොම දෑහෑමෙන් සෙමෙන් තමන්ගේ ආදරණීය ජනතාවත් මෑදි කොරගෙන ජීවත් වෙනවාලු.ඒත් ඉතින් එහෙමයි කියලා පුලුවනෑයි,අතේ පයේ හිරි යන්නත් එක්ක මොනවා හරි වෑඩක් කොරන්නත් ඕනනෙ.නෑත්නම් තමන්ගේ ප්‍රිය බාරියාවගෙන් බෑනුම් කෝටියයි.ඒක නිසා මිනිස්සුන්ගේ පෑලක් දෙකක් අස්සෙන් බන්කොරයක් දෙකක් හාරගෙන,බන්කොර් කිව්වට කලින් වගේ කොන්ක්‍රිට් එහෙම දාලා වායු සමිකොරන එහෙම හයි කොරපුවා නෙමෙයි .පස් ගුල්.කිලිනොච්චියම වට කොරලා පස් බෑමි ගෑහුව එකේ මෙහේ පොඩියට හරි එකක් නොගහ පුලුවනෑ.ඉතින් ඔන්න ඒකත් ගහ ගත්තා.පරන හොද පුරුදු අමතක කරන්න හොද නෑනේ.අනේ හොදට උගන්නලා චාල්ස් පුතා ලොකු මහත්තයෙක් කොරන්න හිතන් හිටියා කොහෙද ඌත් මට අකිකොරු උනා. ජාති… අන්තරේ සයෝගෙත් අරගෙන යකෝ මට සපොර්ට් එක දෙන කොළබ මල්ලිලාගෙත් සපොර්ට් එකෙන් මේකෙ එවුන්ට නිදහසේ ඉන්න වෙනම රටක් හදලා දෙන්න හෑදුවා,කොහෙද මුන්ට ඒකත් ඔන නෑතිලු.මෝඩ හෑත්ත.නොදකින්,පවට පින දෙන්න පුලුවනෑ.මම නම් ඉතින් වෑඩි දවසක් ඉන්න එකක් නෑ.මට දුක උබලා ගෑන තමා..පව් වෙලුපිල්ලේ උපාසක මත්තයාගේ ඈස් වල කදුලු පිරුනේ සතුටටද දුකටද කියලා මගෙන් නම් අහන්න එපා.

Test post/ picture on mobile phone

---- 
Sent using a Sony Ericsson mobile phone

සෞභාග්‍යමත් නව වසරක් වේවා...

රණ බිමේ සිටින සෙබල සොයුරන්,මව් බිමෙන් බෑහෑරව විදෙස් රටවල සේවය කරන්නාවූ සියලුම සහෝදර සහෝදරියන් ඈතුලුව සියලුම සියලුම ශ්‍රි ලාංකිකයින් සදහා පෑතුම් ඉටු වෙන සෞභාග්‍යමත් නව වසරක් වේවායි දයාබර සිතින් පෑතුම් එක් කරමි. නුවන්.

නොර්වේ කොටින්ගේ තවත් හපන් කම්...

ඊලාම් සොහොන් කොත දිහා බලන් ඉන්න ප්‍රබාකරන් මහත්තයගෙ නොර්වේ රටේ ඉන්න ගෝල බාලයො ටික එකතු වෙලා ඊයේ තවත් මහාවීර ක්‍රියාවක් සිදු කරලා තියෙනවා.ඒ නොර්වේ ශ්‍රිලංකා තානාපති කාර්යාලයට කඩා වෑදිලා පහර දීමෙන්. දෑඩි ආරක්ශාවක් තියෙන මේ වගේ ස්තානයක මේ වගෙ ක්‍රියාවක් සිද්ද වෙනකොටත් ආරක්ශක අංශ කුමක් කලාදෑයි කියන ප්‍රශ්නාර්තය නෑගෙනවා.නොර්වේ රට ප්‍රජාතන්ත්‍ර වාදයේ උපරිම නිදහස කොටි මහත්වරුන්ට බුක්ති විදින්න ඉඩ දිලද?කොහොම හරි සෑලසුම් සහගතව සිදු කල මේ පහත් පෙලේ වෑඩේ දර්ශනත් මොවුන් අන්තර්ජාලයට එකතු කරලා.

විසි එක්වන සියවසේ සුපිරි පලතුර ශ්‍රි ලංකාවේ වගා කරමු. [තවත් තොරතුරු සහ චායාරූප සමගින්]




අවුරුදුත් ලග ලගම එනවානේ.අපේ යාලුවොත් ඉතින් මේ දවස් වල කාර්ය බහුල වෙලා ඈති නේද.ගොඩ දෙනෙක් ට නම් මේ දින කීපය නිවාඩුනේ.ඉතින් අපිටත් නිවාඩු ලෑබුනා.එත් ඉතින් ඔන්න ඊයෙ ඉදන්ම වහිනවා හොදටම.
කමක් නෑ අද ටවුන් එක පෑත්තේ ගියා පෝය දවස කියලා නෑ පුදුම සෙනගක් හිටියේ.වෙනදා පාලුවට ගිය කඩවල් වල එහෙමත් කට කපලා.පාරට බයිසිකලයක්වත් දාන්න ඉඩක් නම් නෑ.හෑබෑයි වෙනදා නගරය පුරාම වයර් ඈදලා කෑ ගහපු ශබ්ද විකාශන යන්ත්‍ර නම් නිහඩ වෙලා.ඒක නිසා ගාලගෝට්ටිය නම් ටිකක් අඩුයි වගේ.හෑබෑයි මේ දවස් වල සාප්පුසවාරි යන අතරෙ තමන්ගෙ ආරක්ශාව ගෑනත් සෑලකිලිමත් විම නම් අනිවාර්යයෙන්ම වෑදගත්.කියන්න අමාරුයිනේ.
මකර පලතුර ගෑන තව විස්තර ටිකකුත් තියෙනවා.අපේ සේවා සංස්කරන ආයතනයේ වගාවෙන් ගත්තු තව චායාරුප කීපයකුත් මේකට ඈතුල්කලා ඒවත් බලන්නකෝ.එවායින් වගා කරන විදිය ගෑන අදහසක් ගන්න පුලුවන් වෙවි ඔයාලට.ඈත්තටම මේ වගාවට රෝග හා පලිබෝද වලින් නම් සිදුවන්නේ අවම හානියක්.ඒක නිසා කෘශි රසායනික වලින් තොරවම වගේ සාර්තක වගාවක් පවත්වගෙන යන්න පුලුවන්.ඈත්තටම අපේ ක්ශේත්‍රයේ ස්තාපනය කරපු වගාවට නම් මේ වෙනකන් කෘශි රසායන යොදන්න උනේ නෑ. තව දෙයක් මේවයේ පෑල ලබාගන්න පුලුවන් කොහෙන්ද කියලා ගොඩ දෙනෙක් අහලා තිබුනා.වීරවිල දිස්ත්‍රික් පුහුනු මධ්යස්තානයෙන් මේ පෑල පහසුවෙන් මිලදි ගන්න පුලුවන්.සමහරක් අය රු 500/1000 ටත් මේ පෑල කොලබ පෑත්තෙ විකිනුවා කියලා ආරංචි උනා ඒ වගෙ අයටනම් රෑවටෙන්න එපා කියලත් කියන්නම ඕන.මොකද මේ පෑල බොහෝම සරලව හදා ගන්න පුලුවන් නිසා.ගෙවත්තේ උනත් අපිට මේ පෑලයක් සාර්තකව වගා කරගන්න පුලුවන්.ඒ සම්බන්දව මොනවා හරි ගෑටලුවක් තියෙනවානම් විද්යුත් තෑපෑලක් දාන්න.අනිවාර්යෙන්ම මම උදව් කරන්නම්.
මේ පලතුර රසවත් බීමක් ලෙසත් ආහාරයට ගන්න පුලුවන් කියලා අපේ සහෝදර නිලදාරි මහත්මයෙක් කිව්වා.ඒක කන එකට වඩා නම් රසවත්ලු.මොකද එයා දන්නවා මම මේව ට එතරම්ම ප්‍රියමනාප නෑ කියලා..... බිම ටිකක්වත් හදලා බීලා බලමුකෝ..
කලින් ලිපිය බලන්න.

කව්ද මේ මොහොමඩ් කලිල් කියන්නේ, විදේශ රාජතාන්ත්‍රිකයෙක්ද,නෑත්නම් දේශපාලන මහත්මයෙක්ද??? ම්ම්. අනේ එහේම කෙනෙක් නම් නෙමෙයි.එහෙනම් මොන එහෙකටද ලංකාවට එන්නේ!!! ඈයි ඔය දෙගොල්ලන්ට විතරද අපේ රටට එන්න පුලුවන්??? මතකද ඒ අදුරු දිනය ශ්‍රිලංකාවට විතරක් නෙමෙයි මුලු ලෝකයටම, ක්‍රිඩා ක්ශේත්‍රයටම කලු පෑල්ලමක් එක් කල දිනය.පාකිස්තානයේ ගඩාෆි ක්‍රීඩාංගනය අපට නුහුරු නුපුරුදු තෑනක් නම් නොවෙයි.අපේ වීරයන් ලෝක ශුරයන් විදියට අභිශේක ලෑබු විජයග්‍රාහි බිම මේ විදියට මරු කපොල්ලක් වෙවි කියලා නිකමටවත් හිතුනාද,එදා ලේ පිපාසිත මිලේච්චයන් ශ්‍රිලංකා ක්‍රිකට් විරුවන්ට එලව එලවා වෙඩි තබද්දී අපේ ක්‍රීඩකයින් රෑගත් බස් රථය තම දිවි පරදුවට තබා වේගයෙන් නොනවත්වා ධාවනය කලේ මොහොමඩ් කලිල්...කලිල් මේ ඍජු තීරනය ඒ මොහොතේ නොගත්තානම් ඒ ක්ශනයකින් එල්ල වූ මෝටාර් ප්‍රහාරයෙන් මුලු බස් රථයම විනාශ වෙන්න ඉඩ තිබුනා..........ඔහු ශ්‍රිලාංකිකයින්ට වීරයෙක්. ලංකාවට පමනක් නොවෙයි මුලු ලෝකයටම වීරයෙක්.ඒ විතරක් නොවෙයි ක්‍රිකට් ක්‍රීඩාවටම ඔහු මහත්මා වීරයෙක්.කලිල් කල මේ විරක්‍රියාවට උපහාර දෑක්විමක් කරන්න ශ්‍රිලංකා ක්‍රිකට් ආයතනය තිරනය කරලා.ඒ අනුව අද දින උදෑසන ඔහු ශ්‍රිලංකාවට පෑමිනීමට නියමිතයි...සදාදරනිය කලිල්, ඔබට අපගේ ගෞරවනිය උත්තමාචාරය!!!

පරවි දූව...



මාතර නගරයට යන එන අයට නම් හොදට හුරු පුරුදු ස්තානයක් විදියට පරවි දුවේ පිහිටුවා ඈති මේ ශ්‍රිමාමාලිකය හදුන්වන්න පුලුවන්.හරියටම ස්තානය විදියට ගත්තොත් මාතර නගරයේ ප්‍රධාන බස් නෑවතුමේ පසු පස කොටසේ සිට බෑලුවොත් වෙරල තීරයේ ඉදන් 100m විතර දුරින් පිහිටා තියෙන කුඩා දුපත තමයි මේ විදියට දර්ශනය වෙන්නේ.මිට වසර කිපයකට කලින්නම් මේ ස්තානයේ තිබුනේ කපුටන්ගේ වාසභවනක්.දෑනුත් ඒ පුරුද්දට වගේ මෙම ස්තානයෙ කපුටන්ගෙන් නම් අඩුවක් නෑ.කොහොම උනත් විවේක පාඩුවක් තියෙන වෙලාවට ගොඩ වෙලා යන්න පුලුවන් නිදහස් ස්තානයක් විදියට හදුන්වන්න පුලුවන්.විශේශයෙන්ම මේකෙ පසු පස කොටසේ තිරුව තුල ඉද ගෙන හමා එන සිහිල් මද නල විදගෙන බොහොම නිදහස්ව සාගරය දිහා බලාගෙන ඉන්න පුලුවන්.ඔයාලත් මාතර පෑත්තෙන් කතරගම එහෙම යනවානම් වෙලාවක් තිබුනොත් බලලා යන්න,

Related Posts Plugin for WordPress, Blogger...