.


හම්බන්තොට මාගම්පුර ජාත්‍යන්තර වරාය (Magampura international harbour)


හම්බන්තොට මාගම්පුර ජාත්‍යන්තර වරාය ඊයේ උදෑසන යෙදුනු සුභ මොහොතින් අතිගරු ජනපතිදුන්ගේ සුරතින් ජනතා අයිතියට පත් උනා.ඒ සදහා සහභාගී වූ දහස් ගනනක් ජනතාව අතරේ සිටිමින් ඒ තේජාන්විත මොහොතේ අසිරිය විද ගෑනීමේ අවස්ථාව මටත් ලෑබුනා.මාගම්පුර වරාය භූමියේ ඊයේ දිනයේදී මාගේ ජංගම දුරකථනයේ සටහන් වු සිත් ඈදි දසුන් කිහිපයක් පහතින් දෑක්වෙනවා.එමෙන්ම අති මහත්වු ජනතා මනාපයෙන් දෙවන ධුර කාලය සදහා දිවුරුම් දුන් ජනපතිදුනි ඔබට සුභ උපන්දිනයක්.

දෙවිනුවර ප්‍රදීපාගාරය  (light house - Devinuwara)
ගිය සතියට කලින් සතියේ අපි පොඩි ගමනක් ගියානේ.අපි කිව්වේ අපේ පවුලේ උදවිය.වෑඩි ඈතකට එහෙම නෙමෙයි මේ දෙවුන්දරට ,ලංකා සිතියමේ පහලම කෙලවරනේ ඔය දෙවුන්දර කියන්නේ,,, එතකොට මාතර ටවුන් එකේ ඉදන් කතරගම පෑත්තට දල වසයෙන් කි.මී 03 තියෙයි උපරිමේට,,,

යනකොට මට මතක් උනා දෙවුන්දර ප්‍රදීපාගාරෙ. අනුව දෙවුන්දර පුදබිම වෑදීම දෙවනුවත් ප්‍රදීපාගාරය නෑරඹීම පලමුවත් කරන්න තීරනේ උනා.

මට මතක හෑටියට අපේ බ්ලොග් සොයුරියකුත් මේ ගෑන කියලා තිබුනා.හරියටම දෙවුන්දර පූජා භූමිය පහු වෙනවත් එක්කම දකුණට තියෙන පාරේ මීටර් 100 විතර ගිහින් වමට හෑරිලා කෙලින්ම ගියාම ප්‍රදීපාගාරෙ ගාවටම වෑටෙනවා.පින්තූර වලින්පේනවා ඈති අපේ යාලුවන්ට ,මේ ස්ථානය නම් බොහොම මනස්කාන්තයි,අනේ අවාසනාවට මේකේ උඩට යන්න නම් අවසර ලෑබුනේ නෑ අපිට,

ප්‍රදීපාගාරෙ පාලක මහත්තයා සදහන් කරපු විදියට සදහා කොළඹ වරාය අධිකාරියෙන් සදහා අනුමෑතියක් ලබා ගත යුතු වෙනවා.එහෙන් වෙන් කරවාගන්න පුලුවන්ලු පහසුවෙන්ම.....

අපේ යාලුවන්ටත් කොළඹ දිහාවේ ඉදන් එනවා නම් ඔන්න ගිමන් නිවාගෙන මේ සුන්දරත්වයත් විදගෙනම යන්න පුලුවන්.

ලෑජ්ජාවේ බෑ යාලුවනේ කිව්වට මොකෝ මමත් මාතර උනාට මෙතෙන්ට ගියේ පලවෙනි වතාවට.
එහෙනම් ගිහින් එන්නම් යාලුවනේ සුභ සති අන්තයක්.

Related Posts Plugin for WordPress, Blogger...