ලබන්නා වූ 2010 නව වසර ඔබගේ බලාපොරොත්තු ඉටු වන්නා වූද ,අභියෝග දුක් කම්කටොලු භාදක අභිබවා ඉලක්කය සපුරා ගන්නා වුද, යස ඉසුරෙන් සපිරෙන්නා වුද සුභම සුභ නව වසරක් වේවායි හදවතින්ම ප්‍රාර්ථනා එක් කරමි.(නුවන් 2009/12/31 ප.ව 11.05 ට )
" සීතල නුවර එලිය සහ මම "
මගෙන් කවුරු හරි ඈහුවොත් යන්න කෑමති ආසම ප්‍රදේශය මොකද්ද කියලා ආයෙ දෙපාරක් හිතන්නේ නෑතුවම මම දෙන උත්තරේ තමයි නුවර එලිය කියලා.ඒ තරම් ම ආස කරන නගරයක් ප්‍රදේශයක් දේශගුනයක් එහේ තියෙනවා කියලයි මට හිතෙන්නේ.මොකද මේ එක පාරටම නුවර එලිය මතක් උනේ.නෑ වෙනහේතුවක් නිසා නෙමෙයි මේ දෙසෑම්බර් මාසේනෙ.මට නම් හිතෙන්නේ නුවර එලියෙ යන්න ඕන හොදම කාලය තමයි දෙසෑම්බර්.කට්ටියට කිව්වාම ගත් කටටම කියන්නේ ආපෝ සීතලයිනෙ දෙසෑම්බර් එහේ....ඒත් ඉතින් සීතල ඒ දේශගුනය නෑත්නම් වෑඩකුත් නෑ කියලයි මට හිතෙන්නේ.මෙහේ වගේ දාඩිය දානවනම් ඒ සිසිලස දෑන්නෙන්නේ නෑත්නම් වෙනසක් නෑනේ. මේ වෙනකන් ගියපු ට්‍රිප් ගත්තොත් 99%ම ගිහින් තියෙන්නේ නුවර එලියට.පොඩි කාලෙ දෙමව්පියන් එක්ක තමයි මුලින්ම ගියේ.ක්‍රමක්‍රමයෙන් මේ පිස්සුව උග්‍ර උනා.කොහොම හරි ඕලෙවල් ලිව්වා විතරයි යාලුවො තුන් දෙනෙක් සෙට් කරගෙන හෝර්ටන් තෑන්න බලන්න ගියා.ඔහිය කියන ස්ටේශමේ පට්ට හීතලේ රෑය පහන් කොරලා පහුවෙනිදා උදේම පයින්ම ඈද්දා නේ.මොකෝ වාහන ගන්න සල්ලි තියෙන එකක්ය.හවස් වෙනකොට ආයෙත් ඔහියට එන්න ඕන නේ අන්තිමට දුවගෙන ආවේ.මොකද ප්‍රමාද උනානම් කෑලේ නෙ නවතින්න වෙන්නේ.එහෙම උනානම් ආයෙත් ඉතින් ඒමක් නෑ.යන්න එන්න කිලෝමිටර් 25 විතර මට මතක හෑටියට නම්.
Labels: agriculture
"කලමෑටියේ පරව් අහු වෙලයි කියන්නේ"
අද මේ කියන්න හදන්නේ ටිකක් වෙනස් විදියෙ කථාවක්.අපිට පොඩි ආරංචියක් දුන්නා අපේ මිත්‍රයෙක් ඊයෙ,"මචන් අන්න අද කලමෑටියේ පරා අහුවෙලාලු.ගිහින් බලපන්කො" කියලා.ඉතින් ඔක්කෝම වෑඩ පෑත්තකින් තියලා ගියා නෙ ඒ පාර කළමෑටියෙ. කලමෑටිය ඔයාලට නුපුරුදු තෑනක් නෙවෙයි නේ.අපේ රටේ දකුණු කොටසේ පිහිටලා තියෙන කුරුලු අභයභූමියක් විදියට තමයි මේ ස්ථානය ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ.ඊට අමතරව දෑනට සුරක්ශිතව පවතින හොද කඩොලාන පරිසර පද්ධතියක් මේ භුමියේ දකින්න පුලුවන්.හරියටම තෑන කිව්වොතින් කොළඹ කතරගම පාරේ හුංගම නගරය පහු කරලා කිලෝමීටර් දෙකක් විතර ඉදිරියට යනකොට දකුණු පෑත්තට තියෙන පාරෙ පොඩි දුරක් යද්දි කලමෑටිය අභයභූමිය හමු වෙනවා.
ඉතින් මේ අභයභුමිය එක් පසකින් මායිම් වන්නේ මහා සාගරයට.ඒ කෙළවරේ තමයි කලමෑටිය ධිවර වරාය පිහිටලා තියෙන්නේ.ඉතින් අපේ ගමනාන්තය උනේ අභය භූමිය හරහා ගොහින් මේ ධිවර වරාය දක්වා ගමන් කිරීම.මොකද පරව් ගන්න හෝ බලන්න නේ මේ ආවෙ,තකහනියේ.
අභය භුමිය අවසන් සීමාවට එද්දි නටබුන් වෙච්චි ගෙවල් තෑනින් තෑන දකින්න තියෙනව .සමහරක අත්තිවාරම විතරයි ඉතුරු වෙලා තියෙන්නේ ,මොකද දන්නවද මේ ප්‍රදේශයට සුනාමියෙන් ලොකු හානියක් වෙලා තියෙනවා ඒ වෙලාවෙදි.
The Srilankan greatest singer , loving heart person ,music director Mr Amaradewa ,wish you happy birth day!
ජීවන මං පෙත තරනය කිරීම තුල අසූ දෙවෑනි විය පසු කර යන නමින් දයාබර... අමරදේව ,නම්වූ සොදුරු සරළ ,සංගීතවේදියානෙනි,මව් බිමට ආදරය කල සහෘදයානෙනි!දිවි මං පෙතේ තවත් චිරාත් කාලයක් හෙල අඹර දිදුලන තරුවක් ලෙසින් අප අතරම හිදිමින් දිගු ගමනක් යාමට ශක්තිය වාසනාව ලෑබේවායි එක් සිතින් පෑතුම් එක් කරමි. ඔබට සුභ උපන් දිනයක් වේවා!
Labels: අමරදේව ශූරීන්, චරිත, වෙනත්
Green test within five minute! - If your vehicle passed the test, you will be issued with a Sri Lanka Vehicle Emission Test Certificate
මාර සිද්ධියක් උනේ...ඉතින් පොඩි අවුලක් දෑනුනු නිසා අද මේක ගෑන ලියන්න ඕන කියලා හිතුනා.ඉතින් දුකට සෑපට අව්වේ වෑස්සේ මාත් එක්ක ඉන්න,මිත්‍රයා තමයි මගේ බයිසිකොලේ...නමින් කිව්වොත් glx125 එක.ඉතින් පහුගිය දවසක ඒකේ අදායම් බලපත්‍රය අලුත් කොරගන්න ගියාම එතනින් දෑනගන්න ලෑබුනා ඒකට දුම් පරීක්සනේ කොරලා වාර්තාවක් ගන්න ඕන කියලා.ඉතින් මේක ගන්න වෙන්නේ ලියාපදිංචි කරලා අවුරුදු 03 පහු උනාට පස්සේ..වාහන ,බයිසිකොල් වලට..පාගන ඒවට නෙමෙයි හොදේ.. අපරාදේ දවස් 04 පහු වෙලා තිබුනේ..ඒත් ඉතින් නීතියනේ.තව දවස් 04 කලින් ගියා නම් මේ කතාව කියන්න වෙන්නේ නෑ...ඒත් ඉතින් කොයි දේටත් අන්තිම වෙනකන් බලන් ඉන්න එක අපේ පුරුද්දනේ....
කොහොම උනත් ඔක්කොටම වඩා මේක කරගෙන අදායම් බලපත්‍රය ගන්න එක වෑදගත් නිසා උදේම ගියා දුම් පරීක්සනේ කරන්න,යාලුවා ලෙඩ වෙලාද කියලා දෑනගන්න එකත් හොදයිනේ....අනිත් එක අපේ රාළහාමිලාට සංතෝසම් ගෙවන්නත් අමාරුනේ...නිකන්... ඉතින් සල්ලි ගෙවලා එතන හිටිය නංගි කෙනෙකුට බිල් එකකුත් දා ගත්තා,,,දෑන් හරි ඔන්න චෙක් කොරන තෑන....කොහේද ඊට කලින් ත්‍රිවීලර් එකකුයි ,මට මතක හෑටියට අසුගනන් වගේ තෑපෑල් නයින්ටි දෙකකුයි මටත් කලින් ඉන්නවානේ..අපරාදේ කියන්න බෑ පුටුවකුත් ලෑබුනා ඒ කේ මහත්තුරුන්ගෙන්,අලුත් දෙයක් නේ ඉතින් බලන් හිටියා,,,,,මුලින්ම වාරේ ත්‍රී වීල් එකේ සටාර්ට් කොලා,,,අප්පේ දුම....එතන ඉන්නත් අමාරුයි වගේ...මේකට් නම් ඉතින් බඩුම තමා....මේ ඉතින් මං හිතාපුවා නෙව,,මන් කියලා හරියන්නේ නෑ මෑසිමෙන් නේ තිරනේ දෙන්න ඕන..ඉතින් තව මල්ලි කෙනෙක් අරකෙ සයිලන්සරේ ගාවට බටේ ලංකොරලා ආයි ගෑලෙව්වා.....හරි හදිසියි වගේ ඒ මල්ලිට????? "දෑන් හරි පාස්නේ"අතෙන්ට ගිහින් හදා ගත්තානේ,,,,,,,හා අතන අතුලෙන් සහතිකේ ගන්නකො,,,,,
මට අන්ඩරදෙමළ වගේ......මගේ උපකල්පනේ වෑරදියි නොවෑ..දෑන් අර තෑපෑල් නයින්ටි වල වාරේ....කලින් එකත් එක්ක බලපුවාම ලොකු වෙනසක් නෑ.බලපු ක්‍රමෙත් වෙනසක් නෑ,,,,,ඒවත් දෙවෙනි පාරට ආපුවා කෙලින්ම පාස් උනා..... දෑන් මගේ වාරේ ....අපෝ මේ අලුත් ඒවා නේ,,,,,,මෙවා ෆේල් වෙයිය...ඈත්තටම මට ඒ ගෑන කිසිම චකිතයක් තිබුනේ නෑ....ඔන්න මල්ලි අර බටේ ගෙනත් ගෑහුවා,මිනිහා හරි දක්ශයා ඒ වෑඩේට...... මෙන්න බොලේ ඒ පාර මු රේස් කොරනවා කොරනවා මාත් එක්ක තරහට වගේනේ,විනාඩි 5 ඉවරයි..ඒත් කෝ ප්‍රතිපලේ?????කොම්පියුටරේ ස්ලෝ වෙලාලු ...කලින් එව්වට නෑ,,,කොහොම හරි මල්ලිලා දෑඩි උත්සාහයේ ප්‍රථිපලයක් විදියට යාන්තම් උත්තරේ ලෑබුනා......
මොකද්ද දන්නවාද???දුම් පරික්සනය අසමත්......මට විතරක් නෙමේ එතන හිටිය අනිත් අයටත් පුදුමයි.....මෙන්න අර ගොල්ලො මට අපුරු විසදුමක් දුන්නා අයියේ ඔයා අහවල් තෑන දන්නවානේ..එතනින් පොඩ්ඩක් බලවන් එන්නකෝ,,,,,,,අනේ අපොයි,,,,අර කලින් පාස් වෙච්ච අයත් එතනින් හදන් ආපු අයනේ... මටත් ඉතින් මොලේ පොඩ්ඩක් පෑදිලා මං කෙලින්ම ගියා මගේ බයිසිකොලේ සෙවා කොරගන්න තෑනට,,,,ගිහින් කාරණේ කිව්වා.....ආ ඔතන ඔහොම තමයි.....අර තියෙන්නේ ඔය යන්න කිව්ව තෑනනෙ.....මාත් බෑලුවා අනේ හෑබෑමනේ,,,දුම් පරික්සනේ කොරන්න එන පරන ලටපටස් ඔක්කොම මෙතනනේ......එතනින් 500 කපනවා,,,,,ඊට පස්සේ ගියාම වෑඩේ ගොඩ,,, මාත් ඉතින් ආපු එකේ එයාර් ක්ලීනරේත් සුද්ද කරගෙන ආපහු ගියා.....වෑඩේ කරගත්තද? ඔව් මල්ලි,,,,,,,බලමු.....අප්පේ පාස්ස්නෙ,,,,,,,,,,යන්තම් හරි.... ඔන්න ඕකයි කතාව,,,,,ඉතින් ඔහොමත් දේවල් වෙන්න පුලුවන්,,ඉතින් පරිසරය රෑකේවිද?මන් කියන්නෙ නෑ හෑම තෑනම මෙහෙමයි කියලා..ඒත්පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න එක හොදයිනේ...
Labels: green test, උපහාස, කාලීන
- ස්ථානය - මාතර වෙරළ පාර
- කෑමරාව -3.2 mpxl (මගේ sony ericsson ජංගම දුරකථනයේ)
- ප්‍රමාණය - 558 kb
- වේලාව - 4.54 pm
- තිව්‍රතාවය - 1536x2048
- ස්ථානය - මාතර නුපේ
- කෑමරාව -3.2mpxl ( මගේ sony ericsson ජංගම දුරකථනයේ)
- ප්‍රමාණය - 519 kb
- වේලාව - 4.38 pm
- තිව්‍රතාවය - 1536x2048
මතකද ඔබට ඒ දිනය,2009-05-19....එකම රටක් එකම කොඩියක් ,තිස් වසරක වියරුව තව දුරටත් ශාපයක් නොවූ තිරනාත්මක දිනය.සතුටු කදුලු පක්ශ පාට භේද ඉවත ලා එක්ව එකම රටක් ලෙස සිනාසුනු මොහොත.එඩිතර නායකත්වය ,අභීත රණවිරු ජීවිත පරිත්‍යාගය ,රට බෙදා වෙන් කල පොන්ගු තමිල් වේදිකාවේ ඊලම පිලිබදව සිහින දුටු කෑනහිලුන්ට මංකොල්ල කෑමට ඉඩ දෙමුද?
පසු සටහන- දේශපාලන ලෝකය උණුසුම්ව තිබේ.මෑතිවරනයක් පෑවෑත්වීම පිලිබදව කනින් කොනින් අසන්නට ලෑබේ.රටේ තිබූ උග්‍රම වසංගතය නිමවී ඈත.එය දේශයට හිතෑත්තන්ට ,ආදරය කරන්නන්ට පමණක් වුවද මාතෘ භුමිය කෙසේ වෙතත් තමා ජාතක කල අම්මා උනත් විකුණාගෙන කන්නට තරම් පසුබට නොවෙන්නන් සිටින්නා වූ සමාජයක ඈත්ත ඈති සෑටියෙන් නොදකින්නා වූද බලය හා කෑදර කම වෙනුවෙන් ඊට එහා දෙයක් සිදු වුවද දෙනෙත් පියා සිටින්නන්ට වලංගු නෑත.එවෑනි දේශපාලනික කුහකත්වයක් තුල කටයුතු කිරීමටද ප්‍රජාතන්ත්‍රවාදි අයිතියක් ඔවුනට ඈත.
Labels: srilanka army, කාලීන, වෙනත්
"දෑන් මහත්තයෝ ඔය සත්තු කූඩු කොරලයි මෙහෙට ගේන්නේ?"සහ තවත් කතා...
මේ දවස් වල තොරතුරු නේද,ම්ම් ඔන්න මාස ගානක් තිස්සේ පෑවතිච්ච නියගය නිමා කරමින් ඔන්න අපේ පෑත්තටත් මාස් වෑහි ලෑබීම ආරම්භ උනා.ඒ එක්කම 2009/10 මහ කන්නය වෙනුවෙන් අපේ කට්ටිය නම් බරටම වෑඩ.මොකද ප්‍රමාද වෙලා නෙව වෑස්ස ලෑබුනේ.වෑස්ස ගෑන කිව්වට මොකෝ එලියට වත් බහින්න නම් බෑ.මාස ගානක් කරකුට්ටන් වෙලා තිබුනාට එක වෑස්සෙන්ම මෘදු මොළොක් වෙන පසක් නේ මෙහේ තියෙන්නේ.දන හිස ගාවෙන් බේරුනොත් ලොකු දෙයක්.
මිදි කප්පාදු කරන්නේ මෙහෙමයි...
ගොඩ දෙනෙක් කතා කල නිසාම අද මිදි කප්පාදුව ගෑන කෙටියෙන් හරි අපේ යාලුවො දෑනුවත් කරන්න ඕන කියලා හිතුනා.කලින් මිදි වගාව ගෑන ලිපියක් ලිව්වත් ඒකෙ මිදි කප්පාදුව ගෑන ලියන්න බෑරි උනානේ.අපේ යාලුවො මතක තියා ගන්න ඕන මිදි වෑලක් ගෙදර තිබුනාට ඒකෙ අස්වෑන්නක් ලබා ගන්න නම් අනිවාර්යෙන්ම කප්පාදුව කියන එක කරන්නම ඕන දෙයක් බව.එහෙම නොකලොත් ඉතින් අවාරෙට හෑදෙනවා වගේ මිදි පොකුරක් දෙකක් වගේ තමයි වෑලෙන්ම ගන්න පුලුවන් වෙන්නේ....... කප්පාදු කරන්න අපි තෝරාගන්න ඕන වෑස්ස රහිතව වියලි කාළගුණයක් තියෙන කාලයක්.වෑස්ස තියෙද්දි කප්පාදුව කලාට හොද ප්‍රථිපල ලබාගන්න අමාරුයි.ඒකට හේතුව ඔයාලට මේ ලිපිය කියවද්දි පෑහෑදිලි වේවි.ඉතින් ජල සම්පාදනය කිරීමත් කප්පාදුවට අවම වශයෙන් දවස් පහකට කලින් වත් නවත්වන්න ඕන.ඒ කියන්නේ වගා ක්ශේත්‍රයේ පස වියළි තත්වයේ පවත්වාගන්න ඕන.
Labels: agriculture, grapes pruning, මිදි වගාව
යාලුවන්ට මතක ඈතිනේ ගිය සතියෙ අපි ඕමන්තෙන් නෑවතුනා කියලා.ඉතින් අද ඉතුරු ටික කියන්නම්.උදේ 9.30 වෙනකොට අපේ කොන්වො එක යාපනය බලා ගමන් ආරම්භ කලා. ඕමන්තේ ඉදන් ටික දුරක් යන කොටම අපිට යුද්ධයේ නශ්ඨාවශේෂ පාර දෙපසම දකින්න ලෑබුනා .විශේ ෂයෙන් සුනු විසුණු වී ගිය කොටි බංකර් මීට කලකට ඉහත මේ භූමිය තුල ක්‍රියාත්මක වූ කොටි ත්‍රස්තවාදයේ මළ සොහොන් කොත් වගේ පාර දෙපෑත්තේම දකින්න පුලුවන්. අපිට මුලින්ම හමුවෙන්නේ මාන්කුලම් කියන නගරය.කට්ටියට මේ නම් එහෙම හොදට මතක ඈති පහුගිය මානුෂික මෙහෙයුම ක්‍රියාත්මක වෙච්චි දවස්වල නිතර අහන්න ලෑබුනානේ.හෑබෑයි දෑන් නම් මේ නගර වල අපේ ශ්‍රීලංකා හමුදාවේ කදවුරු ඉදි කරලා.
Labels: agriculture, jaffna, කාලීන, සුන්දර ස්ථාන
ඔන්න අපේ කට්ටියට මතකද දන්නේ නෑ මම ගිය සතියෙ කිව්වා මගේ ජීවිතයෙ මම බලන්න යන්න බොහොම ආසාවෙන් හිටපු පෑත්තක් බලන්න යන්න අවස්ථාව උදා උනා කියලා.ගොඩාක් ලොකු බලාපොරොත්තු මගේ ජීවිතේ නොතිබුනාට එක හීනයක් තිබුනා කවදා හරි යාපනය ,අපේ රටේ උතුරු බිම ඈස් දෙකෙන් බලා ගන්න.ඒත් කවදාවත්ම හිතුනේ නෑහෑ රටේ තිබුණු තත්වයන් එක්ක ඒ හෙම අවස්ථාවක් අපේ ජීවිත කාලය තුල උදා වේවි කියලා.මට විතරක්ම නෙමේ අපේ රටේ බාල,මහලු .තරුණ සියලු දෙනාටම ඒ පිලිබදව තිබුණේ අවිනිශ්චිත බලාපොරොත්තුවක්.....හීනයක්...... ඉතින් නොසිතූ විරූ විදියට කාලයත් එක්කම සියල්ල වෙනස් උනා...ප්‍රභාකරන් නම්වූ කාලකණ්නි යාගේ ක්‍රියාකාරකම් අතීතයට එක් වෙලා...ඉතින් ශ්‍රිලංකාද්වීපය තුල මාන්කුලන්, කිලිනොච්චි,පරන්තන් ,අලිමංකඩ මුහමලේ නම්වූ ප්‍රධාන නගර පසුකරලා යාපනය නගරය දක්වා යාමේ අවස්තාව මටත් ලෑබුනා.හෑබෑයි ඒ හමුදා අවසන් මුරපොළ වෙච්චි ඕමන්තෙයි පහු කරලා කොටි මුරකපොලු වලට කප්පන් ගෙවලා ,ඊලාම් උසාවි ,බෑංකු, කොටි පොලිස් ස්තාන වල පරික්ශාවට එහෙම ලක් වෙලා ඊලාම් දේශය හරහා නම් නෙමෙයි.......එකම රටක නිදහස් පුරවෑසියෙක් විදියට. මෙවා කියද්දී ටිකක් රිදෙන අය ඉන්නවානේ...ඉතින් ඒ අය නම් නොකියෙව්වාට කමක් නෑ.මහා ලොකුවට ප්‍රජාතන්ත්‍රවාදේ පතුරු ගහන ,හිට්ලර්වාදය නාසිවාදය ගෑන පාරම් බාන.ඈත්ත දරා ගන්න බෑරි,,,,කුහකයො කීප පොලක්..... ඉතින් උතුරු වසන්තය වෑඩසටහන වෙනුවෙන් අපේ ද්‍රවිඩ සහෝදරවරු උතුරු කොනේ අලුතෙන් අස්වද්දන සරුසාරවු කුබුරු යායන් වලට අවශ්‍ය බිත්තර වී අපේ ප්‍රදේශ වලින් ලබාදීමේ සත් කාර්යය සදහා තමයි මමත් සහභාගී උනේ....... ඒ වී ගොවි මහත්වරුන්ට නොමිලයේ ලබා දෙන්නේ. වසර ගණනාවක් තුල ඈවිලිනු ගිනි ජාලාවත් එක්කම වී වගාවත් නතර වෙලා.කුබූරු පුරන් වෙලා....ඒත් අපි එහේ යනකොට එක යායට සී සෑම කරපු තමන්ගේ දෙවෙනි ගමන යන්න වගේ වෑස්ස එනකන් මග බලාගෙන ඉන්න පේන තෙක් මානයේ විහිදුනු කුබුරු යායවල් තමයි දකින්න ලෑබුනේ.... ඉතින් අපේ ගමන් මාර්ගය උනේ අනුරාධපුරයේ ඉදන් රබෑව,මෑදවච්චිය පහුකරලා වවුනියාව නගරයට පිව්සිලා එතන ඉදන් ඕමන්තේ දක්වා ගමන් කොට එහි සිට යාපනය දක්වා ගමන් කිරීම. අනුරාධපුරයෙන් අපි උදේ පාන්දරින්ම පිටත් උනා.රබෑව නගරය පහු කරලා යද්දී ඊලගට හමුවෙන නගරය තමයි මෑදවච්චිය.කිලිනොච්චි යනවා කියලා මෑදවච්චි නම් ගියේ නෑ හොදේ...වවුනියාව පෑත්තට යන වාහන පූර්න පරික්ශාවකට ලක් වෙන්නේ මෑදවච්චි මාර්ගබාදකයේදි.සියලුම ලොරි ,භාන්ඩ ප්‍රවාහන වාහන වල ඈති දේවල් එකින් එක පරික්ශා කිරීම සිදු වෙනවා.ඒ සදහා සෑලකිය යුතු කාලයකුත් ගත වෙනවා.ඒ වගේම වවුනියාව දෙසට යන සියලුම පෞද්ගලික වාහන සදහා අනිවාර්යයෙන්ම එම්.ඕ.ඩී එක අනිවාර්යයි.ඒක නෑත්නම් මෑදවච්චියෙන් එහාට යන්න බෑ.ආරක්ශක අමාත්‍යංශයෙන් අනුමෑතිය ඈතුව ලෑබෙන සහතිකයට තමයි එම්.ඕ.ඩී එක කියලා කියන්නේ... එතනින් පිටත් උනායින් පස්සේ හමුවෙන ප්‍රධානම නගරය තමයි වවුනියාව.ඈත්තටම ගොඩාක් ලොකු නගරයක්.ඒ වගේම කඩසාප්පු බොහොමයක් තියෙන අතිශයින් ජනාකීර්න නගරයක්.අපි වවුනියාව නගරයේ ටික වෙලාවක් හිටියා.මම නම් එහේ කඩවල් කිහිපයකටත් ගියා.සම්පූණයෙන්ම දෙමළ භාශාව තමයි භාවිතා වෙන්නේ. වවුනියාව නගරයේ ඉදන් කි.මී 12 විතර ක්‍රමක්‍රමයෙන් උතුරු දෙසට ගමන් කරන කොට ඔන්න අපේ ශ්‍රිලංකා රජයේ පාලනය යටතේ තියෙන අවසන් මුර පොල ,,,,,,,අනේ ඒ ඉස්සර දෑන් ඉතින් මේ රට ශ්‍රීලාංකික අපි සියලුම දෙනාගෙනේ.ඕමන්තෙයි හමු වෙනවා.එතනදි නෑවතත් සියලුම වාහන පූර්න පරික්ශාවකට භාජනය වෙනවා.මෙතෙන්දි ආයෙත් එම්.ඕ.ඩි එක අවශ්‍ය වෙනවා.ආ තව දෙයක් ඕමන්තේ පෑත්තට එන කොට පාරේ වම් පෑත්තේ ලහි ලහියේ ඉදිවන උතුරු දුම් රිය මාරගයේ වෑඩ කටයුතුත් දකින්න පුලුවන්. ඕමන්තේ ඉදන් යාපනය දක්වා ගමන් කරන වාහන ඕමන්තේ ඉදන් පිටත් කරන්නේ කංඩායමක් විදියට.මේකට කියන්නේ කොන්වො එක කියලා.මේ කොන්වො එකේ වෙලාවල් වෙනස් වෙනවා .දවසකට යාපනය දක්වා මේ විදියට කොන්වො කීපයක් තියෙනවා. අපි ගිය දවසේ උදේම තිබුනේ ෆූඩ් කොන්වො එක.බර වාහන බොහොමයක් තියෙන නිසා උදේ 9.30 කොන්වො එක තමයි අපිට දීලා තිබුනේ.මොකද ගොඩාක් වෙගෙන් යන්න පුලුවන් වාහන එක්ක අඩු වෙගෙන් ගමන් කරන වාහන දෑම්මොත් ගෑටලුවක්නේ.ඉතින් පරික්ශා කරන වාහන එතනින් අනුමෑතිය ලෑබුනාට පස්සෙ පිළිවෙලට එකක් පසුපස එකක් විදියට නවත්වනවා . මේ චායාරූපයේ තියෙන්නේ යාපනය දෙසට මුහුන දාලා තියෙන අපේ කොන්වො එක. ඉස්සර මෙතනින් එහාට මීටර් කිහිපයක් යද්දි කොටින්ගේ පාලනය යටතේ තිබුන බල ප්‍රදේශය,නිල නොලත් ඊලාමය, ඒ වගේම උන්ගේ මුර පොලවල් බදුගන්න, පරික්ශා කිරීම් කරන ස්තානය තමයි තිබිලා තියෙන්නේ.ඒත් රටේ වාසනාවට දෑන් එහෙම නෑහෑ.ඉතින් ඔන්න අපිත් හා හා පුරා කියලා උදේ 9.30 වෙද්දි ඕමන්තේ ඉදන් යාපනය බලා පිටත් උනා......................
Labels: agriculture, jaffna, කාලීන, සුන්දර ස්ථාන
Labels: වෙනත්
අපි මිදි වගා කරමු...
ඔන්න අපේ යාලුවො කීප දෙනෙක්ම අහලා තිබුනු ඒ වගේම කාලීන වෑදගත්කමකුත් තියෙන මාතෘකාවක් ගෑන අද කතා කරන්න හිතුනා.වෙන මොකුත් නෙමේ මිදි වගාව ගෑන. මෙහෙම කියන්නම් .වගාවක් කිව්වාට අපේ යාලුවන්ට ගෙදර මිදි වෑලක් දෙකක් උනත් හදාගෙන රස බලන්න පුලුවන්.ප්‍රදේශය ගෑන හිතන්න එපා.ඕනෑම පෑත්තක හදන්න පුලුවන්. ඒත් ආර්ථික වගාවක් කරන්න නම් සුදුසුම වියළි කලාපය තමා.මේ පෑත්තේ නම් ඒ වගේ මිදි මෑහි තියෙනවා.මෑහි කිව්වම මතක් උනේ....මිදි ගස් නෙමේ වෑල් විදියට යි හෑදෙන්නේ.සාමාන්‍යයෙන් මිදි වෑලකින් අවුරුදු 35-40 විතර කාලයක් අස්වෑන්න ගන්න පුලුවන්.හෑබෑයි අත ඈර දාලා නෙමේ හරි විදියට නඩත්තු කරලා හොදේ. ලංකාවෙ වගා කරන්න පුලුවන් හොද ප්‍රභේද දෙකක් තියෙනවා.එකක් කාඩිනල්.අනෙක ඊශ්‍රායෙල් බ්ලු.චායාරූප තියෙනවානේ.
Labels: agriculture, grapes cultivation, මිදි වගාව