.


උඩරට එලවලු පහත රටට අකෑපද ? එහෙනම් වවලාම බලමුකෝ...


උඩරට එලවලු කිව්වාම එක පාරටම මතක් වෙන කීප පොලක් ඉන්නවානේ.කෑරට්,බීට්,ගෝවා,මල්ගෝවා නෝකෝල් එතකොට සලාද..ම්ම් තව තියෙනවා.ඉතින් එක පාරටම මේ ගෑන මතක් උනේ මොකද.නෑ විශේෂයක්ම නෙවෙයි.ඒත් පොඩ්ඩක් මේ ගොල්ලො ගෑන දෑනුවත් කරන්න හිතුනා.
වෑඩිපුරම පාරිභෝජනය කරන කාංඩෙනේ.ඉතින් නරකද අපේ ගෙවත්තේම මේ ටික වගා කර ගත්තෝතින්,හරි කිසිම ගෑටලුවක් නෑ.මේවා උඩරට එලවලු උනාට අපේ පහතරටෙත් කිසිම ගෑටලුවක් නෑතුව අඩුපාඩුවක් නෑතුව වගා කරලා හොද අස්වෑන්නක් ගන්න පුලුවන්.
කට්ටියට මුලින් අවිස්වාසයක් හිතෙන්නත් පුලුවන්.ඔය කිව්වාට ඈත්තටම පුලුවන්ද ඕවා මෙහේ වවන්න,හරි ගහ හෑදුනයි කියමුකෝ එත් ඵලදාවක් ගන්න වෙයිද?

ඈත්ත මේ වගේ ගෑටලු ඔයාලටත් ඈති වෙන්න ඈති.අපි ගෙවතු වෑඩසටහනත් එක්ක මේ උඩරට එලවලු වගා කරන්න අපේ ගොවි මහත්තුරු දෑනුවත් කරන කොටත් ඔය වගේ ගෑටලු ආවා.මොකද අපේ අයට පුරුදු වම්බටු,තක්කාලි මිරිස් මාලුමිරිස් එතකොට ඔය මෑහි භෝග වර්ග එහෙම වවලානේ.ඉතින් සමහර ගොවි පිලිගත්තේම නෑ.ඒත් අපි කුඩා කංඩායමක් හදාගෙන ගෙවතු වගාවත් එක්කම වෑඩේට බෑස්සා. ඉතින් අවසානයේ ඉතාමත්ම සාර්ථක විදියට ඔය කිව්ව උඩරට එව්වා පහත රටෙත් වෑව්වා.ඉතිං දෑන් අපේ කට්ටිය දන්නවා ඕවා මෙහේ හොදට වෑවෙනවානේ කියලා.
උඩරට වර්ගවලින් කෑරට් එහෙම ටිකක් මේ පෑති වල වවද්දි අලේ ටිකක් පොඩි වෙනවා කියලා අදහසක් අපෙත් තිබුනා.ඒත් දන්නවද වෑඩේ.මං ගිය සතියෙ ගියා ගෙවත්තකට ,ඒකේ බහෑපු කෑරට් නුවර එලියෙ බඩු පරාදයි.ඔන්න වෑඩේ හෑටි.

හරි එහෙනම් කොහොමද වෑඩේ පටන් ගන්නේ.ඔයාල වගා කරන වර්ග ටික තෝරා ගන්න.ගෝවා,මල්ගෝවා,බීට් නෝකෝල් ම්ම් කෑමති නම් කෑරටුත් ගන්න.මේවායේ බීජ වෙළද පොලේ දෑන් බොහෝම පහසුවෙන් ගන්න පුලුවන්.අත්හදා බලන්නනේ මුලින් පොඩ්ඩ පොඩ්ඩ ගන්න.
හරි.මෙහෙමයි ඔතනින් කෑරට් ඈරෙන්න අනිත් වර්ග ඔක්කෝම තවාන් කරලා හිටුවන වර්ග.කෑරට් තවාන් කරලා හිටවන්නේ නෑ.ඒකට හේතුව ගලවල ආයෙත් හිටුවන කොට ඈතිවෙන හානි නිසා විකුර්ති අල ඈතිවෙන්නේ.තවාන් කොරන්න බිම් තවානක් ගොඩාක් හොදයි.ඒත් ගෙවතු මට්ටමේදි නම් පරන කිරි හට්ටි,ඔය පෑලිච්ච බේසම් එහෙම උනත් පාවිච්චි කරන්න පුලුවන්.
තවාන් මිශ්රණයට හොද කොම්පෝස්ට් ටිකක් ගත්තා නම් ගොඩේ ගොඩ.තව පාංශු දිලීර නාශකයක් එහෙම මේ තවාන් පස් ටිකට දාලා ගන්න එක ණුවනට හුරුයි.
තවාන් කරලා දවස් 6-10 යද්දි මේවා පෑල වෙන්න පටන් ගන්නවා.අපි තවානේ තියාගන්නේ උපරිම දවස් 21 විතරයි .ඊට කලින් ක්ශේත්රයට ගන්න ඕන. ඕන නම් කෙලින්ම බිම හිටවන්නත් පුලුවන්.එහෙම නෑත්නම් පොලිතීන් බෑග් එකේ හදන්නත් පුලුවන්.හෑබෑයි මතක තියාගන්න මේවා තවාන් කාලේ හෙවනට ආස උනාට ඊට පස්සේ තද අව්ව ප්රිය කරන භෝග. නිසා ගෑනත්සෑලකිලිමත් වෙන්න ඕන.බෑග් එක ගොඩාක් පොඩියට ගන්න එක හොද නෑ.අඩි1.5x2.5 වගේ නම් හොදයි වෑඩේට.කොම්පෝස්ට් පෝර වලින්ම ඒක පුරවා ගන්න ඕන.

ඔය බීට් වගේ වර්ග බහුකලලතාවය පෙන්වන වර්ග කියන්නේ එක ඈටේකින් පෑල දෙක තුනක් හෑදෙන්න පුලුවන්.ඉතින් තවානෙන් ගලවලා හිටුවද්දි මේවා වෙන් කරලා සිටුවන්න ඕන.
රසායනික පොහොර වලට වඩා කාබනික පොහොර යොදලාම වගාව කරන එක වඩා හොදයි.කෘමිනාශක ගෑනත් කියන්න තියෙන්නේ ටිකමයි,මොකද ගෙවතු මට්ටමින් අපි කන්න හදාගන්න ඒවනේ.වස විස ඕනම නෑ.අපි වෙලද පොලෙන් ගන්න ගියාම වෑඩිපුර කෑවෙන්නේ වසනේ ඉතින්.
අනිත් එක අපිට මානසිකව උනත් ලොකු සතුටක් දෑනෙනවා අපිම වවාගත්තුවා නේ කියලා.
තව කියන්න නම් දේවල් තියෙනවා.ඒත් ලිපිය ගොඩාක් දිග උනෝතින් කියවන්න උනත් එපා වෙනවනේ.ඉතිං බොහෝම කෙටියෙන් උඩරට එළවලු වගාව ගෑන ඔයාලව දෑනුවත් කරන්නයි ඕන උනේ.මේ චායාරූප ටික මගේ ක්ශේත්‍රයෙ ගනිපුවා එහෙනම් ගෑටලුවක් තියෙනවා නම් අහන්න.පොඩි හරි උත්සාහයක් ගන්න වෑඩේ කරන්න.ගිහින් එන්නම්.

15 comments:

සඳුන් රත්නායක said...

wenas widiyaka blogak
i liike it

චතුරංග රූපසිංහ said...

මට පරන ලිපි කහිපයක ප්‍රින්ට්අව්‍රට් ගන්න අටසර දෙන්න පුලුවන්ද?

NUWAN said...

@සඳුන් -
ස්තුතියි සදුන්

@ චතුරංග-
ගන්න ගන්න.මේ තොරතුරු මිනිස්සු අතරට පුලුවන් තරම් යන එක ගෑන අවංකවම සතුටු වෙනවා මම.

බිඟූ said...

නියමයි නුවන්,

මාත් රැජිනට කියන්න ඕනෑ මල් වවන අස්සේ මේ වගේ වැඩකුත් කරන්න කියලා.
ඔන්න ඉතින් අපිට උදවු ඕනෑ, දැම්ම කීවා හරියැ...

/බිඟුවා...!

NUWAN said...

බිගුවන්ට නොදෙන සපෝර්ට් එකක් තියෙනවද මචන්.බලපන්කො මේ පෝච්චි වල යස අගේට වවලා තියෙන්නේ.රෑජිනත් කෑමති වෙයි.

abcd...අආඇ said...

ඇත්තටම කියනවා නම් මේවා උඩරට එළවළු නෙවෙයි, පිටරට එළවළු. ඒවා උඩරට හොඳට වැවෙනවා, එච්චරයි. අපේ සාම්ප්‍රදායික එළවළු දැන් කොහෙද කියල හොයාගන්නත් නෑ, අතුරුදහන් වෙලාද කොහෙද??

මොනවා උනත් ඔබේ ලිපිය හොඳයි, කෘෂිකර්මාන්තය වගේ විෂයක් ගැන මෙහෙම ලියවෙන එකත් ලොකු දෙයක්. මොනව වුනත් අපි කෘෂිකාර්මික ජාතියක් කියල නොවැ කියන්නෙ.

පොඩි අදහසක් දෙන්නම්, පුළුවන් නම් අපේ සාම්ප්‍රදායික එළවළු, පලතුරු වගේ දේවලුත් මේ වගේ ප්‍රවර්ධනය කරන්න.

නිලන්‍ත said...

අගේ ඇති ලිපියක් නුවන්. මමත් බොහොම ආසයි වගාවට. හැබැයි මගේ ගෙවත්ත නං බොහොම නිසරුයි. මොකද අපේ ගේ හදල තියෙන්නේ කඳු බෑවුමක අඩි 12ක විතර කන්ඩිය කපල. ඒ පසත් කබොක් ගල් සහිත මැටි පසක්. පැලයක් හිටෙව්වත් තනිකරම පිටින් යොදන පොහොර වලින්ම විතරයි වර්ධනයක් වෙන්නෙ. ඒකට වෙන මොකුත් පිලියමක් තියෙනවද?
මම ඒ ආකාරයෙන් තනිකරම බාහිරව පොහොර දාල වගා කරනව. කුකුල් පොහොර මුදලට ගෙනත්. යම් වියදමක් ගියත් ලැබෙන මානසික සුවය ඊට වඩා වැඩි නිසා වැඩේ ඇදගෙන යනව.
මමත් බීට් හිටවල බැලුව. හැබැයි පැලේ අඟල් 2ක් විතර ඇවිල්ල නිකම් නියඟෙට අහුවෙලා වගේ මැලවිලා මැරිලයනව. කැරට් නම් පැලවුනේවත් නැහැ.
අපේ එලවලු නම් .. වැටකොලු, පතෝල,බටු,බංඩක්කා,මෑ එලකිරියට හැදෙනව. නුවන්ගේ pull එක නිසාම ආයෙත් try කරල බලන්නං.

NUWAN said...

@abcd...අආඇ-
ස්තුතියි.ඔබේ අදහසට.

Anonymous said...

nice post nuwan

සරත් ගුණතුංග said...

නුවන් මහත්මයා, බොහොම හොඳ ජාල පිටුවක්. ඔබේ සටහන් ඉතාමත්ම වටිනවා. සමාජයට ප්‍රයෝජනවත් දේවල් පලකිරීම ගැන ඔබට ස්තුතියි.

NUWAN said...

හෑමදාමත් කියනවා වගේ බොහොමත්ම ස්තුතියි සරත් මහත්මයා.ඔබගේ අදහස් ලොකු ශක්තියක්...

NUWAN said...

@ නිලන්‍ත-

නියමයි නිලන්ත.ආයෙත් පාරක් ට්‍රයි එකක් දෙන්නකො.කරගන්න පුලුවන්.ඔය කියන විදියට පසේ නම් ගෑටලුවක් තියෙනවා.මොකද මතුපිට පස් තට්ටුව ඉවත් වෙලානෙ.ඉතින් ඔය මට්ටමේ පෝශක ගොඩක්ම අඩුයි.පුලුවන් තරම් කාබනික පෝර තට්ටුවක් යොදලා වගාව කරන්න බලන්න.මීට කලින් මන් කිව්ව පොස්පොකොම්පෝස්ට් වගේ දෙයක් හදලා යෙදුවෝතින් ඔය පාවිච්චි කරන කුකුල් පොහොර වගේ දේවල් අඩු කරන්න පුලුවන්.ඔය පෑල පෑලවෙලා ඊඅට පස්සේ මෑරෙනේ ගොඩාක් වෙලාවට පසෙන් එන දිලීර රෝගයක් නිසා .ඒක නිසා තවාන් කරද්දි වගේම පෑලේ හිටෙව්වායින් පස්සෙත් නිර්දේශිත පාංශු දිලීරනාශකයක්(හෝමායි ) භාවිතාකරල බලන්න.
http://www.nuwans.com/search/label/phosphocompost

Kirigalpoththa said...

මමත් දන්නවා ගම්පහට කිට්ටුව මල්ගෝවා ගෙවතු වගාවක්. මාත් දකිනකන් පිලිගත්තේම නෑ.

NUWAN said...

@ Kirigalpoththa

මෙහේ වවපු අය අතරෙත් වෑඩිපුරම ජනප්‍රිය උනේ මල්ගෝවා තමා.

Unknown said...

elama la blogs pot tikak thawa travels ganay cultivation ganay potoes add karanna api asay.

Related Posts Plugin for WordPress, Blogger...