.


ඇතා  මළ  ඇල්ල ...


සාමාන්‍යයෙන් දකුණු පලාත දිය ඈලි වලට නම් ඒ තරම් ප්‍රසිද්ධ නෑහෑනේ.එත් ටිකක් ඈවිදලා බෑලුවොත් නම් හිතෙනවා එහෙමත්ම නෑනෙ කියලා.ඉතින් අද මේ කියන්න හදන්නේ ඒ තරම්ම ප්‍රසිද්ධ නොවෙච්ච තාමත් හුග දෙනෙක්ගේ නෙත් නොගෑටිච්ච මනස්කාන්ත දිය ඈල්ලක් ගෑන තමයි.හෑබෑයි ඒ නිසාම වගේ තවමත් මේ ස්තානයේ ස්වභාවික පරිසරයට මිනිසාගෙනුත් ලොකු බලපෑමක් සිදු වෙලා නෑ.ඈතා මළ ඈල්ල කියන නමින් තමයි මේ සුන්දර දිය ඈල්ල හදුන්වන්නේ.අකුරෑස්ස දෙනියාය මාරගයේ දෙනියාය පෑත්තට ගමන් කරලා පිටබෑද්දර නගරය පහු කරලා 4km විතර ඉදිරියට ගියාම හමුවෙන නිල් ඈල්ල වතු යාය ගාවින් දකුණට හෑරිලා පටු අතුරු පාර දිගේ 3 kmවිතර ගියාම මේ ස්තානයට යන්න පුලුවන්.ඒ ආසන්නයටම වාහනයකින් ගමන් කිරීමේ හෑකියාවත් තියෙනවා.මේ ස්තානය සම්බන්දව මගේ නම් බොහොම සුන්දර මතකයක් තියෙන්නේ.මම නම් මුලින්ම මේ ස්තානය බලන්න ගියේ පාසල් යන කාලයේ මගේ යාලුවෝ ටිකක් එක්ක ඒ මීට අවුරුදු 8 විතර කලින්.කොහොම හරි හිතට අල්ලලා ගියපු නිසා ඊට පස්සේ කීප අවස්තාවක්ම බලන්න ගියා.ඉස්සර මේ දිය ඈල්ල ආශ්‍රිතව කුඩා විදුලි බලාගාරයකුත් දකින්න පුලුවන් උනා.ඒ අවට ප්‍රදේශයට විදුලිය සෑපයුනෙත් මේ මගින්මයි.කොහොම උනත් 2004 අවුරුද්දේ ඈති වෙච්ච මහා ගං වතුරෙන් පසුව නම් මේ බලාගාරය තිබුන ස්තානයවත් හොයාගන්න ලෑබුනේ නෑ.ගම් වාසින් නම් කිව්වේ ඒ අවස්තාවේ ඈතා මළ ඈල්ලේ ජල මට්ටම සම උනා කියලා.ඒ අවස්තාවෙදි නම් ජීවිත කිපයකුත් ජල රකුසා පෑහෑරගෙන ගිහින් තියෙනවා.ආ නම හෑදුන විදිය කියන්න බෑරි උනා නේ .ප්‍රදේශ වාසින් කියන විදියට ඉස්සර මේ ඈල්ලට ඉහලින් පිහිටලා තියෙන්නේ විශාල වනාන්තරයක්ලු.මෙකේ හිටපු හස්ති රාජයෙක් මේ ඈල්ලේ ඉහල කොටසෙන් ලිස්සලා පහලට වෑටිලා එම ස්තානයේදිම මිය ගිහින් තියෙනවා .අන්න ඒ නිසා තමයි ඈතා මළ ඈල්ල කියන නම වෑටිලා තියෙන්නේ.කියන්නම ඕන දෙයක් තියෙනවා ලස්සන උනාට දිය නෑමට නම් සුදුසු තෑනක් නොවෙයි මෙතන.ඒක නිසා බලන්න ගියාට පරිස්සමින්.කොහොම හරි මම ඈතා මළ ඈල්ල බලන්න අන්තිමටම ගියේ පසුගිය අප්‍රේල් මාසේ 12 වෙනිදා හරියටම අවුරුද්දට දවසක් කලින්.ඒ වෙලාවේ ගත්ත චායාරූප කිහිපයකුත් දෑම්මා.හෑබෑයි කලින් දවසේ වෑහෑපු නිසා වතුර නම් ටිකක් බොර වෙලා තියෙන්නේ.එහෙනම් වෙලාවක් ලෑබුනොත් බලන්න යන්න අමතක කරන්න එපා.

14 comments:

නිලන්‍ත said...

නියම තැන. දැක්කම නං පැනල නාන්නම තමා හිතෙන්නෙ. නෑමට නුසුදුසුයි කියන්නෙ ගැඹුර වැඩිද, හැඩ පාර සැරද, බොරුවැල්ල තියෙන තැනක්ද?

NUWAN said...

@නිලන්‍ත = ඈත්ත .මේ වගේ තෑනකට ගිහිල්ලත් නෑවෙ නෑත්නම් අපරාදේ කියලා හිතෙනවා.එත් මේ ස්තානය ගොඩක් ගෑබුරු වීම හා ගල් හා වලවල් තියෙන බව පෑවසෙනවා.ඒ වගේම ප්‍රදේශ වාසින්ගේ නම් මතයක් තියෙනවා මේ ස්තානය බිලි ගන්න බවට.කෙසේ උනත් ජීවිත ගනනාවක්ම නෑති වෙලා තියෙනවා මෙතන.ගොඩට ලං වෙච්ච කුඩා ගල් වලින් වට උන තෑනක් නම් තියෙනවා.එතනින් නම් නා ගන්න පුලුවන්.හෑබෑයි ගමේ පිහිනුම් දක්ශ අය නම් මෙකෙ පීනනවා මම දෑකලා තියෙනවා

සුස්ති ගුනේ said...

දොරේ.....ඇල්ල ද? නැත්තං ඈල්ල ද??

NUWAN said...

@සුස්ති ගුනේ= දොරේ එය ඇල්ල විය යුතුයි.ස්තුතියි පෙන්වූවාට

පොතේ ගුරා said...

ලස්සන තැනක්..අපි දකුනෙ කට්ටිය උනාට මේ තැනට නම් ගිහින් නෑ..ගමේ ගිය වෙලාවක යන්න ඕන බලන්න.. :)

Ps..ඇල්ල ටයිප් ක‍රනකොට aella නැතුව Alla ගහන්න.. ;))

කැලුම් නිරංජන. said...

නියමයි මචං . . . .

ඒත් පුංචි නිවරදි කිරීමක් කරන්න තියෙනව.විදුලි බලාගාරය නැති වුනේ 94 නෙවෙයි .2004 නේද?

NUWAN said...

@ පොතේ ගුරා =හා එහෙමද යනකොට කියන්න අපිත් එන්නම්.
@කැලුම් නිරංජන= ඔව් macha එය නිවෑරදි කලා.thanks. සෑහෙන කාලෙකින් නේද.

nalaka said...

you are a real nature explorer

Tilantha said...

ස්වභාව සෞන්දර්යයෙන් අනූන තැනක්. හැබැයි පුතෝ නාන්න නම් හිතන්න එපා. ලස්සන දේවල් හරිම භායානකයි. නමුත් මේ වගේ තැනකට ගිහින් පැයගනනක් බලා ඉඳ ඒ අපූරු ආශ්වාදය විඳින්න කිසිම තහනමක් නෑ. නුවන් ඔබේ ඡායා රූප වලට ස්තුතියි.

malee_msg said...

නාන්න බැරි නම් මං යන්නේ නැහැ..! :(

NUWAN said...

@මලී-නෑ .නෑ බෑරි නෑ පුලුවන්.ඒක නිසා එන්න.

Anonymous said...

mamath gihin thiyanawa meka balanna sthuthi atheetha mathaka awadi kalata

Dilshan said...

අපූරු ලිපියකි. මමත් එකපාරක් ඔතනට ගිහින් තියෙනවා. එතකොට ඔතන විදුලිබලගාරේ හදමින් තිබුනේ. මම හිතන්නේ එකේ වැඩ දැන් ඉවර ඇති. මම යන දවසෙත් ඔය විදිහටම වතුර බොර වෙලා තිබුනේ. උඩහ කැලේ කපලා නිසා වෙන්න ඇති නිතරම වතුර බොර වෙලා තියෙන්නේ.

Dilshan said...

අපූරු ලිපියකි. මමත් එකපාරක් ඔතනට ගිහින් තියෙනවා. එතකොට ඔතන විදුලිබලගාරේ හදමින් තිබුනේ. මම හිතන්නේ එකේ වැඩ දැන් ඉවර ඇති. මම යන දවසෙත් ඔය විදිහටම වතුර බොර වෙලා තිබුනේ. උඩහ කැලේ කපලා නිසා වෙන්න ඇති නිතරම වතුර බොර වෙලා තියෙන්නේ.

Related Posts Plugin for WordPress, Blogger...