.


"කලමෑටියේ    පරව්  අහු  වෙලයි   කියන්නේ"


අද මේ කියන්න හදන්නේ ටිකක් වෙනස් විදියෙ කථාවක්.අපිට පොඩි ආරංචියක් දුන්නා අපේ මිත්‍රයෙක් ඊයෙ,"මචන් අන්න අද කලමෑටියේ පරා අහුවෙලාලු.ගිහින් බලපන්කො" කියලා.ඉතින් ඔක්කෝම වෑඩ පෑත්තකින් තියලා ගියා නෙ ඒ පාර කළමෑටියෙ. කලමෑටිය ඔයාලට නුපුරුදු තෑනක් නෙවෙයි නේ.අපේ රටේ දකුණු කොටසේ පිහිටලා තියෙන කුරුලු අභයභූමියක් විදියට තමයි මේ ස්ථානය ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ.ඊට අමතරව දෑනට සුරක්ශිතව පවතින හොද කඩොලාන පරිසර පද්ධතියක් මේ භුමියේ දකින්න පුලුවන්.හරියටම තෑන කිව්වොතින් කොළඹ කතරගම පාරේ හුංගම නගරය පහු කරලා කිලෝමීටර් දෙකක් විතර ඉදිරියට යනකොට දකුණු පෑත්තට තියෙන පාරෙ පොඩි දුරක් යද්දි කලමෑටිය අභයභූමිය හමු වෙනවා.
ඉතින් මේ අභයභුමිය එක් පසකින් මායිම් වන්නේ මහා සාගරයට.ඒ කෙළවරේ තමයි කලමෑටිය ධිවර වරාය පිහිටලා තියෙන්නේ.ඉතින් අපේ ගමනාන්තය උනේ අභය භූමිය හරහා ගොහින් මේ ධිවර වරාය දක්වා ගමන් කිරීම.මොකද පරව් ගන්න හෝ බලන්න නේ මේ ආවෙ,තකහනියේ.

අභය භුමිය අවසන් සීමාවට එද්දි නටබුන් වෙච්චි ගෙවල් තෑනින් තෑන දකින්න තියෙනව .සමහරක අත්තිවාරම විතරයි ඉතුරු වෙලා තියෙන්නේ ,මොකද දන්නවද මේ ප්‍රදේශයට සුනාමියෙන් ලොකු හානියක් වෙලා තියෙනවා ඒ වෙලාවෙදි.

ඔන්න මොටෝබයිසිකොල් පොලිමේ එනවා ,හරියට දරමිටි ගෑට ගහගෙන එනවා වගේ පරව් ගෑට ගහගෙන,අපිත් ඈද්දා තියලා,අප්පච්චියෙ එතන අගිල්ලක් ගහන්න ඉඩක් නෑ ඒ තරන් සේනාව,ලොරි වෑන් කට කෑපෙන්න ලෝඩ් කරලා නේ.මේ හරයට ඈවිදගන්නවත් බෑරි පොඩි එකත් එකෙක් දෙන්නෙක් බෑරි බෑරි ගාතේ ඈදන් යනවා,මාත් පොඩ්ඩක් කිට්ටු කොරලා බෑලුවා.මොන එතන මාලු ටික ගන්න ආපු එවුන් ඈර ගන්නවා.තෑරව් කාරයො කොහෙත් වගේ එතනත් පිනුම් ගහනවා.උන් තමයි තොගේ පිටින් විකුනන්නේ.
ඒ වෙලාවෙත් තව දෑලක් අදිනවා කට්ටිය එකතු වෙලා.අමුතුම පරිසරයක්. ඉතින් පොලිසියෙ මහත්තුරු කීප පොලක් එහෙමත් හිටියා .මගේ හිතේ ආරක්ශාවට වෙන්න ඈති.ඉතින් මොකද්ද මේ විශේෂත්වේ.මං එතන ඉන්න මනුස්සයෙක් ගාවට කිට්ටු කරලා ඈහුවා.සාමාන්‍යයෙන් මේ විදියට පරව් අහු වීම කලාතුරකින් වෙන දෙයක්ලු.අවුරුද්දකට දෙපාරක් විතර තමයි මේ විදියට පරව් අහු වෙන්නේ.
ඉතින් අපි මේ ගියෙ එහෙම අහු උන පලවෙනි දවසේමයි.ඒකයි මේ තරම් කලබලේ කට්ටියගේ.ඉතින් මෙහෙම අහු වෙන්න ගත්තාම සතියක් විතරම මුන් අහු වෙනවලු. ඉතින් ඒකත් එක්ක හොද ආදයමක් ලෑබෙනවලු මේ අයට.දෑන් ඊයෙ නම් ඉල්ලුමට වඩා සෑපයුම ගොඩක් අඩුයි.ඒකයි මේ තරගෙට පොරකන්නේ මාලු ගන්න.ඒ නිසාම මිලත් වෑඩි වෙලා.කිලෝ එකක් කිරුවෙ රුපියල් දෙසීයට.ඉතින් මේ එක පරවෙක් කිලෝ දහයකට වඩා බරයි!
කොහොමද වෑඩේ නේද,ඉතින් අපි පරා නම් ගත්තේ නෑ.ඒත් හොද අත්දෑකීමක් ලබා ගත්තා.ට්‍රිප් එකක් එහෙම යනවා නම් බලන්න යන්න හොද තෑනක් රජයේ සංචාරක නිවාසයකුත් මේ කලමෑටිය ආශ්‍රිතව පිහිටුවලා තියෙනවා.ඒකත් වෙන් කරගන්න පුලුවන්.....මේ පිංතුර ටිකත් එතනදි ගත්තේ බලන්නකෝ.......

16 comments:

Prabath Chaminda said...

කාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ නුවන් අයියා... මේ ගැන දැනගත්තේ පලවෙනි වතාවට.

NUWAN said...

ඒක නම් ඈත්ත.ට්‍රිප් එකක් යන්න මල්ලි නියම තෑන

දුකා said...

ela ela . . niyamai . . henata mahansi wela neda paraw nisa . . . hiks.
piccs gatta vitaraida??? gatte nadda paraw kooori deka tunak ??

NUWAN said...

පේනවා නේද බිම දිගේ ඈදන් යන විදිය......ගත්තානම් කඹයක් දාලා බයිසිකොලේ ගෑට ගහන් ඈද ගෙන එන්නයි වෙන්නේ.හික්.හික් ලබන සතියෙ බලන්ට ඕන පරව් කන්න...

Anonymous said...

පරව් දැක්කමනම් පව් කියලත් හිතෙනවා. ඒත් ඉතින් මමත් පරව් කනවා ;)

Anonymous said...

හෙ හේ... මගේ කටට කෙළත් උනනවා..
අනේ මම කාලෙකින් මූදු මාළු කෑවේ නෑ නුවන්..
මෙහේ මස්ම තමා ගිල දාන්නේ..

කල දුටු කල - වල ඉහගන් කියලා කියනවනේ..
ඇයි මාළු නොගෙනාවේ..
අපරාදේ.. ගෙනාවා නම් ගෙදර අයට ලේසිනේ... දැක්ක හැටිය ගනිං බන්...ඒලග සතියේ නැති වෙන්නත් පුලුවනි..

NUWAN said...

ඒකනෙ බන් කොහෙ ගේන්නද බයිසිකොලේ ට්‍රේලර් එකක් අමුනගන්න වෙනවා.මොකද කියන්නේ බෑදලා එවන්නද ඔය පෑත්තට හිමත් වෑටෙන කාලෙනෙ!!!!

said...

ඔය අර ලක්ෂ අසූවකද කොහෙද මාළු අහු උනා කියන තැනද?

NUWAN said...

ඔව් ඔව් ලක්ශ අසුවක මාලු අහුවෙලා තියෙන්නේ මෙතන තමයි,,,,,

බිඟූ said...

මම නම් මූදු මාළු වලට එච්චර කැමති නෑ.
මස් නම් කන්නෙම නෑ.
ඒත් පරා නම් රහයි නේද?

/නිශාන්ත

NUWAN said...

මම නම් දෙකම කනවා මාලු සහ මස්....රසයි ගොඩක් අය කියන්නේ ටිකක් පහු උනාමලු හොද,නෑත්නම් පිලි ගදයි කියනවා මේ පරා මාලු

Anonymous said...

@ නුවන්- බොහොම ස්තූතියි මාළු එවන්න හැදුවට.. දැන් ඉතිං කෑවා වගේ තමයි.. උඹේ මුලු පඩියම වියදම් කරන්න වෙයි, මට මාළු එවන්න..හෙ හේ...
ඒත් ලබන සතියේ, උඹ මාළු කාපු හැටි නම් ඕනෙවට වඩා කියවන්න එපා.. බඩේ අමාරුවක් හැදෙනවා සිකුරුයි...

malee_msg said...

අපේ පැත්තේ මුහුදෙත් මේ කාලේ දැල් වට කරනවා.. ඒ වුනාට ‍දන්න තරමින් මේ වගේ ලොකු මාළු අහු වෙන්නේ නැහැ.. පරව් වුනත් පොඩි පැටව් තමයි අහුවෙන්නේ.. හැබැයි අළුත් මාළු නිසා කොහොම හදලා කෑවත් රසයි..

කී සැරයක් කතරගම ගිහින් තියනවා උනත් මේ කියන තැනට අපි ගිහින් නැහැ නේ.. ආයේ යන දවසක යන්න බලන්න ඕනා

NUWAN said...

මෙහෙත් එහෙම තමා.කලාතුරකින්ලු මෙහෙම උන් අහු වෙන්නේ....කතරගම යනව නම් යන්න නියම තෑන.....අපිටත් කියන්නකො එතකොට

නුවන්සි said...

මං නම් මස් මාළු වලින් තොරයි එත් ආරංචිය නම් ගොඩක් හොදයි
ඔය මාළු අපේ අයම කාලා ඉවර කරන්නේ
නැතිව පිටරටකට පටවන වැඩක් වත් හදාගත්තොත් හොදයි නෙද නුවන්
මොකද එ අයට ‍වුනත් හොද ආදායමක් වෙයි එක
දැන් අපිට ‍ර‍ට ‍වටෙම මුහුද තියෙනවා නේ අවුලක් නැතිව
මුහුදු රස්සාව කරන අයට රස්සාව එපාවෙයි මාළු මිල අඩු‍වුනොත්

අර කිවුවත් වගේ කාට කාටත් ටික ටික බෙදන්නත් එක්ක විල් බැරෝ එකකින් වත් ඇද ගන්න තිබ්බේ

Anonymous said...

හොදට ඉවුවම රසයි. හැබැයි ටිකක් පිළි ගදයි. ගුණයි.

Related Posts Plugin for WordPress, Blogger...