.


අලුත් අදහසක් ...

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ, නෑත්නම් අපේ සංසදයේ පලමු වෑනි සුහද හමුව අද කොළඹ දි බොහොම උත්කර්ශවත් විදියට පෑවෑත්වුනානේ..ඉතින් ඒකට සහභාගී වෙන්න බෑරි උනත් මේ වෙලාවේ මුලු හදවතින්ම සුභ පෑතුම් එක් කරනවා. ඒ වගේම ප්‍රර්ථනා කරනවා මේ විදියට ශක්තිමත්ව දිගු ගමනක් යන්න වාසනාව ලෑබේවායි කියලා.ඉතින් මේකෙන්ම අදුනගත්තු ගොඩාක් යාලුවො මේකට එනවා නේද කියලත් ඈහුවා .අනේ ඒ අයටත් බොහොමත්ම ස්තුතියි අපිව මතක් උනාට .ලබන වසරේ එකට අනිවාර්යයෙන්ම එනවා හිටියොත්......
ඉතින් මම මේ බ්ලොග් එකේ කෘෂිකාර්මික පෑත්තෙන් වෑදගත් වෙන ලිපිත් සෑරින් සෑරේ එකතු කරනවානේ.හෑබෑයි ගොඩාක් වෙලාවට ලිපි මගින් තමයි ඉදිරිපත් කලේ.ඒ වගේම අපේ යාලුවොත් කියලා තිබුනා විශේෂයෙන් ගෙවතු වගාව ,කොම්පෝස්ට් සෑදීම වගේ දේවල් ගෑනත් තොරතුරු දෙන්න කියලා.ඉතින් මට හිතුනා ඒ වගේ වෑදගත් මාතෘකා යටතේ මට ලෑබෙන එහෙම නෑත්නම් මං හොයා ගනිපු වීඩියො ක්ලිප් එහෙමත් අපේ යාලුවොත් එක්ක බෙදා ගත්තොත් හොදයි කියලා.මොකද මෙවා කට්ටියට ටිකක් හොයා ගන්නත් අමාරුයිනෙ.අනික අපේ රාජකාරිත් එක්ක නම් මේ වගේ ඒවා ලෑබෙනවා
ඉතින් මේ විදියෙ වීඩියෝ ක්ලිප් මට ලෑබුනාම මම ඒවා මීඩියා ෆයර් වගේ එකකට අප්ලෝඩ් කරන්නම් .ඒකෙ ලින්ක් එකක් මම මේ බ්ලොග් එකේ දාන්නම් . ඔයාලට පුලුවන් ඒකෙන් භාගත කර ගන්න. ඔන්න මීඩියා ෆයර් එකේ ගිනුමකුත් හදා ගත්තා මේ වෙනුවෙන්ම. ගොඩාක් ලොකු වීඩියො එහෙම නම් අප්ලෝඩ් කරන්න වෙන්නේ නෑ මොකද සීමා සහිත අන්තර්ජාල සම්බන්ද තාවයක්නේ මන් පාවිච්චි කරන්නේ
ඉතින් මුලින්ම කාබනික පොහොර එහෙම නෑත්නම් කොම්පෝස්ට් පොහොර පිලිබදව හදුන්වා දෙන වීඩියො ක්ලිප් එකකුත් එකතු කරලා තියෙනවා rar ගොනුවක් විදියට තමයි මේක උඩු ගත කලේ.ඒත් එහෙම කලා කියලා ගොනුවෙ ප්‍රමාණය නම් ලොකු ප්‍රමාණයක් අඩු කරගන්න බෑරි උනා.කොහොම උනත් ඉදිරියෙදිත් මේ වගේ වෑදගත් වීඩියෝ ලෑබුනොත් එවා මේ විදියට එකතු කරන්නම්.ඉතින් එහෙනම් ආයුබෝවන් ගිහින් එන්නම්

18 comments:

Tilantha said...

ෂා... ඒක නම් හොඳ අදහසක්. ලිපියි වීඩියෝයි බැලුවම කෘෂිකාර්මික ගෙවතු කටයුතු වලට විශේෂයෙන්ම අපේ අයට උද්යෝගයක් සහ රුකුලක් ලැබෙයි.

NUWAN said...

thankyou macha කරලා බලමු නේ එහෙනම්..

වැප් said...

එල එල දිගටම ලියන්න

budhajeewa said...

ඇයි MediaFiire දාන්නේ? ඊට ලේසීනෙ FLV (Flash Video) වගේ අඩු කොලිටි ෆෝමැට් එකකට හරවලා YouTube දැම්ම නම්?

එතකොට කස්ටියට බාන්නෙ නැතිව බලාගන්න තිබ්බා. අනික අඩු කොලිටි දාන නිසා පටවන්න යන මහන්සියත් අඩුයි.

MediaFire වගේ බෑම සඳහාම පටවන තැනකට අඩු කොලිටි පටවන එකේ තේරුමක් නෑ නෙ. අනික කට්ටියටය හොය හොයා ඉන්නෙ නැතිව YouTube එකේ ඔයාගෙ චැනලයට ගිහිල්ලා සියළුම වීඩියෝ ටික බලාගන්න තිබ්බා.

ඒවගේම YouTube කරන්නෙ Google ලා නිසා, Google සෙවුම් වලට හසුවීමේ ප්‍රතිශතයත් වැඩි වෙයි.

මම නම් කියන්නේ YouTube එකට පටවන්න, ඒක ඔයාටත් බලන අයටත් දෙගොල්ලන්ටම ලේසියි.

NUWAN said...

බොහොමත් ස්තුතියි දෑනුවත් කිරීමට ...ඒත් යු ටියුබ් එකේ වෙලාව ගෑටලුවක් නෑද්ද,මම හිතුවෙ වෙලාව සීමා කරලා කියලා.ඔය කියන විදියට ඒ ක්‍රමය හොදයි වගේ .....මම උත්සාහ කරන්නම් මේකත් එහෙම දාන්න.

budhajeewa said...

@NUWAN"s lane: එළ එළ... YouTube එකට පටවලා ප්ලේයර් එක බ්ලොග් එකට දාන්න.

NUWAN said...

වෑඩේ සාර්ථකයි.ස්තුතියි.

කවිරංග said...

මම කවිරංග .මමත් ආවා සිංහල බ්ලොග්කරුවන්ගේ හමුවට. online හමුවෙනවට වඩා මෙහෙම හමුවෙලා කට්ටිය කතබහ වෙන එක ලොකු දෙයක්. වැඩේ හිතුවට වඩා සාර්ථක වුනා.

NUWAN said...

ඔව් අපි අතරෙ හොද මිතුරු දමක් ගොඩ නගාගන්න ලෑබුනු වටිනා අවස්තාවක්.ලබන එකට කොහොම හරි එන්න්න ඕන ටි ශර්ට් එකත් හොදයි මටත් එකක් ඕන

නුවන්සි said...

අයියෝ නුවන් මං හිතං උන්නේ ඔයා එයි කියලයි එත් බැලුවා පෙන්න හිටියේ නැ
ගොඩක් අය ඇවිත් හිටියා
අපරාදේ ලබන පාර වත් එන්න බලන්න

ටි ෂර්ට් නම් තාම ගහලා නැ
එකක් දෙකක් ගහලා තිබුනා කෂ්ටියට නිකං අදහසක් ගන්න
ඉදිරියෙද් එකත් ලැබෙයි
අපේ කවකටු පෙට්ටියේ සයිස් එක කිවුවම
හිකිස්

NUWAN said...

එනව එනවා ලබන එකට අනිවාර්යෙන්ම.....මේ ඊයෙ ගත්තු පින්තූර ටික එහෙම දාන්නේ නෑද්ද අපිට බලන්න

නුවන්සි said...

හ්ම් මං ගාව නම් තියෙන්නේ එකයි දෙකයි එතන ගොඩක් අය ගාව කැමරා තිබුනා මට ගෙනියන්න බැරි වුනා
එතින් මගේ දුප්පත් පොන් පොඡ්ඡ උස්ස ගෙන පොටෝ ගන්න ටිකක් මොකද්ද වගේ හිතුනා එක නිසා වැඩිය ගත්තේ නැ
බලමු මං දාන්නම් හෙට

දුකා said...

godak hoda wadak . .. niyamai nuwan . ..

NUWAN said...

thanks macha..

malee_msg said...

‍ශා.. මේක නම් මරේ මරු වැඩක්..!! මට හරිම සංතෝසයි..!!!

Anonymous said...

http://www.agridept.gov.lk/sinhala/agri_technologies.php?id=20

http://www.navagoviya.org/jport1/index.php

Mr. Nuwan:
ඔන්න ඔය ලින්ක්ස් වලටත් යන්න.. ඒවායිත් වීඩියෝ ගොඩාක් තියෙනවා..

ඔබතුමා ඒවයි නැති දේවල් බලලා කරන්න ගන්න..
All the Best!!!

බිඟූ said...

එල එල.
දිගටම ලියන්න...

/නිශාන්ත

NUWAN said...

ස්තුතියි සියලුම අදහස් වලට....

Related Posts Plugin for WordPress, Blogger...