.


සිරසට වදනක්

සිරස රූපවහිනියට ප්‍රහාරයක් එල්ල උනා කියල සතියෙ මුලදිම දෑන ගන්න ලබුනා.උදේ ඉදන්ම සිරසෙ මේ ප්‍රහාරයේ රූපරාමු විකාශය උනා.දෑක්ක විදියට නම් ලොකු හානියක් වෙලා තිබුනා.අපේ ස්වාමින් වහන්සේලා කිපපොලකුත් කතා කරල මේ නාලිකව අපේ සංස්කෘතියට විශාල සේවයක් කලා කියල කිව්ව.ඈත්ත නේන්නම් ඩාන්සින් ස්ටාර් ඒහෙම මට මතක්වුනා.මෙ නාලිකවට නීව්ස් කියද්දි කොටින්ට් කොටි කියන්න එහෙම අමතක වෙල තිබුන.කොටින්ගෙ මරාගෙන මෑරෙන ප්‍රහාර නීව්ස් 1ස්ට් කියල වර්තා කලාට එල්.ටි.ටි.ඊ කියන අකුරු 4 කියවන්න මෙයලාට අමතක උනා.හමුදා ජයග්‍රහන අනිත් නාලිකා වල පෙන්නද්දි, තමිල්නාඩුවෙ හමුදාවට විරුද්දව කරන පිකටින් තමඉ නීව්ස් 1ස්ට් උනෙ.එක අතකින් ඒකට පුදුමවෙන්නනම් හේතුවක් නෑ.හෑබෑඉ ප්‍රහරයෙන් පසුවත් සිරසට ගෑටලුවක් එහෙමනම් වෙලා නෑ.කොහොම උනත් එහෙම ප්‍රහාරයක් උනා නම් අනිවාර්යෙන්ම ඒක හෙලා දකින බවත් සදහන් කරන්න ඔන. .හෑබෑඉ මෙකෙන් රජයෙ නාලිකා නිවරදි කියලා හදුන්වන්නත් බෑ.ඒවා ඔනවාටාත් වෑඩියෙ කඩේ යනවා.කොහොම උනත් අපිට ස්වාදීන මීඩියා ඔන යුගයක් මේ..............

5 comments:

Anonymous said...

සිරස තමුන්ටම ගිනි තියාගෙන රජය අප්‍රසාදයට ලක් කරන්න උත්සාහ කළා කියල චෝදනාවකුත් මේ වෙනකොට ඇවිල්ලා. සිරසේ වටිනා කියන උපකරණ මේ සිද්ධියට කලින් ඉවත් කරගෙන රත්මලානට ඇරන් ගිය බවත් එම චෝදනවත් එක්කම ඇවිදින්. කටකතා ද ඇත්තද කියන්න දන්නේ නෑ.

සරත් ගුණතුංග said...

ඔය සිරස පෙරලිය මොකක්ද? නියම පිලිතුරක් කොහෙන් බලන්න පුලුවන්ද? සිරස මූලස්ථානයට ප්‍රහාරයක් එල්ල වුන බවත්, එය රජය හෙලා දකින බවත් සඳහන් වෙලා තිබුන. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒකට රජය වගකිව යුතුයි කියලත් තිබුන. ඉතින් ඒ මහත්මයට හයියෙන් වාතයක් ගියත් රජයෙ වැරැද්දමයි නේ පේන්නෙ. මම එහෙම් අහන්නෙ මට දකින්න ලැබෙන්නෙ සීමාසහිත ප්‍රමානයක තොරතුරු පමනයි. මම කියවන්නෙ, දිවයින, ලක්බිම සිංහල පත්තර, ඉංග්‍රිසි සහ සිංහල ලේක් හවුස් පත්තර ඓ. එක් වරක් අපේ ගරු මර්වින් ඇමති තුමා සිරස සමග තද බල ලෙස ගට්ටනය වුන බවක් ප්‍රචාරය වුනා. ඉඳල හිටල මම ටැමිල්නෙට් අඩවියත් බලනවා. රූප වාහිනී නම් බලන්නම බෑ. මේ ගැන මට නියම විස්තර කොහෙන් බලා ගන්න පුලුවන්ද? නුවන් මහත්මය ඉන්නෙ අම්බලන්තොට නිසා, මගේ ගමත් ඔය කිට්ටුව නිසා මට අහන්න හිතුන.

Darshana said...

එදා කිලිනොච්චියට දිනපුද සිරස නිව්ස් බෑලුවද? මොකඩ බලපු එකෙක්ට එහෙම කියන්න බෑ. පෙන්නපු එවා තමඉ සිරසෙත් පෙන්නුවෙ නිකන් හොයනෙ බලන්නෙ නතිව කතා කරනෙපා.

Unknown said...

සිරස එච්චර ලොකු ආයතනයක් නම් ආරක්ෂක කැමරා සවි කරලා තිබ්බේ නැත්තේ ඇයි?

ගෙවල්වලත් දැන් CCTV systems සවි කරලා තියෙනවා. ඒවා දැන් මිලෙනුත් හරිම අඩුයි. මට පුදුම සිරසේ සිරසට (ඔලුවට) ආරක්ෂක කැමරාවල ඇති වැදගත්කම නොදැනුන එකට.

Tilantha Gunatilaka said...

ප්‍රවෘත්ති වාර්තාකරනය කියන්නෙ LTTE එකට සහාය දැක්වීම කියල හිතන්න තරම් ලං කාවේ ඇත්තු මෝඩ බව නම් දුකට කාරනයක්. සිරස කිලිනොච්චි අල්ල ගත්තු එක දෙපාරක් ප්‍රචාරය කල අතරතුර කොටි බෝම්බ ප්‍රහාරය හතලිස් වතාවක් ප්‍රචාරය කලා කියන එක ද ප්‍රශ්නේ. ජයග්‍රහනයේ සතුට අපි නිහතමානිව භුක්ති විඳිය යුතුයි. ශ්‍රී ලාංකිකයන් වශයෙන් සියලුම දෙනා එය ආඩම්බර විය යුතු කරුනක් අපේ අරක්ශක හමුදාව රට වෙනුවෙන් දිවි කැප කොට කොටි සමග කරන යුද්ධය, සහ අප ලබන ජයග්‍රහනවල සතුට අපි සියලු දෙනාටමයි. ඒකෙ සැකයක් නෑ. ඒත් බෝම්බ පිපිරීමක් උනාම අපි කවුරුත් කලබල වෙනවා, ඒ අතරේ තමන්ගේ පවුලේ උදවිය ඉන්නවද කියලා මිනිස්සු බය වෙනවා. කාටද තුවාල වෙලා තියෙන්නෙ, කවුද හොස්පිටල් ඇඩ්මිට් කලේ කියල මිනිස්සු නිවුස් වලින් බලාපොරොත්තු වෙනවා. එම ප්‍රවෘත්ති වාර්තාකරනය LTTE එකට කඩේ යනවා කියල හිතන්න තරම් අද ලංකාවේ මිනිස්සුන්ගේ බුද්ධිය මොට වෙලා. සිරස ගැන විවේචන තියෙනවා. ඔවුන්ගේ වැඩසටහන් ගැන. ඒකට සිරස නොබල ඉන්න පුලුවන්. සිරස පිටරට නාලිකා වලින් අමු අමුවේ කොපි කරන ඒවා අපේ දෙශීය නාලිකා කොපි කරන්නෙ කිසිම හිරිකිතක් නැතිව. ඉතින් මේ කරුනු කාරනා ගැන බුද්ධියෙන් මිසක් හැඟීම් වලින් කතා කලයුතු නොවේ.

Related Posts Plugin for WordPress, Blogger...