.


වරදට දඩුවම්...?

මේ කතාව පටන් ගත්තෙ හරියටම මිට අවුරුදු 8 විතර කලින්.හම්බන්තොට හා තන්ගල්ල කියන නගර 2 මෑදිව හුන්ගම කියන නගරයට ඉතාම ආසන්න වු කුඩා ගමක.මේ ගමේ වෑඩ් පිරිසකගෙ ප්‍රදාන ආදායම් මාර්ගය උනෙ දිවර වුර්තිය.ගොඩක්ම අඩු ආදයම් ලාබින් තමයි මෙහෙ ගොඩක්ම හිටියෙ.මේ ගමේ මනුස්සයෙක් හිටියා පියදාස කියල දිවර දෑල් ඉරුනම ඒවාට අඩුවම් දමන්න මෙයා හරිම දක්ශයි.ඒකෙන් ලෑබුන ආදායම එතරම්ම ප්‍රමානවත් නොවු නිසා මෙයා ගමෙ සිට්ටු දෑමිමත් කරගෙන ගියා.මෙහෙම කාලයක් කරගෙන යනගමන් මෙ පියදාස උන්නෑහේ මිනිස්සුන්ගෙන් මුදල් නයට අරන් එවට පොලි ගෙවන්නත් උනා..ඔන්න ඔතනින් තමයි ලොකුම විප්ලවය පටන් ගත්තේ. රු100000 කට මාසිකව පොලිය විතරක් රු 7000. ලක්ශ 3 දාගත්තානම් මාසෙකට රු 21000 අරන් ජොලියෙ ජිවත් වෙන්න පුලුවන් . මිනිස්සු මුලින් සුලු සුලුවෙන් තමන්ගෙ මුදල් මෙයාට ගෙනිහින් දුන්න.ප්‍රොමිසරි නොට්ටුවක් අත්සන් කරල තමයි මේ මුදල් ලබා ගත්තෙ.ඒකත් එක්කම මිහිබට දේවිකෙනෙක් වගෙ දඩුවම් මුදලාලි කියන අති දෑවෑන්ත චරිතය නිර්මානය උනා..මෑතකදි ජනමාද්ය මගින් රටම මේ නම දෑනගත්තට දකුනු පලාතට නම් මෙ නම හුරු පුරුදු කිට්ටු චරිතයක්.හයක් හතරක් තේරෙන ලමයගෙ ඉදන් හෑරමිටියෙන් යන වයස්ගතම පුද්ගලයන් පවා දඩුවම් මුදලාලි ලග මුදල් තෑන්පත් කලා. ඒ වගෙම රාජ්යසෙවයේ විතරක් නොවෙයි පොලිසියෙ ත්‍රිවිද හමුදවෙ විශාල පිරිසක් මේ සේවය ලබාගත්ත.එමෙන්ම මම දන්න බෑන්කු කලමනකරුවන් කිප පොලක්ද මෙහි මුදල් අයොජනය කල අති විශාල පිරිස අතර හිටියා.ඒ වගෙම මෙහි මුදල් අයොජනය කල විසාල පිරිසක් මෙහි ප්‍රතිලාබ ලබා ගත් බවත් සදහන් කල යුතුමයි. ඒ වගෙම පොදු කටයුතුවලදිත් , සමාජසේවා කටයුතුවලදිත් දඩුවම් මුදලාලි යන නාමය ඉහල තලයක තිබුනා. ඒ එක්කම කටින් කට නොයෙකුත් කට කතාත් පෑතිරුනා.සුනාමියෙන් පසුව දේවියන්ගෙ වරමක් ලබි මිනිසුන්ට පිහිට විමට මිනිස් වෙසින් ආ දෙවි කෙනෙක් කියල ප්‍රසිඩ්ද උනා,. ඒ වගෙම නිදානයකින් රන් තෑබිලි වල්ලක් මොහුට ලෑබි අති බවත් එම මුදල් මිනිසුන්ට පිහිට පතා යොදවන බවත් ප්‍රසිඩ්ද උනා.කොහොම උනත් 500/600 පමන පිරිසක් දිනකට ගනු දෙනු සදහා මේ ගෙදරට අව ගියා.ඒ වගෙම තෑන්පතු මුදල් නෑවත ඉල්ලු විට එම මුදල් නෑවත ලබාදෙන්නත් දඩුවම් මුදලාලි ක්‍රියා කරා. මිනිස්සුන්ගෙ විස්වාසය කොතරම්ද කිව්වොත් තමන්ගෙ ගෙවල් යාන වාහන පවා විකුනලා මුදලාලි ගාව සල්ලි තෑන්පත් කලා.මේක නිත්යානුකුල තෑනක් නොවන බව මිනිස්සු හොදින්ම දෑනගෙන හිටියෙ.හබෑයි සල්ලි දාපු අයට අවදානමක් තිබුනෙ මාස 14යි. මොකද එතකොට දාපු මුදල ලෑබිල. ඊට පස්සෙ ලෑබෙන සල්ලි ලාබයි.මේ ක්‍රමෙත් එක්කම මේ විදියට පොලි ගෙවන දෑඩි දඩුවම් ,මරන දඩුවම් කියන අලුත් .පුද්ගලයනුත් ඈති උනා .කොහොම උනත් මේක නිත්යානුකුල ආයතනයක් නොවන විදියට මහ බෑන්කුව නම් කලාට පස්සෙත් මෙතන සල්ලි තෑන්පත් කල සමහර මිත්‍රයන් ඉන්නවා. සක්විති පෑනල ගියත් සමගම දඩුවම් මුදලාලි ගෑන තවත් විශ්වාසය වෑඩි උනා කියලයි ඔවුන් කිව්වෙ.මේ හේතුව නිසාම තමයි දඩුවම්ට විරුද්දව මිනිස්සු පොලිසියේ පෑමිනිල්ලක්වත් දාන්න ඉදිරිපත් උනෙ නෑත්තෙ.කොහොම උනත් ගොඩක් මිනිස්සු දෑනුත් සාප කරන්නෙ සක්විති කරපු මේ වෑඩේ නිසයි මෙහෙම ගෑටලුවක් උනේ කියල.හාතගල පන්සලේ දුශන ව්මර්ශන අන්ශයෙන් ඈව්ල්ල පෑමිනිලි සටහන් කරගත් වෙලෙ කි .මි ගනන් දිග පොලින් තිබුනා.එදා පෑමිනිලි දාපු පිරිසගෙ මුදල්වල වටිනාකම කොටි 600 කට වෑඩියි.ඒත් මෙතන පෑමිනිලි නොකල තවත් විශාල පිරිසක් තව ඉන්නවා.සක්විති රජෙක් විදියට හිටපු දඩුවම් වරෙන්තු කරල. කලින් පුජනිය ස්තානයක් විදියට මිනිස්සු හදූන්වපු නිවස මිනිස්සුම විනාශ කරලා.දෑන් දඩුවම් මුදලාලිගෙ සිද්ඩියත් අතිතෙට එකතු වෙලා

1 comments:

said...

ලේසියෙන් වැඩියෙන් සල්ලි හම්බ වෙන ක්‍රම හරිම භයානකයි වගේ

Related Posts Plugin for WordPress, Blogger...