අද තමයි ගෙදර ආවෙ.ඈත්තටම SRIshanu මල්ලිගේ මේ පෝස්ට් එක දෑක්කත් මොකුත් කියන්න උනෙ නෑත්තේ ගිය සතියෙම අධිකවම කාර්ය බහුල තත්වයක හිටියේ. දෑන් තමයි ඉඩක් ලෑබුනේ.මේ තත්වය ගෑන අපිත් දෑනුවත් කලා පසුගිය බදාදා අපේ ගොවි නියාමක මහත්වරුන්ව.මේ හානිය දෑනට බස්නාහිර පලාතේ තමයි වේගයෙන් පෑතිරිලා යන්නේ.එහෙන් අනිත් ප්‍රදේශ වලට පෑතිරිම වලක්වා ගන්නත් දෑන් ක්‍රියාමාර්ග කිහිපයක්ම අරගෙන තියෙනවා.මේ තත්වය ඈත්තටම ඈති කරන්නේ පලිභෝදකයෙක් මගින්.ඌව හදුන්වන්නේ පිටිමකුනා කියලා.ඔයාලා දෑකලා ඈති පේර,අනෝනා, වද, වගේ ගස්වල සුදු පාටට මේ විදියේ ස්තරයක් තියෙනවා.ඒ හානිය ඈති කරන්නේ මේ පලිභෝදකයා තමයි.මෙයාගෙ ඈගෙන් ස්‍රාවය කරන ඉටි තට්ටුවක් තමයි සුදු පාටට අපිට පෙනෙන්නේ.මේක අලුත්ම රෝගයක් නොවෙයි නමුත් මේ කාලය තුල උන්ගේ ගහනය වෑඩිවිම තුල තමයි වසංගතයක් විදියට පෑතිර යන්නේ.මේ සත්තුන්ගේ පිරිමි සත්තු හානියක් කරන්නේ නෑ.මෙයාලගෙ ජීවන චක්‍රය ගත්තොත් අවස්තා තුනක් තමයි දකින්න ලෑබෙන්නේ ඒ කියන්නේ අසම්පුර්න රුපාන්තරනයක්. බිත්තර, ශිශු,සුහුබුල් වශයෙන්.ගෑහෑනු සතා තමයි ශාකයට හානියක් සිදු කරන්නේ.තව දුරටත් කිව්වොත් විදලා යුශ උරා බීම සිදු කරන්නේ.ඊට අමතරව වයිරස් රෝග ගසකින් තව ගසකට බෝ කිරිමත් මෙයාලගෙන් සිදු වෙනවා. මෙයාලා ඉන්න ගස් වල බහුලවම දිමියො වගේ කෘමි සත්තු දකින්න පුලුවන් .මෙයාලගෙ යාලුවෙක් දිමියා . පිටිමකුනා එක තෑනකින් තවත් තෑනකට ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ මේ ගොල්ලො .පිටි මකුනා උගේ ඈගෙන් පෑනි රස යුශයක් ස්‍රාවය කරලා තමයි දිමියන්ව අල්ල ගන්නේ.මේ ගොල්ලො නිසා ඈති වෙන සුදු පාට ඉටි තට්ටුව මත වගේම කලු පාටට පේන බහිස්ස්‍රාවි කොටස් මත දෙවනුවට හානියක් විදියට දිලීර ඈති වෙනවා.මේ පලිභෝද තත්වය දෑන් ගස්ලබු වගාව පෑත්තටත් වියාප්ත වේලා යනවා. අපිත් විමසිල්ලෙන් ඉන්නේ .පාලනය ගෑන සදහන් කලොත් අරවින්ද සදහන් කරපු විසදුම් ගොඩක් දුරට හරි .නමුත් විසාල වශයෙන් ආර්තික හානියක් සිදු වෙනවා නම් අපිට රසායනික පාලනයකට යන්න වෙනවා. මෙහිදි නිර්දේශ කරන්නේ ඉම්ඩක්ලොරොපිඩ් තියෙන රසායනිකයක් පාවිච්චි කරන්න කියලා ඒ යටතේ අපිට ඈඩ්මයර් වගේ දෙයක් පාවිච්චි කරන්න පුලුවන්.එහෙම නෑත්නම් ඩයිමෙතො ඒට් වගේ දෙයක් පාවිච්චි කරන්න පුලුවන්.හෑබෑයි මෙවා විස අධික කෘමිනාශක බවත් කියන්නම ඕන.

8 comments:

SRIshanu said...

ස්තූතියි විස්තර කියල දුන්න‍ට. වගාව වැනසුනත් කමක් නෑ විසරසායනික දාන්නෙනං නෑ ඕං... අනික අපේ වත්තෙ ගස් නං තියෙන්නෙ අතේ ඇඟිළි ගානට නිසා ඒ තරං දරුණු ප්‍රතිකාරයක් ඕනෙ වෙන එකක් නෑ. හැබැයි අහල පහළ වතුවලිනුත් මේක පැතිරෙනවා, වැට මායිම් නෑ නේ. ඒකට ලොකු පිළියමක් අවශ්‍යයි. පිටිමකුණාට විලෝපිකයෙක් තවම සොයාගන්නට ලැබිලා නැති බව පහුගියදාක පත්තරේක තිබුනා. ස්වභාවික ප්‍රතිකාරයනම් ඒක තමයි.

කිසංක said...

ෂහ්! තව ටික දවසකට කලින් දැක්කනම් අපෙ ගෙදර තිබ්බ පැපොල් ගස් ටික බේරගන්න තිබුණා

Bo said...
This comment has been removed by the author.
Bo said...

මේකනම් හැබෑම විනාශයක්, අල්ලපු වතු පිටි වල ගොඩක් මේක පැතිරිලා. අපිත් ගෙවත්තේ පැතිරුණු ගස් වල අතු කපලා ගිණි තිබ්බා, ගෙදර පැපොල් පැල ටික නම් නැති වුනා, මහියංගණේ අයියා කීවා, කොහොඹ තෙල් , සබන් වතුරයි කළවම් කරලා ගහන්න කියලා, ඉතින් එහෙම කරලා ඉතිරි ගස් සේරම බේරුණා.

malee_msg said...

ගොඩක් ඉස්සර පේර ගස්වල මේ සත්තු පොඩියට හිටියා නේද?
අපේ ගෙදරත් තාත්තා හිටවලා තිබ්බ එළවළු ගස් සේරම විනාශ වෙලා ගියා මේ සතා හින්දා

nuwansl.blogspot said...

@කිසංක- අපරාදේ දෑන් මොනවා කරන්නද,
@ bo -ඔව් ඒ ක්‍රමය සාර්තකයි.ගෙවතු මට්ටමේදි ඔය ක්‍රමය ගොඩාක්ම බාවිතා වෙනවා.
@malee -පේර, අනොනා, වද ගස්වල කලින් ඉදන්ම තිබුනා මේ ගෑටලුව..ගස්ලබු වලට හානි කරන්න පටන් ගත්තේ මෑතකදි..

SRIshanu said...

ඒත් ටීවී එකේ යන කතාවල හැටියට මේක අළුතෙන් අපේ රටට ආපු ආක්‍රමණිකයෙක් කියලයි මට හිතෙන්නෙ. ඉස්සර පේර වල හිටිය එකාමද මේ? නැත්තං තවත් බටහිර රටවලින් අපිට එවපු දහංගැටයක්ද?

Magpie said...

දේශප්‍රිය අලහකෝන් මහත්තයාගේ " පැවැත්මේ දහම" පොතේ තිබුන බෙහෙතක් මේක.. පිටිමකුණා මට වැඩිය කරදර නොකරපු නිසා try කලේ නෑ..

සුදු ළුණු 250g
අමු ඉගුරු 250g
අමු මිරිස් 250g
මේවා හොදට කොටා එයට භුමි තෙල් බෝතල් භාගයක් දමා වසා පැය 24 කට වැඩි කාලයක් තබන්න.
වෙනම වතුර ලීටරයකට සබන් කැටයක් දියකර තබා ගන්න.
පාවිච්චි කරන විට වතුර ලීටරයකට සබන් මිශ්‍රණයෙන් මේස හැඳි 2යි , භුමි තෙල් මිශ්‍රණයෙන් මේස හැඳි 2 යි කලවම් කර දින 3 කට වරක් ඉසින්න...

Related Posts Plugin for WordPress, Blogger...