High density banana cultivation in srilanka

තුන් ගුණයක් අස්වනු වෑඩි කරනා අඩු පරතර කෙසෙල් වගාව


සතිය මුල නම් ඒ තරම් හොද ආරංචියක් නම් නෙමේ අහන්න ලෑබුනෙ.පෙට්‍රල් මිල දහයකින් වෑඩි කරලා.මොනවා කරන්නද දුප්පත් අපි බයිසිකලේට ඩීසල් ගහලා දුවන්නෑය.දෑන්130 යි.
මේ දවස් වල කෙසෙල් ,ගස්ලබු මිලත් නෑගලා.පෙරේදා පුවාලු ගෙඩියක් ඈහුවා...රුපියල් 18 එක ගෙඩියක්.ගස්ලබු කිලෝ එක ගන්නේ රුපියල් 35-40 මිලකට.දෑන් නම් ගොවියාගෙන් ගන්නෙත් කාර්ගිල්ස් මිලකට.විකුනන්නේ කොහොමෙයි.
අද මේ කියන්න හදන්නේ හෑමදාමත් කරපු සාම්ප්‍රදායික ක්‍රොමේ ටිකක් වෙනස් කරෝලා ඊට වඩා ටිකක් වෙනස් විදියකට කෙසෙල් වගා කරලා කෙටි කාලෙකින් වෑඩි අදායමක් ලබාගන්න පුලුවන් ක්‍රමයක් ගෑන.
කෙටියෙන් කියන්නම්.මේ ක්‍රමය හදුන්වන්නේ "අඩු පරතර වගාව" කියලා අපි කලින් කෙසෙල් වගාව කලේ සමාන්ය්‍යයෙන් අඩි10*10 පරතරේටනේ.එතකොට පෑල 400 විතර තමයි අක්කරේකට වෑටෙන්නේ.අනිත් එක ඒ විදියට වගාවක් වෑඩි කාලයක් නඩත්තු කරන්න අපි බලාපොරොත්තු උනත් දෑන් තියෙන ලෙඩවල් එක්ක එහෙම කරගන්න ලෑබෙන්නේ නෑ ගොඩ දෙනෙක්ට.අනික පෑනමා කියන රෝගි තත්වයත් එක්ක විශේශයෙන් පුවාලු නම් හදන්නම බෑ.අනිත් එක අන්තිම වේනකන් කෙහෙල් ගහට සාත්තු කරලා,වතුර ගහලා පීදෙන්න ඔන්නමමෙන්න තියා තමයි මේ ලෙඩ එන්නේ.අවසානයේ ලක්ශ ගානක් වතුරේ.
මේ අඩු පරතර ක්‍රමේදි අපි වගාවක් උපරිම වශයෙන් නඩත්තු කරන්නේ ක්ශේත්‍රයේ අවුරුදු 02 විතරයි.නමුත් වෙනස තමයි අපි සාමාන්‍යයෙන් වගා කරන පෑල ප්‍රමාණය වගේ තුන් ගුනයක් පෑල ඒ ඉඩ තුලම වගා කරනවා.ඒ කියන්නේ අක්කරේකට නම් පෑල1200 ක්.වාසිය තමයි සාමාන්‍ය ක්‍රමේට වඩා තුන්ගුණයකින් අස්වෑන්න ,අදායම වෑඩි කරගන්න පුලුවන්.ඒ වගේම වගාවට සපයන ජලය පොහොර ටික උනත් කාර්‍යක්ෂමව භාවිතයට ගන්න පුලුවන්.ඒ වගේම පෑනමා රෝග ව්‍යාප්තියටත් යම් තාක් දුරකට විසදුමක් මේ විදිය.
මේ හේතු නිසාම වගාවට වෑය කරන ලද මුදල පියවාගෙන කෙටි කාලයකින් උපරිම ලාභයක් ගන්න පුලුවන්.
පරතරය ගත්තොත් ඈබුල් වලට පේලි හා පෑල අතර 3*1m,ඈම්බන් ආනමාලු වගේ උස ප්‍රභේද වලට 3*2.5m සුදුසුයි.වලවල් සකස් කිරීම උදලු තලේ ප්‍රමාණයට දිග, පළල, ගෑබුර 45 *45 *30cm වඩා යෝග්‍යයි මේ ක්‍රමේදි.ඒ වගේම මේ වලවල් වලට කාබනික පොහොර ටිකක් යෙදීම නම් ඉතාම වෑදගත් ඒ වගේම ගොවි මහත්වරු ටිකක් කම්මෑළි කොරන්නෙත් මේකම තමයි.
අනිත් එක තමයි නිරෝගි වගාවකින් තෝරා ගනිපු ශක්තිමත් පෑල සිටුවන්න ගන්න එක.එහෙම නොවුනොත් පස්සෙ පසුතෑවෙන්න වෙන එක නම් ස්ථිරවම කියන්න පුලුවන්.පෑල වල ගොබය ඈදිගෙන එද්දි පොළොව මට්ටමේ ඉදන් අඩි2.5 න් හෑඩකෑපුමකින් කද කපා ඉවත් කරන්න අවශ්‍ය වෙනවා.ඒ නිසා අපිට ඒකාකාරව වගාව පවත්වගන්න පුලුවන් .වගාව නඩත්තු කරන් යද්දි මව් ගහෙන් එන මොරෙයියන් සියල්ලම ඉවත් කිරීම අනිවාර්යෙන්ම කල යුතුමයි.උඩට මතුවෙද්දිම පාගලාහරි එහෙම නෑත්නම් තලා විනාශ කරන්න පුලුවන්.මොකද මේ ක්‍රමේදි තනි ගහක්නෙ අපි බලාපොරොත්තු වෙන්නේ.ඒක නිසා විසාල සරු කෑනක් ලෑබෙනවා.ඒ වගේම එන පෑල වගාවෙන් ඉවත් කරලා එවා අලෙවියෙන් අමතර අදායමක් හොයා ගන්නත් පුලුවන්.
ඉතින් ඔයාලත් අඩු පරතරේට කෙසෙල් දාන්න හිතන් ඉන්නවා නම් කියන්න.දෑනට මහවෑලි සංවර්ධන ඉඩම් වල විසාල වශයෙන් මේ ක්‍රමයට කරපු වගාවල් තියෙනවා.එහෙනම් ගිහින් එන්නම්.සතුටුදායක සාමකාමී සති අන්තයක් ඔබට.

13 comments:

දුක්ගන්නාරාළ said...

මචන් මට මේ කරන රස්සාව අතහැරලා අවුරුදු ගානක් දුක් විදලා හම්බුකරලා ගත්තු ඉඩම බැංකුවකට උගස් කරල දුර පලාතකින් අක්කරයක් දෙකක් අරගෙන උඹේ උදව් ඉල්ලගෙන වගාවක් කරගෙන ඉන්න හිතෙනවා උඹ ලියන ඒවා දැක්කාම. . . ඇත්තමයි . . . !

NUWAN"s lane said...

@දුකා-රස්සාව කරන ගමන් තව මොනවා හරි දෙයක් කර ගත්තොත් තමා machaණුවනට හුරු.මොකද.අවධානම අඩමානය කියන දෙකත් කෘශි කර්මාන්තෙත් එක්කම එකට එනවනේ.

ශාකුන්තල said...

ආදායම කෙසේ වෙතත් කෙසෙල් ගස් ටික දැක්කාම ආස හිතෙනවා. කෘෂි තොරතුරු අනිත් අයත් එක් බෙදා හදා ගැනීම ලොකු සේවයක් නුවන් අයියා... මේවා අපි ලියන තාක්ෂණික දේවලට වඩා ගොඩක් වටිනවා. (මොකද කොයි දේ කරන්නත් හොඳට කාලා බීලා ඉන්න එපැයි ;) )

ඔබට ජය!

ඩනිෂ්ක said...

රුපවාහිනියේත්, පුවත්පත් මගිනුත් දකින්න ලැබෙන්නේ වඩා උසගිය නැති කෙසෙල් ගස්. එත් ගෙවත්තේ තියෙන කෙසෙල් ගස් අර අවුරුදු 5න් පිදේන පොල්ගහටත් වඩා උසයි. විහුලුවක් නෙමේ ඉනිමගක් නැතිව උරයක් දාන්නම බැ. අඩි 12ක් වත් උසයි. මේකට හෙතුව හොදින් හිරුලයි නොලැබීම ද? (හිරුළිය වැටෙන දිසාවට ගස් හැරෙනවනේ )

NUWAN"s lane said...

@ ඩනිෂ්ක-ඈත්ත කෙසෙල් ගහක් හරියට සාත්තු කරලා අවශ්‍ය පරතරය දීලා හෑදුවොත් එහෙම උස යන්නේ නෑ.අනිත් එක ප්‍රභේදයට ආවේනික ලක්ශණ තියෙන වගාවකින් පෑල ගන්න ඕන හිටවන්න.අපේ ගෙවත්තේ එහෙම නෙවෙයිනේ .කෙහෙල් පෑලෙ හිටවලා අයෙ හොයන්න වෙලාවක් නෑනෙ .අන්තිමට පදුර නවතින්නේ අල්ලපු වත්තටත් ගිහිල්ලා.පදුරු පාලනය බිංදුවයි.හිරු එලිය නෑති උනත් ගහ උස යනවා අව්ව හොයාගෙන.

NUWAN"s lane said...

@ ශාකුන්තල -ස්තුතියි මල්ලි.දෑන් ඉතින් කෘෂිකර්මේ ගෑන ලියන්න හිත නිදහස්.ඔයාලා ලියන තාක්ශණික ලිපි ඉතාම වෑදගත් විශේශයෙන් අපි වගේ අයට.මම ඈත්තටම බ්ලොග් එකක් හදාගන්න දෑනුම ගත්තෙත් ඒ නිසා.

දුක්ගන්නාරාළ said...

මම පොත් වල කියවලා තියෙනවා ඉස්සර හිටි ගොවියෝ තමන්ගේ ගොයම එක්ක කතා කරනවා කියලා "කොහොමද දරුවනේ . . උඹල හොද සනීපෙන් ඉන්නවා නොවැ . . . ?" ආදී වශයෙන් . . .මාත් හීන මවාගෙන ඉන්නවා පුංචි ගොවිපලක් දාගෙන . . . ගහක් උඩ පුංචි ට්‍රී හවුස් එකක් හදාගෙන . . . ගස් කොලන් එක්ක දුක සැප බෙදාගෙන . . . ස්වභාව සෞන්ධර්යයේ අසිරිය විදිමින් අර "අරණකට පෙම්බැද" නවකතාවේ වගේ ජීවත් වෙන්න. . . . කවදා හීනේ හැබෑ වෙයිදෝ මන්දා . . . !

NUWAN"s lane said...

@ dhuka-" ගහක් උඩ පුංචි ට්‍රී හවුස් එකක් හදාගෙන"
ශා මරුනේ.නියම වචනේ.ඔය කිව්ව හවුස් එකක අපිත් යාලුවො කීප දෙනෙක් එක්ක රෑය පහන් කලා.

චතුරංග said...

ශා මටත් කෙසෙල් වත්තක් දාන්න හිතෙනවා මේක දැක්කම අවුරුදදු ගානක් රස්සාවක්කරනවට වඩා

සරත් ගුණතුංග said...

ඔබගේ සටහන් ඉතාම ප්‍රයෝජනවත්. මට පෙනෙන හැටියට දැනට සංසදයේ පලවෙන වැදගත්ම සටහන් පෙල ඔබ්ගේ සටහන් පෙලයි. ( පරිගණක සටහන් හැරුනු විට ) පරිගණක සටහන් ගැන මම විවේචනය කරන්නෙ නැහැ, මම දන්නෙ නැති නිසා. ඒවා කාලෝචිත බව පමණක් මම සඳහන් කරනවා. ඔබේ සටහන් හැමදාම හැමෝටම කියවිය හැකි, සභ්‍යත්වයෙන් යුතු වටිනා, දෛනික ජීවිතයට ප්‍රයෝජනවත් සටහන් බව මම කියා සිටිනවා. හැමෝම ඔය වගේ දේවල් ලියනව නම් කොච්චර හොඳද?

NUWAN"s lane said...

ගොඩාක් ස්තුතියි සරත් මහත්මයා.නිහතමානිව සතුටක් දෑනෙනවා.පොඩි දෙයක් හරි සමාජෙට දෙන්න පුලුවන් වීම සතුටක්.ඒ වගේම ඔබ තුමා සෑහෙන කාලෙකින්.පරිගණකය අලුත් වෑඩියා කර ගත්තාද.

malee_msg said...

අපේ ගෙදර ඉස්සර කෙසෙල් පදුරු 4-5ක්ම තිබ්බා.. ඒත් කාලෙකදි ඒවා වද පීදෙන්න පටන් අරන් ‍දැන් එක ගහක් වත් නෑ.. දැන් නම් වවන්න ඉඩකුත් නැද්ද මංදා.. කොහොම උනත් කෙසෙල් මගේ ප්‍රියතම පලතුර...!

නුවන්සි said...

බොරු කියන්නේ මොකද මට නම් ලොකු ගස් වවන්න ලැබෙන්නේ නැ, ඉඩ නැති නිසා,
හැබැයි පොඩි පොඩි පැල නම් වවනවා පුංචි පොච්චි වල

Related Posts Plugin for WordPress, Blogger...