.


"කිරි අල වගා කරමු"


කිරි අල. අපි කවුරුත් අහලා තියෙනවානේ.පොල් කිරි එහෙම දාලා හොදවායින් රසවත් හොද්දක් හදා ගන්න පුලුවන්.ගොඩ දෙනෙක්ගේ ගෙවත්තෙත් කිරි අල පෑලයක් දෙකක් නම් හොයාගන්න අපහසු වෙන්නෙත් නෑ.ඉතින් මේ කියන්න හදන්නේ හොද ආදායමක් ගන්න පුලුවන් විදියට කිරි අල වගාවක් කරන විදියක් ගෑන.
අතුරු භෝගයක් විදියට වගා කරන්න පුලුවන් වීම,ඒ වගේම රෝග හා පලිභෝද හානි අවම වීම ,හා ගොවි මහත්මයට අමතර ආදායමක් ගන්න පුලුවන් වගාවක් විදියටත් ජනප්‍රිය වීම නිසාම දෑන් දෑන් මේ වගාව ගෑන ලොකු උනන්දුවක් ඈති වෙලා තියෙනවා.හම්බන්තොට දිස්ත්‍රික්කයේ ,විශේෂයෙන් බෙරලිහෙල කොටසේත් මහා පරිමාණ වගා දක්වා කිරි අල වගාව මේ වෙනකොට ව්‍යාප්ත වෙලා තියෙනවා.
අනිත් වාසිය විදියට මම දකින්නේ අනිත් එළවලු ,හා වගාවන් එක්ක සංසංදනය කරලා බලද්දි කිරි අල වල මිල විචලනය ගොඩාක් අඩුයි.වසර පුරාම වගේ තොග මිල රු35 උඩ තියෙනවා.පොලෙන් ගන්න ගියොත් ග්‍රෑම් 250 අඩුම ගානෙ රුපියල් 20-25 වෙනවා.
හරි දේශගුණේ ගෑන කතා කලොත් තෙත් හා වියලි කලාප දෙකේම කිසිම ගෑටලුවක් නෑතිව වගාව කරන්න පුලුවන්.ඒ වගේම මේක කන්න භෝගයක් නොවන නිසා ජල පහසුකම තියෙනවා නම් ඕනෑම කාලයක වගා කරන්නත් පුලුවන්.ඒ වගේම කෙසෙල් හා පොල් වගාව තුල කරන්න පුලුවන් ඉතාම යෝග්‍ය අතුරු භෝගයක් විදියටත් කිරි අල වගාව හදුන්වා දෙන්න පුලුවන්.
"ඉසුරු" කියන්නේ කෘශිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරපු අලුත්ම කිරිඅල ප්‍රභේදය.ඉතින් මේ වර්ගය වගා කිරීම තුල ඉහලම අස්වෑන්නකට යන්න පුලුවන්.
අඩි2*2*2 වලවල් පේලි හා පෑල අතර පරතරය මීටර් 2 ට සකස් කරගෙන පොල් ලෙලි,හොදට දිරාපු කාබනික පොහොර,නෑත්නම් දිරාපු ගොම භාවිතා කරලා වලවල් පුරවා ගෑනීම සිදු කරලා පෑල සිටුවීම තමයි වඩාත්ම සාර්ථක ක්‍රමය.
ඒ වගේම පෑල කුඩා කාලයේ වල් මර්ධනය නම් අනිවාර්යයෙන්ම කල යුතුමයි.ඒ වගේම පෑලයට පස් ලං කිරීමත් ඒ සමගම කල යුතුයි.
හෑබෑයි අස්වෑන්න ගන්න නම් මාස 07-08 වගේ යනවා.අස්වෑන්න ගන්න කිට්ටු වෙනකොට පත්‍ර හටගන්න වේගය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා.ඒ වගේම පත්‍ර කුඩා වීම දකින්න පුලුවන්.
ඈත්තටම මම මේ ගෑන සදහන් කලේ මේ වගාව ගෑන තවම ගොඩාක් දෙනෙක් හරි හෑටි දෑනුවත් වෙලා නෑති නිසා.මේ සම්බන්දව තොරතුරුත් හොයාගන්න ටිකක් අපහසුයි. අනෙක් දේ තමයි ලොකු ඉඩක් යන්නේ නෑති නිසා තමන්ගේ ගෙදර උනත් පෑලයක් දෙකක් හිටවාගෙන තමන්ගේ ආහාර වේලට එක් කර ගෑනිමත් එක්කම ලොකු මානසික තෘප්තියක් ලබාගන්න පුලුවන්.තවත් දෙයක් තමයි අපේ කාර්ය බහුලත්වය එක්ක උනත් ලොකු අවධානයකින් තොරව උනත් වගා කරන්න පුලුවන් වීම වාසියක්.
ඔන්න මේ චායාරූපය මගේ කොටසේ ජෝතියදාස කියන මහත්මයගෙ කරන කිරි අල වගාවෙන් ගත්තේ.කෙසෙල් වගාවත් එක්කම තමා කිරිඅල දාලා තියෙන්නේ. හොද අදායමකුත් මේකෙන් ගත්තා.
ඔයාලටත් උත්සාහ කරල බලන්න පුලුවන්.

7 comments:

සරත් ගුණතුංග said...

නුවන් මහත්මයා, ඔබේ සටහන් ඉතාමත් ප්‍රායෝගිකයි, ඒ වගේම කාලෝචිතයි. මීට වඩා පාඨකයින් කියවන තැනකටත් ඔබේ සටහන් යොමු කල යුතු බව මට හැඟෙනවා.

දුකා said...

ෂා නියමයි . . . හදන්න ඕන මමත් කිරි අල වගාවකුත් . . . දානවා පාටියක් . . . ඔබ කොහේ හිටියත් එක්කගෙන එනවා පාටියට . . . . ! වැඩේ තියෙන්නේ මගේ වර්තමාන රැකියා තත්වත් එක්ක ඕක කවදා කරන්න පුලුවන් වෙයිද කියන එකයි . . . !

NUWAN said...

@සරත් මහත්මයා- ඔබේ අදහස් නම් ලොකු ශක්තියක්.වෑඩි පිරිසක් කියවලා පොඩි හෝ ප්‍රයෝජනයක් ගන්නවා නම් ඒක තමයි මගේ සතුට,බලාපොරොත්තුව.
@දුකා-වගාවක්ම ඕන නෑ දුකෝ.පෑලයක් දෙකක් හිටවන්න.ඒ තරම් අමාරු නෑ බලාගන්න.

නුවන්සි said...

කිරි අල කියන්නේ මගේ ආසම කැම වලින් එකක්.
හ්ම් කියනකොටත් කටට කෙල උනනවා
කො ඉතින් ඕවා වගා කරන්න ඉඩක්
තට්ටු නිවාසයක හිරවෙලානේ මං ඉන්නේ
මොකටැ මෙ ඡිවිතේ. ෂික්!

Anu said...

කිරි අල මරු කෑමක්.. කිරට තමා මං කැමතිම. ඉස්සර අපේ වත්තෙ ඉඩ තියනකොට හැදුව. දැං ඉතිං වත්තෙ ඉඩ නෑනෙ. අපි නොදන්න තව රසවත් අල වර්ග කොච්චර තියනව ඇත්ද.

NUWAN said...

@නුවන්සි-ඔව් බෑදුමක් එක්ක රස කෑමක්.ම්ම් තට්ටු නිවාසයක නම් ප්‍රශ්ණයක් තමයි.

@අනු-අපිත් සතියෙ මුල එළවලු ගන්න කොට අමතක කරන්නේ නෑ.කිරි අල.

loku said...

artichok kiyala ala wargayak ape waththe tibuna bohoma issara.e jathiya wandawelama gihin.danata kohe hari hoya ganna thinawada eva.hakinam vistharayak danna e ganath.

Related Posts Plugin for WordPress, Blogger...