.


ස්ථානය අගුනකොලපෑලෑස්ස මහජන ක්‍රීඩාංගනයයි.කලින් සෑලසුම් කරගත් ආකාරයට සවස් භාගයේ එම ස්ථානයට මගේ මිත්‍රයින් කිහිප දෙනෙක් ද සමගින් සහභාගී වූයේ එහි පෑවෑත්වෙන සිසු දිරිය ප්‍රදර්ශනය දෑක බලා ගෑනීමේ අරමුණ සහිතවයි.
ඈතුලු වීමේ දොරටුවේ ආරක්ශක නිලධාරීන්ගේ පුර්ණ පරික්ශාවෙන් අනතුරුව නිදහසේ ප්‍රදර්ශන භූමිය දෙසට පිය මනින අතරතුර එහි ඉදිරිපසින්ම තරුණයින් කිහිප දෙනෙක් හා මතක හෑටියට තරුණියන් කිහිපදෙනෙකුත් පත්‍රිකා බෙදමින් සිටි අතර එම ස්ථානයේ තරමක ජන සමූහයක්ද දක්නට ලෑබුණි.ඒ අතරින් පිය මනින මගේ අත මතත් පත්‍රිකාවක් තෑබූ මල්ලියෙක් "අයියේ අපේ අයියටත් උදව්වක් කරන්න"යි පෑවසුවේ කට පාඩමින් මෙනි.
සෙනග රෑස් වී සිටින්නේ ඈයි දෑයි මා හට දර්ශනය වූයේ එවිටය.ටෑෆේ ට්‍රෑක්ටරයක් මත වාඩිවී සිටින හෑඩි දෑඩි තරුණයෙක් කුඩා ශබ්ද විකාශන යන්ත්‍රයක් යොදාගනිමින් තමා හදුන්වා දෙයි.ට්‍රෑක්ටරයේ අනෙක් පස ඔහුගේ සුරූපි නෑගනිය බලා සිටි.ඈය කතා නොකලත් ඈය මගින් වෑඩි ප්‍රේක්ශක ආකර්ශනයක් ලබා ගෑනීමත් උපක්‍රමික සංසිද්ධියක් තුලම වක්‍රව භාවිතා වූ බව නම් අසත්‍යක් නොවේ.
"එස්.එම්.එස් "වෑඩිහියන්,තරුණ තරුණියන් අතර පමණක් නොව වර්ථමානයේ අත දරුවාටත් නුහුරු නුපුරුදු වචනයක් නොවේ.ජංගම දුරකතනය නවීකරණයත් සමගම ඊට එකතු වූ ප්‍රයෝජනවත් අමතර පහසුකමක් ලෙස එක්වූ කෙටි පනිවුඩ සේවය භාවිතයට එකතු වූයේ මීට වසර ගණනාවකට කලින්ය.විශේෂයෙන්ම එම වකවානුව තුල ජංගම දුරකථනය භාවිතයෙන් ඈමතුමක් ගෑනීම තවත් ගෑටලු රෑසකට මුල් වීමේ හේතුව නිසා අඩු මුදලකින් අවශ්‍ය පනිවුඩය ලබා දීම සදහා "එස්. එම්.එස් "නෑතහොත් කෙටි පනිවිඩ සේවයේ පිහිට පෑතිමට බහුතරයක් යොමුවූ අතර කෙටිකාලයක් තුල අතිශයින් ජනප්‍රිය විය.
දෙවෙනි වකවානුව තුල එනම් පසුගිය තෙවසර තුල අලුත් කර්තව්‍යක් උදෙසා මෙම කෙටි පනිවිඩ සේවය යොදා ගෑනීම ආරම්භ වූ අතර ජනතා නාලිකාවක් තම සුපිරි තරුව තේරීමේ වගකීම ජනතාවට භාර දුන්නේ එස්.එම්.එස් හරහාය.

පසුව පෞද්ගලික නාලිකා පමණක් නොව ඊට එරෙහිව දෝශාරෝපනය කල රජයේ මාධ්‍යද හරි හරියට මත විමසුම් සිදු කිරීම ,දක්ශයා තේරීම,රූප සුන්දරිය තෙරීම ,ගායකයා තේරීම වෙන එකක් තබා කිඹිහුමක් ගියත් ජනතාවට එස් .එම් .එස් ගෑසීමට ආරාධනා කලේ කොම්පෑණියට වෑටෙන මුදලින් කොටසක් ගරාගෑනීමට නොවේ නම් අහවල් දේකටදෑයි ඈසීමට කෑමෑත්තෙමි. බොහෝ විට මෙවෑනි මත විසදුම් සදහා ගසන පනිවිඩ වලින් රුපියල් දහයකට ආසන්න මුදලක් අය කීරීම සිදු වේ.එමෙන්ම සමහර මත විසදුම් වලදි වලංගු වන්නේ අහවල් කොම්පෑණියෙන් ගහන පනිවුඩ පමණි.නමුත් දුප්පත් මනුස්සයා මේ බව දන්නේ නෑත.ඔහු අනේ මම අර ගායකයාට චන්දේ දුන්නානෙ යයි සිතමින් මානසික තෘප්තියක් ලබමින් නින්දට යයි.අනේ පසුවදා පනිවිඩය වෙනුවෙන් මුදල් කෑපුනත් දුන් මනාපයක් නම් නෑත. අනෙක් කාරණය නම් ශෝචනීයය.ඕනෑම දුරකතනයකින් ඕනෑම මනාප ප්‍රමාණයක් එවිය හෑක. ඔන්න දක්ශයාගේ තරම...... මෙමගින් නිවරදි විනිශ්චයක් ලබා ගන්නේ කෙසේද?ඒ අනුව එක් පුද්ගලයෙකුගේ ජන්ගම දුරකතනයේ මුදල් ඉවර වෙනතුරු ,පසුගෙවුම් නම් රිසිසේ මනාපය පල කල හෑක.සල්ලි තිබේ නම් නොනවතින එස්.එම්.එස් මනාප ගංගාවක් ලබා දුන්නත්ගෑටලුවක් නොවේ.ජන මාධ්‍ය ආයතනය හා දුරකථන සමාගම් එක්ව ටොකු අනින්නේ තමන්ගේම සේවය ලබාගන්නා දුප්පත් ජනතාවටම වීම කනගාටුවට කරුනකි. කතාවේ මුල් සිදුවීමද මේ හා සම්බන්දවූ අතුරුපලයකි.එහි කතා නායකයා සහ නෑගනිය මේ දිනවල ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වෙන තරගයක තරග කරුවන්ය...දුශ්කර පලාතක සිට තරගයට සම්බන්දවූ ශක්තිමත් දක්ශ තරුණයෙකි. "දුශ්කර ගම් පියසක උපත ලද මා ......තරගයට සහභාගි වන අතර අනෙක් පුද්ගලයන් මෙන් එස්.එම්.එස් ගසා ගෑසීමට මා හට මුදල් නොමෑති අතර ඔබගේ දුරකතනයෙන් අඩුම වශයෙන් එස්.එම්.එස් අටක්වත් ගසා මා ගේ ජයග්‍රහනය වෙනුවෙන් දායක වෙනු මෑනවි" මේ ඔහුගේ කෙටි පත්‍රිකාවේ තිබූ පනිවිඩයයි. ජංගම දුරකතන සමාගම හෝ තරග සෑලසුම් කරන්නාවූ මාධ්‍ය ආයතනය හෝ මේ තරග සදහා ඉදිරිපත් වන තරගකරුවන් හෝ අවසානයේ මෙවා නරඹන අප ??? මොවුන් මේ තත්වයට පත් කල යුතුද,පත් විය යුතුද...... සෑබෑ දක්ශයා සොයා අත දී නෑගිටුවාලීම පසෙක තබා ඔවුන් හරහා වෑඩසටහන් ජනප්‍රිය කොට එස් .එම්.එස් හරහා හම්බ කරගෙන පස්සා දොරෙන් පල නොකියා පලා බෙදිම කෙතරම් දුරකට සදාචාරාත්මකද?

22 comments:

නිලන්‍ත said...

මේක හරිම වසංගතයක්. මේ වැඩසටන්වල ගුණාත්මකභාවය ගැන හිතාගන්න පුලුවන්නෙ මේ විදිහට අනුන්ගෙ ජන්දෙ හිඟාකන්න සලස්සල තියෙන විදිහෙන්. ආපුම අලුත නිවේදකය විතරයි දැන් දැන් තමංට කැමති විදිහට SMS හිඟාකන්න පුලුවන්. ඇත්තටම මේක දක්ෂයා යට යන ක්‍රමයක්. අඩු කතා වැඩි වැඩ පුද්ගලයා යට ගිහින් කයිවාරුකාරයො උඩඑනව. මිණිකැට යට ගොමරිටි උඩ.

NUWAN said...

ඕක තමා නිලන්ත තත්වේ.මිනිස්සු 100 එස්.එම්.එස් එක ගානෙ කලාට වඩා 25 දෙනෙක් එස්.එම්.එස් 5 ගානේ ගෑහුවා නම් දක්ශයා කෙසේ වෙතත් ජයග්‍රාහකයා වන්නේ ඔහුයි.

ශාකුන්තල | Shaakunthala said...

එක කාලයක ඔය වගේම SMS බුවෙක් අළුත්ගම දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩ වෙලා දුම්රිය මගීන්ට කාඩ් බෙදුව මට මතකයි.

"SMS එකක් එවන්න හොඳේ..." :D :D :D

GNS said...

ඕක නම් විකාරයක්...

මම නම් මොන ස්ටාර්ට වත් SMS යවන්නෙ නෑ. SMS කෙරුවාව ඒ ඒ සමාගම් එක්ක ගිවිසුම් ගහල උං උංගෙ ලාබෙ වැඩිකරගන්න ජාවාරමක්.. :/

NUWAN said...

ශාකුන්තල-ඔව් ඒ විතරක් නෙමේ ටියුශන් පන්ති, බස් නෑවතුම්පොලවල,මේ අය වෑහි වෑහෑලා වගෙ.ඈත්තටම පව් දක්ශතාවය මෙහෙම හෑල්ලු කරන එක.

ගයන්ත - ඔව් මල්ලි.මම ගහන්නෙත් නෑ.ඒත් ගහන ලොකු පිරිසකුත් ඉන්නවා.ඈත්තටම මේ යන විදියට ඒ ගොල්ලන්ට මොකුත් කියන්නත් බෑ.මොකද ඒ අයව ඒ තත්වයට පත් කරල.

නුවන්සි said...

ඇත්ත මෙක නම් නම් කරුම වසන්ගතයක්.
හැබැයි පරන SMS ගැසු අය දැන් නම් එ මොඩ වැඩේ කරනව අඩුයි, අර ඡන(අ)ප්‍රිය Super Stars වැඩ සටහනින් පසුව.
මෙ වැඩෙට හිත යොදන්නේ ගොඩක් ලාබාල අය සහ අද ඊයේ දුරකතනයක් මිලදි ගත් අය.
ඊට අමතරව ඔවුනොවුන්ම තම තමන්ට දමා ගැනිම.
එත් අවසානයේ සිදුවන්නේ කොම්පැණි කාරයින්ට අවශ්‍යකෙනා ඡයග්‍රාහකයා විමයි. නැතිනම් ඔවුන්ට යැවු SMS ප්‍රමාණය ඡනතාවට ප්‍රදර්ශනය කල හැකියි කිසිම අවස්ථාවක එසේ කරන්නේ නැ.
මතකනේ පසු ගිය ඡනාධිපතිවරණයේදි කල බොරු SMS මත විමසුම ඡනතාව ඉදිරයේ නිරුවත් වුන හැටි.
ඔකත් හරියට අර ඉස්සර ගීත දර්ශක වල ගිත ඉල්ලා තැපල් පත් යැවිම වගේ, තම තමන්ගේ ගීත ඡනප්‍රිය කරගැනිමට ගායකයෝ බොරු නම් වලින් ගීත ඉල්ලා තම තමන්ම තැපැල් පත් යවනවා.
(අත් දැකිම් සහිතයි, ඡනප්‍රිය වෙන්න නෙමේ කොම්පැණි කාරයන්ට අවශ්‍ය අය ඉහලට ගන්න එක හරියටම දැන ගන්න එකාලේ අටවපු උගුලක් එක ඔප්පු වුනා.)

Kanishka said...

මම නම් ඔය එකෙක්ට sms යැව්වෙ නෑ.. ඒ දවස් වලම මට නම් තේරුනා ඕක බොරු වැඩක් කියල..

NUWAN said...

නුවන්සි - ඈත්ත.මතකද ඔය ජන\අප්‍රිය වෑඩ සටහන කාලෙ සල්ලි දීල මිනිස්සුන්ට එස්.එම්.එස් ගහ ගත්තා කියලාත් කතාවක් ගියා.ජනාධිපතිවරන මත විමසුමෙන් නම් ඒ නාලිකාවේ ඈත්ත තත්වේ පෑහෑදිලි උනා ඒ වෙනකොටත් නොතේරි හිටිය අයට කෙරුවාව.ඔය ගීත ඉල්ලලා ගහන එස්.එම්.එස් වලට නම් පෑය 24 නොනවත්වා ගීත ප්‍රචාරය කලත් වෙලාව මදිවෙයි

Kanishka - පිලිවෙළ තමා අනුගමනය කරන්න තියෙන්නෙ.

Anonymous said...

මේක මේ මිනිස්සු තේරුම් ගන්න ඕන දෙයක්...සමහර අය ඉන්නවා බුරුවෝ වගේ ඔහේ SMS ගහනවා. වැඩක් නැති...පොරවල්ලට නම් මේ ක්‍රමේ හොදයි... :D

Indranama said...

මට මරු වැඩක් උනා. ගිය සතියේ මම කැම්පස් එකට යනකොට මෙන්න බොගේ විමල් වීරවංශ මහත්තයා ගේට්ටුව ගාව ඉන්නවා. මම යනකොට "හලෝ මල්ලී..sms එකක් ගහන්න හොඳේ" කියලා මටත් පත්‍රිකාවක් දුන්නා. බැලින්නං විමල් නෙමේ නන්දසෝම ලියනාරච්චි. හෙවත් ෂැඩෝ ස්ටාර් එකේ විමල්ගේ චරිතය රඟපාන බුවා :D

NUWAN said...

panhida- ඈත්ත ඕක දෑන් ස්ටයිල් එකොකුත් කොරගෙනනෙ සමහර අය

ඉන්ද්‍රනාම -විමල් කිව්වම මාත් මේ බෑලුවෙ.ගිය සතියෙ විදේශ ගතව හිටියේ මගෙ හිතේ ඈත්ත වීරවංශ මහත්තයා නම්.

ශාකුන්තල | Shaakunthala said...

මම නම් ඇත්තටම මේ දවස් වල රූපවාහිනී නාලිකා වල වෙන්නෙ මොනවද කියලවත් දන්නෙ නැහැ. ඔය අර ස්ටාර් මේ ස්ටාර් කිව්වට මට නෝ අයිඩියා. හැබැයි Sri Lankan Lives කියලා එකක් කරන ජාතික රූපවාහිනියත් දැන් ඔය රැල්ලට අහු වෙලා කියල දන්නවා. (ගෙදර කස්ටිය බලන නිසා)

දැන් කාලෙක ඉඳලා රූපවාහිනී නැරඹීම මට නම් අප්‍රිය, වෙහෙසකර වැඩක්.

NUWAN said...

ශාකුන්තල - මුලින් අරවා විවේචනය කලාට පස්සෙ ඒ ගොල්ලොත් ඒ වලටම පෑන්නා.දෑන් ඔක්කොම කට්ටිය වලේම ඉදගෙන වල පුරවගන්නයි බලන්නේ.කොම්පෑනි සල්ලි පෙන්නුවාම ආස හිතෙන්න ඈතිනෙ.බෑන්න නිස වෑඩිපුරත් සලකන්න ඈති

දුකා said...

ඇත්තෙන්ම මේක හරිම පිස්සු වැඩක් . . අපේ රටේ මෙච්චර මෝඩයෝ ඉන්නවාද කියලා හිතෙනවා සමහර තරඟ වලට එවපු sms ප්‍රමානය දැක්කාම . . . ඔබ කිව්ව වගේ නියම දක්ෂයා යට ගිහින් සල්ලි වියදම් කල හැකි . . . හාල් කෑලි තමයි අන්තිමට ජයග්‍රාහිකයා වෙන්නේ . . . මේ බ්ලොග්ස් බලන අයවත් මේ උවදුරෙන් ගලවා ගන්න හැකි උනොත් . . . බ්ලොග් එක ලියන්න ගතවූ ඔබේ කාලය හා මුදල් අපතේ නොගියා කියා සතුටු වෙන්න පුලුවන් වේවි . . . !

NUWAN said...

දුකා - ඒක තමා දුකා ඈත්තම තත්වේ දක්ශයා මතු කරලා ගන්නවා කියලා කරන්නේ උන්ව වල දාන එක.ඔබ කිව්ව වගේ සල්ලි වියදම් කරන එකා ගොඩ ගිහින් තරු වෙනවා.

ම.ම.ගි said...

හරියට හරි,

කෙටි පණිවිඩ වලින් මහජන මතය විමසීම නරකමයි කියලා කියන්න බැහැ. ප්‍රශ්නෙ තියෙන්නෙ අද අපේ රටේ මේ ක්‍රමයි භාවිතා කිරීමේදී අනුගමනය කරන අමන ක්‍රියාපටිපාටිය.

malee_msg said...

අහෝ..! කථා කර වැඩක් නැත.. මම තවම එකක් වත් යවන්නට තරම් මෝඩ වී නැත..

Anonymous said...

දැන් ඉතින් සියල්ල විසදෙන්නේ එස්.එම්.එස් වලින් තමයි. තාක්ෂණික ලෝකයේ දැනුම ,කුසලතා ,ආකල්ප , මානුෂීය හැගීඹි සියල්ල වෙනස් වෙලා.

වත්සලා

වන්නි said...

කතාව ඇත්ත. එත අතකට මිනිස්සුන්ට කලින් තව කට්ටියක් ඉන්නවා බනින්න. "සමහර" විනිසුරුවෝ... මම බලාගෙන දවසක් කියනවා එක්කෙනෙක් මෙන්න මෙහෙම... "ඔයා හොඳයි... අද ගවුමත් ලස්සනයි... තව ටිකක් ෆිගර් එකත් හදා ගත්තා නම් හොඳයි කියලා... තව කෙනෙක් කියනවා " ගිය වරට වඩා ඔබ ඇඟ හදා ගෙන තියෙනවා... මම ඔබට ඉදිරියට යන්න සුභ පතනවා" හත් දෙයියනේ මම බැලුවා මේ ලවින්ස්ටාර් වත්ද කියලා. බැලින්නං නෑ... ඒක සින්ගින් ස්‍‍ටාර්... හැබැයි අර දෙන්නා ගීත ගායනයේ හැකියාව ගැන කිසිම කමන්ට් එකක් දුන්නේ නෑ... ඉතින් කොහොමෙයි දක්ෂයා දිනන්නේ... දිනන්න ඕන නම් තියෙන්න ඕන සුදුසුකම හිතා ගන්න පුලුවන්නේ...

NUWAN said...

මම මචන් ගින්දර -.ඒ ක්‍රියාපටිපාටිය නිසා තමයි මේ ගෑටලුව ඈති වෙලා තියෙන්නෙ.ජංගම දුරකතන සමාගම් නේ ක්‍රමය තීරනය කරලා තියෙන්නෙ.
වත්සලා-" ලෝකයේ දැනුම ,කුසලතා ,ආකල්ප , මානුෂීය හැගීඹි සියල්ල වෙනස් වෙලා.තව දුරටත් මේ විදියට ගියොත් වෑරදි දේ කරපින්නාගත්තොතින් කුමක් වේවිද
malee_msg-අහන්නත් සංතෝශය.....ඔබ සෑබවින්ම බුද්ධිමත්ය.....
කුෂාන් ඇස්. වන්නිආරච්චි-" දිනන්න ඕන නම් තියෙන්න ඕන සුදුසුකම හිතා ගන්න පුලුවන්නේ..ස්තුතියි අදහස් දෑක්විමට මිත්‍රයා.ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් උනාම ඒහෙම වෙන්න ඈති බලන්නේ,...ඔය කල්කිරියාව නම් මමත් දෑක්කා.සමහර අය ඊලග වටයට යනවද නෑද්ද කියලා කලින්ම කියන්න පුලුවන්

යූත්මැක්ස් said...

මගෙ යාලුවෙකුට එස්.එම්.එස්. නිසා තමන්ගෙ පෙම්වතියත් නැති වුණා. ගියපාර සුපර් ස්ටාර් දෙ‍වැනියා වුණ කෙනාට එස්.එම්.එස්. 1ක් දාන්න කියල පෙම්වතිය කළ ඉල්ලීම නොසලකා හැරීම නිසා ඇති වුණු බහින් බස් වීම අවසන් වුණේ දෙ‍න්නගෙ‍ ප්‍රේමය අවසන් වෙලයි. දැන් මිත්‍රයා හිත හදාගන්නෙ එහෙම කෙල්ලෙක් නැති වුණ එක හොඳයි කියලා...

Priyadarshana said...

තරු මවන හොරු......

Related Posts Plugin for WordPress, Blogger...