කියවා බෑලීම සදහාම පමණක් නොව බලා සෑකසීම උදෙසාමය.
ඔන්න අද කියන්න හදන්නේ අපේ ගෙවතු වගාවට,ගෙවත්තේ වගා කරන මල් වගාවලට ලේසියෙන්ම යොදන්න පුලුවන් ඒ වගේම ඉතාම ප්‍රයෝජනවත් කොම්පෝස්ට් පොහොරක් හදාගන්න විදියක් ගෑන. මේ ක්‍රමය අපි හදුන්වන්නේ ගොඩ ක්‍රමය විදියට.ඒක පොඩ්ඩක් වෙනස් කරලා එප්පාවල රොක් පොස්පේට් කියන ඛ්නිජයත් මේ සදහා යොදාගෙන තවත් ගුනාත්මක විදියටත් මේ වෑඩේ කරන්න පුලුවන් .එතකොට පොස්පොකොම්පෝස්ට් කියලා තමයි හදුන්වන්නේ. හොදයි ඕන වෙන ජාති කියන්නම්.අමු ගොම(250කි.ග්) ,මකුලත(ග්ලිරිසීඩියා),සූරිය,වගේ පහසුවෙන් දිරා යන කොල වර්ග(500කි.ග්), ඒ වගේම පිදුරු,ඉතාම ලේසියෙන් දිරාපත් වන ජබර වගේ ගන්න පුලුවන් නම් ගොඩාක් හොදයි.පෙතිගහපු කෙහෙල් කද කෑබලි වගේ දේවල් උනත් ගන්න පුලුවන්.(ඊ.ආර්.පී)එප්පාවල රොක් පොස්පේට්25කි.ග්, යුරියා පොහොර ටිකක්.ආ කලු පොලිතින් එකක් කොම්පෝස්ට් එක වහන්න. හරි වෑඩේට බහිමු.මුලින්ම මේ රූපයේ තියෙන විදියට මීටර් 1*3 ප්‍රමාණයට ලනු ඈදලා භූමියේ සීමාව ලකුණු කර ගන්න ඕන.එම ඉඩේ තමයි කොම්පෝස්ට් එක හදන්නේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEguAjCxiyKEXLdKznK5cPeoTo8jh82_cFl8_cHzHSjw4uDj5jH6QKz0K8NAfeLvcUdeloGY1EDkYu82vZExlVTlkFmEQhxoQN74QiwtI6mVekk_wH9kfJr9upfiNt83jCy3QdkC_2mXSWtS/s1600/468x60new2.jpg)
ඊට පස්සේ පරන කොම්පෝස්ට් ගොඩකින් ගනිපු පොහොර ටිකක් තුනිවට අර වෙන් කොරාපු කොටසේ අතුරන්න ඕන.එහෙම නෑතිනම් අමු ගොම ටිකක් වතුරේ දිය කරලා පොල්කටුවකින් තුනියට ඉහින්න ඕන(අපි කරේ ඒ විදියට )
ඒ තට්ටුව උඩ මේ චායාරූපයේ තියෙන විදියට පෙති ගසා ගත්තු කෙහෙල් කද කෑබලි තට්ටුවකුත් නෑවත ඒ මත එකතු කර ගත් ජබර තට්ටුවකුත් අතුරන්න ඕන.
දින 45 යනකොට ඉතාම ගුනදායක වගාවට,පරිසරයට මනුස්සයින්ට විස දේවල් අඩංගු නොවෙච්ච උසස් තත්වයේ කොම්පෝස්ට් පෝර නිශ්පාදනයක් කර ගන්න පුලුවන්.අර රුපියල් සීයක් දිලා අපේ නෝනලා බොහෝම උජාරුවට අරන් එන පාට පාට පිංතූර දාපු පෑකට්ටුවේ එන පෝර වලට වඩානම් සියක් ගුණයක් වටිනවා මේ හදාගත්තූ පෝර. ඔයාලටත් ඔන්න අවස්ථාව තියෙනවා මේ ක්‍රමේ අත් හදා බලන්න.මේ ප්‍රමාණයට වඩා කුඩාවට උනත් කරන්න පුලුවන් අමුද්‍රව්‍ය හොයා ගන්න අපහසු නම්.
ගෑටලුවක් එහෙම තියෙනවානම් අහන්නකෝ.
ගොඩක් කිව්වා.එහෙනම් ගිහින් එන්නම්.......
Labels: agriculture, phosphocompost, පොස්පොකොම්පෝස්ට් සෑකසීම
Subscribe to:
Post Comments (Atom)
11 comments:
අයියේ මිදි ගැන ලියන්න අපේ ගෙදර මිදිවැලක් තියනව ගෙඩි නෑ (හැබැයි පලාතක් වැහෙන්න වැල ගිහිල්ල)
ushan - ඔව් ඔයා තිස්ස පෑත්තෙ නෙ.මිදි හොදට හෑදෙනවානේ.කිව්ව විදියට කප්පාදු නොකිරීම වෙන්න ඕන ගෑටලුව.ඒ ගෑන ලිපියක් ලියන්නම්.
නුවන් ඔබට ගොඩක් ස්තුතියි මෙවනි තොරතුරු අපට ලබා දෙනවාට
ඔය මිදි පැල බස්නාහිර පලාතේ හැදෙන්නේ නැද්ද?
කියවන ඔබටත් ස්තුතියි දිසා.ඈයි බෑරි.තෙත් කලාපෙත් හදන්න පුලුවන්.හෑබෑයි ගෙවතු මට්ටමෙන් පෑලයක් දෙකක් හදාගෑනීම ට තමයි හොද.ආර්ථික වගාවක් කරන්න සුදුසු නෑ තෙත් කලාපය.වර්ශාවත් එක්ක මිදි කප්පාදුව නියමිත කාලයේ කරන්න අමාරුයි තෙත් කලාපයෙ.හිටවලා බලන්න හොදට හෑදෙනවා.
මේ වගේ විස්තර මේ වගේ ලේසියෙන් හොයාගන්න පුළුවන් තැන්වල ඉදිරිපත් කිරීම හරි වටිනවා, ඔබට බොහොම ස්තුතියි.
නිවාඩු කාලේ උඹට කෝල් එකක් දෙන්නම කියලා හිටියේ මචං . . . ඒත් බැරි උනා . . . . සමාවෙන්න . . . . ! ඊලඟ පාර වත් ආවම උඹෙන් උපදෙස් අරන් ගහක් කොලක් හිට වන්න ඕන . . . !
ෂඃ හරිම වටින ලිපයක්. කියවා නම් බැලුවා කොරන්ට නම් ඕනේමයි. ස්තුතියි
අඛිල -ස්තුතියි ඔබට..
දුකා -අප්පේ උබ ඈවිල්ලත් ගියාද.සමාව දෙන්න පුලුවන් වෑරද්දක් නෙමෙයිනෙ මචා උබ කරලා තියෙන්නේ.ඊලග පාරවත් .....ට් වෙමුකෝ
Tilantha-ස්තුතියි ටිලා.......හදලා කියපන්කෝ
නුවන් ගහ (වැල?)හැදුනාට ගෙඩි හැදෙයිද ? අනික පැල හොයගන්නේ කොහොමද?
දිසා-
මිදි වෑලක් දිසා අවුරුදු 30-40 විතර අස්වෑන්න ගන්න පුලුවන්.අස්වෑන්න ගන්න කප්පාදුව අනිවාර්යයි .නෑත්නම් ගෙඩි හෑදෙන්නේ නෑ.තෙත් කලාපේ කලත් ගෙඩි හෑදෙනවා.අර තරම් සාර්ථක නෑ.ඔය පෑත්තේ පොඩි ට්‍රයි එකක් දෙන්න පෑල තවාන් වල එහෙම.මෙහේ නම් තියෙන්වා රු120 විතර වෙන්නෙ එකක්.
මෙහිදී පිදුරු වෙනුවට ලීකුඩු විශාල ප්‍රමාණයක් අමුවෙන් හෝ පුළුස්සා දැමීම වඩා හොද යැයි ඔබ සිතනවාද? අප නිවසේ ලී කුඩු විශාල ප්‍රමාණයක් ඇති බැවින් එය භාවිතා කිරිමට කෙසේ කල යුතුදැයි මම මේ කල්පනා කරන්නේ.
Post a Comment