යාලුවන්ට මතක ඈතිනේ ගිය සතියෙ අපි ඕමන්තෙන් නෑවතුනා කියලා.ඉතින් අද ඉතුරු ටික කියන්නම්.උදේ 9.30 වෙනකොට අපේ කොන්වො එක යාපනය බලා ගමන් ආරම්භ කලා. ඕමන්තේ ඉදන් ටික දුරක් යන කොටම අපිට යුද්ධයේ නශ්ඨාවශේෂ පාර දෙපසම දකින්න ලෑබුනා .විශේ ෂයෙන් සුනු විසුණු වී ගිය කොටි බංකර් මීට කලකට ඉහත මේ භූමිය තුල ක්‍රියාත්මක වූ කොටි ත්රස්තවාදයේ මළ සොහොන් කොත් වගේ පාර දෙපෑත්තේම දකින්න පුලුවන්. අපිට මුලින්ම හමුවෙන්නේ මාන්කුලම් කියන නගරය.කට්ටියට මේ නම් එහෙම හොදට මතක ඈති පහුගිය මානුෂික මෙහෙයුම ක්‍රියාත්මක වෙච්චි දවස්වල නිතර අහන්න ලෑබුනානේ.හෑබෑයි දෑන් නම් මේ නගර වල අපේ ශ්‍රීලංකා හමුදාවේ කදවුරු ඉදි කරලා.
ඊලගට අපිට හමු උන නගරය තමයි නිල නොලත් ඊලමේ අගනුවර යයි කියා ගත්තු කිලිනොච්චි නගරය.ඉතින් මේ ටික පහු කරද්දි නම් හිතට ටිකක් අමුතු හෑගීමක් ආවා.මුලු නගරයම එකම සුන් බුන් ගොඩක්.පාරේ අයිනේ එක ගොඩනෑගිල්ලක අපි මෙතෙන්ට ආවා කියලා අපේ හමුදාවේ කොල්ලෙක් ලියපු සමරු වෑකියක් යන ගමන් ම මගේ නෙත ගෑටුනා.
අපි අද මේ බිම හරහා ගමන් කරනවා.මීට මාස හතරකට කලින් මේ බිමේ මොන තරම් දේ සිදුවෙන්න ඈත්ද.අපේ රණවිරුවො කී දෙනෙක් රට වෙනුවෙන් දිවි පුදන්න ඈත්ද මේ නගරයේ.
කිලිනොච්චි නගරය මද්‍යයේ ඉදි කල සම්භෝදි විහාරයත් පසු කරගෙන අපි ඉදිරියට ගියා.
ඔන්න අපේ වාහන පෙළ තේ බොන්න නතර කලා.කිලිනොච්චි පහු කරලා වෑඩි දුරක් නම් ආවේ නෑ.ඒ තමයි අතිතයේ අපේ රටේ රසායනික කර්මාන්ත ශාලාවක් පිහිටලා තිබුන අපිත් ඉස්කෝලේ යනකොට ලංකා සිතියමේ එහෙම ලකුණු කරපු පරන්තන් නගරය.හමුදා සුභසාදක වෙළද සලෙන් රොටි සම්බල් එක්ක කාලා ප්ලේන්ටියකුත් බීලා එලියට එනකොටම ඉදිරිපස තුං මං හංදියේ මද්‍යයේ තවමත් ඉවත් කරමින් පවතින කොටි මහා විරු ස්මාරකයක් තියෙනවා.ඈති ඔයින් ගියා...
මෙතනින් එහා ටික නම් මන් හිතන්නේ විස්තර කරනවට වඩා ඈස් දෙකෙන්ම බලා ගන්න ඕන පරිසරයක් ප්‍රදේශයක් විදියටයි මට නම් හිතෙන්නේ.භූමිය,පරිසරය,ඒ තරම්ම සුවිශේෂයි.මෙහෙම යද්දී පාරේ වම් පෑත්තේ බුල්ඩෝසරයක් ,
නිකන්ම එකක් නෙමේ මීට වසර 18 කලින් අපේ ශ්‍රේෂ්ඨ රණ විරුවෙක් රට වෙනුවෙන් තමන්ගේ කදවුර බේර ගන්න දිවි පූජා කල බිම,ඒ පහු කරගෙන යන්නේ අලිංකඩ.............ඒ සමරුව අපිට අදත් බලන්න පුලුවන්.දෑක්කා.ලොකු සතුටක් අභිමානයක් හිතට දෑනුනා ......
ඔන්න අපි දෑන් ගමන් කරන්නෙ ලංකා සිතියමේ ඔලුවට ගොඩවෙන්න කලින් තියෙන පටු තීරුව හරහා.බෑලු බෑලු සීමාවේ දකු නු පස වෑලි තට්ටුවක් වගේ තමයි දකින්න ලෑබුනේ.වම් පෑත්තේ නිල්පාටට කළපුව.අමුතුම පරිසරයක්.මෙහෙම ටිකක් දුර යද්දි මාර්ගයට ඉහළින් ඉදි කරපු පුවරුවක්"යාපන අර්ධද්වීපයට පිවිසෙන ඔබ සාදරයෙන් පිළි ගනිමු"
ඊලගට ටික යද්දි දකින්න ලෑබෙන්නේ තල් යායක්.හෑබෑයි පොඩි අමුත්තක් තියෙනවා .මේ එකක්වත් කරටියක් නෑ.කලුපාට වෙච්චි කදවල් විතරයි ඉතුරුවෙලා තියෙන්නේ.ඒ වගේම තවම පාර දෙපසේ පරික්ශා කර නොමෑත කියලා බෝර්ඩ් ලෑලි සවි කරලා තියෙනවා.තවම පුද්ගල නාශක බෝම්බ සෙවීම් කටයුතු කෙරෙනවා.කොටින්ගේ මහා පස්වෑටි මෙන්න තියෙනවා.අවසාන කාලයේ ගහපුවා ,තවම තණ කොල වෑවිලත් නෑ.හිතන්න පුලුවන්ද මේ කොහේද කියලා .මේ තමයි මුහමලේ......
මුහමලේ පහු කරලා ඉදිරියට ගමන් කරද්දි මිරුසුවිල් මාර්ග භාදකය හමු වෙනවා.එතන පරික්ශාවෙන් පස්සේ අපි ඔන්න ජන ශුන්‍ය ප්‍රදේශය පහු කරලා සාමාන්‍ය ජනතාව , ගෑවසෙන ජනාකීර්ණ ප්‍රදේශයට ඈතුලු උනා.ඒ දක්වාම ජනශුන්‍ය බිම් ප්‍රදේශයක් තමයි පහු කරන්න තියෙන්නේ.ඉදිරියෙදි මේ ප්‍රදේශ බලන්න එන අයට ප්‍රයෝජනවත් වෙන නිසා කියන්නම්.ජංගම දුරක්ථන වල මොබිටෙල් ටිගො,හච් ඕමන්තේ ඉදන් මිරුසුවිල් දක්වාම නෑ.ටිගො හච් නම් මතක හෑටියට යාපනෙත් නෑ.හෑබෑයි ඩයලොග් නම් අලිමන්කඩ, කිලිනොච්චි,මාන්කුලම්වගේ නගර බොහොමයක කුලුණු ඉදි කරලා.සටන් විරාම කාලෙදි, කොහොම කලාද කියලා නම් දෙයියො තමයි දන්නේ.
මිරුසුවිල් ඉදන්,චාවකච්චේරි,ඊලගට යාපනය.තව ටිකයි.........
පළමු ලිපිය කියවන්න...
Labels: agriculture, jaffna, කාලීන, සුන්දර ස්ථාන
Subscribe to:
Post Comments (Atom)
3 comments:
හරිම සතුටුයි මේක දකින්න ලැබුනු එක ගැන. තව විස්තරාත්මකව ජයාරූප දාන්න පුළුවන් නම් හොදා.. ඒත් ඔයාලා නැවති නැවති ගියේ නැතුව ඇති නේද? ඒක නිසා කමක් නෑ. මෙහෙම හරි තියනවානේ.
ඔව් නගේ තවම එහෙම නවතින්න අමාරුයි.මෙවත් යන ගමන් ගත්තු ඒවා.ගොඩාක් ම ලිපිය දික් කරේ නෑත්තෙ කියවන්න කම්මෑලි වෙයි කියලා.
දෑක්ක්කම යන්නමයි හිතෙන්න්නේ.නුවන්
Post a Comment