.


දවස් ටිකේ නම් ලොකු අවුලකින් තමයි කල් ගත කොරන්න සිදු උනේ.සති අන්තයේ ගෙදර ඈවිත් ඔන්න කොම්පුටරේ ගාවට ගිහින් හරි බරි ගෑහිලා වාඩි වෙලා බලපුවාම මොඩම් එකේ අර කොල පාට බල්බ් එක නිමි නිමි පත්තු වෙනවා.සිග්නල් නෑ...අනේ කාට කියන්නෙයි!වෙනදා යාන්තම් තිබිච්ච සිග්නල් ටිකත් හොරු අරන් ගිහිල්ලද කොහෙද,මේ ගෙවිච්චි මාස දෙක තුනේම දත්ත භාවිතා කොරන්න තිබුනු මුලු ප්‍රමානෙම වගේ ඉතුරුයි.මං නිකන් බිල් ගෙව ගෙවා ඉන්නවා.අනේ මොබිටෙල් වලටත් ගිය කලක්!

ගිය සතියේ ගියා නේ ලෝකාන්තේ පෑත්තේ පොඩි රවුමක්.අප්පේ සෑහෙන්න වෙනස් වෙලා නොවෑ .නෑ මේ පරිසරේ එහෙම නෙමෙයි .අය කොරන ගාස්තු.ඒවා දෑක්කාම නම් ආපහු හෑරිලා එන්න හිතෙනවා.ඈතුල්වීමේ ගාස්තු.එතකොට සේවා ගාස්තු අනේ තව අරවා මේවා වාහනේට වෙනම චාර්ජ් කොරලා දන්නවාද තුන්දෙනෙකුට හදපු බිල් එක රුපියල් 690 ක්!වෑන් එකක් බස් එකක් ගියොත් බුදු සරනයි.ඔන්න අපේ පරිසර හිතකාමී ඒවා විදින්න කෑමති අයට සලකන හෑටි. බන්ඩාරවෙලින් හපුතලේට ගිහින් බොරලන්ද ඔහිය හරහා තමා ගියේ.වෙනදා නම් අර පයින් යන ටිකට නේ ටිකට් ගන්න ඕන.දෑන් එහෙම නෙමෙයි .ඔහියෙන් ගොඩ වෙලා ටික දුරක් යද්දිම මහා ගේට්ටුවක් හරස් කොරලා තියෙනවා.යන කට්ටිය මේ ගෑනත් දෑනුවත් උනොත් හොදා.පට්ටිපොල පෑත්තෙන් ගියත් මේ සන්තෑසියම තමා.නරකද මීට වඩා සාධාරන ගානක් අය කලොතින්?අපි ඉතින් දුප්පත් මනුස්සයොනේ.....
ගෙදර ඉස්සරහා බෝගන්විලා පදුරෙ කොන්ඩ කුරුලු ජෝඩුවක් කූඩුවක් හෑදුවා.පහුගිය දවස් ටිකේ බලන්නත් බෑරි උනා.අද බලනකොට මෙන්න පොඩි පෑටව් දෙන්නෙක් ,අම්මා කෑම ගෙනත් කවනකන් කට ඈරගෙන බලාගෙන ඉන්නවා.අම්මයි තාත්තයි මාරුවෙන් මාරුවට පුදුම ආදරේකින් මේ පෑටවුන්ට කෑම කවනවා.තව ටික දවසකින් ලොකුවෙලා ඉගිලිලා යාවි.මාත් එයාලට කරදරයක් නොවෙන විදියට කෑමරාව දාලා මේ චායාරූපෙ ගත්තා.
මෙන්න මේ චායාරූපයත් හවස් වරුවේ පොල්හේන කියන සුන්දර මුහුදු තීරයේදියි ගත්තේ.ඔයාලා අහලා තියෙනවා නේ.මාතර ඉදන් කි.මි 2 විතර දුරින් තමයි පොල්හේන පිහිටලා තියෙන්නේ.මේක ගල් වෑටියකින් ආරක්ශා වෙලා තියෙන නොගෑබුරු මුහුදු තීරයක් නිසා ගොඩ දෙනෙක් මෙතෙන්ට ඈවිත් නාන්න නම් අමතක කරන්නේ නෑ.හවස් කාලෙට නම් ගොඩාක් ලස්සනයි.මාතර හරහා කතරගම එහෙම යනවා නම් අපේ යාලුවන්ටත් මේක බලලාම යන්න පුලුවන්. ඉතින් සුභම සුභ සති අන්තයක්.ගිහින් එන්නම්.

10 comments:

Tilantha said...

හරි හරි වැඩනෙ සිදු වෙලා තියෙන්නෙ. මොනව වුනත් අලංකාර දසුන් පෙලක් එකතු කොරල තියෙනවා සියළු සිදුවීම් අස්සේ, මට නම් ලඟකදි නුවර එළිය, ලෝකාන්තය පැත්තෙ යන්න වුනේ නැහැ. අවසාන වතාවට 2002 අවුරුද්දෙ තමා ලෝකාන්තයට ගියේ. කෙසේ වෙතත් තවමත් ඒ සොඳුරු දසුන් දැකගත හැකිනම් ඒ ඇති. නඩත්තුවට යම් ගාස්තුවක් අය කොලාට කම් නැති වුවත් අසාධාරණ ලෙස සල්ලි හම්බු කොර ගැනීම නම් අනුමත කොරන්න බැහැ. යන එන වුනුත් එහි පරිසරයට හානි නොකර තමන්ගේ යුතුකම් ඉටු කොරමින් ස්වභාව සෞන්දර්යය නැරඹුවාට කම් නැහැ

Prasanna said...

මටත් ගිය මාසෙ ඔය දේම වුනා. වාහන වලට වෙනම ගානක් ගත්තට පාරවල් ටික නම්‍ අන්තිමයි. කොළඹින් සර්කිට්‍ බුක් කරල යන අයටත් වෙනම වාහනයට අයකරනවා. අපේ කොල්ලො ටික ගේට්ටුවෙ ඉන්න එකාට පලු යනකන් බැනල ආවෙ.

චතුරංග රූපසිංහ said...

අම්මේ දැක්ක කල් මම බැලුව ඒත් ඔන්ලයින් පේන්න නැත්තේ මොකෝ කියලා

බිඟූ said...

ලස්සන පින්තූර ටික.

අඩේ ඇත්තද?
මෙහෙම සල්ලි ගන්නවද?
මේකුන්ට හෙනම ගහන්න ඕනේ..
ඒත් මේ දවස් වල වැස්සත් නෑනේ..

/බිඟුවා...!

NUWAN said...

Tilantha -
අවුරුදු අටක්ම වෙනවනේ බන් ගිහිල්ල.දෑන් ගිහින් බලන්න කල් හොදයි නේ.....

Prasanna- ඔව් ගියපු දුරේ හෑටියට ආපහු හරවං එන්නත් බෑනේ.අනිත් එක උබ කිව්වා වගේ පාර නම් කරත්තයක් වත් යන්න බෑරි ගානයි.අඩු ගානේ ඒවා වත් හදලා නම් කමක් නෑ.හරියට මේ වා දෑනුවත් කරලාත් නෑති නිසා එක පාරට ට්‍රිප් එකකට ලොකු ගානක් ගියොත් ලොකු අපහසුතාවයකට පත් වෙනවා.

NUWAN said...

චතුරංග රූපසිංහ-
අනේ ඔව් මල්ලී ටික දවසකින්ම එන්න බෑරි උනේ ඕක තමා ගෑටලුව.තව ඒවත් තිබුනා.හික්

NUWAN said...

බිඟුවා-

ඒකනේ මචන්.වෑඩේ....ඒවා නම් මේ අයට වදින්නේ නෑ බන් මේ කරකෑවිලා අපේ දිශාවට ආවොතින් මිසක්....

නිලන්‍ත said...

සුපුරුදු පරිදි නැවතත් නුවරඑළියමයි නේද?????? හොඳා හොඳා...
මටත් ඔයවගේ හොඳ service එකක් ලැබුනා. නුවරඑළිය Garden එක බලන්න ගිහින්. එතනම තියෙන නගරසභාවෙ vehicle park එකේ වාහනේ දාලා එලියට ගිහින් එනකොට wheel cup 2ක් නෑ. ඇහුවහම කියනව ඒවට වග කියන්නෙ නැතිලු. අපිම වාහනේ පරිස්සං කරගන්න ඕනිලු. හැබැයි ගාන රු. 100/= ක් හෝ 150/= ක් වගෙ මතක. ඉතිං එහෙමනං පාර අයිනෙ park කරල පැයකට රු.20/= ගානෙ ගෙවන එක ලාබයි.
park එකේ manager හම්බ වෙන්න ගියහම ඒයකත් මගඅරිනව.
හැබැයි අපිත් නිකංම ආවෙ නැහැ. ........................ අපි ආවට පස්සෙ අනෙක් වාහන අයිතිකාරයෝ අර watcher ලාව නොමැරුවනං ඇති. ....

NUWAN said...

samawenna nila.coment eka pub.karanna pramada wima gana.dan tamai blng eka balanna idak labune.ekat me mobile eken.nuwaraeliya saha mama gana dannawane ithin! hik.

NUWAN said...

samawenna nila.coment eka pub.karanna pramada wima gana.dan tamai blng eka balanna idak labune.ekat me mobile eken.nuwaraeliya saha mama gana dannawane ithin! hik.

Related Posts Plugin for WordPress, Blogger...