.


ඉතින් යහලුවනේ වසරක් ගෙවිලා ගිහින් අපි කාටවත්ම නොදෑනීම වගේ.......ආයෙමත් සිංහල දෙමල අලුත් අවුරුදු උත්සවය අපේ ආලින්දයටම අපිව සොයාගෙන ඈවිත් වෙනදා වගේම.හෑබෑයි වෙනදාට තිස් වසරක පුරුදු විදියට වඩා වෙනස්ම විදියකට,ගිය අවුරුද්දේ මේ සටහන තබන වෙලාවේ නම් ත්‍රස්තවාදය මුලිනුපුටා දෑමීමේ මානුශීය මෙහෙයුමේ අවසන් අදියරේ තමයි අපි හිටියේ.මතකයි නේද අපේකොල්ලෝ මෝටාර් උන්ඩ කොටස් වලින් කොකිස් අච්චු හදාගෙන මොහොත සමරපු හෑටි.කොහෝම හරි දෑන් සාපය අවසන් වෙලා.උතුරු කරේ අපේ සහෝදර දෙමල සහෝදර සහෝදරියනුත් එක්කම එකම රටක ,අභිමානයෙන් යුතුව සිංහල දෙමල අලුත් අවුරුදු උත්සවය සමරන්න මෙදා පාර අපිට පුලුවන්.

ඉතින් දයාබර බ්ලොග් යහලුවන්ටත්,ඈත දුරු රටවල සේවයේ නියුක්තව සිටින සහෝදරවරුන්ටත්,ත්‍රිවිධ හමුදාවේ සේවයේ සිට රට රකින විරුවන්ටත්,සමස්ත ශ්‍රීලංකා වාසී සියලුම දෙනාටමත් සියලු බලාපොරොත්තු ඉටුවන්නා වූත් සාමය සතුට සෞභාග්‍ය පිරුනු ප්‍රීතිමත් අලුත් අවුරුද්දක් වේවායි පෑතුම් එක් කරමි.

නුවන්(2010.04.13)

4 comments:

Anonymous said...

Same to u Friend.!

Anonymous said...

සියලු පැතුම් ඉටුවන සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා……!!!!!

දුකා said...

උඹටත් සුභ අලුත් අවුරුද්දක් වේවා මචං

Anonymous said...

ඔයාටත් අති සාර්ථක නව වසරක් වේවා...

Related Posts Plugin for WordPress, Blogger...