How to identify new paddy varieties in srilanka ?

වී ප්‍රභේදයක්  එහි ප්‍රභේද නාමයෙන් හදුනාගන්න විදිය ඔබ දන්නවාද ?
අද මේ කියන්න යන්නේ වී ගෑන.ඒ ගෑන නම් ඉතින් මොනවා කියන්නද නේද.හොදයි කියන්න බලන්න එහෙනම් අපේ රටේ වගා කරන වී වර්ග දෙක තුනක්. ම්ම් රතු හාල්,සම්බා එතකොට නාඩු ........හරි ඒත් අපි මේ කිව්වේ ප්‍රභේද නාමයද,,,,,,,, නෑ මේක ප්‍රදේශයෙන් ප්‍රදේශයට,පුද්ගලයො අනුව ඒ ඒ කලාපය අනුව වෙනස් වෙනවා.මේවා මිනිස්සු භාවිතයට පහසුවට හදාගත්තු නම්. අනෙක් එක මේ ක්‍රමේට කිව්වාම අපිට මේ වී ප්‍රභේදය ගෑන බොහොම කෙටි අදහසක් තමයි ගන්න පුලුවන්.

එහෙනම් මොකද්ද මේකට යොදා ගත්තු විසදුම ....ආන්න ඒ ගෑන තමයි අද මේ කෙටි දෑනුවත් කිරීම කරන්න හිතුවේ.....අපේ රටේ වී සම්බන්දව පර්යේශණ සිදු කරන ප්‍රධාන පර්යෙශ්ණ ආයතන කිහිපයක්ම පිහිටුවලා තියෙනවා.ඔය ගොල්ලො අහලා ඈති මේවා බතලගොඩ,බෝඹුවල,ලබුදූව,එතකොට අම්බලන්තොට ,,,,ඉතින් අලුත් වී ප්‍රභේද ,වෑඩි අස්වනු ප්‍රභේද ඒ වගේම රෝග හා පලිභෝද වලට ප්‍රතිරෝදි ප්‍රභේද සොයා ගෑනීම,ඒවා සම්බන්දව පර්යේශණ පෑවෑත්වීම තමයි මේ වයේ ප්‍රධාන කාර්ය භාරය වෙලා තියෙන්නේ. හොද ප්‍රභේදයක් හොයා ගත්තාම ඒක වගාවට සුදුසු එකක් ද කියලා මුලින්ම තහවුරු කර ගන්නවා.මේක පර්යෙශණ ආයතනයේ විතරක් නෙමේ රටේ විවිධ ප්‍රදේශ වල ගොවි මත්වරුන්ගේ ක්ශේත්‍ර වලත් ආදර්ශන වගා සිදු කිරීම මගින් හා අවසානයේ ඒවයේ ප්‍රථිපල විශ්ලේශනය මගින් තමයි ඒ තොරතුරු තහවුරු කර ගන්නේ
ඉතින් වී ප්‍රභේදයක් වගා කරන්න සුදුසුයි කියලා තීරනය කලාට පස්සේ විශේශිතවූ ක්‍රමයකට ඒ ප්‍රභේදය සදහා නාමකරනය කිරීමක් සිදු වෙනවා.ඒ කියන්නේ නමක් දෙනවා..ඒක අයේ කොහෙදිවත් වෙනස් වෙන්නේ නෑ.....වී ප්‍රභේදයක නාමයේ මුලින්ම තියෙන්නේ ඉංග්‍රීසි අකුරු දෙකක්......ඒක බොහෝ වෙලාවට දෙන්නේ එම වී ප්‍රභේදය අභිජනනය කරපු පර්යේශණ ආයතනයේ නම කෙටි කිරීමෙන්.උදාහරනයක් විදියට බතලගොඩින් අභිජනනය කරලා හෑදුව වී වර්ගයක් නම් BG ,,,,,,කියන අකුරු දෙක ඉස්සරහාට එනවා. ලබුදුවෙන් හදපු එකක් නම් LD.......කියන අකුරුයි මුලට එන්නේ. එතකොට AT .....කියලා එන්නේ අම්බලන්තොට වී පර්යේශණ ආයතන්යේ හදාපු වී වර්ග වලට,එතකොට BW,,,,,, ආ ඒ බෝඹුවල හදාපුවා
තේරුනා නේද දෑන් වී එතකොට වී ප්‍රභේදයක නම දෑක්ක ගමන් ඔයාලට තේරුම් ගන්න පුලුවන් මේක කොහේ හදාපු එකක්ද කියලා තව ඉවර නෑ....ඊලගට මේ නාමකරනයෙන් අපිට දෑනගන්න පුලුවන් වෑදගත්ම දේ තමයි මේ වී වර්ගයේ අස්වනු නෙලන්න ගතවන කාලය....... සමහර ප්‍රදේශ වල වෑඩිපුර වගා කරන්නේ තුන්මාස් වී වර්ග.
සමහර පෑතිවල ජනප්‍රිය මාස තුනහාමාරේ වී වර්ග මාස හතරේ ඒවා එහෙමත් තියෙනවා
එතකොට කොහොමද ඒ ක දෑනගන්නේ? මෙන්න මෙහෙමයි වී ප්‍රභේදයක අර මුලින් කිව්ව ඉංග්‍රිසි අකුරු දෙකට දකුනු පෑත්තෙන් ඉලක්කන් තුනක අංකයක් දීලා තියෙනවා.අංක 300 ඉදන් 349 වෙනකන් දෙන්නේ මාස තුනේ වී වර්ග වලට අංක 350 ඉදන් 399 වෙනකන් තියෙන්නේ මාස තුනහාමාරෙ වී වර්ග වලට..400 ඉදන් ඉහලට තියෙන්නේ මාස හතරේ වර්ග
හොදයි එහෙනම් උදාහරනයක් විදියට AT 362 වී වර්ගය ගනිමු මේකෙන් අපිට කියන්න පුලුවන් මේක අම්බලන්තොට වී පර්යේශණ ආයතනයේ හදාපු මාස තුනහාමාරෙන් අස්වනු ලබා දෙන්න පුලුවන් වී වර්ගයක් කියලා ....
ඔන්න කෙටියෙන් සරලව කිව්වේ.....ඉතින් ඔයාලා සහල් ප්‍රභේදයක් නාමකරනය කරලා තියෙන විදිය ගෑන යම් අවභෝදයක් ලබාගන්න ඈති කියලා විස්වාස කරනවා එහෙනම් ගිහින් එන්නම් සුභ සති අන්තයක් ඔබට...

9 comments:

හසිත ජයසූරිය said...

අයියෙ මේව මතක තියන් ඉන්න ගියහම පිස්සු හැදෙනවනෙ......:D

වැදගත් පෝස්ට් එකක්

.::පිස්සා::. said...

ආ,, මචෝ කොහොමද ඉතිං? ලිපිය හොදයි..

මම මෙහේ ඉන්න හොස්ටල් එකේ ඉන්නවා, ඉන්දියන් & පාකිස්තාන් පොරවල්. මචං උන් කන්නේ බාස්මතී, හැම වේලටම.
උන්ගේ රටේදී උන් කන්නේ බාස්මතීලු. එකම දේශගුණ රටාවක් තියෙන ඒ රටවල, වැවෙන ඒවා අපේ රටේත් හොදට වැවෙනවා ඇති නේද? බාස්මතී හොද අස්වැන්නකුත් දෙනවා නේද? ඇයි අපි ට්‍රයි නොකරන්නේ??

ඊලඟ ජන්දෙට මිනිස්සුන්ට කියන්නත් පුලුවන්නේ, 'හැමෝන්ටම අපි බාස්මතී කන්න දෙනවා' කියලාත්. හෙහේ..

NUWAN"s lane said...

@ හසිත ජයසූරිය -
ටිකක් මතක තියා ගන්න මලේ.....ආ ස්තුතියි අදහස් දෑක්වීමට

NUWAN"s lane said...

@.::පිස්සා::-
අපෝ මචන් භාස්මතී එක දිගට කන්න බෑ නොවෑ.....මෙහෙත් භාස්මතී වෑවෙනවා......වගා කරන්න නිකුත් කරපු වර්ගත් තියෙනවා....අපිත් මෙහේ ටිකක් කලා...ඒත් මිනිස්සුන්ගෙන් භාස්මතී වලට ලොකු ඉල්ලුමක් නම් නෑ..රතු වී ම තමයි ඉල්ලන්නේ

nishk said...

වෑදගත් තොරතුරු ටිකක්

Ishar said...

මාස ගණන අනුව නම් කරන බව නම් දැන ගෙන හිටියෙ නෑ. හොඳ ලිපියක්, දිගටම ලියන්න.

මට වෙනත් ගැටළුවක් තියෙනවා, ලංකාවේ boysenberry (හෝ strawberry ප්‍රභේද)හරියනව ද? මේ ගැත ලිපියක් ලියන්න පුළුවන් නමි ලියන්න. ස්තුතියි!

NUWAN"s lane said...

thanks nishk

NUWAN"s lane said...

@ Ishar -
එහෙමද.මාස ගනන අනුව තමයි අංකය දෙන්නේ...ඔව් ස්ට්‍රෝබෙරි වගාව ලංකාවේ ඉතාම සාර්තකව කරන්න පුලුවන් දෑනට කෙරෙනවා..සීත දේශගුනය ඉතාම යෝග්‍යයි වගාවට...ආරක්ශිත ගෘහ වල තමයි ගොඩක්ම වගාව කෙරෙන්නෙ.මම මේ ගෑන ඉදිරියේදි ලිපියක් ලියන්නම් .ස්තුත්යි ඔබේ අදහස් දෑක්වීමට

Ishar said...

නියමයි. ස්ට්‍රෝබෙරි ලිපිය බලාපොරොත්තුවෙන් ඉන්නම්, site එක bookmark කර ගත්තා. වගාවක් හැටියට නෙවෙයි, ගෙදර පැලයක් හදා ගන්න ඕන කමක් තියෙනවා. ;)

Related Posts Plugin for WordPress, Blogger...