.


High speed low is back !

ඔන්න 'හයිස්පීඩ්'  ආයෙත් ඈවිත් ! හිටු  හිටු ගාලා ලියනවා හොදේ

''හෑබෑයි ඔන්න දෑන් ආයෙත් ඈවිත් !!!!!!!!!!!! පොලිසියෙ මහත්තුරු හෑම තෑනම අර පෑත්තකට දාලා තිබුනු මීටරෙත් ඔන්න සුද්ද පවිත්‍ර කොරලා එහෙම අර ගෙන පහු ගිය ඒවටත් එක්ක හිටු හිටු, ගාලා ලියනවා හොදේ''
වාහනයක් එක්ක ඊලගට කියවෙන වචනයක් නේ වේගය කියන්නෙ.ඉතින් අද ඒ ගෑන පුන්චි කෙටි සටහනක් තබන්න හිතුනා.වෙන හේතුවක් නිසා නෙමෙයි මේ දවස් වල මාර්ගයේ ගමන් කොරන අපේ යාලුවො කීප දෙනෙක්මත් මේකට අහු වෙච්චි නිසා.වෙන රටවල් වල නම් අධි වේගයෙන් යන්න ඒවට සුදුසු පාරවල් එහෙම තියෙනවාලුනේ.අපේ රටෙත් ඒවා දෑන් කාලයක් තිස්සේ හෑදෙමින් පවතිනවා.ඉතින් අපි දෑනට භාවිතා කරන්නේ මද වේග පාරවල්නේ ඉතින් අපේ රටේ රථ වාහන නීතියට අනුව පාරේ ඒ ඒ තෑන් වලදි ගමන් කල යුතු වේග සීමාවන් දාලා තියෙනවා..මතක හෑටියට නාගරික සීමාවකදි නම් කලින් තිබුනේ බර වාහනවල 40kmph අඩු වේගයක් සහ යතුරු පෑදි අතුලුව සෑහෑල්ලු වාහන සදහා 50 kmphඅඩු වේගයක්
********************************************
මා දන්නා විදියට වාහන හා යතුරුපෑදි හා පොදුවේ රියෑදුරන් වෑඩිම පිරිසක් පොලිස් රථවාහන අංසේ මහතුරුන්ට අහු උනේ මේ වේග සීමාව ඉක්මවා තමන්ගේ රථය ධාවනය කොරලා...වසර කීපයකට කලින් සිදු වෙච්චි දඩ ගාස්තු සංශෝදනයත් එක්ක රුපියල් දෙදාහකට නොඅඩු මුදලක් මේ වෙනුවෙන් දඩ ගෙවන්න අපේ කට්ටියට සිදු උනා.ඒ එක්කම දඩ ගෙවිල්ල කෙසේ වෙතත් සංතෝසන් ගාස්තුවත් ඉහල ගිය බව පාරෙ නිතර යන එන අය නම් දන්නවා.හෑම කෙනෙක්ම එහෙම කරන්නේ නෑ.ඒත් බිලීපිත්තෙන් මාලුවෙක් අල්ලා ගන්නවා වගේ සංතෝසෙකින් මනුස්සයෙක් මේ නීතියට මුවා වෙලා ඩෑහෑගන්න බලන් ඉන්න බහුතර නිලදාරීන් පිරිසක් ඉන්න බව කනගාටුවෙන් උනත් පිලිගත යුතු සත්‍යක්
************************************
හොදයි අධිවේගයෙන් රිය පෑදවීම අනුමත කරන්න පුලුවන්ද.බෑහෑ අපරීක්ශාකාරීව හා අධිවේගයෙන් ජනතාව අපහසුතාවයට ලක් කරමින් මාරාණ්තික විදියට එලවීම පාලනය කල යුතුයි.ඒ වගේම මාර්ගය රේස් පිටියක් කරගෙන තමන්ගේ ආරක්සාව තමන්ම සලසා ගත යුතු මතේ හිදිමින් උබලා කානුවට හරි දාලා බේරියල්ලා කියමින් ධාවනය කරනා බස් රේස් කරුවන් පාලනය කල යුතුයි.වෑරදි විදියට මාර්ග නිති උල්ලංගනය කරන්නා වූ රියෑදුරන් පාලනය කල යුතුයි.ඒකේ තර්කයක් නෑ..
*********************************************
ඒත් ප්‍රායෝගිකව දෑන් නම් මේ නිතියෙ උනත් ඒ කිව්වේ මේ අධි වෙගී වේග සීමාවලත් යම් යම් සංශෝදන විය යුතුයි කියන මතේ මමත් ඉන්නවා.මොකද මේ අපි අරං යන්නේ මීට වසර බර ගානකට කලින් ඉදලා සම්මත වෙච්චි වේග සීමාවන් කිහිපයක්.ඒ වගේම වර්ථමානයේ මහා මාර්ග පද්ධතිය ලොකු වෙනසකට භාජනය වෙලා තියෙනවා.තව ලෙසකින් ගත්තොත් කලින් අනතුරුදායක වංගුවක් තිබුනු තෑනක් ;මේ වෙද්දි ඒය ඉවත් කරලා අනතුරුදායක නොවන විදියට සකස් වෙලා වෙන්න පුලුවන්.අනෙක් කාරනේ තමයි මං දකින විදියට අනතුරක් වලක්වාගෑනීමටත් වඩා මාර්ගය හොදින් පෑහෑදිලිව පෙනෙන පුලුල් ව තියෙන ස්ථාන වල මේ වේග සීමා ලෑලි සවි කරලා තියෙන්නේ මේ උගුලට රියෑදුරාව අහු කර ගන්න බලාපොරොත්තුවෙන්මද කියලා හිතෙන අවස්ථාත් නෑතුවාම නෙමෙයි.වෑඩි වේගය හොද නෑ.ඒත් ඕනවාට වඩා ප්‍රමාදයත් හොද නෑ නේද
**************************************
හෑබෑයි ඔන්න දෑන් ආයෙත් ඈවිත් !!!!!!!!!!!! පොලිසියෙ මහත්තුරු හෑම තෑනම අර පෑත්තකට දාලා තිබුනු මීටරෙත් ඔන්න සුද්ද පවිත්‍ර කොරලා එහෙම අර ගෙන පහු ගිය ඒවටත් එක්ක හිටු හිටු ගාලා ලියනවා හොදේ
**************************************
වෑඩේ කියන්නේ ඔන්න මේ පාර දඩ කොලේකුත් නෙමෙයිලු දෙන්නේ.....ඒ වෙනුවට කෙලින්ම දාන්නේ උසාවි.මගෙත් යාලුවො කීප දෙනෙක්ම අහු උනා පරන පුරුද්දට ගිහිල්ලා...ඉතින් ඒ ගෑන ඔයාලවත් දෑනුවත් කරන්න හිතුනා...දෑන් ආයෙත් වේගය අඩු කර ගත්තෝතින් හොදා!!!
ඔබගේ අදහස් වලට විවෘර්ථයි....

10 comments:

Anonymous said...

අයියෙ අපේ පොලීසි වල වැඩි හරියක් ඉන්නෙ පොලිස්කාරයො නෙමේ දත් දොස්තරලා......කාව හරි පොඩිපහේ වැරැද්දකට අහු උනොත් මිනිහගෙන් දතක් ගලවන්නමයි මුන් හදන්නෙ....:D:D:D

NUWAN said...

හික් ඒක නියම කතාව...මල්ලී..ඊයෙ කොහොමහරි එද්දී කිලොමීටර් පහෙන් පහට වගේ ලියනවා.පහුගිය කාලේ හයිස්පීඩ් ලිවිල්ල නවත්වලානෙ තිබුනෙ ඉතින් ගොඩ දෙනෙක් අහු වෙනවා....වෙනදා නම් ලයිට් එකක් හරි ගහනවානේ කට්ටිය .දෑන් අර ලිවිල්ල නවත්වපු නිසා කට්ටියට ඒකත් අමතක වෙලා

නිලන්‍ත said...

කිව්වත් වගේ අම්මගෙ තාත්තගෙ බූදලෙන් මහ පාර සින්නක්කර උරුමවෙච්ච ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ලට සහ ඒ බස් වල දොර දෙකේම එල්ලිලා ඉඳගෙන එක අතකින් අනික් වාහන පාර අයිනට තල්ලු කරලා බස්එකට පාර clear කරලා දෙන ඩ්‍රයිවර්ගෙ බූරු ගෝල බානටත් උසාවි යන තරමට ඔය නීති සංශෝධනය වෙනවනං මොන තරං සහනයක්ද

NUWAN said...

ඉස්සර නම් ප්‍රයිවට් බස් විතරයි දෑන් ඒකට ලංගම බස් රේස් මහත්වරු ඊට එහා.දෙගොල්ලො කරට කර සටනක් නෙ දෙන්නෙ.උබ කිව්වා වගේ ටිකට් කෑඩිල්ල ට වඩා කොන්දොස්තර මහත්තය ඉන්නේ බස් එකේ ඉස්සරහ දොරෙ වවුලා වගේ එල්ලිලා එලියෙ වාහන වලට අත දාගෙන.මෙයාලත් හොදයි රථ වාහන අංසෙටම.....අපි ඉතින් හෑප්පෙනවාට කොහොම හරි බේරෙන්න එපාය.

Anonymous said...

අාණ්ඩුවට සල්ලි නැතුව එරිලා ඉන්න එරිල්ලේ හැටියට වේග සීමාව 25 කි.මී /පැය කරයිද දන්නේ නැහැ දඩ එකතු කර ගන්න.

Chamara D. Jayaweera said...

http://chamaradhanusha.blogspot.com/2010/05/blog-post.html
ඔන්න ඉතින් මගේ ජීවිතයේ හොඳම පොලිස් අත්දැකීම.මේක කියවලා අපේ පොලිසිය ගැන හොඳ අදහසක් ගන්න පුලුවන් වෙයි.

NUWAN said...

මම ඔබේ අත්දෑකීම සම්පුර්නයෙන් කියෙව්වා.මමත් ඔවෑනිම අනතුරකට මුහුන දුන් වෙලේ පොලිසිය හෑසිරුනේ ඔය වගේම තමයි.එදත් මට පුදුම කල කිරීමක් ඈති උනා
මේ පොලිසිය ගෑන ,, උසාවියෙදි ඈප දෙනවට විරුද්ද නෑ කියන්නත් රුපියල් 500 ගත්තා......ගහෙන් වෑටුන මිනිහාට ගොනා ඈන්නා වගේ මනුස්සයෙක් අසරණ උනාම එලවා එලවා අනිනවා

මයියා said...

මේක කියවද්දි ඕස්ට්‍රෙලියවෙ ආපු අපේ එක්කෙනෙකුට වෙච්ච කතාවක් මතක් උනා, මේහේ හයිවෙස් වල 100km/hrs කියලා ගහලා තියෙනවා..ඉතින් අර ලගදී අපු පොර හිතලා තියෙන්නේ මේක මේ පාරේ යන්න පුලුවන් අඩුම වේගය කියලා..මිනිහා 140 ට ගිහිල්ලා..මේහේ නිතීය නම් කාටත් එකයි..මිනිහගේ ලයිසන් කැන්සල්..

NUWAN said...

අනේ පව්.ඒත් නීතිය හරියට ක්‍රියාත්මක වීම නම් ගොඩක් වෑදගත් නේ යසේල.හෑබෑයි මෙහේ හයි ස්පීඩ් වලට ලයිශන් අවලංගු කරන්නේ නම් නෑ නේ.ඔය රටේ මාර්ග නිති ඒ කියන්නේ මෙහෙට වඩා තදයි වගේ නේද...ඔබට ස්තුතියි අදහසට.

nalaka said...

mata pena widiyata ubawa polis lokko liyala wage....

Related Posts Plugin for WordPress, Blogger...