ආයුබෝවන් යාලුවනේ ඔන්න පොඩ්ඩකට බ්ලොග් එක පෑත්තට ගොඩ වෙලා යන්න ආවා.පසුගිය දවස් පහ ගත්තෝතින් නම් කාර්ය බහුලත්වය අතින් උපරිමයි කිව්වොත් නිවරදියි.අපේ යාලුවෝ නම් දන්නවත් ඈති ජාතික ගොවි සතිය ආරම්භ උනා නේ පහුගිය පළවෙනිදා කියන්නේ බදාදා.ඉතින් වෙනුවෙන් බට අත කෘෂිතාක්ශනික උද්‍යානයේ සුවිශේෂ ප්‍රදර්ශනයක් පෑවෑත්වුනා.ඔන්න ඒකෙ රාජකාරි අවසන් වෙලා තමයි මේ ලියමන තෑබුවේ.

ඉතින් අතිගරු ජනාධිපති තුමන්ගෙ ප්‍රධානත්වයෙන් තමයි උත්සවයෙ වෑඩ කටයුතු ආරම්භ උනේ. තව දෙයක් මේ බට අත උද්‍යානය තව පොඩ්ඩෙන් දෙපාර්තමේන්තුවට අහිමි වෙලා තියෙන්නත් ඉඩ තිබුනා .මොකද පහුගිය ආන්ඩු කාලේ මේක අකුරු තුනේ කොම්පෑනියකට විකුනන්න ගිවිසුම් එහෙමත් ගහලා තිබුනේ.

හොදයි කෙටියෙන්ම කියන්නම්.ජනතාවට කෘෂිකාර්මික අතින් වෑදගත් වෙන අලුත් තොරතුරු සම්බන්දව දෑනුවත් කරන්න වගේම සංචාරක ව්‍යාපාරයත් ඉලක්ක කරගෙන තමයි මේ කෘෂි තාක්ශනික උද්‍යානය පිහිටුවලා තියෙන්නේ.හරියටම තෑන කිව්වොතින් කොළඹ කතරගම මාර්ගයේ ගමන් කරන කොට තංගල්ල පහුවෙලා රන්න හා හුංගම කියන නගර දෙකට මෑදිවෙලා ස්ථානගතවෙලා තියෙන්නේ.

වගේම කියන්න ඕන මේ වෙන කොටත් දිනකට අතිවිශාල පිරිසක් එනවා මේක නරඹලා වගේම ගිමන් නිවාගෙන වෑවේ නිදහසේ වතුර ටිකක් එහෙම නාලා කාරිය යන්න.

ඉතින් ඔන්න මං මේ දවස් ටිකේ ගනිපු චායාරූප කීපයකුත් දානවා අපේ යාලුවන්ට. තව දෙයක් මේ ඉන්නේ මගේ කොටසෙ ක්‍රියාත්මක කාන්තා සමිතියේ සාමාජිකාවන් හතර දෙනෙක්.දේශිය ආහාර පාන වලින් ප්‍රදර්ශන භූමියට පෑමිනෙන පිරිසට සංග්‍රහ කරන්න මෙයාලත් දවස් පහේම හිටියා

ඔන්න අපේ යාලුවනුත් කතරගම පෑත්තේ එහෙම යනවනම් බට අත චමල් රාජපක්ශ කෘෂි තාක්ශනික හා සංචාරක උද්‍යානය බලලා යන්නත් අමතක කරන්න එපා.

10 comments:

ෆා said...

ෂා මරුනේ අයියේ. ඇත්තටම යන්න ඕන දවසක. මීදුමයි කඳුයි දැකලා ඇති වෙලා...
මේ හම්බන්තොට ආවමත් එන්න පුළුවන් නේද? :P

Naveen Madhawa said...

ඕක දැන් අවුරුදු 40ක විතර ඉදන් තියෙනව.. නම් විතරක් මේ ලගදි වෙනස් කරා..

සරත් ගුණතුංග said...

නුවන් මහත්මයා, මට නම් කිසිම දෙයක් අඳුන ගන්න බැහැ. ඉස්සර බට අත ගොවිපල කියල තැනක් තිබුන මතකයි, අර කොට්ට පුලුන් ගස් වලින් වැටක් තිබුනා මතකයි. ඉස්සර නම් ඔක්කොම නම් ගම් මතකයි, දැන් ටික ටික අමතක වේ ගන යනවා. කිවුල කියල ගමක් ඔය ලඟ තියෙන්න ඕන .. අපේ තාත්ත ගුරුවරයෙක් වශයෙන් ඉස්සරවෙලාම පත්වීම ලැබුනෙ කිවුලෙ ඉස්කෝලෙට. බට අත හරිම ලස්සනයි වගේ දැන්.

NUWAN"s lane said...

@ naveen-ඔබට පොඩ්ඩක් වෑරදිලා යාලුවා අවුරුදු හතලිහක් විතර පරන බට අත ගොවි පල තාමයි.මේක අලුතෙන්ම නිර්මානය කලේ.මේක ගොඩ නෑගීම ආරම්භ කලේ වසර දෙකකට විතර කලින්.පොඩ්ඩක් ගොඩවෙලා බෑලුවනම් බට අත ගොවිපලත් ඊට එහා පෑත්තේ තවම තියෙනවා

priyantha.ඒබී said...

ආවොත් අනිවාර්යයෙන්ම එන්නම්. එත් අපි මේ ළඟදි මාතර හම්බන්තොට කතරගම පැත්තේ ඇවිත් ගියානේ. ළඟදි ආයෙ එන්න වෙන එකක් නෑ. එත් ගොඩක් සතුටුයි මේක ගැන දැන ගත්තට. අපි කෘෂිකාර්මික රටක් වුනත් තවම අපට ඒකවත් හරියට කරගන්න පුළුවන්ද කියන එක ප්‍රහනයක් වෙලා තියෙන කාලෙක මේවා ගැන දැනුවත් කරන ඔබ වැනි අය ඉන්න එක වාසනාවක්.

තීර්ථ යාත්‍රිකයා said...

හරිම ලස්සන පරිසරයක් වගෙයි.නුවන් අයියා ගහකොළත් එක්කමයි නේද? කොච්චර හොඳද.
ඔය පැත්තේ ආවොත් ගොඩවෙලා යන්න ඕනි.
බොහොම ස්තුතියි මේ වගේ තැනක් ගැන දැනුවත් කලාට.

NUWAN"s lane said...

@ෆා -
අනේ නගෝ මීදුම ඒ සීතල,ඒ පරිසරය එපා වෙන්නේ නෑ.....ඔව් හම්බන්තොට ඉදලා කි.මී20 වගේ තියෙන්නේ..වෑල්ලවාය-වීරවිල-හම්බන්තොට
@සරත් ගුණතුංග-

ඔව් සරත් මහත්මයා හරියටම හරි කොට්ට පුලුන් ගස් තාම තියෙනවා,,,,සරත් මහත්තයට මතකද දන්නේ නෑ අර කතරගම වන්දනාවෙ යන අය සියබලා,කෑකිරි,පත්තක්කා එහෙම ගන්න නෑවතෙන කඩ පේලියක් තිබුනා ඉස්සර ඉදන්ම.අන්න ඒ කිට්ටුවම තමා.බට අත ගොවිපොලේ කොටසක්ම තමා මේ උද්‍යානය හදන්න අරන් තියෙන්නේ.පාරවල් එහෙම පුලුල් වෙලා තියෙනවා..සරත් මහත්මයා ස්තුතියි අදහස් දෑක්වීමට...

priyantha-
ස්තුතියි මචන්..අවොත් අනිවාර්යෙන් වරෙන්.ආ උඹ පරිඝනක සම්බන්දව අපිව දෑනුවත් කිරීම බොහොමත්ම වටිනවා

තීර්ථ යාත්‍රිකයා -ඔබටත් ස්තුතියි මල්ලී අදහස් දෑක්වීමට.ආවොතින් අනිවාර්යෙන්ම එන්න

නිලන්‍ත said...

නුවන්ලා නම් බරටම වැඩ වගේ. අප්‍රමාණ සංතෝසයි. (බඩ නං පොඩ්ඩක් වැඩී වගේ)

NUWAN"s lane said...

හා මේ අපේ නිලානේ ඔව් ඔව් මචන් ටිකක් නම් නෙමෙයි .....කවුරුත් කියනවා ඔන්න දෑන් උඹත් කිව්වා....අපෝයී

Hasitha ජයසූරිය said...

ශා අයියෙ බලන්න නම් ආසයි..ඒත් දුරයිනෙ :/

Related Posts Plugin for WordPress, Blogger...