.





වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ සිට නිදහසේ ඔව් ,නෑවතත් නිදහසේ සටහන් තබන්නට ලෑබීම මහත් වූ වාසනාවකි.පිනකි.දේශයට හිතෑති සහෝදර ශ්‍රිලාංකික ජනතාවද සමග විජයග්‍රහනය භුක්ති විදිම මාගේ ජීවිතය තුල කිසිදා නොමෑකෙන මතකයන් රෑදවූ දිනක් වු බව ද සදහන් කරනුයේ නිහතමානීවය.රටටම වින කල දහස් ගනනක් සහෝදර ජනතාවගේ ජීවිතය ඩෑහෑ ගත් කිරි සප්පයන් නිදි පෑදුරේ කපා කොටා ඝාතනය කල,මිනිමරු ලේ පිපාසිත තිරිසනා මෙලොව හෑර ගොස් ඈත.නෑත ලොව කිසිවෙකුටත් නොදෙවෙනි ශ්‍රි ලංකා හමුදාව විසින් ඔහු එලොව යවා ඈත.මිනිමරු කොටි කිසි දිනක පරාජය කල නොහෑකි යයි කී ජාති අන්තර ප්‍රජාව,කවා පොවා ඈති දෑඩි කල රාජ්‍ය නොවන නඩ ,මාතෘ භුමිය සුරකින බවට පොරොන්දු දි පාර්ලිමේන්තු ආ කොටි රූකඩ ,මුදලට කොටුවේ මොර දුන් නිදහස් සුනන්දලා ප්‍රමුක මාද්‍ය රෑකියා නඩය හා පාමන්කඩ වීරයින් වල පල්ලටම ගොස් ඈත.ලක් මවුනි.මා නෑවතත් සදහන් කරමි.නුබ සෑබවින්ම වාසනාවන්තය.සියල්ල සිදු වූයේ විය යුතු ලෙසටය.අපිට අතිතය අමතකව නෑත.ලියවිල්ලකට කොටුකර ජාති අන්තරයට බියෙන් සගවා ගත් හිසක් සහිතව සිට පොංගු තමිල් හරහා ඊලාම් ධජය ගුවනේ ලෙලදවා කප්පම් ගෙවා ඊලම හරහා යාපනයට ගොස් ඈති පලය කිම? තව දුරටත් එසේ විය යුතු නෑත.ඒ ත්‍රස්තවාදයට නෑවත මෙරට ඉඩක් නොමෑති හෙයිනි.ජනාධිපති තුමා සදහන් කල ලෙසටම දේශයට හිතෑති අදරෑති කොටස හා සුලුතරයක් වු දේශයට අවමන් කරන්නා වු දෙකොටස කොටි මලගමත් සමගම කරලියට පෑමින ඈත.කොටියාගේ වියෝව දරාගත නොහෑකි වුවන් ගේ කොලය වසා ගසන අදෝනාව තේරුම් ගත යුතුව ඈත.මොවුන් දෑන් අසිහිහියෙන් මෙන් නන් විකාර දොඩවති.තිස් වසරක සාපය නිම විම තුල ජනතා සතුට දරා ගෑනීමට නොහෑක්කාක් සේය.ගෙවි ගිය වසර කීපය තුල ත්‍රස්තවාදයෙන් අපමන දුක් ගෑහෑට විදි දයාබර මිනිසුන් මේ මොහොතේ සාමුහිකව කිරිබත් කෑල්ලක රස බෑලිම වරදක් ලෙසත් බටහිර ක්‍රමයට ශෑම්පේන් බෝතලයක් නොකඩා කාටවත් කරදරයක් නොවන ආකාරයට රතිඤ්ඤාවක් පත්තු කිරීමත් මහා වෑරද්දක් ලෙස මා නොදකින අතර වඩා වෑදගත් වන්නේ සර්ව අසුබවාදි ප්‍රති පති බෑහෑර කර මේ මොහොතේ වත් රටේ දියුනුව හා සංවර්ධනය වෙනුවෙන් තම යුතුකම් හා වගකීම් ඉටු කිරීම නොවේද?යලිත් මා සදහන් කරමි.මෙවන් දිනයක් දෑකිම සතුටකි.දෙනෙත් පියවීමට පෙර දුර්ගන්ධයෙන් තොර නිදහස් ඒකීය ශ්‍රිලංකාද්වීපය පිස එන නෑවුම් වාතය අඝ්‍රානය කිරීමට පින් කල නිසාය.මෙලොව එලිය ලබන මතු පරපුර වාසනාවන්තය .යුද්ධය ,මිනිස් බෝම්බ, මිනිමරු කොටි මානසිකත්වයෙන් තොරවුත් නිදහස් ඒකිය රටක් ඔබට ඉතිරිව ඈති හෙයිනි.අතිතයේදි අප මුතුන් මිත්තන් දිවි හිමියෙන් රෑක දුන් පින් බිම විර පුතුන් තම ජීවිත පරිත්‍යාගයෙන් නෑවත වාරයක් ලබාදි ඈති නිසාවෙනි.ලක් මවගේ දයාව උණුසුම නෑවතත් නිදහසේ ලෑබීමට ඉඩ ලෑබෙන නිසාවෙනි. සේනාධිනායක අතිගරු ජනාදිපති මහින්ද රාජපක්ශ මහතානෙනි,ඔබ කලාවු අතිවිශිෂ්ට සත් කාර්ය වෙනුවෙන් නෑවත වාරයක් ස්තුති කරන්නෙමු.ආරක්ශක ලේකම් තුමා ත්‍රිවිධ හමුදාපතිවරු හා ජීවිත පරිත්‍යාගයෙන් මාතෘ භූමිය රෑක දුන් විරෝධාර රණ විරුවන්ටත් ජාතියේ උපහාරය පිරි නමන්නෙමු.මානුශික මෙහෙයුමේ තොරතුරු වාර්තාකල මාද්‍යවේදින් ඉටු කල සේවය හෑල්ලුවට ලක් කෙරුමද පසුගිය වකවානුව තුල දක්නට ලෑබුනි.ඊට පුදුම විය නොයුත්තේ කොලබට වී තුට්ටු දෙකට ලියන ගෑත්තන් ගේ ක්‍රියාකලාපය පෑහෑදිලි වු නිසාය.රණවිරුවන් සමගම ඉදිරිපෙරමුනේ ගමන් කරමින් අවි අත නෑතිව කොටි උන්ඩයට බිය නොවෙමින් ගමන් කල සමන් කුමාර රාමවික්‍රමලා ,සුජිත් විදානපතිරනලා තරු පහේ හෝටල් වල සිට එම තොරතුරු වාර්තා නොකල බව අවභොද කර නොගත් පිරිසක් සිටිම කනගාටුවට කරුනකි.තම බිරිදගෙන් දෙමව්පියන්ගෙන් දරුවන්ගෙන් ඈත් වී අව්වේ හා වෑස්සේ ජයග්‍රහනයේදි මෙන්ම පරාජයේදිත් රණවිරුවන් සමගම දුක හා සතුට බෙදා ගෙන දිවි දෙවෙනි කරමින් සිදුකල වාර්තාකරනයද අති විශිෂ්ට වූවකි. කෙසේ වුවත් සියල්ල ඉතිහාසයට එක්වි අවසන්ය.එහි ප්‍රතිපලය වූ එකිය ශ්‍රිලංකාවක් අපට උරුමවී ඈත.දෑන් ඈත්තේ ජාති භේදයෙන් තොරව එකම එක ශ්‍රිලාංකික ජාතියක් ලෙස සාමුහිකව රට ගොඩ නෑගිමේ අභියොගය ජයග්‍රහනය උදෙසා දායක විමයි.ඉන්දියන් සයුරේ මුතු ඈටය ලෙසින් අතිත ශ්‍රි විභූතිය විහිදුවමින් නෑවතත් විරාජමානවනු දෑකිම ඔබට ආදරය කරන්නාවු අප පෑතුමයි.

0 comments:

Related Posts Plugin for WordPress, Blogger...