මුලු රටම මගුල් ගෙයක් වෙලා.මම මාතර නගරයට ගියා ඈත්තටම මගේ ජීවිතයේ අමතක නොවන දිනය වගේම සියලුම දේශයට ආදරය දක්වන මිනිසුන්ගේ මතකයෙන් ඈත් නොවන සුවිශේශි දිනයක් විදියට අද දිනය ඉතිහාසයට එක් වේවි.නගරය එකම හිස් ගොඩක්.ලොකු කුඩා තරුන මහලු භේදයක් නෑතිව සියලුම දෙනා පාරට එක් වෙලා.සෑමගෙදරකම වාහනයකම බයිසිකලයකම සිංහ ධජය ලෙල දෙනවා. තරුන පිරිස් මාර්ගයේ නගරය පුරාම බොහොම නිදහසේ රණවිරු උපහාර ගීත ගායනා කරමින් සෑරිසරනවා.ඔවුන් ගේ සතුට දෝරේ ගලනවා.ස්තාන කීපයකම කිරිබත් දන්සෑල්.මාතර භෝදිය ඉදිරිපිටත් මේ වගේ අපේ තරුන කොල්ලො කිරිබත් දන්සලක් දෙනවා.මට බයික් එකෙන් බහින්න දුන්නේ නෑ මල්ලි කෙනෙක් දුවලා ඈවිත් අයියේ අපේ රට දිනුවා කියලා කිරිබත් කටක් කෑව්වා.හරිම සංවේදි මොහොතක් ඒක.මේ වීඩියෝ දර්ශන බලන්න මොනතරම් සංවේදිද කියලා.මේ විජයග්රහනයත් එක්ක රටේ ජනතාව පක්ශ පාට භේදයක් නෑතිව මොන තරම් සතුටකින් සමරනවද කියලා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEguAjCxiyKEXLdKznK5cPeoTo8jh82_cFl8_cHzHSjw4uDj5jH6QKz0K8NAfeLvcUdeloGY1EDkYu82vZExlVTlkFmEQhxoQN74QiwtI6mVekk_wH9kfJr9upfiNt83jCy3QdkC_2mXSWtS/s1600/468x60new2.jpg)
Subscribe to:
Post Comments (Atom)
2 comments:
මෙහෙත් ඔහොම තමා...
මමත් ලංකාවේ හිටියා නම් කියලා හිතෙනවා...
Post a Comment